Monday, November 26, 2012

ප්‍රතිකර්මය ++


දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා.

"මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?"

"නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න.."

"ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ඕකට. ඊට වඩා හොද විදියක් මං උඹට කියන්නම්.."

"මොකද්ද මචන් ඒ..?"

"ගොම්මන් හන්දියේ අර අළුතෙන් දාපු ෆාමසි එක උඹ දැකලා තියෙනවනේ?"

"ඕ.. ඉතින්?"

"ඒකෙ තියෙනවා අලුතෙන්ම ගෙනාව රෝග විනිශ්චය කරන කොම්පියුටර් එකක්.ඒකට යූරින් සාම්පල් එකක් දුන්නාම කොම්පියුටර් එක විශ්ලේෂණය කරලා අපිට තියෙන ප්‍රශ්නේ හා ඒකට කරන්න ඕනේ ප්‍රතිකාර කියනවා. ඒකට වියදම් වෙන්නේ රුපියල් 200ක් විතරයි.ඩොක්ටර් කෙනෙක් ගාවට යනවනම් ඊට වඩා ගාණක් යනවනේ.."

"ඒකත් එහෙමද! හොදයි.එහෙනම් මං ගිහින් ඒකෙන් චෙක් කරගන්නම්. තෑන්ක්ස් මචං ඒ ගැන කිව්වාට..!"

සයිමන්ට ස්තූති කරලා බණ්ඩා ගියා ගොම්මන් හන්දියේ තියෙන අළුත් ෆාමසි එකට.යූරින් සාම්පල් එකක් අරන් දැම්මා අර කොම්පියුටර් එකට.ටික වෙලාවකට පස්සේ කොම්පියුටර් එකට සම්බන්ධ කරලා තිබුණු ප්‍රින්ටර් එකෙන් ප්‍රින්ට් වුන පොඩි ස්ලිප් එකක් එළියට ආවා.ඒකෙ තිබුනේ..

 " ඔබට තියෙන්නේ වැළමිටේ අමාරුවක්.
උණු වතුර ටිකක් අරං ඒ හරිය තවාගන්න දවස් කිහිපයක් එක දිගට.ඒ අතෙන් බර උස්සන එක අඩුකරන්න.ඔබට සම්පූර්නයෙන්ම සුවවෙවී සති දෙකක් ඇතුලට.. "

ඉතින් ඒ ස්ලිප් එකත් ගෙදර අරං ගිය බණ්ඩා කල්පනා කරා,

' ෂා! දැන් තියෙන තාක්ෂනේ දියුණුව.මේ විදියට ගියොත් ලෝකේට ආය ඩොක්ටර්ස්ලා ඕනේ වෙන එකක් නෑ. හැමදේම කොම්පියුටර් වලින්ම කරගන්න පුළුවන්..!' 

ටික වෙලාවකට පස්සේ ආයෙමත් බණ්ඩාට හිතුනා,

'මේ දේ වෙන්න පුළුවන් දෙයක්ද! කොම්පියුටර් එකකට පුලුවන්ද අපේ තියෙන ලෙඩ ගැන කියන්න! මේක බොරුවක් වෙන්න පුළුවන් මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්න උත්සහ කරන..!'

එහෙම හිතුනාට පස්සේ බණ්ඩාට ඕනේ වුණා මේ කොම්පියුටර් එක හරියටම ඇත්ත කියනවද කියලා දැනගන්න.ඉතින් බණ්ඩා කරේ ටැප් එකෙන් ගත්ත වතුර ටිකකට , ගෙදර ඇති කරන බල්ලාගේ මළපහ ටිකක්, තමන්ගේ බිරිදගේ හා දුවගේ මූත්‍රා සාම්පල ටිකක් එකතු කරලා ද්‍රාවණයක් හදාගත්තා. අන්තිමේදී ඒකට ඔහුගේ *** ටිකකුත් එකතු කරා. 

ඊළඟ දවසේ උදෙන්ම බණ්ඩා ගියා ගොම්මන් හන්දියේ ෆාමසි එකට.ගිහින් අර එක එක දේවල් එකතු කරලා හදාගත්ත ද්‍රාවණය අර කොම්පියුටර් එකේ තිබුණු පරීක්ෂණ නළයට එකතු කරලා, රුපියල් 200ත් කවුන්ටර් එකට ගෙවලා පුටුවකට වෙලා වාඩි වෙලා උන්නා ප්‍රතිපල ටික එනකම්.ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ ප්‍රතිපල තියෙන ස්ලිප් එක ප්‍රින්ට් වෙලා ආවා. බණ්ඩා ගිහින් ඒක අතට අරං බැලුවා මොනවද කියලා තියෙන්නේ කියලා.

" ඔබේ පාවිච්චි කරන ටැප් වතුර වල ක්ලෝරීන් ගතිය වැඩියි.
නියමිත ක්ලෝරීන් ප්‍රමාණය සහිත වතුර භාවිතා කරන්න.. "

"ඔබේ බල්ලාට පණු අමාරුව.
ඌට පණු පෙති ලබාදෙන්න.. "

" ඔබේ දියණිය කොකේන් නමැති මත්ද්‍රවය භාවිතා කරනවා.
කරුණාකර ඇයව පුනරුත්ථාපන ආයතනයකට යොමු කරන්න.. "

 " ඔබේ බිරිද ගැබිණියක්... ඇයට නිවුන් දරුවන්.
ඒත් ඒ ඔබේ දරුවන් නෙවෙයි.
නීතීඥයෙකු සොයාගන්න.. "

" ඔබ මේ දවස් කිහිපයේදීවත් **** වින්දනයේ යෙදෙන එක නැවැත්තුවේ නැත්නම්,
ඔබේ වැළමිටේ අමාරුව ජිවිතේට හොද වෙන එකක් නැතිවෙයි.. "


ප.ලි : අන්තිමට අහපු තෑගී නැති ප්‍රශ්නේ දැක්කේ නැත්නම්,


32 comments:

  1. බණ්ඩාට කලන්තෙ දැම්මද දන්නෙ නැහැ නේද?????නියමයි!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ.හොද සිහියෙන් හිටියා කියලයි ආරංචිය. :)

      Delete
  2. එල කතාව.මරු ගැජට්ටුවක්.ඕක ඉතින් ගෙදර නෝනට අහු නොවෙන තරමටම හොදඊ.

    ReplyDelete
  3. නෝ ප්‍රින්ටින් මිස්ටේක්...!! පටි රෝල්...!! :-)

    ReplyDelete
  4. ඔය වගේ එකක් ආවොත් Sorryම තමා........
    ජය වේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනිවා.. එන්නැති තරමට තමා හොද. :)

      Delete
  5. :D :D
    සිරා කතාව මචං... අනේ අසරණ බන්ඩා......
    මදැයි කොම්පුටර් ටෙස්ට් කරන්න ගියා...

    ReplyDelete
  6. ඇඩෙනවානේ ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තනි ඇහැට නෙවෙයිනේ ඇඩේන්නේ? :)

      Delete
  7. අඩෝ එකනං පිස්සු කොර කොම්පීතරයක් බොලං... පට්ට පජාතයි...
    හොද වෙලාවට අරූට වැලමිටේ අමාරුවක් තිබ්බේ... heart attack එකක්වත් තිබ්බානං කපෝතියි...

    පට්ට කතාව මචෝ...
    :D:D:D

    ReplyDelete
    Replies
    1. නැත්නම්! ඒ යකා පින් කරලා තියෙනවා හාර්ට් ඇටෑක් එකක් නැති වෙන්න තරම්.

      එළ! :)

      Delete
  8. හප්පුච්චියේ... ඒ කොම්පීටලේ මරුනෙ..

    ReplyDelete
  9. ඇත්තටම ඔය වගේ මැෂින් එකක් ආවොත් සොරිම තමා....

    ReplyDelete
  10. මෙහෙම මැසිමක් තමා දැං ඕන වෙලා තියෙන්නේ ඩා...

    ReplyDelete
    Replies
    1. දැන්ම ඇයි ඒ වගේ එකක්? :0

      Delete
  11. හි..:) හි...:) ඒ ක්‍රමෙත් නරකම නෑ...:P

    ReplyDelete
  12. ඉල්ලන් කාලනේ ඉතින් :D

    ReplyDelete
    Replies
    1. තියෙන විදියට කාලා හිටියනම් ඉවරයිනේ නේ? :)

      Delete
  13. අනේ සසරේ පුකේ විසරේ කියලා හිතෙන්න ඇති අහිංසක බණ්ඩට...

    ReplyDelete
    Replies
    1. අනේ අෆ්ෆේ! මොකද්ද අෆ්ෆේ ඒ කතාවේ තේරුම? මටනම් තේරුනේ නෑ. :(

      Delete
  14. ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා නම් ඔය කිසි අවුලක් නැහැනේ.
    එල එල ඈහ් :D :D :D :D

    ReplyDelete
  15. මුල ඉදන් ඔක්කොම කියලා නේ..

    ReplyDelete
  16. එලකිරි කතාව....

    ReplyDelete