Thursday, January 17, 2013

මගේ ලොවට ආ නුඹ..


නුඹේ උවනෙත නෙත ගැටෙන සඳ 
සරා සඳ වුව සඳ නොවේ මට 
නොමැත උපමා සසඳා ලන්නට 
රුවැති සඳ තරු පරදවයි නුඹ

සිතම දවනා හැඟීමක් ගෙන 
නුඹට හිමිවී සිනහවක් ඇත
මගේ හද මා හටම අවනත 
නොවෙයි කවදාවත් නොවූ ලෙස

Tuesday, January 1, 2013

ගෑණි වටේ යවලා සැප විඳීමත් සමඟ 2013!


මං බලාපොරොත්තු වුණු ඉලක්ක වලට යන්න බැරි වුණු අවුරුද්දක් 2012 කියන්නේ.වෙලාවකට හිතෙනවා අළුතින් හිතලා වැඩකරන්න පටන් ගත්ත තැනමද තාමත් මං ඉන්නේ කියලා.මොනවා වුනත් දැන් ඒ අවුරුද්දත් ඉවරයි.අද ඉදලා අලුත් අවුරුද්දක්.

2012දී ඉවරයක් කරන්න හිතාගෙන හිටපු මගේ එක්සෑම් දෙකකුත් දවසින් දවස කල් ගියා.ඔය එක්සෑම් හින්දා ගෙදරින් කොච්චර බැනුම් ඇහුවාද! හයියෝ! ඒ වෙලාවට මොකක් හරි උත්තරයක් දීලා ශේප් වුනා මිසක් ඒකත් ඉවරයක්ම කරලා දාන්න ඕනේ කියන හැඟීම තදින්ම හිතට ආවේ නෑ.