Friday, September 7, 2012

බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!


ඇමෙරිකාවේ චිකාගෝ වල හිටපු නීතීඥයෝ තුන් දෙනෙකුයි ඉංජිනේරුවෝ තුන් දෙනෙකුයි නිව්යෝර්ක් වල තියෙන විශේෂ සමුළුවකට සහභාගී වෙන්න දුම්රියෙන් ඒ ගමන යන්න තීරණය කරා. චිකාගෝ වලින් දුම්රියට නගින්න දුම්රිය පොලට ගිය ඒ අයගෙන් නීතීඥයෝ තුන් දෙනාම තම තමන්ට ටිකට් තුනක් ගත්තා. හැබයි ඉංජිනේරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ටිකට් ගත්තේ.මේ සීන් එක දැකපු නීතීඥයෝ තුන්දෙනාට ප්‍රශ්නයක් වුනා ඉංජිනේරුවෝ තුන්දෙනා කොහොමද එක ටිකට් එකකික් යන්නේ කියලා.ඉතින් නීතීඥයන්ගෙන් එක පොරක් ..

"කොහොමද මචන් උඹලා එක ටිකට් එකක් අරන් තුන්දෙනාම යන්නේ..?"

"බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!"

ඉන්ජිනේරුවන්ගෙන් එකෙක් උත්තර දුන්නා.ඉතින් දැන් කට්ටිය දුම්රියට නැගලා තම තමන්ගේ ආසන වලට  ගියා. ඉංජිනේරුවෝ තුන්දෙනා කරේ ඒ මැදිරියේ තිබුණු රෙස්ට් රූම් එකට ගිහින් දොර වහගත්ත එක. ටික වෙලාවකින් දුම්රිය පිටත් වුනා. ඔහොම දුම්රිය යන අතරේදී දුම්රියේ හිටපු ටිකට් පරීක්ෂකවරයා ආවා යන මගීන්ගෙන් ටිකට් එකතු කරන්න. නීතීඥයෝ තුන්දෙනාත් තමන්ගේ ටිකට් ටික දීලා බලන් හිටියා ඉංජිනේරුවෝ තුන්දෙනාට මොකද වෙන්නේ කියන එක. පරීක්ෂකවරයා රෙස්ට් රූම් එකේ දොර ළගට ගිහින් තට්ටු කරලා..

"ටිකට් ප්ලීස්.." කිව්වා.

ඉතින් රෙස්ට්රූම් එකේ දොර බාගෙට ඇරලා කෙනෙක් එක අතක් එළියට දාලා ටිකට් එක දුන්නා. පරීක්ෂකවරයා ටිකට් එක අරන් යන්න ගියා. සීන් එක බලන් ඉදපු නීතීඥයෝ තුන්දෙනාට පුදුමයි. එයාලට හිතුනා 'ඒකනම් නියම අයිඩියා එකක්' කියලා.සමුළුවට ගිහින් ආපහු චිකාගෝ යන්න සුදානම් වෙද්දී  නීතීඥයෝ තුන්දෙනා හිතුවා 'ඉන්ජිනේරුවොන්ට පුළුවන් උනානම් එක ටිකට් එකකින් යන්න, ඇයි අපි‍ට බැරි..' කියලා. 

එහෙම හිතලා ඒ තුන්දෙනා කරේ ආපහු එන ගමනේදී තුන්දෙනාටම එක ටිකට් එකක් ගත්ත එක. හැබැයි නීතීඥයෝ ටික දැක්කා ඉංජිනේරුවෝ තුන්දෙනා ටිකට් නොගෙනම දුම්රියට ගොඩවෙනවා. ඒක දැක්කාම නීතීඥයෝට ප්‍රශ්නයක් වුනා කොහොමද මුන් තුන්දෙනා ටිකට් නැතුව යන්නේ කියලා.ඉතින් එක නීතීඥයෙක්..

"මචන්.. උඹලා කොහොමද එක ටිකට් එකක්වත් නැතුව නිව්යෝර්ක් යන්නේ..? "

"බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!"

ඉන්ජිනේරුවන්ගෙන් එකෙක් උත්තර දුන්නා.ඉතින් දැන් කට්ටිය නිව්යෝර්ක් යන දුම්රියට නැග්ගා. නීතීඥයෝ නැගපු මැදිරියට නෙවෙයි ඉංජිනේරුවෝ නැග්ගේ.අල්ලපු මැදිරියට.ඉතින් නීතීඥයෝ තුන්දෙනා කරේ තමන් නැගපු මැදිරියේ තිබුණු රෙස්ට් රූම් එකට ගිහින් දොර වහගත්ත එක.ටික වෙලාවකින් දුම්රිය නිව්යෝර්ක් යන්න පිටත් වුනා. ටික වෙලාවකට පස්සේ එක ඉංජිනේරුවෙක් තමන් හිටපු රෙස්ට් රූම් එකෙන් එළියට ඇවිත් නීතීඥයෝ තුන්දෙනා ඉන්න මැදිරියට ගියා. ගිහින් නීතීඥයෝ ඉන්න රෙස්ට් රූම් එකේ දොරට තට්ටු කරලා කිව්වා..

"ටිකට් ප්ලීස්..."

24 comments:

  1. හික්ස්.. පට්ට කතාව. ලොල්

    ReplyDelete
  2. Replies
    1. ඉංජිනේරුවෝ කොහොමත් මොළකාරයොනේ.. :D :D

      Delete
  3. පුළුවන් නම් අන්න වැඩ. :D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කෝච්චි වල ඔය වැඩේ බෑ බං. ටොයිලට් එකේ හිටියත් එළියට එනකම් ඉන්නවා ටිකට් එක ගන්න.. :)

      Delete
  4. ඉංජිනේරුවො කියන්නෙ නිකන් යෑ. ;)))

    ReplyDelete
  5. ඕක හරි නම් වෙන්න තිබුනෙ අනිත් පැත්තට... :)

    ReplyDelete
    Replies
    1. ලෝයර් ලා කට්ට හින්දද?

      Delete
  6. මම ටියුබ් ලයිට් මචන්

    ReplyDelete
    Replies
    1. කොයි හරියද මචන්..? තව පාරක් කියවලා බලහන්කො.. :D :D

      Delete
  7. වෛද්‍යවරයෙක් කෝමද ඕක කරන්නේ??????

    ReplyDelete
  8. ඕකේ අනිත් පැත්ත නෙමෙයිද වුනේ. මම අහපු කථාවේ තිබ්බේ අනිත් පැත්ත

    ReplyDelete
    Replies
    1. මට සෙට් වුනු කතාවේ තිබුනේ මෙහෙම :D :D

      Delete
  9. හෙහ්.. හෙහ්

    ReplyDelete
  10. Pattama Metarkarayo tamai Enjo..ne
    Ela...

    ReplyDelete