Friday, September 28, 2012

මහා කසිප්පු සමුළුව..

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ,

මහා කසිප්පු සමුළුව

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ 1 වැනි වාර්ෂික මහා සමුළුව 2012 සැප්තැම්බර් 31 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.31ට කොළඹ කනත්තේ සුසාන භූමියේදී පැවැත්වේ. සංගමයේ ආරාධනය පරිදි විශේෂ කල්ලතෝනියකින් වැල්වැටිතුරෙයි හොර වරායට ගොඩබට බලුකිස්තානයේ කසිප්පු චක්‍රවර්ති , ශ්‍රීමත් අගුවක්‌ පාසා මහතා මුලසුන හොබවනු ඇත.

Thursday, September 27, 2012

දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා..


එක්තරා රටක හිටපු තරුණ ජෝඩුවක්‌ කසාද බැන්දා. ඒ රටේ තියෙන චාරිත්‍රයක් තමා දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා එක සිංදුවකට නටන එක. ඉතින් ඒ චාරිත්‍රය මේ උත්සවේදීත් වුනා. දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නටන්න පටන් ගත්තා. ඒ සිංදුව ඉවර වුනත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. දෙන්නා දෙවෙනි සින්දුවටත් නටන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. තුන් වෙනි එකටත් නටන්න පටන් ගත්තා. ඊට පස්සේ හතරවෙනි එකටත්. නැටිල්ල ඉවර වෙන පාටක් පේන්න නෑ..

Tuesday, September 25, 2012

ස්කූබී..

ස්කූබී..

අද උදේ ඇදෙන් නැගිටිද්දීම අහන්න ලැබුනේ දුක් බර ආරංචියක්. ඒ අපේ ගෙදර දැන් අවුරුද්දකටත් වැඩිය අපිත් එක්ක හිටපු ස්කූබී අපෙන් ඈත් වෙලා ගිහින්. ඒ අපිට හම්බුනු හුරතල්ම බලු පැටියා ස්කූබී වුන නිසා.ඒ හින්දාම මං ස්කූබී පැටියා කාලේ ෆොටෝස් වගයකුත් ෆේස්බුක් එකට දැම්මා.මං බල්ලන්ට එච්චරම කැමැත්තක් නැතත් ලගදි ගෙදරට ගෙනාව බල්ලන්ගෙන් ටිකක් කැමැත්තක් තිබුනේ ස්කූබිට විතරයි.ඒ  උගේ හුරතලය හින්දා.  

අන්තිමට මං ස්කූබිව දැක්කේ ඊයේ උදේ.මාව දැකලා බුර බුරා හොදට හිටපු ස්කූබී අද උදේ නැති වුනා කියන  එක හිතාගන්නවත් බෑ. හිතෙන්නේ සර්පයෙක් වත් ඇවිත් දෂ්ට කරලා ගියාද කියලා.එච්චර හොදට හිටපු ස්කූබී එහෙම නැති වුනා කියද්දී වෙන දෙයක් හිතෙන්නේ නැති හින්දා.

Friday, September 21, 2012

වැසිකිළි කුරුටු ලිපි..


සීගීරි කුරුටු ගී ගැන දැන ගැනීමට ලැබීමෙන් විමතියටත්, කුතුහලයටත් පත් වූ යුරෝපීය සාහිත්‍ය ගවේෂකයෝ තිදෙනෙක් ලංකාවේ තවත් කුරුටු ලිපි ඇති තැන් සෙවීම සදහා කටුනායක ගුවන්තොටු පලින් ලංකාවට ගොඩබටහ. මේ කාර්‍යයේදී ඔවුනට සහයවීම සදහා සුදුසුකම් ඇති එකම තැනැත්තා වශයෙන් රජයෙන් මා පත්කිරීම ගැටකපන්නන්ගේ හා තැරව්කරුවන්ගේ දැඩි ශෝකයට හේතු විය. සීගීරිය, ශ්‍රීපාදය, පොළොන්නරුව ආදී පුරාණ වැදගත්කමක් ඇති හා පූජනීය ස්ථාන කොළඹ නගර තුලදීම පෙන්වා විදේශිකයන්ගේ ගමන් වෙහෙස  අඩුකරන තැරවුකාරයන්ගේ අගනා සේවයට පහර ගසමින් මම මෙදා මෙම යුරෝපීය ගවේශකයින් තිදෙනා කටුනායකදී පිළිගෙන ගවේෂණයට මුලපිරිමි.

ඔවුන් සමග ටික දුරක් ගිය මට වැසිකිළි යාමට අවශ්‍ය විය. ඔවුන් මහ මඟ නවතා ප්‍රසිද්ධ වැසිකිළියකට රිංගා ගත් මට එයින් ආපසු ඒමේදී සත්‍ය වසන් කිරීමට සිත් වූයේ වැසිකිළියකට යාම මදිකමක් ලෙස පිටස්තර ස්ථාන වලදී සළකන සෑම සිංහලයෙකුටම හුරු පරිද්දෙනි.

"කොහෙද ගියේ..?" විදේශිකයෝ ඇසූහ.

"කුරුටු ලිපි තියෙනවද බලන්න.."

"තිබුනාද..?" ඔවුහු හදිසි වූහ. මෙම හදිස්සිය වැසිකිලියට යාමට මට තිබු හදිස්සියටත් වඩා උග්‍ර විය. ඔවුන් මාද පෙරලාගෙන වැසිකිලියට පැන ගත් නමුදු නහයත් වසාගෙන එයින් එළියට පැන ගත්තේ ගිය වේගයට වඩා වේගයෙනි. කෙසේ වුවද කුරුටු ලිපි කියවීමේ ආශාව මෙයින් අත් නොහල ඔවුන් නහයත්, කටත් වැසෙන සේ ලේන්සුවලින් මුහුණ බැඳගෙන මාත් සමග යලිත් වරක් එයට ඇතුළු වූහ.

Wednesday, September 19, 2012

මං හැමදේම දන්නවා..


කමල් සහ විමල් කියන්නේ එක ඉස්කෝලේ එක පන්තියේ ඉන්න පොඩි එවුන් දෙන්නෙක්.දවසක් විමල් කමල්ව පැත්තකට එක්කන් ගිහින්..

"මචන්.. උඹ දන්නවද දෙයක්.." 

"මොකද්ද බං..?"

"මං හොයාගත්තා සමහර වැඩිහිටියන්ගේ  ජිවිතේ අනිත් අයගෙන් වසන් කරන මොකක් හරි රහසක් තියෙනවා කියලා.."

"නෑ..!! ඉතින්..?"

"ඉතින් කියන්නේ ඒ වගේ කෙනෙකුගේ ළගට ගිහින් 'මං හැමදේම දන්නවා..' කිව්වාම එයාලා බය වෙනවා.ඉතින් ඊට පස්සේ ඒ අයගෙන් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්.."

"උඹ ඉතින් එහෙම කරලා මොනවා හරි හම්බවෙලා තියෙනවද..?"

Monday, September 17, 2012

මං හිතන්නේ මේකේ තියෙන්නේ..


පාසැලක අධ්‍යන වර්ෂයක් අවසානයේ පන්තිය බාර ගුරුවරියට හෝ ගුරුවරයාට පන්තියේ ඉන්න ළමයි තෑගි දීම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදියට පිටරට පාසැලක දෙවෙනි වසරේ ඉන්න ළමයි ඒ පන්තිය භාරව හිටපු ගුරුවරියට අන්තිම දවසේ තෑගී දෙන්න පෝලිමේ ගුරුවරිය ළගට එන්න පටන් ගත්තා. මුලින්ම තෑගී ආවේ පන්තියේ ඉන්න පිරිමි ළමයෙක්. එයා ඒ නගරේ තියෙන මල් සාප්පුවක් අයිතිකාර කෙනෙක්ගේ පුතෙක්.ඒ ළමයා  ගෙනාව තෑගී පාර්සලය අතට දුන්නාම ගුරුවරිය..

"මට මේකේ තියෙන්නේ මොනවද කියලා ශුවර් එකටම කියන්න පුළුවන්.. මේකේ තියෙන්නේ මල්..! මං හරිනේ මාටින්..?"

"හරි ටීචර්.. ඒත් ටීචර් කොහොමද දැනගත්තේ..?"

"මං අනුමාන කරා. මගේ අනුමාන වරදින්නේ නෑ කොහොමටවත්.." 

Saturday, September 15, 2012

ආවොත් විදිනවාමයි..!!


මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට වටහාගත හැක. ඉදින් මා අදුනාගනිමට යම අපහසුවක් ඔබට ඇති වෙතොත් ඇති වන්නේ අව්ව වැස්ස නොතකා පාන්දර 6.15 සිට රාත්‍රී 9.37 දක්වා මා පැළද සිටින සන් ග්ලාස් එක නිසාය.

ඉංග්‍රීසි කියවීමට තරම් මා හට දැනුමක් නැතත්, නිතරම ඉංග්‍රීසි පොතක් අතේ තබාගෙන සිටීමට තරම් ශක්තියක් මගේ වම් අතේ ඇඟිලිවලට ඇත. පනං හතරක් හම්බ කිරීමට පුළුවන් කමක් නැතත් මහාචාර්යවරයෙකු මෙන් ගාම්භීර ලෙස සිගරට් එක කටට ලංකර නහයෙන් දුම් ඇරීමට මම සමත්වෙමි. යහළුවන් සමග හෝටලයකට ගොස් පැය ගණනක් කයිවාරු ගසමින් සිට වේටර්ට ශත විසිපහක් ටිප් එක වශයෙන් දීම මට සුළුදෙයකි. එහෙත් කුලියට පොල් කඩන අපේ තාත්තාටත්, පොල් අතු වියන අපේ අම්මටත්, බීඩි ලේබල් අලවන අක්කාටත්, පින් පඩි ගන්න සීයාටත් ශත විසිපහ යනු ලොකු දෙයකි.

Thursday, September 13, 2012

මොනවද යකෝ මේ පොවන්නේ..?


මේකනම් මට වුන සිද්ධියක්ය.. A/L කරන කාලේ මායි තව යාළුවො දෙන්නෙක් එක්ක Physics වලට  Individual ක්ලාස් එකක් සෙට් කරගත්තා. ක්ලාස් එක කරේ අද නුවර ඉන්න Physics වලට ජනප්‍රිය වී ගෙන එන තරුණ ගුරුවරයෙක්. ක්ලාස් එක තිබුනේ මගේ එක යාලුවෙක්ගෙ ගෙදර 5 ඉදන් 8 වෙනකම් සතියේ එක දවසක්.ක්ලාස් එකට සෙට් වුන යාළුවො දෙන්නා තමා මධුසංඛ, විමර්ශන. මධුසංඛගේ ගෙදර තමා ක්ලාස් එක දාගත්තේ.ක්ලාස් ඉවර වෙලා නවතින්නේ මධුසංඛගේ ගෙදර. 

ඉතින් ඔහොම ක්ලාස් තිබුණු දවසක මං යාළුවෙලා හිටපු ගෑණුළමයාගේ ලොකු අම්මා නැතිවුණා.ඒ කියන්නේ මධුසංඛගේ ගෑණුළමයගේත් ලොකු අම්මා. තව විදියකට කියනවනම් අපේ යාලුවෙක්ගෙ ලොකු අම්මා. මේ යාලුවත් ඒ ගෑණුළමයි දෙන්නගේ සහෝදරයෙක්. එයත් අපේ වයසෙමයි. (මං කලින් පෝස්ට් එකක කියලා තිබුණා මායි, මධුයි යාළුවෙලා හිටියේ එකම පවුලක සහෝදරියෝ දෙන්නෙක් එක්ක. මගේ කෙනාට චංචලා කියලා කියන්නම්. අනිත් කෙනා නිසංසලා. සහෝදරයාට රන් කියන්නම්.හරිය!!)  නිසංසලාගේ ගෙදර තමා මිනිය තිබුනේ.ඉතින් අපි තීරණය කරා එදා ක්ලාස් ඉවර වෙලා රෑ එහෙ යන්න අනිත් යාළුවො සෙට් එකත් එක්ක. 

Tuesday, September 11, 2012

එතකොට ඔයාගේ වරය මොකද්ද..?


මාක් සහ ස්ටෙලා කියන්නේ කසාද බැදපු ජෝඩුවක්.මේ දෙන්නා සති අන්තේ දවසක ගියා ගෝල්ෆ් සෙල්ලම් කරන්න.දෙන්නා ගෝල්ෆ් සෙල්ලම් කරන්න ගිය ක්‍රීඩා පිටිය අවට තිබුනේ රටේ ඉන්න සල්ලිකාරම මිනිසුන්ගේ ගෙවල්. ඉතින් මාක් ස්ටෙලා ට කිව්වා..

"මේ.. ස්ටෙලෝ.. බලාගෙන සෙල්ලම් කරන්න. වැඩිය උඩින් යන්ට ගහන්න එපා.ඔය පේන්න තියෙන්නේ සල්ලිකාර මිනිසුන්ගේ ගෙවල්. ගහන එකක් ගිහින් වීදුරුවක හරි වැදිලා කැඩුනොත් අපේ තියෙන මුළු සේසතම වියදම් කරන්න වෙයි ඒවා ආයෙත් හදන්න.ඒ හින්දා පරිස්සමින්.."

ස්ටෙලාට එහෙම උපදෙස් දීලා දෙන්නා සෙල්ලම් කරන්න පටන්ගත්තා. ටික වෙලාවක් ඔහොම සෙල්ලම් කර කර ඉද්දි ස්ටෙලා ගහපු පාරකින් ක්‍රීඩා පිටිය අයිනේ තිබුණු ලොකු ගෙයක වීදුරුවක්‌ කුඩු වෙලා ගියා. මාක්ට තරහ ගියා මේ වෙච්ච සිද්ධියට.ඔච්චර පරිස්සමින් සෙල්ලම් කරන්න කියලත් ස්ටෙලා අහපු නැති එකට..

Saturday, September 8, 2012

අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම)



කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන එහි වූ සරම ඇහිද ගෙන ඇගට දා ගත් මම..

"කවුද..?" කියා ඇසීය.

"මං සෑර්.." 

"මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම් ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?"

"ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට."

"මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?"

"නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව අඩගහගෙන එන්න කියලා.."

Friday, September 7, 2012

බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!


ඇමෙරිකාවේ චිකාගෝ වල හිටපු නීතීඥයෝ තුන් දෙනෙකුයි ඉංජිනේරුවෝ තුන් දෙනෙකුයි නිව්යෝර්ක් වල තියෙන විශේෂ සමුළුවකට සහභාගී වෙන්න දුම්රියෙන් ඒ ගමන යන්න තීරණය කරා. චිකාගෝ වලින් දුම්රියට නගින්න දුම්රිය පොලට ගිය ඒ අයගෙන් නීතීඥයෝ තුන් දෙනාම තම තමන්ට ටිකට් තුනක් ගත්තා. හැබයි ඉංජිනේරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ටිකට් ගත්තේ.මේ සීන් එක දැකපු නීතීඥයෝ තුන්දෙනාට ප්‍රශ්නයක් වුනා ඉංජිනේරුවෝ තුන්දෙනා කොහොමද එක ටිකට් එකකික් යන්නේ කියලා.ඉතින් නීතීඥයන්ගෙන් එක පොරක් ..

"කොහොමද මචන් උඹලා එක ටිකට් එකක් අරන් තුන්දෙනාම යන්නේ..?"

"බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!"

Monday, September 3, 2012

මේ කේස් එක ගොඩින් බේරගන්න කැමතිද..?




අද ලියන්න යන්නේ මං ප්‍රේම කරන කාලේ මට මුහුණ පාන්න වුනු වෙච්ච පොලිස් සිද්ධි වලින් දෙකක්.. මේ ලියන්න යන ඒවා වුනේ A/L කරන කාලේ..

මුලින්ම A/L කරන්න හිතන් හිටියේ ගණිත අංශයෙන් වුනාට ඉස්කෝලේ පටන්ගෙන සති දෙකකින් වගේ ඉෂාන් බයෝ වලට මාරු වුනා. ඒ මැත්ස් කරන්න මගේ O/L කාලේ හිටපු යාළුවෝ එකෙක්වත් හිටියේ නැති හින්දා. සමහරුනම් කිව්වේ මං මැත්ස් අත්හැරියේ බයෝ වලට අලුතෙන් ආව ගෑනුළමයෙක් හින්දා කියලා. ඒ වුනාට ඇත්තම සීන් එක යාළුවෝ හිටියේ නැති හින්දා.. බයෝ වලට මාරු වෙලා කොහොම හරි ඒ කියන ගෑනු ළමයත් එක්කත් යාලු වුනා.ඒ ගෑනුළමයාත් එක්ක එයාගේ යාළුවෝ දෙන්නෙක්ම බයෝ පන්තියට ඇවිත් හිටියා.එක්කෙනෙක් එයාගේ ලොකු අම්මාගේ දුව.එයත් එක්ක යාලු වෙලා හිටියේ මගේ යාලුවෙක්.නම මධුසංඛ.පොරත් කරේ බයෝ.ඒ එෆෙයාර් එක පටන්ගෙන තිබුනේ O/L ඉවර වෙලා. කොහෙමෙන් හරි යාලු වෙලා නොහිටපු අනිත් ගෑනු ළමයටත් මගේ තවත් යාළුවෙක් වුනු ප්‍රදීප්ට සෙට් කරා. ප්‍රදීප් කරේ කොමස්.

Saturday, September 1, 2012

මංගල සභාවෙන් අවසරයි..


මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..

කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..