Tuesday, July 31, 2012

හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා වෙන්න ඇති.. (නෙත්මි - 2වෙනි කොටස)




එදා කතාව ඉවර වුනේ නෙත්මිගෙ විස්තර ඉෂාන්ගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගේ මාර්ගෙන් විස්තර හොයාගත්ත තැනින් නේ.ඉතින් අද එතනින් එහාට කතාව.ඊට කලින් නෙත්මි පළමු වෙන කොටස බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඒ..

නෙත්මිගෙ විස්තර දැනගත්තට පස්සේ ඉෂාන්ට ඉතින් හුගක් සතුටුයි.මොකද නම දන්නැතුව ඉෂාන් එයාගේ ඉස්කෝලේ පොත් වල,ඉස්කෝලේ පන්ත්යේ ඩෙස්ක් එකේ ලියලා,ඇදලා තිබුනේ නෙත්මි පාවිච්චි ඉස්කෝලේ යන්න පාවිච්චි කරපු බෑග් එකේ තිබුණු වෙළද නාමය. Reebok..
ඒක ඒ කාලේ පන්තියේ හිටපු කොල්ලන්ගේ පොදු ලක්ෂණයක් තමා තමුන් සීන් කරන ගෑනු ළමයාගේ බෑග් එකේ තියෙන ලාංචනය ඩෙස්ක් එකේ,පොත් වල කොටන එක. ඉතින් ඉෂාන්ටත් ඒ පුරුද්ද තිබුණා. නම දැන ගත්තට පස්සේ ඉෂාන් මුලින්ම කරේ ගෙදර ඇවිත් ඉස්කෝලේ ගෙනියන, ක්ලාස් වල ගෙනියන පොත් වල මුල් පිටුවේ නමේ මුල් අකුර ඇදලා පාට කරපු එක. ඊලග දවසේ ඉස්කෝලේ ගිහිනුත් කරේ ඩෙස්ක් එකේ තීන්ත හූරලා අර අකුර ඇදපු එක.

Saturday, July 28, 2012

ඒකිට කොහොමද බං උඹ මෙහෙ ඉදන් සීන් කරන්නේ..




ඊයේ ලියන්න පටන් ගත්තනේ මගේ ආදර කතාවල පළවෙනි එක ගැන. හැබැයි මේ ලියන්නේ ඒ කතාවේ දෙවෙනි කොටස නෙවෙයි. වෙන කතාවක්.ඉතින් ඒ කතාව ලියාගෙන යද්දී මට 8 වසර පන්තියේ ඉද්දි වුණු සීන් කෝන් එකක් මතක් උනා.ඉතින් ඒක අද ලියන්න කියලයි හිතුවේ.නෙත්මි කතාවේ දෙවෙනි කොටස ඊලග පොස්ට් එකේ ලියන්න මං හිතා ගත්තා.ඉතින් නෙත්මි පළවෙනි කොටස කියවලා දෙවෙනි කොටස ඉක්මනින් ලියන්න කිව්ව අය තරහ ගන්න එපා ඕං.. 


ඉතින් මේකයි කතාව.මේ කතාව යන්නේ මගේ යාළුවෙක්ගේ පිටින්.එයාට මං සජී කියන්නම්.සජීගේ ඉස්කෝලේ තිබුණු කාඩ් එක තමා 'පිස්සා'. ඒකට හේතුව සජී කරන මෙලෝ රහක් නැති වැඩ.සමහර වැඩ වලට හිනායනවා.සමහර ඒවාට මල පනිනවා.මොනවා උනත් මට කියන්න තියෙන්නේ මට මගේ ඉස්කෝලේ ජීවිතේදී හම්බුනු හොදම යාළුවෙක්.6 ඉදන් ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මාත් එක්ක එකම පන්තියේ හිටියා.හොද ගතිගුණ තිබුණා සජීගේ.තාමත් ඒ වගේ.

Friday, July 27, 2012

නෙත්මි.. - ඉෂාන්ගේ පළමු ආදර වෘතාන්තය..



අද ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉද්දි මට හිතුනා මගේ පළවෙනි ප්‍රේමය ගැන ලියන්න.බ්ලොග් එකේ ලියලා තියෙන පෝස්ට් 24න් හුගක්ම ලියවිලා තියෙන්නේ විහිලු කතා.මට අදාල දෙයක් ලියවිලාම නෑ බලාගෙන ගියාම.. ඉතින් අද හිතුවා මගේ ජිවිතයට සම්බන්ධ දෙයක් ලියලා දාන්න...

කොහොමත් ඉෂාන්ට ආදර වෘතාන්ත කිහිපයක් තිබුණා.( කිහිපයක් කිව්වට ගොඩක්ම නෑ ඕං). ඉතින් මේක තමා ඉෂාන්ගේ පලවෙනි ආදරේ.ඒ කියන්නේ ඊට කලින් ඉෂාන්ට තිබුණේ හැබෑ නොවුණු ඒක පාර්ශවිය ආදර කතා විතරයි.7 වසරේ ඉදන් තමා කෙල්ලෝ උණ  ආවේ.ඉෂාන්ගේ යාලුවොන්ටත් එහෙම තමා.ඉතින් අපි කරේ හොදයි කියලා හිතෙන් දකින දකින කෙල්ලට ලව් කරා.මොකද අපේ එකෙක්ටවත් ඒ කාලේ ඝටක්‌ තිබුණේ නෑ කෙල්ලෙක්ගෙන් ගිහින් "කැමතිද..?" කියලා අහන්න..

අපේ ඉස්කෝලේ ම්ශ්‍ර එකක්.අනික අපේ ඉස්කෝලෙට යන පාරේ තව කෙල්ලොන්ගේ ඉස්කෝලයක් තිබුණා.ඉතින් ඉස්කෝලෙට යන වෙලාවේ, ඉස්කෝලේ ඉන්න වෙලාවේ,ඉස්කෝලේ ඇරිලා එන වෙලාවේ,රේල්වේ ස්ටේෂන් එකේ,කෝච්චියේ අපිට බලන්න කෙල්ලෝ හුගක් හිටියා.අද එක කෙල්ලෙක් පස්සේ. හෙට වෙන එකක් පස්සේ.කෙල්ලොන්ගේ රැවුම් එහෙම බලන් ඉන්න ආසාවේ බෑ.සමහර කෙල්ලොන්ම් හින්ට් හිටන් ගහනවා අපි පස්සෙන් එනවා කියලා දැනගත්තම.මාර සුන්දරයි අෆ්ෆා ඒ කාලේ..

Wednesday, July 25, 2012

ලංකාවේ සංචාරකයා..



ඔන්‍න‍ ලංකාවේ මනුස්සයෙක් ඇමෙරිකාවට ගියා සංචාරයකට. ඉතින් ඇමෙරිකාවේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී සැන්ෆ්‍රැන්සිස්කෝ වලටත් ආවා.ඉතින් මෙයා සැන්ෆ්‍රැන්සිස්කෝ වලත් පොඩි රවුමක් දාලා බලද්දී දැක්කා කෞතුක භාණ්ඩ විකුනන්න තියෙන කඩයක්.එයා ඒකට ගිහින් ඇතුලේ තියෙන බඩු බලද්දී දැක්කා ලෝකඩ වලින් හදපු මීයෙකුගේ පිළිමයක්. මේක දැකලා අපේ කෙනාට හිතුනලු මේක සල්ලි වලට ගන්න. ඉතින් එයා පිළිමේ මිළ සදහන් කරලා තියෙනවද බැලුවා.බලද්දී නෑ.ඊට පස්සේ එයා මීයාගේ පිළිමේ අරන් ගියා කඩේ අයිතිකාරයා ළගට.,


"මේ ලෝකඩ පිළිමේ ගාන කීයද.? "


"පිළිමෙට ඩොලර් 12යි. ඒකට අදාල පුරාවෘත්තය කියන්න ඩොලර් 100යි.." කඩකාරයා උත්තර දුන්නා.


"මට කතාව එපා. මේ ඩොලර් 12 අරන් මට මේ පිළිමේ දෙන්න.." අපේ මනුස්සයා කිව්වා.


ඉතින් ගනුදෙනුව අහවර උනාට පස්සේ අපේ මනුස්සයා පිළිමේ අරන් දැන් යනවා පාරේ. යද්දී මෙයාට දැනෙනවා  කව්රුහරි පස්සෙන් එනවා වගේ.හැරිලා බැලුවා, පේන්ට නෑ කවුරුවත්.ඉතින් ආපහු යන්න පටන් ගත්තා.ආයෙත් ටික දුරක් යද්දී දැනුනා කලින් විදියටම කවරුහරි පස්සෙන් එනවා වගේ. හැරිලා බැලුවා ආයෙත්. පේන්ට නෑ ඒත්.ආපහු හැරෙද්දී එයා දැක්කා පාරේ බිම මීයෝ දහයක් විතර නැවතිලා බලන් ඉන්නවා.අපේ මනුස්සයා ටිකක් ඉස්සරහට ගියා. එයා යද්දීම මීයෝ ටිකත් පස්සෙන් ආවා. දැන් හොදටම ෂුවර් පස්සෙන් ආවේ මීයෝ කියලා. ඉතින් මෙයා ආපහු ගමන යන්න පටන් ගත්තා.ටික දුරක් ගිහින් හැරිලා බලද්දී මෙයා දැක්කා කලින් දැක්ක මීයෝ ගානට වඩා දැන් මීයෝ ගොඩක් පස්සෙන් එන විත්තිය. දැන් මනුස්සයට ටිකක් බයත් එක්ක. එයා යන වේගේ වැඩිකරා. මීයොත් ඒ එක්කම උන් පස්සෙන් එන වේගේ වැඩි කරා.මනුස්සයා ආයෙත් හැරිලා බලද්දී මීයෝ ලක්ෂ ගානක් පස්සේ එනවා.එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු නෑ.


අපේ මනුස්සයා දැන් අම්බානක බය වෙලා දුවන්න පටන් ගත්තා.පොරට තේරුණා මීයෝ එන්නේ පිළිමේ හින්දා කියලා.ඉතින් දුවන් දුවන් ගිහින් සැන්ෆ්‍රැන්සිස්කෝ පාලම උඩදී  අර මීයාගේ පිළිමේ විහික් කරා වතුරට. අර පස්සෙන් ආව මීයොත් පිළිමේ විසික් කරනවා දැක්කම උනුත් එකා පස්සේ එකා පැන්නා පාලමෙන් පල්ලෙහාට.මීයෝ ටික ඉතින් දියේ ගිලිලා මැරුණා.
මේ පාලමෙන් පල්ලෙහාට තමා විසික් කරේ..
ඊට පස්සේ අපේ මනුස්සයා ආපහු ගියා පිළිමේ ගත්ත කඩේට. අපේ මනුස්සයව දැක්ක ගමන් කඩේ අයිතිකාරයා ඇහුවා.,


"ආපහු ආවේ පිළිමෙට සම්බන්ද කතාව දැනගන්නද..?"


"නෑ.. මං ආපහු ආවේ ලංකාවේ දේශපාලනඥයෙකුගේ ලෝකඩ පිළිමයක් ඔහේ ගාව තියෙනවද බලන්න.."




මේ කතාව විහිලු කතාවක් උනත් ලියන්න හිතුනේ අපේ රටේ දේශපාලුවන් කරන වැඩ දැකලා.දැන් කාලේ පොඩි කෙල්ලෙක්ටවත් ඉන්න දෙන්නෑනේ..මටත් ඔය වගේ පිළිමයක් හම්බුනා නම් මං කරන්නේ ගිනිකන්දක් උඩට ගිහින් අත අරින එක.ඒ දඩුවමත් මදි මං හිතන්නේ.ආය ඊයේ නිව්ස් වලට ඇහුනා කෙනෙක්ගේ මෙමරි එක නැති වෙලා කියනවා.කිසි දෙයක් මතක නැල්ලු ඒ පොර අදාල කේස් එක සම්බන්ධව. මං හිතන් හිටියේ ඔය වගේ සීන් වෙන්නේ ෆිල්ම් වල විතරයි කියලා. බලන ගියාම දැන් අපේ දේශපාලුවන්ටත් ඒ  ලෙඩේ හැදෙනවා. ලංකවේ තව කී දෙනෙක්ට ඔය ලෙඩේ හැදෙයිද දන්නෑ... 


හිකිස්..!!


අයියෝ..!! මගේත් මතකේ අමතක වී ගෙනද කොහේදෝ එන්නේ..



|
|

|
|
|
|

කව්ද මං..?

මං මොනවද මේ කරන්නේ..? 

කාගේද මේ බ්ලොග් එක..?

මට මොනවත් මතක නෑනේ..

අයියෝ කාටද මේ බැනල තියෙන්නේ අන්තිමට..?

ලංකාවේ දේශපාලුවෝ එච්චරම නරකද අම්මා..?

Monday, July 23, 2012

බෝවෙන ලෙඩක්..



ඔන්න පිටරට සංචාරෙකට ගිය සමන් ආපහු ලංකාවට එද්දී ආවේ ලෙඩ වෙලා.. ලංකාවට ආපු ගමන් මෙයා ගිහින් පුද්ගලික රෝහලක නැවතුනා.රෝහලේ මෙයාව චෙක් කරපු ඩොක්ටර් නර්ස් කෙනෙක්ට කිව්වා මෙයාට ෆුල් චෙකප් එකක් දීලා රිපෝර්ට් ටික ගෙනත් පෙන්වන්න කියලා. ඉතින් නර්ස් මෙයාව චෙකප් රූම් එකට අරන් රිපෝර්ට් වලට ඕන ටික සාම්පල් ටික ගත්තා. ඊට පස්සේ සමන්ව එයාගේ රූම් එකට යවලා රිපෝර්ට් ටික ඩොක්ටර්ට ගිහින් දුන්නා..


ඉතින් සමන් දැන් ඇදට වෙලා ඉද්දි රූම් එකේ තිබුණු ෆෝන් එක රිං වෙන්න ගත්තා.සමන් ෆෝන් එකට ආන්සර් කරා.,


"හෙලෝ.."


"හෙලෝ සමන්.. මං මේ ඔයාව චෙක් කරපු ඩොක්ටර් කතා කරන්නේ.."


"ඔව්.. කියන්න ඩොක්ටර්.."


"සමන්.. මං ඔයාගේ රිපෝර්ට් ටික බැලුවා. කියන්න කණගාටුයි, ඔයාට හැදිලා තියෙන්නේ බෝවෙන රෝගයක්. ඒකට කියන්නේ G.A.S.H කියලා.. ඉතින් ඔයාට රූම් එකේම ඉන්න වෙයි.එළියට එන්න බෑ.. ඕක අනිත් අයටත් බෝවෙන්න පුළුවන්.."


"G.A.S.H !!. මොකද්ද ඩොක්ටර් G.A.S.H කියන්නේ..?"


"G.A.S.H කියන්නේ ලෙඩ කීපයක එකතුවක්.. Gonorrhea, AIDS, SARS සහ Herps කියන ලෙඩ වල එකතුවක්.."


"අනේ දෙවියනේ.. දැන් අපි මොකද ඩොක්ටර් කරන්නේ..?"


"මෙහෙමයි.. අපිට ඔයාට දෙන්න වෙන්නේ පීසා, රෝස් පාන් , තොසේ, හැලප වගේ කෑම.." ඩොක්ටර් සාමාන්‍ය විදියට කිව්වා.


"ඒවායින් මාව සනීප වෙනවද..?"


"නෑ.. ඇත්තම කියනවානම් ඒවා තමා අපිට රූම් එකේ දොර යටින් එවන්න පුළුවන් කෑම.."



Saturday, July 21, 2012

ලොකු අයියා.. ඕං මං අදත් ආවා රචනා ලියාගන්න..



අද අපේ පවුලේ ඉන්න පොඩි එකෙක් ගැන කතාව කතාවක් ලියන්න කියලා හිතුවේ. පොඩියි කිව්වට පොඩිමත් නෑ.. 4 වසරේ ඉන්න පොඩි ලස්සන කෙල්ලෙක්.අපේ අම්මගේ අක්කගේ දුවගේ දුව. මට වෙන්නේ දුවක්.ඒ උනාට මං ඒ පොඩි ඒකිගෙන් ජිවිතේට අහලා නෑ මට ලොකු මාමා කියනවා. කියන්නේම ලොකු අයියා කියලනේ මට.අක්කලා ඉන්නේ එයාලගේ අම්මගේ ගෙදර. ඉතින් ඒ ගෙදර ඉන්න අනිත් නංගිලා දෙන්නා මට කතා කරන විදිය අහන් ඉදලා මෙයත් එකට පුරුදු වෙලා.ඉතින් කතා කරන්න පුළුවන් උන කාලේ ඉදලා මට ලොකු අයියමයි කියන්නේ.ඒකට එයාගේ නංගි..තාම අව්රුදු 3කටත් අඩුයි.එයානම් 'ලොකු මාමා' කියලා කියනවා.


මේ පොඩි කෙල්ලට නෙතු කියන්නේ.ඉතින් ගොඩක් වෙලාවට අක්කයි,අයියයි, එයාලගේ පොඩි එවුන් දෙන්නයි  සති අන්තෙට අපේ ගෙදර එනවා.ඉතින් ඊයෙත් ආවා.අපේ සෙට් එක හෙන ෆිට්. ඒ හින්දා 17km දුර ගෙවාගෙන එයාලා එනවා අපේ දිහා. නෙතු එන්නේ රචනා 2,3 ක් අරන්. මට කියලා ලියවගන්න.ගේ ඇතුලට ඇවිත් මාව දැක්ක ගමන් කියන්නේ.,


" ලොකු අයියා.. ඕං මං අදත් ආවා රචනා ලියාගන්න.ලියලා දෙන්න ඈ.."


ඕක අහපුවම ඉතින් මට ඉතින් ටිකක් එපා වෙනවා.


" මොකක් ගැනද අද ලියන්න තියෙන්නේ?"


ඔන්න ඉතින් නෙතු මාතෘකාව කියනවා. ඕක අහපුවාම හොදටම එපා වෙනවා ලියන්න එපා වෙන එකක්නම්.ඇයි අප්පා දීලා තියෙන රචනා මාතෘකා දැක්කම මොනවා ලියන්නද කියලා හිතෙනවා.සිංහල හා ඉංග්‍රීසි වල තියෙන මං අකමැතිම දේ තමා රචනා ලියන එක. ඊට පස්සේ මං ඒක ලියන්න බෑ වගේනම් කියන්නේ..


"ගිහින් චූටි අක්කාගෙන් අහන්න.එය කියලා දෙයි.අනික එයා සිංහල ක්ලාස් එහෙමත් යනවනේ.."


"අයියෝ මොකද්ද හලෝ.. එයා ලියලා දෙන ඒවාට ලකුණු අඩුයි.ඔයා ලියලා දෙන ඒවාට 9 1/2  ගානේ ලකුණු හම්බ වෙනවා.. ඔයා ලියලා දෙන්නකෝ.හොද ලොකු අයියනේ.."


නෙතු එහෙම කියලා රචනා පොත පෙන්නනවා මට.බලපුවම ඇත්ත තමා. මං ලියපු හැම එකටම වගේ 9 1/2 ගානේ ලකුණු වැටිලා.ඉතින් බටර් එක ගාගෙන,මගේ වටේ කැරකි කැරකි ඉන්නවා රචනාව ලියාගන්න.ආය වෙලාවකට බෙල්ලේ එල්ලිලා ඉන්නවා රචනාව ලියන්න පුටුවට යනකම්ම.ඉතින් මාත් අන්තිමේදී කොළ ගන්නවා.ලියනවා.ඒක ටිකක් හරි නෑ වගේනම් අයෙත් මුල ඉදන් ලියනවා.කොහොමත් මට පැයක් විතර යනවා ලියන්න රචනේ.කොලයක ලියලා දුන්නම නෙතු ඒක බලාගෙන ලියා ගන්නවා.වෙලාවකට මං රචනාව ලියලා ඉවර කරලා බලද්දී නෙතු සැප නින්දේ මගේ ඇදේ.


මට ගිය සතියේ ලියන්න උනේ 'මං කැමතිම ක්‍රීඩාව' ගැන.ලියන්න ගත්තේ බැඩ්මින්ටන් ගැන. මෙලෝ දෙයක් දන්නෑ මං ඒක ගැන. අන්තිමේදී විකිපීඩියා වලින් තමා කරුණු ටික හොයාගත්තේ ඒක ලියන්නත්.තව එකක් තිබුනා 'පරිසරයේ රදාපැවත්ම අප අතේය.' මේ සතියේ 'යහගුණ අගයමු.' හිතන්නකෝ මොනවා ලියන්නද කියලා ඕවට.අද එක ලියලා ඉවර කරේ දැන් ටිකකට කලින්.ඒක ලියාගන්න අද උදෙන්ම මාව නැගිට්ටුවා.නැගිටිනකම් කකුලෙන් අදිනවා. ෂිට් එක අයින් කරනවා.නැගිටලා අහද්දී කව්දෝ කියලා එයාට  මං අද උදෙන්ම කොහේදෝ යනවා කියලා.ඉතින් නෙතු හිතලා රචනාව ලියාගන්න බැරි වෙයි කියලා. පව් කියලා හිතෙනවා ඉතින් ඔය වගේ වැඩ වෙද්දී.


රචනා ඇර නෙතු අනිත් වැඩ තනියෙන් කරගන්නවා.අපේ වචන වලින් කියනවනම් 'මීටරේ'.එක්සැම් මාර්ක්ස් එහෙම නියමයි.එකට හේතුව අපේ අක්කා. එයත් එක්ක බෑ ඉස්කෝලේ වැඩ, ක්ලාස් වැඩ නොකර ඉන්න.එක පාරක් නෙතු 2 වසරේ ඉද්දි ඉස්කෝලෙන් චිත්‍ර තරගෙකට ච්ත්‍රයක් ඇදන් එන්න කියලා.එදා මං අක්කලාගේ ගෙදර හිටියේ. ඉතින් චිත්‍රෙ මට අදින්න උනේ.පොඩි එකෙක් අදින විදියට තමා ඇන්දේ.ටික දවසකට පස්සේ මං එහෙ ගිය වෙලාවක මට නෙතු හෙන හැපී ඒකෙ සහතිකයක් ගෙනත් පෙන්නුවා. බලද්දී මං ඇදලා දුන්නු එකට තමා සහතිකේ.මටත් ඉතින් මාර සතුටුයි.ඇයි මං ඇදලා දුන්නු එකටනේ.


ප/ලි : නෙතු දැන් ක්ලාස් ගියා. අද හවස මෙහෙ එනවලු ආපහු.කියලා ගියේ හවසත් රචනාවක් අරන් එනවා කියලා.ඒ කියන්නේ අද රෑටත් මං මාර කැමැත්තෙන් රචනාවක් ලියනවා කියන එක. :( 
      : නෙතුගේ ෆොටෝ එකක් දාන්න හිටියේ. ඒත් පස්සේ බෑ කියලා හිතුනා.
      : දැන් වෙලාව 11.00. දැන් ලියන රචනේ 'මා සිටවූ පැළයේ ගෙඩි පැහැදිලා'. කොහෙන් හොයාගන්න මාතෘකාද මන්දා.

Friday, July 20, 2012

ස්පැගෙටි.. (වැඩිපුර සෝස් එවන්න..)




දන්නවනේ අපේ ස්ටැන්ලි ගැන.. මේකත් එයාගේ කතාවක්..

ඔන්න ඉතින් ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි කාලයක් ඇමෙරිකාවේ හිටියා. එහෙ ඉන්න කාලේදී ස්ටැන්ලි ඉතාලි කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී ස්ටැන්ලි හින්දා ඉතාලි කෙල්ලට ළමයෙක් හම්බවෙන්න ආවා. ඉතින් ඉතාලි කෙල්ල මේ සීන් එක ස්ටැන්ලිට කිව්වා.,


"ස්ටැන්ලි.. ඔයා හින්දා මං අම්ම කෙනෙක් වෙන්න යන්නේ.. ඔන්‍න‍ මට ළමයා නැති කරන්න කියලනම් කියන්න එපා.."


මේක ඇහුවම ස්ටැන්ලිට දෙලොව රත් උනා.මොකද දැනටමත් ස්ටැන්ලි බැදපු කෙනෙක්නෙ.මේක වයිෆ් දැනගත්තොත් එහෙම ඉදලා හමාරයිනේ.ඉතින් දැන් ස්ටැන්ලි කල්පනා කරනවා මේකට මොකද කරන්නේ කියලා.කෙල්ල ළමයා නැති කරගන්නටත් කැමති නෑ කියනවනේ.ටික වෙලාවක් කල්පනා කරපු ස්ටැන්ලි කෙල්ලට මෙහෙම කිව්වා.,


"හරි.. අපි මෙහෙම දෙයක් කරමු.ඔයා මේ ගැන කාටවත් කියන්න එපා.ඔය යන්න ඉතාලි.ගිහින් ළමයා හම්බුනාට පස්සේ ඉතාලියට වෙලා ළමයව හදාගන්නවනම් මං ඒ ළමයට අවුරුදු 18ක් වෙනකම් සල්ලි එවනවා.මොකද කියන්නේ ඔයා..?"


ඉතාලි කෙල්ලත් ටිකක් වෙලා කල්පනා කරලා ඒකට කැමති උනා.ඒත් කෙල්ලට ප්‍රශ්නයක් තිබුනා කොහොමද ළමයා හම්බුනා කියලා ස්ටැන්ලිට දැනුම් දෙන්නේ කියන එක.එයා ඇහුවා ස්ටන්ලිගෙන්.,


"මං කැමතියි ඒකට. ඒත් කොහොමද මං ඔයාට දන්වන්නේ ළමයා හම්බුනා කියලා..?"


"මට පෝස්ට් කාඩ් එකක් එවන්න.ඒකෙ ලියන්න 'ස්පැගෙටි' කියලා. එතකොට මං දන්නවා ළමයා හම්බුනා කියලා.ඊට පස්සේ මං සල්ලි එවන්නම්.." ස්ටැන්ලි කිව්වා..
(ස්පැගෙටි කියන්නේ ඉතාලි වල තියෙන නූඩ්ල්ස් වගේ කෑමක්.)


ඉතින් කෙල්ල ඉතාලියට ගියා.. ඔහොම ඉතින් මාස ගානක් ගියා.දවසක් ස්ටැන්ලි ගෙදර එනකොට ස්ටැන්ලිගේ වයිෆ් ඉන්නවා පෝස්ට් කාඩ් එකක් අතේ තියන්.වයිෆ් ඒක ස්ටන්ලිට දෙන ගමන් කිව්වා.,


"ඔයාට ඕක අද උදේ ආවේ. මට ඒකෙ ලියලා තියෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ.."


ඉතින් ස්ටැන්ලි ඒක අරන් කියවන් යද්දී පොරට ඉහෙන් කනෙන් දාඩිය දාන්ට පටන් ගෙන,සුදුමැලි වෙලා අන්තිමේදී  සිහියත්  නැති වෙලා ඇදන් වැටුනා.


පෝස්ට් කාඩ් ඒකෙ මොනවද දන්නවද ලියලා තිබුනේ..


"ස්පැගෙටි, ස්පැගෙටි.. එකකට මීට්බෝල්ස් දෙකයි.. අනිකට නෑ.මට වැඩිපුර සෝස් එවන්න.."




මේ තියෙන්නේ එයා ගැන කලින් ලියපු කතා..
1. රත්තරන් පාට කොමඩ් එක
2. මහත්තයා.. මට තල්ලුවක් දාන්න පුලුවන්ද?
3. 25 වෙනි විවාහ සංවත්සරය..

Thursday, July 19, 2012

මේ මොහොතේ ඔබ..


මේ මොහොතේ ඔබ කොහේ සිටීදැයි 
කුමක් කරයිදැයි මා නොදනී..
සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට
හැකිවෙවිනම් මා එන්නම්..

ඔබ ගැන දහසක් සිතිවිලි මැවුණා
ඔබ මාගේමයි හැම මොහොතේ සිතුනා..
අද ඔබ මා හට හිමි නොවනා බව..
කෙදිනකදී හෝ මා සිතුවේදෝ..

ඔබ අත කිසියම් හෝ වරදක් නැත
වරදක් ඇත්තේ මාගේම අතමය..
ඔබ යළි මා හට හිමි කරගැන්මට..
යන්න හිතෙනවා ඈත අතීතෙට..

පොඩි වෙනසකටත් එක්ක අද ඉතින් මං සින්දුවක පද පේලි ටිකක් ලිව්වා.මේක මං කැමතිම සින්දුවක්.පහුගිය දවස් ටිකේම බ්ලොග් එකේ ලිව්වේ විහිලු කතා නොවැ.ඉතින් අද සින්දුවක් ලියන්න හිතුනා.ඉතින් ලිව්වා. අර හිරුහිමාවී සින්දු කියනවා වගේ මට සින්දු කියන්න බෑනේ අෆ්ෆා.. : ( නැත්නම් මටත් දාන්න තිබුනා මේ සින්දුව කියලා.බැරි වැඩ කරලා  චා වෙනවට වඩා අන්තිමේදී මෙහෙම හොදයි කියල හිතුනා.මට පුළුවන් ඉතින් කාගේ හරි සින්දුවක් අහන් ඉදලා ඒකෙ පද ලියන්න විතරයි. හිකිස්‌ !

දැන් සින්දුව ගැන විස්තර ටිකක්. මේක කියන්නේ ධනංජය නවරත්න කියලා කෙනෙක්. මේක මං ඉස්සෙල්ලම ඇහුවේ A/L කරන කාලේ.ඒ කියන්නේ 2007 වගේ. එච්චරයි සින්දුව ගැන කියන්න දන්නේ මං : )

ඊළගට මම ඇයි මේකට එච්චරටම කැමති :  මේකයිනේ කාරණේ හලෝ.. ඔය සින්දුවට මට අදාළ නිදාන කතා දෙකක් ගැලපුනා. 
1. මං මුලින්ම යාළු වෙලා හිටපු ගෑණු ළමයා එක්ක වුන දේවල් එක්ක බලද්දී මුළු සින්දුම මට ගැලපුනා. අනික ඒකෙ වීඩියෝ එකට අනුව කොල්ලාට කෙල්ලව හම්බවෙන්නේ මුලින් බස් හෝල්ට් එකේදී.මට හම්බුනේ රේල්වේ ස්ටේෂන් එකේදී කෝච්චියට නගින්න යද්දී.වීඩියෝ එකේ මැද හරියට එනකන් ඒ ටිකත් ගැලපුනා.එතනින් එහාට වීඩියෝ එකේ උනා වගේ නෙවෙයි මට අන්තිමේදී උනේ.. වෙන සීන් එකක්. ඒ පලවෙනි එක..

2.මේ සින්දුව ආපු දවස් වල මං යාලු වෙලා හිටියා තව කෙනක් එක්ක.(මේ දෙවෙනි කෙනා) එයාට ඉතින් මේ සින්දුවේ තියෙන මුල පද ටික කියනවා එයා මට මීට් වෙන්නැති දවස් වල. මුලින් එච්චර තමා කිය කියා හිටියේ..ඒත් අන්තිමේදී...මට ආයෙත් මුළු සින්දුවම කියන්න වුනා එයා හින්දත්.වීඩියෝ එකේ අන්තිම ටිකත ගැලපුනා මගේ දෙවෙනි කතාවට. කොහොමහරි වීඩියෝ එක කතා දෙකකින් සම්පූර්ණ උනා.

අන්තිමේදී මං කිව්වේ මේ දෙන්නටම කිව්වේ "ඔබලා අත කිසියම් හෝ වරදක් නැත.. වරදක් ඇත්තේ මාගේම අතමය.." කියලා..


පල්ලෙහායින් විඩියෝ ඒකත් තියෙනවා. බලන්න බලලා නැති අය..



Wednesday, July 18, 2012

25 වෙනි විවාහ සංවත්සරය..



මේකත් ස්ටැන්ලිගේ කතාවක්.. 

ඔන්න ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි බැදලා  25වෙනි විවාහ සංවත්සර දවසත් ආවලු.ඉතින් මෙයාලගේ ළමයි මේ දෙන්නාව රෑ කෑමකට එක්කන් එක්කන් ගියා..

රෑ ඇදට ගියාට පස්සේ වයිෆ්ට තේරුනාලු එයාගේ හබි ඉන්නේ සතුටෙන් නෙවෙයි කියලා.. මුණත් එක්ක ටිකක් අවුල් වගේලු. ඉතින් වයිෆ් ඇහුවා.,

"ස්ටැන්ලි,ඇයි ඔයාගේ මුණත් එක්ක හරි නෑ.මොකක් හරි ප්‍රශ්නයක්ද.."

"නෑ.. මුකුත් නෑ.."

වයිෆ්ට ඒ උත්තරේ සැටිස් නෑ.ඉතින් එය නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක දාලා ඇද ලගට ඇවිත් ආයෙත් ඇහුවා.,

"කියන්නකෝ අනේ.. ඔයාට ඕන දෙයක් මට කියන්න පුළුවන්නේ.."

ස්ටැන්ලි කිව්වා.,

"මේකයි..අවුරුදු ගානක් තිස්සේ මගේ හිතට වැඩ දෙන ප්‍රශ්නයක් තියෙනවා.. අපේ ළමයි 6 දෙනාගෙන්  5 දෙනෙක් එක වගේ. ඒත් අපේ මාක් අනිත් අය වගේ නෙවෙයි.. වෙනස්.. අනිත් 5 දෙනා ලග තියෙන සමානකම් මාක් ගාව නෑ..මං මේ අහන්නේ අපි බැදලත් අවුරුදු 25 යි..ඉතින් මේ අවුරුදු 25ට ඔයාට මට මොනවා හරි නොකියපු දෙයක් කියන්න තියෙනවනම් දැන් තමා වෙලාව.."

වයිෆ් මේක ඇහුවට පස්සේ ලොකු හුස්මක් අරන්.,ස්ටන්ලි දිහාට හැරිලා..

"හරි ස්ටැන්ලි..මං කියන්නම්.. මාක්ට ඉන්නේ වෙන තාත්තා කෙනෙක් අනිත් දරුවන්ගේ තාත්තාට වඩා වෙනස්.."

"කවුද ඒ..?" ස්ටැන්ලි ඇහුවා.

"ඔයා.."

Tuesday, July 17, 2012

මහත්තයා.. මට තල්ලුවක් දාන්න පුලුවන්ද?


නිදන් හිටිය ස්ටැන්ලියි එයාගේ වයිෆුයි මහා රෑ ඇහැරුනේ ගෙදර ඉස්සරහ දොරට වැදුණු ලොකු සද්දෙකින්. ඉතින් ස්ටැන්ලි නැගිටලා ගියා මොකද්ද ඒ සද්දේ කියලා බලන්න. දොර ඇරලා බලද්දී බීපු මිනිහෙක් ගේ දොර ගාව වැස්සෙන් බේරෙන්න ඇවිත්.බීපු මනුස්සයා ඇහුවා.,


" මහත්තයා.. මට තල්ලුවක් දෙන්න පුලුවන්ද කියලා..?"


"මේ වැස්සේ මොන තල්ලුද ඕයි.. දැන් පාන්දර 3 යි. දැන් බෑ.." කියලා ස්ටැන්ලි දොර වහගෙන ආපහු නිදාගන්න ගියා. වයිෆ් ඇහුවා.,


"කවුද ඒ..?" වයිෆ් ඇහුවා.


"කොහෙද යන බේබද්දෙක්.. අහනවා තල්ලුවක් දෙන්න පුලුවන්ද කියලා.."


"ඉතින් ඔයා උදවු කරේ නැද්ද..?"


"නෑ. මේ වෙලාවේ මොන උදවුද. නිදාගන්න දැන්.."


"මොකද්ද ස්ටැන්ලි, ඔයාට මතක නැද්ද මීට‍ මාස 3 කට කළින් අපේ කාර් එක කැඩිලා ඉද්දි උදවු කරා? ඒ වගේ මේ මනුස්සයාගේ වාහෙනටත් මොනවහරි වෙලා ඇති.කෙනෙක් උදවුවක් ඉල්ලුවම නොකර ඉන්න එක හරිද? මං  කියන්නේ ගිහින් උදවු කරන්න ඒ මනුස්සයාට.."


වයිෆ්ගේ කියවිල්ලෙන් ආපහු නැගිට්ට ස්ටැන්ලි ඇදුමක් දාගෙන ගියා එලියට වැස්සේම. බලද්දී දොර ගාව මනුස්සයා නෑ. කෝකටත් කියලා ස්ටැන්ලි කතා කරා ටිකක් සද්දෙන්.,


" මේ හලෝ.. ඔහේ තාමත් ඉන්නවද..?"


" ඔව්.." ඔන්න අර මනුස්සයත් කළුවරේ කොහේදෝ ඉදන් උත්තර දුන්නා.


"ඔහේට තාමත් තල්ලුවක් ඕනේද..?"


"ඔව්.. ප්ලීස්.."


"ඔහේ කොහෙද ඉන්නේ..?" ස්ටැන්ලි ඇහුවා.


"මං මේ ඔන්චිල්ලාවේ ඉන්නේ.. ඇවිත් තල්ලුවක් දෙනවද..?"

Sunday, July 15, 2012

ජිම්ගේ ඔරලෝසුව..



ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා,

“ ජෝන්.. කොහෙන්ද ඔයාට අලුත් ඔරලෝසුවක්? ඔයාගේ උපන් දිනේටද හම්බුනේ..?”

“ නෑ..” කියලා ජෝන් කිව්වා.

“එහෙනම් ක්‍රිස්මස් එකට දුන්නු තෑග්ගක්ද..?”

“ඒත් නෑ..” ආයෙත් ජෝන් කිව්වා.

“ ඔයා ඕක හොරකම් කරපු එකක් එහෙම නෙවෙයිනේ..?”

“නෑ බං..” ජෝන් කිව්වා.

“එහෙනම් කොහෙන්ද..?”

“ මේකයි.. ඊයේ රෑ මං අම්මයි තාත්තයි ඉන්න කාමරේට ගියා.. එයාලා ආදරෙන් හිටියේ.. ඉතින් තාත්තා මං කාමරේට එනවා දැකලා එයාගේ අලුත් ඔරලෝසුව මට දීලා කිව්වා මේකත් අරන් කාමරෙන් එලියට යන්න කියලා.එහෙමයි මට මේක හම්බුනේ.”

ජෝන් ඔරලෝසුව හම්බුනු විදිය ගැන ජිම්ට කිව්වා.  ජිම්ට දැන් ඉරිසියයි ජෝන්ගේ අතේ තියෙන ඔරලෝසුවට. ඉතින් ජිමුත් හිතුවා මේ අයිඩියා එකෙන්ම එයාටත්  එයාගේ තාත්තාගේ ඔරලෝසුව ගන්න. ඉතින් ඒ දවසේ රෑ ජිම් බලන් හිටියා එයාගේ අම්මයි, තාත්තයි කාමරේට යනකන්. ටික වෙලාවකට පස්සේ ජිම්ට ඇහෙනවා දෙන්නගේ ආදර බස්. ජිම් හිතුවා දැන් තමා හරි වෙලාව ඔරලෝසුව ඉල්ලන්න. ඉතින් කාමරේ දොර ඇරන් ගියා ඇතුලටම. ජිම්ව දැක්ක තාත්තට පට්ට මල. තදවෙලා ඇහුවා.,

(ජිම්ගේ ගෙදර කතා කරන්නේ ඉංග්‍රීසියෙන්ලු.. හරිය..)

“What Do You Want Now?” ( මොනවද ඕනේ දැන් උඹට ?)

“I Wanna Watch.” (මට ඔරලෝසුව ඕනේ.)

“Well, Stand In The Corner And Keep Quiet Then (හොදයි. අර මුල්ලට ගිහින් සද්ද නැතුව ඉදපන්.)


(ජිම්ගේ තාත්තා හිතුවේ මුට බලන් ඉන්න ඕනේ කිව්වා කියලා.මොකද ඉංග්‍රිසියෙන් ඔරලෝසුවටයි, බලන්න කියන දෙකටම Watch කියලා කියනවනේ)

Saturday, July 14, 2012

දුවගේ තේරීම නියමයි..





මේ කතාව ගොඩක්ම හොද පිරිමි අයට..

හුගක් ආදරෙන් හිටපු ඈන් හා මයික් අවුරුදු කීපයක් ආදරය කරලා අන්තිමේදී තීරණය කරා කසාද බදින්න.ඉතින් මේ දෙන්නා එයාලගේ  දෙමවුපියන්ට කිව්වා. එයාලා හුගක් සතුටු වුනා ඒක අහලා. එයාලා හැම පැත්තෙන්ම උදවු කරා උත්සවේ හොදට කරන්න. මයික්ගේ යාළුවෝ මයික්ව  දිරි ගැන්වුවා " බැදපන් මචෝ.. ජිවිතේ සතුට තියෙන්නේ බැන්දම.." කිය කිය. මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ! එයාට ඒක ජිවිතේ සැබෑවෙන හීනයක් වගේ උනන්දුවෙන් ඒකට ලැස්ති උනා. ඒත් ඒක දෙයක් මයික්ගේ හිතට වද දුන්නා. ඒ මයික්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නංගි. ඈන්..

මයික්ගේ අනාගත නෑනාගේ හැසිරීම මයික්ලා බදිනවා කිව්වා දවසේ ඉදලා අමුතුයි. එයා මයික් ඉන්න වෙලාවට කොටට ඇදුම් ඇදගෙනමයික් වටේ කැරකි කැරකිඇගේ හැප්පෙමින් මයික්ගේ අවධානය එයා වෙත ගන්න තමා උත්සහ කරේ. මේ දේවල් උනේ මයික් තනියෙන් ඉන්න වෙලාවල් වල.

ඔන්න ඒක දවසක් ඈන් මයික්ට කෝල් කරලා එන්න කිව්වා ගෙදරට වෙඩින් කාඩ් තෝරන්න. මයික් එහෙ යද්දී කවුරුවත් හිටියේ නෑ ගෙදර.ඈන් විතරයි ගෙදර තනියම.මයික් ඇහුවා "අනිත් අය කෝ? " කියලා.ඈන් කිව්වේ " ගෙදර අය හදිසියකට එලියට ගියා. එයාලා එනකම් අපිට කාඩ් තෝරන්න කිව්වා.."කියලා. ඉතින් දෙන්නා එකතු වෙලා කාඩ් තෝරන්න පටන් ගත්තා. ඔහොම තෝර තෝර ඉන්න ගමන් ඈන් මයික් එක්ක කතා කරා. එයා කිව්වා මයික්ට.,

ඇයි මයික් ඔයලා මේ තරම් ඉක්මනින් බදින්න තීරණය කරේමං පුදුම උනා ඒක අහලා. ඇත්තම කියනවනම් මාත් ඔයාට ආදරය කරා. ඒත් මගේ අක්කා මට කළින් ඉස්සර උනාවාසනාවන්ත උනා ඔයාව බදින්න. මට මාර දුකයි. ඒත් මං හිතනවා මට තාම චාන්ස් ඒක තියෙනවා ඔයාව මට ලබා ගන්න.මට ඔයා වෙනුවෙන් ඕනේම කැප කිරීමක් කරන්න පුළුවන් කියලා.."

මේක අහලා මයික්  පුදුම උනා. මයික්ට වචනයක්වත් කියාගන්න බැරි උනා. ඒත් එක්කම ඈන් ,

මං යනවා උඩ තට්ටුවේ තියෙන මගේ නිදන කාමරේට. ඔයාට පුළුවන් ඇවිත් මාත් එක්ක ඉන්න. ඕන දෙයක් කරන්න මට.මං ඔයාට ගොඩක් ආදරෙයි මයික්.. ඔයා තාමත් පරක්කු නෑ.."

මෙහෙම කියලා ඈන් ගියා උඩ තට්ටුවට.පඩි පෙළ නගින ගමන් ඇය ඇගේ උඩ බ්ලවුස් එක ගලවලා මයික් දිහාට විසික් කරා.මයික් අන්දුන් කුන්දුන් මේ උනා සිද්දියෙන්. මොනවද මං මේකට කරන්නේ කියලා හිතුනා. ටික වෙලාවක් එහෙම ඉදලා මයික් හැරිලා කෙලින්ම ගියා එලියට යන දොර තියෙන පැත්තට. ගිහින් දොර ඇරලා ගියා මයික්ගේ කාර් එක ලගට. කාර් එකේ දොර අරින්න යද්දීම මයික්ගේ අනාගත මාමණ්ඩි ඇවිත් මයික්ව බදා ගත්තා. එයාගේ ඇස් වල කදුළු හිටන්.එයා ඊළගට මයික්ට මෙහෙම කිව්වා..

පුතා.. අපිට හුගක් සතුටුයි ඔයා වගේ බෑණා කෙනෙක් හම්බුනු එක ගැන.. අපි කරේ පොඩි පරීක්ෂණයක්අපේ දුව තෝරාගත්තේ හරිම කෙනාවමද බලන්න.. ඔයා ඒ පරික්ෂනෙන් සමත් පුතා. අපේ දුවගේ තේරීම නියමයි. පිලිගන්නවා අපේ පවුලට ඔයාව.." කියලා අයෙත් මයික්ව බදාගත්තා.

මේ කතාවෙන් මයික් අන්තිමට උපදෙසකුත් දුන්නා. ඒ තමා  :

"කොන්ඩම් සෑමවිටම කාර් එකේ තියන්න.."

Friday, July 13, 2012

ආදර පුතා..


ඔන්න සහෝදරයෝ 4 දෙනෙක් හිටියා.මෙයාලගේ නම් තමා හීන්බණ්ඩා, මුතුබණ්ඩා,කිරිබණ්ඩා,පුංචිබණ්ඩා..
මෙයාලා ටිකක් තරුණ වයසට එද්දී ගෙදරින් ඈත් වෙලා තම තමන්ගේ දියුණුව හොයාගෙන ගියා. ඉතින් කාලයක් යද්දී මෙයාලා තමන් කරපු දෙයින් දියුණුවට පත් වෙලා ලොකු සල්ලි කාරයෝ උනා. දවසක් මේ 4 දෙනා රෑ කෑමකට සෙට් වෙලා මෙයාලා කතා උනා වෙනත් නගරයක ඉන්න තමන්ගේ වයසක අම්මාට සලකන්නේ කොහොමද, මොනවද අම්මාට දෙන්නේ යන දේවල් ගැන.ඉස්සෙලම හීන්බණ්ඩා කිව්වා.,


හීන්බණ්ඩා : " මම අම්මාට ලොකු ගෙයක් හදලා දෙනවා.."


මුතුබණ්ඩා : " මම ඒ ගේ ඇතුලේ dts තියෙන ෆිල්ම් හෝල් එකක් හදල දෙනවා අම්මාට ෆිල්ම් බල බලා ඉන්න.."


කිරිබණ්ඩා : " මං අම්මාට අලුත්ම මර්සිඩීස් කාර් එකක් අරන් දෙනවා එයාගේ පාවිච්චියට.."


පුංචිබණ්ඩා : " ඔයාලා දන්නවනේ.. අම්මා හරි ආසයි බයිබල් එක කියවන්න.ඒත් දැන් එයාගේ ඇස් දුර්වල වෙලා තියෙන හින්දා එයාට හරියට කියවගන්න බෑ. ඉතින් මට පහු ගිය දවසක පුජකවරයෙක් හම්බවුනා. එයා ගාව ඉන්නවා මුළු බයිබලයම කටපාඩම් ගිරවෙක්. ඉතින් මං එයාගෙන් ගිරවා ඉල්ලුවා. එයා දෙන්න කැමති උනේ නෑ. ඊට පස්සේ මං කිව්වා මං අවුරුද්දකට රුපියල් කෝටිය ගානේ අව්රුදු 20 ක් ගෙවන්නම් මට ගිරවා දෙන්න කියලා.ඉතින් එයාලා ඒකට කැමති වෙලා මට ගිරවා දුන්නා. ඉතින් මං අම්මාට ඒ ගිරවා දෙනවා. අම්මාට ගිරවට කියන්න තියෙන්නේ බයිබලේ Chapter එකයි Verse එකයි. ගිරවා ඉතිරි ටික කියනවා.."


මේක අහපු අනිත් සහෝදරයෝ 3 දෙනා හුගක් සතුටු උනා. ඉතින් ඊට පස්සේ එයාලා අම්මා වෙනුවෙන් ඒ දේවල් ටික කරා. ඉතින් ටික දවසකට පස්සේ අම්මගෙන් 4 දෙනාටම ලියුම් එව්වා දුන්නු දේවල් වලට ස්තුති කරලා මේ විදියට..


" හීන්බණ්ඩා පුතේ.. උඹ හදලා දුන්නු ගේ මට ලොකු වැඩියි. මං පාවිච්චි  එක කාමරයි. ඒ උනාට මුළු ගේම පිරිසිදු කරන්න එපැයි.. පින් උඹට.."


"මුතුබණ්ඩා පුතේ.. dts දාලා ෆිල්ම් හෝල් එකක් හදලා දුන්නට වැඩක් නෑ මයේ පුතේ..උඹට අමතක උනාද මගේ කන ඇහිමත් දුර්වලයි, ඇස් පෙනීමත් දුර්වලයි කියලා.. උඹටත් පින් පුතා.."


"කිරි බන්ඩේ.. මේ වයසට මට ඩ්‍රයිවින් බෑ පුතේ. මම ඉන්නේ ගෙදර. ඉතින් මං දෙන එක කෝල් එකෙන් ගෙදරට ඕන කරන බඩු ගෙනත් දෙනවා.ඉතින් මට මොකටද කාර් බන්.. උඹටත් පින්.."


"ආදර පුංචිබණ්ඩා පුතේ.. පුතාට විතරයි තේරුනේ මේ මට ගැලපෙනම තෑග්ග දෙන්න. ඒ කුකුලානම් මාර රහයි පුතා..ජිවිතේට කාලා නෑ ඒ වගේ කුකුලෙක්..! පුලුවන්නම් තවත් ඒ ජාතියෙන්ම එකක් එවන්න. ගොඩක් පින් මගේ පුතාට.."

Thursday, July 12, 2012

නෝනා හා සේවිකාව..


ගෙදරක වැඩ කරන සේවිකාවකට තමන්ට දැන් ගෙවන වැටුප ප්‍රමාණවත් මදි කියලා හිතුනා. ඉතින් සේවිකාව තමන් වැඩ කරන ගෙදර මහත්තයාට කිව්වලු තමන්ගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මහත්තයා කිව්වා ගිහින් නෝනාගෙන් අහන්න කියලා. ඔන්න දැන් මෙහෙමයි නෝනයි, සේවිකාවයි අතරේ යන දෙබස, (සේවිකාවට කුමාරි කියලා කියමු.)


කුමාරි : " නෝනා.. මගේ පඩි වැඩි කරොත් හොදයි කියලා හිතෙනවා. දැන් ගෙවන පඩිය මදි.."


නෝනා : " හොදයි.. ඇයි දැන් පඩි කරන්න කියලා ඉල්ලන්නේ? "


කුමාරි : " මේකයි නෝනා.. මං එහෙම ඉල්ලන්න හේතු 3ක් තියෙනවා.."


නෝනා : " මොනවද ඒ? "


කුමාරි : " පලවෙනි එක තමා, මං නෝනට වඩා හොදට ඇදුම් මදිනවා.."


නෝනා : " කවුද කිව්වේ මට වැඩ හොදට කුමාරි ඇදුම් මදිනවා කියලා? "


කුමාරි : " නෝනගේ මහත්තයා.."


නෝනා : " ඔහ් !!"


කුමාරි : " දෙවෙනි කාරණාව තමා., මං නෝනට වඩා හොදට උයනවා.."


නෝනා : " විකාර ! ඒක කවුද කිව්වේ මට වඩා හොදට කුමාරිට උයන්න පුළුවන් කියලා ? "


කුමාරි : " නෝනාගේ මහත්තයා.."


නෝනා : " ඒකත් එහෙමද !! "


කුමාරි : " තුන්වෙනි කාරණාව තමා., මං හොදට ආදරය කරනවලු නෝනා ආදරය කරනවට වඩා.."


නෝනා : ( පට්ට මලෙන් )  "උඹට ඒක කිව්වෙත් මගේ මිනිහාද ?"


කුමාරි : " නෑ නෝනා.. ඒක මට කිව්වේ ගෙදර ඉන්න ඩ්‍රයිවර්.."


නෝනා : ( සන්සුන් වෙමින් ) " හරි හරි.. දැන් කීයක්ද වැඩි කරලා ඕනේ? "

Wednesday, July 11, 2012

සාම්පල් එකක් තියලා යන්න..





මේක පොඩි විහිලු කතාවක්..


ඔන්න පොරක් ඉන්නවා. දැන් දවස් කීපයක ඉදලා එයාගේ ඇගට ටිකක් හරි නෑ වගේලු.ඉතින් පොර ලන්ච් ටයිම් එකේ චැනලින් සෙන්ටර් එකකට ගියා ඩොක්ටර් කෙනෙක්ව මීට් වෙන්න.යද්දී ටිකක් සෙනග.පොරට දැන් වැඩි වෙලා ඉන්නත් බෑ. මොකද ලන්ච් ටයිම් එකෙන් පස්සේ මීටින් එකක් තියෙනවා ඔෆිස් එකේ. කොහොමෙන් කොහොම හරි මෙයාගේ වාරෙත් ආවා. ගියා ඩොක්ටර් ලගට.ඩොක්ටර් මෙයාව පරික්ෂා කරලා බලලා කිව්වා..,


"දැන් ඔයා ඔයාගේ මුත්‍රා, මළ , ශුක්‍රානු සාම්පල් ටිකක් රසායනාගරයට දීලා පරික්ෂා  කරගෙන මට රිපෝට් ටික ගෙනත් දෙන්න.." කියලා.


පොරට දැන් මිටින් එකට යන්න වෙලාවත් කිට්ටු වෙලාලු තියෙන්නේ. ඉතින් පොර ඩොක්ටර්ගෙන් ඇහුවා..,


" ඩොක්ටර්.. මට දැන් හදිසි මිටින් එකකට යන්න තියෙනවා. දැනුත් මට පරක්කු වෙලා තියෙන්නේ. ඒ හින්දා මං මගේ Under Wear එක ගලවලා දීලා යන්නද පරීක්ෂණ වලට.."

Tuesday, July 10, 2012

මගේ මලයාගේ දස්කම්..





ඔය ඉන්නේ මගේ එකම මලයා.පොරගේ කැමැත්ත තිබුනේ හොටෙල් ෆීල්ඩ් එකට.ඉතින් International Cookery කෝස් එකක් කරලා ගිය අවුරුද්දේ ජොබ් එකකට මැදපෙරදිග ගියා.මේ එහෙ වැඩ කරද්දී කරපු ඒවා වල ෆෝටො ටිකක්.පොර ලොකු වැඩ කාරයෙක්න්ම් නෙවෙයි තාම. තාම ඒ දේවල්  ඉගෙන ගන්න ගමන් නොවැ.ඕං බලන්නකෝ එහෙනම් මලයා කරපු ඒවා...




 










Monday, July 9, 2012

Taxi Driver





ඔන්න දැන් එක සෙට් එකේ ඉන්න යාළුවෝ 3 දෙනෙක්  හවස වැඩ ඇරිලා එන ගමන් බොන්න සෙට් උනා.ඉතින් 3 දෙනා බාර් එකකට සෙට් වෙලා බොන්න පටන් ගත්තා.අම්බානක බීලා වෙරි උනාට පස්සේ   3 දෙනා බාර් එකෙන් එලියට බැස්සා. 3 දෙනාගේ ගෙවල් තියෙන්නේ එකම ලේන් එකේ. ඉතින් දැන් මෙයාලගේ අදහස එක ටැක්සියක ගෙදර යන්නයි. 


ඕං ඉතින් එහෙම හිතලා ආව ටැක්සියක් නැවැත්තුවා. දැන් ඉතින් මෙයාලත් නැග්ගා. ටැක්සි ඩ්‍රයිවර්ට පේනවා නැග්ග 3 දෙනා අම්බානක වෙරි පිට තමා වෙන්නේ. මුන්ව අන්දවලා නිකන්ම ගාන කපාගන්න පුළුවන් කියලා හිතුනා. ඉතින් ඩ්‍රයිවරයා ටැක්සි එකේ ස්විච් එක ඔන් කරා. ටිකක් වෙලා එහෙම තියෙන්න ඇරලා ස්විච් එක ඕෆ් කරලා කිව්වා,


"සර්.. සර්ලා කියපු තැනට ආවා ඕං. දැන් බැස්සනම්.."


ඔන්න දැන් පලවෙනි පොර බැහැලා හයර් එක ගෙව්වා.


දෙවෙනි පොරත් බැස්ස. බැහැලා ඩ්‍රයිවර්ට තැන්ක්ස් කරලා ගුඩ් නයිට් කිව්වා.


තුන් වෙනි පොරත් බැස්සා. බැහැලා ඩ්‍රයිවර් ලගට ගිහින්... ගැහුවේ නැද්ද කනට එකක්. අනිත් යාළුවෝ දෙන්නටත් ෆුල් අප්සට්.ඩ්‍රයිවරුත් බැලුව මේ මොකද කියලා.ඊට පස්සේ ඩ්‍රයිවර් ට හිතුනේ මුටනම් තේරිලාද කොහේදෝ වාහනේ අගලක්වත් තිබ්බ තැනින් ඉස්සරහට ගියේ නෑ.බොරුවක් කරේ කියලා.ඉතින් දැන් ඩ්‍රයිවර් බය වෙලා ඇහුවා අර තුන් වෙනි පොරගෙන් ,


" ඇයි සර් ගැහුවේ කියලා..?"


ඉතින් තුන්වෙනි පොර කියපි,


"යකෝ.. ඊලග වතාවෙවත් ඔච්චර වේගෙන් යන්න එපා. තෝ ඔය ආපු වේගෙට වාහනේ කොන්ට්‍රෝල් නැතිවෙලා හැප්පුනානම් එහෙම අපි මැරෙන්න උනත් තිබ්බා...!!"

Wednesday, July 4, 2012

Software Engineer සහ ඔහුගේ බිරිද


මේක Software Engineer කෙනෙක් සහ ඔහුගේ බිරිද අතර ඇතිවෙන දෙබසක්.. මේකේ හස්බන්ඩ්ගේ  දෙබස් කඩ්ඩෙන් කොටලා තියෙන්නේ  IT Field එකේ භාවිතා වෙන වචන වලින්. හේතුව ඒ වචන හින්දා තම ගතිය තියෙන්නේ..


Husband - ඒ.. බබා.. මං ආවා..

Wife - ඔයාට තේ එකක් හදන් එන්නද ?
Husband - hard disk full. 

Wife - ඔයා මං ගෙන්න කියපු සාරි එක ගෙනාවද?
Husband - Bad command or file name. 

Wife - ඒ උනාට මං උදේ ඔයාට කිව්වානේ..
Husband - erroneous syntax, abort, retry, cancel. 

Wife - අනේ දෙවියනේ! හරි. අමතක කරන්න ඒක. කෝ ඔයාගේ පඩිය?
Husband - file in use, read only වෙන වෙලාවක උත්සහ කරන්න..

Wife - අඩුම තරමේ මට ඔයාගේ credit card එකවත් දෙනවද? මට shopping වත් කරන්න පුළුවන්..
Husband - sharing violation, access denied. 

Wife - මං ලොකු වැරද්දක් කරගත්තේ ඔයාව බැදලා..
Husband - data type mismatch. 

Wife - ඔයානම් මහ වැඩකට නැති කෙනෙක්..
Husband - by default. 

Wife - කවුද අද උදේ ඔයාගේ කාර් එකේ හිටපු කෙනා..?
Husband - system unstable press ctrl, alt, del to Reboot. 

Wife - මොකද්ද ඔයාගෙයි ඔෆිස් එකේ ඉන්න  Receptionist අතර තියෙන සම්බන්දෙ..?
Husband - the only user with write permission. 

Wife - මොකද්ද මගේ ජිවිතේ තියෙන වටිනාකම මෙහෙම ගියොත්..?
Husband - unknown virus detected. 

Wife - ඔයා මටද ආදරේ ? එහෙම නැත්නම් ඔය  computer එකටද..?
Husband - Too many parameters.. 

Wife - මං යනවා යන්න අම්මලාගේ ගෙදර..
Husband - program performed illegal operation, it will Close. 

Wife - මං ඔයාව සදහටම අතහරිනවා..
Husband - close all programs and log out for another User. 

Wife - මේක වැඩකට නැති කතාවක් ඔයත් එක්ක කරන..
Husband - shut down the computer. 

Wife - මං යනවා..
Husband - Its now safe to turn off your computer