Friday, September 20, 2013

මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක)



මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස්‌ වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි.  P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් පොරක්. P.M කියන නම වැටුනෙත් මූණ එල්ලගන්න එකට සමහර දේවල් වලදී. 

මේ සියලු නම් වලට අදාල පුද්ගලයා මට මුලින්ම හම්බවෙන්නේ 6 වසරේදී. ඒ අලුත් ඉස්කෝලෙදි. ඒ දවසේ වලම ඉදල අද වෙන තුරුත් මගේ හොද යාළුවෙක්. එක කාලයක් තරහ වෙලාත් හිටියා. ඒත් ආයෙත් ෆිට් වුනා. මේ කියන බණ්ඩා අපේ ඉස්කෝලේ අන්තිමේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඒ තනතුරට පත් වුනේ ගුරුවරුන්ට සෑහෙන ගොට්ටේ අල්ලලා කියලායි අපේ කාගේත් අදහස වුනේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරුවේ ගුරුවරුන්ගේ න්දයෙන්. ඉතින් ඒ ඕන ඡන්ද ටික ගන්න සෑහෙන විදියට ගුරුවරුන්ට ෆිට් වුනා. අනික බණ්ඩා කැපීපෙන්න දක්ෂයි. ඕනේ දෙකට පැනලා වැඩ කරා.

Wednesday, September 11, 2013

තනි වූ මොහොතේ..



දවසක
නිහඬ මොහොතක 
හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක 
ඔයා මගේ ළඟ
සිහිනයක් වගෙයි රත්තරන් මට
අපේ හිත්වල හැංගුන ලෙන්ගතුකම
විකසිත වෙලා පුදුමයි මට
හැමදාම දොඩමළු වූ අපේ සිත්
අද ගොළු වෙලා වගේ
ඒත් හැගීම් වලින් පිරුණු 
අපේ නුවන් රහසින්ම ලංවෙලා
ආදරයෙන් උමතුවුණු හදවත
කියාගන්න බැරිතරමට සතුටු වෙනවා
දුකක් සුසුමක් අද ළඟපාතකවත් නෑ
මේ සෙනෙහසේ ඇරඹුමට සුභපතන්න වගේ
මල් සුවඳකුත් හිතට දැනෙනවා
ඇත්තටම ඔයා මගේම නම්
මාත් ඔයාගේම වෙන්නම් සදහටම
මේ අද වගේ ඔයාගේ තුරුළට ලංවෙලා
ඉන්නම් හැමදාම..

-ජානු-


- මාස 03 දින 06කට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියවෙන්නේ. එහෙම වෙන්න හේතු කාරණා කිහිපයක් තිබුණනේ මට. තව කම්මැලි කමත් සෑහෙන්න තිබුණා පෝස්ට් එකක් ලියන්න බැරි තරම්. අතරින් පතර අනිත් අයගේ බ්ලොග් වලට ගොඩ වෙලා ලියපු ඒවා කියෙව්වත් කමෙන්ට් කරේම නැද්ද කොහේදෝ. ඒ හින්දා මාව අමතක වෙලාම ගිහින් ද දන්නේ නෑ..