ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.
මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.
පාසල් ශිෂ්‍යාවන් ගණනාවකට මම ප්‍රේම කලෙමි. එහෙත් වර්ෂය මුලදි පොත් පත් හා ලිපිද්‍රව්‍ය ආදිය ලබා ගැනීමෙන් පසුව ඔවුන් මා අමතක කලේ ඉගෙනීම ගැන පමණක් හිත යෙදවීමටය.
"ඉෂාන්.. ජිවිතේ ඉස්සෝරෝම මං ආදරය කලේ ඔයාට..!" යැයි අයේෂා දහස් වාරයක් මා සමග කියා ඇතත්, මා සමග එක් වීමට ඇයට තිබු බාධාව නම් ඇයගේ ස්වාමිපුරුෂයා හා දරුවන් පස්දෙනාය.
බටනලාව වයන ගමන් හාදුවක් දීමට මා අපොහොසත් වූ බැවින් පාරමී මා සමග අමනාප වූවාය.එහෙත් චමුදි මා සමග තරහ වූයේ සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය.
දිනක් බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනාසෙන්නට වූවාය.මෙයින් දැඩි ආඩම්බරයට පත්ව පහතට හිස හැරවූ මට දක්නට ලැබුනේ මා ඇඳ උන් කලිසමේ වැදගත් තැනක් ඉරි තිබුණ අන්දමය.
මනහාරි කලුය.මා ඇයට 'සූදු' කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය.
මා කලිසම් කාරයෙකු බැවින් නිශා මට පෙම් කලාය.එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇඳගන්නා බවට කවුදෝ කී කේළමක් නිසා ඕ මා අත්හැර දැම්මාය.
අහිංසා ඇගේ මුළු හදවතම මට පිදීමට සූදානම් වූවාය.එහෙත් මා ශල්‍ය වයිධ්යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය.
"මගේ ආදරේ පිරිසුදුයි..!" කියා පවිත්‍රා පැවසුවාය.
"නමුත් ඔයා අපිරිසිදුයි..!" මම කීවෙමි.ආලය එයින් කෙලවර විය.
මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කලෙමි.දිනක් ඉතා ආදරයෙන් මා ඇගේ අත ඇල්ලු කල ඈ,
"ප්ලීස් ඩොක්ටර්.. නොට් නව්..!" යැයි ඇය කීවාය.මට ඈ එපා විය.
මා සමග විවාහ වීමට ආශා කල නිරාශා මට නිතරම කීවේ දරුවෙකු නැත්නම් විවාහය සාර්ථක නැති බවය.එයට එකග වූ මම..
"අපි දරුවෙකු ඉන්නවද බලලා සාර්ථක විවාහයකට මුහුණ දෙමු..!" යැයි යෝජනා කලෙමි.ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය.
"ඉෂාන්.. ඔයා වෙනුවෙන් මගේ ජිවිතේ වුනත් පුදන්න ලෑස්තියි..!" කියා අචලා කීවාය.එහෙත්,
"මළ කඳකට පෙම් කරන මිනීමරුවෙකු වීමට මට බෑ..!" කියා මම ඇගෙන් ඈත් වූයෙමි.
සංසලා සමග ච්ත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටි හෙයින් ඈ මා අප්‍රිය කළාය.
"අනේ ඉෂාන්.. මට මොකවත් එපා.මට ඕනේ ඔයා විතරයි..!" කියා වරුණි පැවසු විට මම වහාම මගේ සපත්තු කුට්ටමත්, මේස් කුට්ටමත්, බැනියමත්, කමිසයත් ගැලවිමි.ඈ වහාම මගේ අත් දෙකින් අල්ලාගෙන..
"එපා..!! මට ඔයා ඕනේ ඇඳුමුත් එක්කයි..!" කියා මා නතර කළාය.මට ඈ එපා විය.
පවනි සමග මුහුදු වෙරළට ගිය මම මුහුදට පස්ස හරවා වාඩී වී ඇය සමග කතාවට වැටුනෙමි.ගසා ආ මුහුදු රළ වැදී මගේ කලිසමේ පස්සා පැත්ත හොදටම තෙමුනි.
"හරිම රසවත් සිද්ධියක් නේද..?" කියා ඈ සිනාසෙන්නට වූවාය.
"ඕ.. හැබැයි ලුණු රසයි..!" කියා අතේ තිබුණු සඟරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි.
"ආදරය පැණි රසයි..!" කියා නිරෝධා මට තුරුළු වූ නමුත් දියවැඩියාවට බියෙන් මම ඇගේ ආදරය ප්‍රතික්ෂේප කලෙමි.
මා සමග ප්‍රේම සම්බන්ධක් පැවැත්වූ ගුරුවරියක් මට එපා වූයේ මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය.
ටෙලිෆෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වේලි සිටිය නමුත් මා ඇයට කතා කල කිහිප විටක්ම ඇය උත්තර දුන්නේ..
"සොරි.. අයි ඈම් එන්ගේජ්ඩ්..!" කියාය.
ටයිප් ගසන්නියක සමග සම්බන්ධයක් පැවැත් වූ මට ඇය එපා වූයේ ඇය නිතරම මගේ ඇඟට කොටන්නට වූ නිසාය.
දැන් කිසිම ප්‍රේම සම්බන්ධයක් නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මගේ කුළුදුල් ආදරය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය..
උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න
කලින් ලියු නරලොව හොල්මන් කතා කියවන්න බැරි වුනානම් :
හි හී.....
ReplyDeleteකොල්ලගෙ නමට ඔයාගෙ නම දැම්මා වගේ කෙල්ලන්ගෙ නමුත් වෙනස් කලානම් හරි.නම් ටික ඔක්කොම ඔයාගෙ නමත් එක්ක ගත්තාම පරණයි වගේ.
ඕ.. මගේ නමත් එක්ක හරියන්නේ නෑ කියලා හිතුනා. ඒත් දාලා බැලුවා. දැන් ආපහු කෙල්ලන්ගේ නම් ටික වෙනස් කරලා අද කාලේ ඒවා ටිකක් දැම්මා. මගේ නමටත් ගැලපෙන්න එපැයි නේ? :)
Deleteදවසින් දවස කියනව මේ නරලොව හොල්මන් නිසා මාත් හොල්මන් වෙලා අප්පා...
ReplyDeleteහිකිස්..!! :)
Deleteවළං සේදීමට ආසිරි ...........
ReplyDeleteරාවණ සිද්ධම් _/\_
හි හි හී..
Deleteholman...... Nikan nemei me naralowa holmanzzZ.
ReplyDeleteEla ela macho
එළ.. :)
Deleteහා සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා අයියෝ...
ReplyDeleteවැඩ ගොඩා....යි නේ... :ඩී
මේක උදේ මගේ Nokia ජංගම මෙව්වා එකෙන් (ad එක නොමිලේ :ඩී) බැලුවම වෙන නම් වගෙයක් තිබ්බේ.., අද දාන්නම් හොඳ කොමෙන්ටුවක් කියලා හිතානයි ආවේ!!! කොහෙද දැන් මාරු කරලානේ... :පී
මේක නරලොව හොල්මං එකේ උනාට ඔබටත් ලෙසටම ගැලපෙනවා නේ...
:ඩී
:පී
හොද වැඩේ.. හූ ඈ..
Deleteමට ගැලපෙන්නේ නෑ බං. දාපු ඇඩ් එකට කීයක් හරි ගෙවහන්.. :ඩී :ඩී
අප්පට සිරි මරු ඈ..
ReplyDeleteතාම නරලොව...!
ReplyDeleteඔවුමයිනේ.. :ඩී
Deleteඅදත් දාර්ශනික කියමන් එක්ක රසවත් කතාවක් හොඳයි ඇ....
ReplyDeleteඑන්න සමකය වටේ
Deleteරවුමක් යන්න
ඕ.. :ඩී
Deleteසමකය වටේ මං නම් රවුම් ගහනවා ඕං. :ඩී
කියවද්දී හොඳට අහල පුරුදු වචන සෙට් එකක් කියල හිතුණා. ඒක හරියටම ස්ථීර කරගත්තේ උපුටාගැනීමක් කියල දැක්කම. මොනා වුනත් සුපිරි අදහස්...!
ReplyDeleteඑළ එළ..!
Deleteමම තේ එකක් බොමින් කතාව කෑවෙමි...නෑ නෑ රසවින්දෙමි..:))
ReplyDeleteපට්ට කතාවක්..!!
හිකිස්.. :ඩී :ඩී
Deleteහි හි හී නියමයි.....................ස්තුතියි අපිටත් කියවන්න දුන්නට හ්ම්ම් :)
ReplyDeleteඑළ.. :ඩී :ඩී
Deleteඅනේ නියමයි අෆ්ෆා. විහිලුවෙන් උණත් මිනිස්සුන්ගේ හෑගීම් ඉස්මකු කරලා. :D :D :D :D :D
ReplyDeleteඔවුමයිනේ.. :ඩී :ඩී
Deleteහම්මේ....මම මේ අක්කලා ටිකකගෙ නම් ටික ගැනගෙන ආවා..2 සැරයක්ම..අන්තිමට නරලොව හොල්මන් එකේ කියලා දැක්කම ගාන අමතක වුනා.. :)
ReplyDeleteහෆ්ෆෝ.. එහෙම හිතාගෙන කියෙව්වනම් මං ගැන නියමෙට හිතාගන්න ඇති. හොද වෙලාවට නරලොව හොල්මන් වලින් ගත්තා කියලා ලිව්වේ.. :)
Delete:D
ReplyDeleteane shoi ayya me katha tika.mama asawen kiyewwa.....
ReplyDeleteඑල මචං එල නමුත් උඹේ නම දාල තියෙන එකෙන් කෙස් එකක් වෙන්න පුලුවන්ද දන්නේ නැහැ පොඩ්ඩක් හොයල බලපන්
ReplyDeleteමචන් ඔය නර ලොව හොල්මන් පොත කගේ ප්‍රකාශනයක්ද බන් ?
ReplyDeleteඑස්. ගොඩගේ ප්රකාශනයක්.
Delete