Sunday, August 5, 2012

ජීසස් ඔයා දිහා බලන් ඉන්නේ..



හොරෙක් ලොකු සල්ලි කාරයෙක්ගේ ගෙයකට රිංගලා හොරකම් කරන්න ප්ලෑනක් හදාගෙන හිටියා. ඉතින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන දවසත් උදා වුණා. හොරා ඒ දවසේ රෑ තාප්පෙන් පැනලා ජනේලයක් ලගට කිට්ටු වෙලා ජනේලේ ඇරගන්න උත්සහ කරද්දී හොරාට ඇහුනා..


" ජීසස් (Jesus) ඔයා දිහා බලන් ඉන්නේ.."


හොරා බැලුවා කොහෙන්ද මේ සද්දේ එන්නේ කියලා. නෑ අහල පහල කිසිවෙක්,කිසි සද්දයක්.ඉතින් ආයෙත් ජනේලේ අරගන්න ට්‍රයි කරන්න පටන් ගත්තා.. එතකොට ආයෙත් ඇහුනා..



ජීසස් ඔයා දිහා බලන් ඉන්නේ.."


මේ වතාවෙත් කලින් කියපු එකම ඇහුන හින්දා හොරා ටිකක් හොදට අහල පහල සෝදිසි කරලා බැලුවා.. බලද්දී පොරට මීටර් වුණා ජනේලේ ගාව තිබුණු ගහේ කුඩුවේ ඉන්න ගිරවා තමා මේ කියන්නේ කියලා..


"උඹද ඒ කිව්වේ..?" හොරා ගිරවගෙන් ඇහුවා.


"ඔව්. මං උත්සහ කරේ උඹට අනතුරු අගවන්න.." ගිරවා කිව්වා.


"මට අනතුරු අගවන්න  කවුද උඹ..!! හඃ!! මොකද්ද උඹේ නම..?"


"මෝසස්.." ගිරවා උත්තර දුන්නා.


"මොන මෝඩයාද ඒ වගේ නමක් ගිරවෙක්ට දැම්මේ..? මහ විකාර නමක්නේ.. වෙන නම් තිබුනෙම නැද්ද.." හොරා කිව්වා.


ඒක අහන්  ඉදලා ගිරවා කිව්වා..,


"උඹේ ඇගට පනින්න බලන් ඉන්න රොට්වයලර්'ජීසස්' කියලා නම දාපු එකාම තමා යකෝ..."
Rottweiler 
Rottweiler 

16 comments:

  1. mona unath girawanam hodai wage.neda ayya.....

    ReplyDelete
  2. එල එල.....උඹ කොහෙන් අහුලගන්නවද මන්දා මේවා..

    ReplyDelete
  3. හි හි.......නියමා............යි! :)

    ReplyDelete
  4. හික්ස්.. මරු කතාව.. :D

    ReplyDelete
  5. අඩෙ එළනේ බං ඒකතාව

    ReplyDelete
  6. අම්මෝ කටේ හැටි...එල කතාව.

    ReplyDelete
  7. අපෝ කිඹුල්ලුන්ගෙ දත් පරාදය්නෙව..අම්මෝ අහූ උනොත් ඇපනෑනේ..!
    ටොප් කතාව.

    ReplyDelete
    Replies
    1. අහුවෙලාම බලන්ට ඕනේ බං ඇප හම්බවෙයිද කියලා.. :D :D

      Delete