Wednesday, October 31, 2012

කවුද මිනීමරුවා..? (තෑගී නැති ප්‍රශ්න - 2)


පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා.පස් දෙනාගේ නම් තමා ඉෂාන්, කසුන්, සමීර, රවී, අනූ.. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් අනිත් හතර දෙනාගෙන් එක් කෙනෙක්ව වෙඩි තියලා මරලා දානවා ඒ දෙන්නා අතර වුනු රණ්ඩුවක් අවසානයේ..

කතාව එච්චරයි.ඉතින් දැන් අපි හොයන්න යන්නේ කවුද මිනීමරුවා හා මැරුණු කෙනා කියලා.පහතින් කාරණා වගයක් දීලා තියෙනවා.ඒ අපි‍ට දීලා තියෙන සාධක මිනිමරුවා ව හොයාගන්න.ඉතින් ඒවා පාවිච්චි කරලා තමා අපිට අවසන් නිගමන වලට එන්න තියෙන්නේ. 

Tuesday, October 30, 2012

අප්පුහාමි.. (තෑගී නැති ප්‍රශ්න - 1)


එංගලන්තයේ මහා රැජින ලොකු පාටි එකක් ලැහැස්ති කරා.ඒකට ආරාධනා කරේ රටේ ඉන්න වැදගත් පවුල් වල අයට.ඉතින් මේ උත්සවේට ආරාධනා නොකරපු අයත් එන්ට පුළුවන් නිසා රැජින කරේ ආරාධනා කරපු පුද්ගලයන්ට රහස් වචනයක් හදලා දුන්නා.ඒ වචනේ නොකියා ප්‍රධාන දොරටුවෙන් ඇතුලට එන්න බෑ.

Friday, October 26, 2012

ගණන් ඉස්සු බඩු..


බවලත් උදවිය නාන අවසථාවක් ම බලා නා ගැනීම සදහා ළිදට යාමට මා පුරුදුව ඇත්තේ ස්වභාධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කලා රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ.වැඩියෙන්ම ඔවුන්ගේ කතාබහට කන්දීමෙන් ලද ඉමහත් ආස්වාදය නිසාය.

රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොදින් වටහා ගැනිමෙන් දෝ ඕනෑවටත් වඩා ඉහළින් දියරෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියන් සමග අංග චලනයට මුල් තැන දෙවා කතා කරනා කතා බහ එතරම් වැදගත් නොවේ.එහෙත් අද ඔවුන් කවුතුකාගාරයට යැවීම පිණිස ලොරියක් එන තෙක් රැස් කර තබා ඇති ගල් රූප මෙන් ලංවී නොසැලී උනන්දුවෙන් කරන කතාබහ නම් වැදගත් විය යුතු බව ඈත දීම මට වැටහුණි.මම පඳුරු අස්සේ පහත් වී හෙමින් හෙමින් ළිඳ ළඟට ඇදී සැඟවී සිට කන් දුන්නෙමි.හත් දෙනෙකුගෙන් සමන්විත වූ බවලත් පිරිසේ කතාබහ මෙසේ විය.

Wednesday, October 24, 2012

මෑන් තමයි මිනිහා..


ගමක එක ළග තිබුණු ගෙවල් දෙකක් අතරේ රණ්ඩුවක් ඇති වුනා.රණ්ඩුව ඇති වුනේ ගෙවල් දෙක අතර තියෙන වැටක් එහා මෙහා තිබුණු හින්දා.රණ්ඩුව පටන් ගත්තේ ගෙවල් දෙකේ හිටපු ගෑණු දෙන්නාගෙන්.ගෑණු දෙන්නා පටන් ගත්ත රණ්ඩුවට ඒ ගෙවල් දෙකේ පිරිමි දෙන්නාත් ආවා.ඒ කියන්නේ සූටිං හා මාටිං.මෙහෙම පොඩියට පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවක් යද්දී ලොකු රණ්ඩුවක් වෙලා අන්තිමේදී මාටිං සූටින්ව අල්ල ගෙන ගහගෙන ගහගෙන ගියා. අන්තිමේදී රණ්ඩුව නැවතුනේ ගමේ මිනිස්සු එතෙනට ඇවිත් දෙන්නාව දෙපැත්තට කරාට පස්සේ.

Monday, October 22, 2012

ලෝක විනාසේ ආවොත්..!


සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි..

"මචංලා දන්නවද..! ලෝක විනාසේ මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනවලු ෂුවර් එකටම.." විමල් කිව්වා.

Saturday, October 13, 2012

කාරුණික දැනුම් දීමක්..

අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන  නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි අදහස.ඒ නිසා වැඩ ගොඩක් තියෙනවා කරන්න.හැමෝටම සුබ සතියක්..


අද පෝස්ට් එකට  : 


මෙච්චර වයසට ගිහිනුත්..!!

ඊයේ පෝස්ට් එකට :

මෙච්චර වයසට ගිහිනුත්..!!


ඔන්න වයසක ජෝඩුවක්‌ හිටියා.දෙන්නාගේ වයස අවුරුදු 95ක් විතර.දවසක් මේ වයසක සීයා මැරුණා.සීයාගේ අවසන් කටයුතු වලට එයාලගේ දූ දරුවෝ,මුණුබුරෝ,මිනිබිරියෝ, නෑදැයෝ,අසල්වාසින් සහභාගී වුනා.අවසන් කටයුතු සිද්ධ කරාට පස්සේ එක මිනිබිරියක් වුනු කැතී තමන්ගේ මිත්තණියත් එක්ක ඉන්න තීරණය කරලා ඒ ගෙදර නැවතුනා.අනිත් අය යන්න ගියා.ඉතින් එදා රෑ කැතී මිත්තණිය ළගට ගිහින් ඇහුවා..

"ආච්චි.. ඇත්තටම අපේ සීයා මැරුණේ කොහොමද..?"

"මේකයි දුවේ වුනේ.. එයා නැතිවුනේ හාර්ට් ඇටෑක් ඇවිත්."

"ඒ කොහොමද?"

Friday, October 12, 2012

පැතුමන්..



ඔබ වෙනුවෙන් මගේ හද තුල 
පිළිසිඳ ගත් මේ ප්‍රේමය
වදනකට හෝ කවිපෙළකට
ඇමිණිය හැකි නොවේ..

සංසාරෙන් සංසාරෙට 
ඔබේ අතින් අල්ලාගෙන 
ඔය පපුවට තුරුල් වෙලා
ඉන්නට පැතුවෙමි හැමදින..

Tuesday, October 9, 2012

සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා..


ඒ විවාහ මංගල උත්සවයක දෙවෙනි දවසයි.උත්සවය පැවතුනේ මැදිරිගිරිය නගරයෙන් ටිකක් ඈතට වූ ගමක් තුලය.මා එම උත්සවයට සහභාගී වූයේ උත්සවයේ ඡායාරූප ශිල්පියාගේ සහයකයා වශයෙනි.එනම් මගේ මස්සිනා කෙනෙකුගේ උදවුවටය.අයියාගේ රැකියාව ඡායාරූපකරණය නොවුණත් ඉඩක් ලැබෙන අවස්ථා වල විවාහ උත්සවයන් හී ඡායාරූපකරණය බාර ගැනීම ඔහුගේ සිරිතයි.ඒ අමතර ආදායමක් සොයාගන්නට ලැබෙන නිසාය.එමනිසා ඔහු සහභාගී වන විවාහ උත්සවය වල අවසානයේ බෙදන තැන්ක්ස් කාඩ් නිර්මාණය කිරීම ලැබෙන්නේ මටය.ඔහු පවසන ආකාරට 'කස්ටමර් කෙනෙක් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වන්නේ තැන්ක්ස් කාඩ් එක හා ඇල්බම් එකේ තියෙන ඡායාරූප සුපිරියට තියෙනවනම් පමණය'.මේ නිසා මට වැඩක් නොවැටෙන දවස් වල අයියා බාරගත් විවාහ උත්සව කිහිපයකට සහභාගී වී තැන්ක්ස් කාඩ් නිර්මාණය කළේ මා විසින්ය.

Friday, October 5, 2012

ප්‍රේම පුරාණය..


ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.

මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.

Tuesday, October 2, 2012

තරහා ගන්ට කාරී නෑ ඕං.. (Letter For Zaas Rox)


මා නොදත් Zaas Rox නමැති පුද්ගලයා වෙතටයි,

ඔබ කවුරුද, කුමන තරාතිරමක කෙනෙක්ද කියන එක මා නොදන්නා අතර මා දන්නා එකම කාරණය වන්නේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එහෙම පිටින්ම කොපි කර මරුසිරා හි පලකරන බවයි.


මේ ආරංචිය ලද විගස මා මරුසිරා අඩවිය වෙත ගොස් කියපු දේ ඇත්තක් දැයි සොයා බැලු අතර දකින්නට ලැබුනේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ ලියන ලද පෝස්ට් 4ක් දවස් දෙකක් තුලදී මරුසිරා හී පළකරඇති බවයි.මා  විසින් ලියන ලද පෝස්ට් තවත් තැනක දක්නට ලැබෙන එක සම්බන්ධයෙන් මුලින්ම ඔබට ස්තුති වන්ත වන අතර මට ඇති ප්‍රශ්නය වන්නේ උපුටාගත් තැන් පිළිබදව කිසිදු සටහනක් පලනොකිරීමට තරම් ඔබ උනන්දුවක් නොදක්වා ඇත්තේ ඇයිද යන්නයි. (සමහර විට ඒක අමතක වුනාද දන්නේ නෑ.මොකද ලංකාවේ මේ දවස් වල නැගලාම යන ලෙඩේනේ අමතක වීම..)