පාසැලක අධ්‍යන වර්ෂයක් අවසානයේ පන්තිය බාර ගුරුවරියට හෝ ගුරුවරයාට පන්තියේ ඉන්න ළමයි තෑගි දීම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදියට පිටරට පාසැලක දෙවෙනි වසරේ ඉන්න ළමයි ඒ පන්තිය භාරව හිටපු ගුරුවරියට අන්තිම දවසේ තෑගී දෙන්න පෝලිමේ ගුරුවරිය ළගට එන්න පටන් ගත්තා. මුලින්ම තෑගී ආවේ පන්තියේ ඉන්න පිරිමි ළමයෙක්. එයා ඒ නගරේ තියෙන මල් සාප්පුවක් අයිතිකාර කෙනෙක්ගේ පුතෙක්.ඒ ළමයා ගෙනාව තෑගී පාර්සලය අතට දුන්නාම ගුරුවරිය..
"මට මේකේ තියෙන්නේ මොනවද කියලා ශුවර් එකටම කියන්න පුළුවන්.. මේකේ තියෙන්නේ මල්..! මං හරිනේ මාටින්..?"
"හරි ටීචර්.. ඒත් ටීචර් කොහොමද දැනගත්තේ..?"
"මං අනුමාන කරා. මගේ අනුමාන වරදින්නේ නෑ කොහොමටවත්.."
ගුරුවරිය හිනාවෙලා මාටින්ට උත්තර දුන්නා. ඊළගට තෑගී දෙන්න ආවේ ගෑනු ළමයෙක්. එයාගේ තාත්තාට නගරේ රසකැවිලි කඩයක් තිබුණා.ඉතින් ඒ ගෑනුළමයා ගෙනාව පාර්සලේ ගුරුවරිය අතට දුන්නාට ඒක හොලවලා බලලා..
"මං හිතන්නේ... මේකේ තියෙන්නේ රසකැවිලි.."
"හරිනේ ටීචර්.. ඒත් ටීචර් කොහොමද දැනගත්තේ මං ගෙනාවේ ඒවා කියලා..?"
"මගේ නොවරදින අනුමාන ළමයෝ.. මගේ අනුමාන වරදින්නේ නෑනේ කොහොමටවත්.."
ගුරුවරිය උත්තර දුන්නා. ඊළගට පෝලිමේ හිටියේ පිරිමි ළමයෙක්. එයාගේ තාත්තාට නම් නගරේ වයින් ස්ටෝර් එකක් තිබුනේ. ඉතින් ඒ පිරිමි ළමයා ගෙනාව පාර්සලේ ටිකක් ලොකුයි.තෑග්ග ගුරුවරිය අතට ගත්තාට පස්සේ ගුරුවරිය දැක්කා ඒ පාර්සලේ තැනකින් වතුර වගේ දෙයක් ලීක් වෙනවා වගේ. ඒ ලීක් වුන ඒවාගෙන් බින්දුවක් ඇඟිල්ලට අරන් දිවට තියලා රහ බලලා ගුරුවරිය කිව්වා..
"මං හිතන්නේ සෑම් ගෙනාවේ වයින් බෝතලයක්.."
"නෑ ටීචර්.." සෑම් අවුල් මුහුණකින් උත්තර දුන්නා..
ගුරුවරිත් ටික අප්සට් වුනා ඒ උත්තරෙන්. මෙතෙක් වෙලා කියපු ඒවා වැරදුනේ නෑනේ. ඉතින් ගුරුවරිය ආයෙත් ලීක් වෙන ඒවායෙන් විශාල බින්දුවක් ඇඟිල්ලට අරන් ආයෙත් දිවේ තියලා බැලුවා. බලලා..
"මේ වතාවෙනම් වරදින්න බෑ. මේකේ තියෙන්නේ ෂම්පෙන් බෝතලක්.!!"
"ඒත් නෑ ටීචර්.." සෑම් දැන් සෑහෙන අවුල් මූණකින් කිව්වා.
ගුරුවරිය ආයෙත් සැරයක් දිවේ ගාලා බැලුවා. ගුරුවරියට දෙන්න උත්තරයක් නෑ වගේ.
"හරි සෑම්.. ඔයාම කියන්න.."
"ටීචර්.. මං ටීචර්ට දෙන්න ගෙනාවේ...."
"හරි ළමයෝ.. කියන්න.."
"බලු පැටියෙක්..!!"
ප.ලි. - නරලොව හොල්මන් ආශ්රයෙන් ලියපු කලින් පෝස්ට් එක (ආවොත් විද්දා..) කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න.
සෑම්ලා කලොත් ඔහොම සින්ම තමා බං !
ReplyDeleteහිකිස්!! මටත් තේරෙනවා.. :)
Deleteෂර්ලොක් හෝම්ස් වෙන්න බැහැනේ හැමෝටම :D
ReplyDeleteසහතික ඇත්ත සහෝ..! :)
Deleteඊයා... කක්කිත් දාලද දන්නේ නෑ...
ReplyDeleteමාත් හිතන්නේ ඒකම තමා. දෙකම මික්ස් වෙලා ආව හින්දා හරියට හිතාගන්න බැරිවෙන්න ඇති.. :)
Deleteමෙය නම් කලින් අසා තිබේ!!!
ReplyDeleteනමුත් එළ!!!
එළකිරිය..!! ඒත් දැනගන්න ලැබුණු විදියට ආස කල්කිරි වලට ලුය.
Deleteඇත්ත වශයෙන්ම කීවොත් මෙය මීට කලින් දැක්කේ එළකිරියේදීය!!!
Deleteඔව්.., එය සැබවය.., නමුත් ඔබ දත යුතු දෙයක් නම්.., කලකිරී සාදන්නේද එළකිරි වලිනි!!!
:ඩී
:පී
එළය!!
Deleteමා කලකිරී කිරි කියා කිරි වර්ගයක් අසා නැත. ඒවා කුමන වර්ගයේ සතෙකුගෙන් ලබා ගන්නෙහිද..?
:පී :පී
ඇත්තටම බලු චූ ෂැම්පේන් රසැතිද???????????
ReplyDeleteමා නම් නොදනී.. :)
Deleteඊයා...බලු චූ....
ReplyDeleteහි හි හී..
Deleteබාර් කාරය තෑගී දෙයි ෂැම්පේන්.. එල කතාව..
ReplyDeleteඑහෙනම් මොනවා දෙයිද? :)
Deleteඅඩේ නියමයි..බං..ලේ ටිකක් පිරිසිදුකරගත්තා..!!
ReplyDelete..ඔය අපේ සෑම් පොඩිකාලෙ නොවේනෙ....ඕක පොඩිකාලෙත් දැන් වගේ වෙන්න ඇති.
එළ!!
Deleteනෑ නෑ. ඒ සෑම් ගේ තාත්තාට බාර් තිබිලා නෑ මං හිතන්නේ. පෝස්ට් වල එහෙම තිබුනේ නෑ. හැබයි මේ වැඩේ කරාද කියන්න මං දන්නේ නෑ.. :)
කොහොමද උපහාසය.
ReplyDeleteඑළ නේ..? :)
Deleteහු ඈ
ReplyDeleteහූ හූ ... :)
Deleteකලින් අහල තියනවද කොහෙද
ReplyDeleteඑල !!
ඔලුව අවුලෙන් තියන මිනිස්සුන්ව හිනස්සන්න හැමෝටම කරන්න බැහැ.
ReplyDeleteඔයාගේ ගොඩක් පෝසට්වලට හිනායනවා.
ස්තුතියි.
ජයෙන් ජය!
මං මේකෙන් බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි.. තැන්ක්ස් අදහසට.. :)
Deleteහොඳ වැඩේ ටීචර්ට හික්ස්
ReplyDeleteපවු නැද්ද බං..? :0
Deleteහෆොයි දෙයියනේ... :D
ReplyDeleteඇයි යුෂ්මතිය..! කිමෙක්ද කාරණාව දෙවියන් මතක් වෙන්න තරම් ? :)
Deleteකලින් කියවල තිබ්බා එත් ආයේ මතක් කලට ස්තුති.....!
ReplyDeleteඑළ.. :)
Deleterasa parikshanaya asarthakai neh, he he hoda wede lehanna thiyana malla obanawata.
ReplyDeleteඒකනේ.. :)
Deletehikiz........... :)
ReplyDeleteහිකි හිකිස්..! :)
Deleteහයියූ... :D :D
ReplyDeleteහයි හයියූ.. :)
Deleteබලු චූ වලත් ඇබ්බැහිකාරක තිබ්බද දන්නේ නෑ. අපොයි අහිංසක බලු පැට්ටා...
ReplyDelete