Monday, February 18, 2013

පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10)

වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...

එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.


ප්‍රශ්න අංක 1 : 



ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි යා කරලා තමා මේ පාලම හදලා තියෙන්නේ.මේකේ ලංකාවේ පැත්තේ ඉන්නවා ආරක්ෂකයෙක්.ඔහුට දීලා තියෙන රාජකාරිය තමා ලංකාවේ ඉදලා ඉන්දියාවට යන්න උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තියෙන එක.ඒ කියන්නේ මේ පාලම හරහා ලංකාවේ ඉදලා කිසිම කෙනෙකුට යන්න බෑ ඉන්දියාවට.ඒත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්න කිසිම බාධාවක් මේ ආරක්ෂකයාගෙන් නෑ. නිදහසේ ලංකාවට එන්න පුළුවන්.

මේ ආරක්ෂකයා හැම පැයකටම සැරයක් මේ පාලම මත තියෙන නිරීක්ෂන කුළුණට නැගලා බලනවා කවුද ලංකාවේ ඉඳලා කවුද ඉන්දියාවට පනින්න හදන්නේ කියලා.කවුරුහරි යන්න හැදුවොත් වෙඩි තියනවා.මේ පාලමේ එක පැත්තක ඉදන් අනිත් පැත්තට යන්න පැය 1යි විනාඩි 45ක් යනවා.යන්න තියෙන්නේ ඇවිදන්.

Sunday, February 17, 2013

ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!


"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි.

"ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා.

"බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු,

"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්.."

"බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක තේරුමක් නෑ.." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා.

"ඒකත් එහෙමද.. හරි, දැන් මොනවද මගෙන් දැනගන්න ඕනේ..?" 

"ඔයා කාටහරි ආදරේ කරනවාද..?" 

"ඕ.. මං කෙනෙක්ට ආදරේ කරනවා.."

"ඇත්තමද කියන්නේ..?"

"ඕ.. මං ගොඩක් ආදරෙයි එයාට.."

"එහෙනම් මං යන්නම්..!" කියා පැවසු ඈ, වාඩි වී සිටි පුටුව පසෙකට කර නැගී සිටියා.ඇගේ මුහුණේන් දිස්වූයේ බලාපොරොත්තු බිදුණු, ශෝකාකූල පෙනුමකි.

අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9)


සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි.

මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර ඇර හිටිය එක්සෑම් එකක් ගැන.මං කරපු කෝස් එක අවුරුද්දක එකක්.(ඒකෙ තවත් ඉස්සරහට කරන්න තියෙනවා.මං කරේ මුල් අවුරුද්ද කියන කොටසට අදාළ ටික) මේ කෝස් එක කොටස් දෙකයි.පළවෙනි එක Practical.දෙවෙනි එක Theory.Theory එකට අදාළ එක්සෑම් ෆී එක රු.18000.00/=ක්.මේ එක්සෑම් එක Online ලියන්න තියෙන්නේ.ඉතින් තමන්  කැමති දවසක ඒකට අදාළ ෆී එක ගෙවලා මේ එක්සෑම් එක කරන්න පුළුවන්.ඉතින් මං එක්සෑම් ෆී එකත් කෝස් පටන්ගද්දිම ගෙවලා දැම්මා කෝස් එක ඉවර වුනාම ලියලා දාන්න හිතාගෙන.