Saturday, September 15, 2012
ආවොත් විදිනවාමයි..!!
මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට වටහාගත හැක. ඉදින් මා අදුනාගනිමට යම අපහසුවක් ඔබට ඇති වෙතොත් ඇති වන්නේ අව්ව වැස්ස නොතකා පාන්දර 6.15 සිට රාත්රී 9.37 දක්වා මා පැළද සිටින සන් ග්ලාස් එක නිසාය.
ඉංග්රීසි කියවීමට තරම් මා හට දැනුමක් නැතත්, නිතරම ඉංග්රීසි පොතක් අතේ තබාගෙන සිටීමට තරම් ශක්තියක් මගේ වම් අතේ ඇඟිලිවලට ඇත. පනං හතරක් හම්බ කිරීමට පුළුවන් කමක් නැතත් මහාචාර්යවරයෙකු මෙන් ගාම්භීර ලෙස සිගරට් එක කටට ලංකර නහයෙන් දුම් ඇරීමට මම සමත්වෙමි. යහළුවන් සමග හෝටලයකට ගොස් පැය ගණනක් කයිවාරු ගසමින් සිට වේටර්ට ශත විසිපහක් ටිප් එක වශයෙන් දීම මට සුළුදෙයකි. එහෙත් කුලියට පොල් කඩන අපේ තාත්තාටත්, පොල් අතු වියන අපේ අම්මටත්, බීඩි ලේබල් අලවන අක්කාටත්, පින් පඩි ගන්න සීයාටත් ශත විසිපහ යනු ලොකු දෙයකි.
ගෙදර තත්වය හා මගේ පුද්ගලික තත්වය මෙසේ වෙතත්, වැදගත් ලොකු මිනිහෙකු මෙන් පෙනී සීටීමට මා උත්සහ දරන්නේ කෙල්ලන් දැලේ දමාගැනීම සදහාය. මේ සදහා ඉහත සදහන් පරිදි බස්වල නිතර නිතර ගමන් කිරීමටත්, බාලිකා පාසල් අසල ගැවසීමත්, බස් නැවතුම්පොළවල් වල රස්තියාදු වීමත්, පෙරහැර, සංදර්ශන, උත්සව, සැණකෙළි සහ ප්රදර්ශන එකක් නෑර නැරඹීමත් නොවරදාම මාගෙන් සිදුවන්නේ හුදෙක් කෙල්ලන් දෙස බලාසිටීමට සහ අවස්ථාව ඇති විට ඔවුන්ගේ ඇඟේ හැප්පීමට මා තුල වූ ඇති බලවත් ආශාව නිසාය. මේ නිසා අපේ පිලිබඳව නගරාධිපතිටත් වඩා වැඩි දැනුමක් මට ඇත.
පසුගිය පෝයදා පුරුදු පරිදි ඇඳ පැළඳ ගෙන මම ගෙදරින් එළියට බැස්සෙමි. කිසිම බයක් සැකයක් නැතුව බස් එකෙ කෙල්ලක් ලඟින් වාඩි වුයේ කිරිපිටි පැකට් එකක් ගෙන ඒම සඳහා අම්මා විසින් දෙන ලද රුපියල් දහය මගේ සාක්කුවෙන් ලෙල දෙමින් තිබුණු හැටි නයිලෝන් රෙද්දෙන් පිළිබිඹු වූ බැවිනි. මම කමිස ඇත ඉහල අකුලා අත් දෙක පළල් කලෙමි. ඉංගිසි පොත දිග හැරියෙමි. වංගුවකදී ඇගේ පැත්තට බරවිමි. පොතේ පිටුවක් පෙරලිමේදී වැලමිට ඇගේ ශරීරයේ ස්පර්ශය ලැබුවේය. ඈ කරබාගෙන සිටියාය. මම තවත් පිටුවක් පෙරලිමි. ඈ කතා නොකලාය. ඇගේ ශරීරයේ පිහිටීම අනුව මගේ වැලමිට සකස් කල මම තවත් පිටුවක් පෙරලිමි. ඇගේ මුහුණට යන්තම් සිනහවක් පහල විය.මම පොතේ පිටු පෙරලා ගෙන පෙරලා ගෙන ගියෙමි. ඈ මගේ මුහුණ දෙස බලා හොර සිනහවක් පහල කළාය. බස් එක ගැස්සෙන අනු තාලයට මගේ වැලමිටද ගැස්සුනි. බස් එකෙ වේගයට වඩා වැඩි වේගයකින් පොතේ පිටු පෙරළිණි. පොතේ කතාව අවසන් විය. මම කතාව පටගත්තෙමි.
"ඔයා කොයි ඉස්කෝලෙටද යන්නේ..?"
"මං ඉස්කෝලේ යන්නේ නෑ.."
"ඇයි ඒ..?"
"වැඩක් නෑ.."
"එහෙම වැඩක් නෑ කියන්න එපා. ඉගෙනීම කොච්චර වටිනා දෙයක්ද..!!"
"ඒ වුනාට අද පෝය දා ඉස්කෝලේ නිවාඩුනේ..!!"
"ආ.. මම ඇහුවේ මේ.. මේ.. මේ.. තවම ඉගෙනගන්නවද කියලයි.."
"ඔව්.."
"කීයේද..?"
"උසස් පෙළ.."
"සයන්ස් ද..?"
"නෑ.. ආර්ට්.."
"චා..!! සයන්ස් කලානම් කොච්චර හොදද..!!"
"ම්හ්හ්.." කියා ඈ නිශ්ශබ්ද වූවාය. එහෙත් පාරේ වංගු තවදුරටත් නොතිබීම නිසා නිශ්ශබ්ධව සිටිම මගේ වාසියට හේතු නොවිය. මම දෙවෙනි පරිච්ඡේදයට මුල පිරුවෙමි.
"හරිම කම්මැලියි ගෙදෙට්ට වෙලා ඉන්න. හොද පිචර් එකකුත් නෑ.." කියා මම නළල රැළි ගැස්සිමි.
"ඇයි සිංහල එකකුත් ඇවිත් තියෙන්නේ..!!"
"මොකද්ද..?" මම නොදන්නා බවක් ඇගවීමි.
"ආවොත් විදිනවාමයි..!!"
"ඒක හොදද..?"
"හොදයිලු.."
"ඔයා කොහෙද යන්නේ..?"
"මාළිගාවට.."
"මාළිගාව හැමදාමත් තියෙන එකනේ. බයිස්කෝප් අද එනවා හෙට යනවා..!!"
"ඒ වුනාට මාළිගාවට සල්ලි ඕනේ නෑ.."
"බයිස්කෝප් වලටත් නෑ.."
"අ.. ඇයි නැත්තේ..?"
"ඒක මං බලාගන්නම්කො.. මොකද කියන්නේ..?"
"ගෙදර කට්ටිය මොනවා කියයිද..?"
"මොනවා හරි බොරුවක්.. දන්නේ නැද්ද.."
"මං කියන්නම් එහෙනම්.... හොද..ට අඳුරන.."
"අන්න හරි!!" මට ඇති වූ ප්රීතිය නිම්හිම් නැති විය. ප්රීතියෙන් මගේ රස නහර පිනා ගොස් පිටාර ගලන්නට විය. බයිස්කෝප් එක නිකන් පේන්නා පේන්නා වගේ විය. සිනමා ශාලාවේ පස්සෙම ඇති ආසන දෙකක් ද, චිත්රපටිය ආරම්භයට පෙර සංගීතරාවයට අනුව ඇගේ ඇස් දෙක බලා බැලුම් හුවමාරු කර ගන්නා ආකාරයද, චිත්රපටිය ආරම්භ වූ පසු අන්ධකාරයද, ව්වෙකයේ චොකලට් කෑමද මගේ සිහියට නැගෙන්නට විය. බසය නතර විය. මම බැස්සෙමි. ඇයද වටපිට බලා පස්ස නලවාගෙන බසයෙන් බහිද්දී මම ඇයට ඇහෙන් ඉඟි කලෙමි.
"ඉන්ට පොඩ්ඩක් අම්මා බහිනකම්..!!"
"මොනවා!! අම්මා..?" මට ච්ත්රපටියට පෙර තරු පෙනෙන්නට විය. එහෙත් අම්මලාගේ ඇස් වසා දුවලා රවුමේ යාම ගැන මට බය නොවිය.
"ඔව්. අම්මායි, තාත්තායි.."
"මොනවා!! දෙන්නාම..?" මට අකනිටා බ්රහ්ම ලෝකයද පෙනුනි.
"නෑ. ඒ දෙන්නා විතරක් නෙවෙයි. තව නංගිලයි, මල්ලිලයි, අක්කලයි, ආච්චි, සීයා, පුංචි අම්මගේ දුවයි, නැන්දයි..!!"
"එහෙනම් පිච්චර් බලන්න හම්බවෙන එකක් නෑ..!!"
"නෑ.. නෑ.. බය වෙන්ට එපා!! ඒ කට්ටිය නෑවිත් ඉන්න එකක් නෑ.." යනුවෙන් ඇය පවසද්දී ඇගේ මව හා පියා විය යුතු දෙදෙනෙක්ද, නැන්දා යැයි කිව හැකි අම්මන්ඩියක්ද හතුරෙකු දුටු පාබල හමුදාවක් මෙන් බසයෙන් බැස අප කරා ආවෝය. මේ අය බසයේ පිටුපස අසුන් ගෙන සිටිනු දැක මා ගණන් නොගත් අතර, මා සිතා සිටියේ මේ කෙල්ල තනියෙන් ගමන් කරන්නියක කියාය.
"අම්මේ.. මේ මහත්තයා මං හොදට අඳුරන එක්කෙනෙක්. බයිස්කෝප් බලන්ට යන්ද කියලා අහනවා. යන් නේද..?"
"අනේ ඇත්තට..!! යන් දුවේ යන්. මෙහෙම පිනක් බුදුන් ජීවමානව වැඩ උන් කාලේවත් ලැබෙන්නේ නෑ. මං පෙරුම් පුර පුරා හිටියේ කවද්ද බයිස්කෝප් එකක් බලන්න යන්නේ කියලා. අනේ මහත්තයෝ ඔබට මෛත්රී බුදුන් දැක නිවන් යන්න ලැබේවා..!!"යැයි පැවසු කෙල්ලගේ මව අනෙක් අය දෙස බලා..
"මොකද උඹලා කියන්නේ..? බයිස්කෝප් බලන්න යනවද? නැත්නම් ආපු ගමන් යනවද..?" කියා ඇසුවාය.
"බයිස්කෝප් බලන්ට යන්..!! මාළිගාව වන්දනා මාන කරන්න කවදා යන්න බැරිද..!!" දහපහළොස් දෙනෙකුගෙන් යුත් හැත්තෑවරිගයම උත්තර දුන්හ. එක තැන හිටගෙන සිටීමට තරම් ශක්තියක් නොතිබුණු මට ඉබේම ඇවිදිනි. මාර සෙනඟ මා පස්සෙන් ආහ. සප්ත මහා සාගරයේ ජලප්රවාහයට අසු වූ පඩරැලක් මෙන් මගේ සාක්කුවේ රුපියල් දහය කොයි අතට විනාශ වේදැයි මම නොදත්තෙමි.
සිගරටයක් ගැනීමට යන මුවාවෙන් උනුන් සැම පාරේ නවත්වා කඩයකට ගිය මම සන්ග්ලාස් එක රුපියල් දහයකට විකුණා එළියට ආවෙමි.
"මහත්තයෝ.. අපි උදේට තේ බීලා අවේ නෑ..!! " යැයි කෙල්ලගේ මහා එකා සල්ලි දුටු හැටියේ පැවසු පසු මම ඔවුනට ආහාර පාන සපයා ඒ අතරේ මගේ අත් ඔරලෝසුව කඩේ මුදලාලිට විකුණා රුපියල් තිහක් ලබගත්තෙමි.
දෙවෙනි පන්තියේ ටිකට් අවසන් වී තිබුණු බැවින් මට සිදු වූයේ දහදෙනාටම පළමු පන්තියේ ටිකට් මිලදී ගැනීමටය. සියල්ල ඉවසාගෙන මම කෙල්ල ළගින්ම වාඩි වූයෙමි. එහෙත් කෙල්ලගේ මව ඇය නැගිටුවා ඈත කෙළවරක අසුනකට යවා මා ළගින්ම වාඩි වූවාය. ආච්චි මගේ අනිත් පැත්තෙන් වාඩි වූවාය. නිකම් ඉන්න මට ඒත් කමක් නැතැයි කියා මා සුසුමක් හැරිය පසු චිත්රපටිය ආරම්භ වීම සඳහා පහන නිවෙන්නට විය. කෙල්ලගේ පියා සහ සීයා වහාම මා ළගට අවුත් බවලත් දෙදෙනා නැගිටුවා ඈතට යවා මා දෙපස වාඩි වූහ. මගේ මතකයේ හැටියට මට සිහි නැති විය.
විවේක කාලයේදී විකිණීමට ගෙනෙන ලද ටොෆි, චොකලට් සහ ඔරේන්ජ් බාර්ලි දිගට හරහට මගේ නෑයන්ගේ අත්වලට ගියේය.ඒ සඳහා ගෙවීමට ප්රමාණවත් මුදලක් මා සතුව නොතිබුනු හෙයින් ශාලාවෙන් පිටට ආ මම නයිලෝන් කමිසය ටොෆි කාරයට පූජා කර සියල්ල අමතක කිරීමට බාර් එක ළගට ගියෙමි.කෙල්ලගේ පියා සහ සීයා එතනට පැමිණ..
"මහත්තයෝ.. අපිත් කන බොන මිනිස්සු.." යැයි කියා බියර් ඕඩර් කර බොන්නට විය. ඒම බිලද ගෙවා දැමු මම විවේක කාලය අවසන චිත්රපට ශාලාව යලිත් ඇඳිරි වී ගිය පසු හොරෙන්ම එළියට පැන පස්ස නොබලා ගෙදර දුව ආවෙමි..
උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්ර අනගිරත්න.
කලින් ලියු නරලොව හොල්මන් කතා කියවන්න බැරි වුනානම් :
1. මංගල සභාවෙන් අවසරයි..
2. අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම)
වර්ගීකරණය
නරලොව හොල්මන්..
Subscribe to:
Post Comments (Atom)
ReplyDeleteඅයියෝ සැලරි :/
හොද සැපක් සෙට් වෙන්න ඇත්තේ කොල්ලට
ගෑනු මායම් ;)
නරලොව හොල්මන් පොත පට්ට පොඩි කාලේ කියෙව්වා ආයේ පාරක් කියවන්න ඕනේ :)
හී හී නියමම නියමයි.මම හිතුවේ ඔයා ලියල කියල..ස්තුතියි අපිටත් කියවන්න දුන්නට..:) නියමා........යි :)
ReplyDeleteඔබට ජය!
මං ඉන්න විදියත් දාලා ලියන්න ඉන්නේ පෝස්ට් එකක්..:)
Delete:D :D
aiyo $,
ReplyDeleteWena monawa kiyannada, hikz
ඒ වුනාට මොනවහරි කියලා යන්න තිබුනේ..
Delete:D :D
බොහොම රසවත් කතාවක්.
ReplyDelete:D :D
DeleteMaru...................
ReplyDeleteඒ පොතේ ලස්සන කතා ටිකක් තියනවනේ.අනිත් ටිකත් දාන්නකෝ බලන්න.
ReplyDeleteදානවා දානවා. සතියට එක ගානේ මං ගාව තියෙන ටික..
Delete:D :D
එළ එළ...
ReplyDeleteසුපිරි අහ්හ්...
:ඩී
කිරි කිරි..
Delete:D :D
:D
ReplyDelete:D :D
Deleteහික්ස්....
ReplyDeleteවනේ වන හතුරෙක්ටවත් වෙන්ට එපෝ ඕම සිද්ධීයක්!!!!!!!
මගේ විශ් එකත් ඒකමයි
Delete:D :D
හික්ස් පට්ටම විදියට ලියලා තියෙනවා මචං
ReplyDeleteසුපිරි
එළ..
Delete:D :D
හෙහ්..හෙහ්..නරලොව මෙහෙමදේ නොවෙනවා නොවේ..!!!
ReplyDeleteඒ කියන්නේ ඒ වගේ දෙයක් ඔයාටත් වෙලා තියෙනවද..? :0
Deleteඅයියෝ අපරාදේ..නියම කතාව
ReplyDeleteඇයි අපරාදේ?
Delete:D :D
:) lassana kathawak....:)
ReplyDeleteහික්ස්... මදෑ කෙල්ලො දිහා බැලුවා.. :))
ReplyDeleteඒකනේ.. :D :D
Deleteනියමයි..! යාළුවා...... තෑන්ක්ස්... මචං, මම ඇත්තටම කියවන්නේ ෂර්ලොක් හොම්ස් පොත් විතරයි , මා ගාව තිටයන්නෙත් ෂර්ලොක් හොම්ස් පොත් විතරයි!. ඉතිං මෙහෙම පෝසට්1කින් වත්, අපේ ඇගේ ලේ පිරිසිදු කරනවට රොම්බ තෑන්ක්ස්.
ReplyDeleteතෑන්ක්ස් බ්රෝ..... මෙහෙද පෝස්ට්1කකින් වත් අපිව coolකලාට.
ReplyDeleteතෑන්ක්ස් බ්රෝ......!
ReplyDeleteහිනාවෙලා හිත සන්තෝස වුනා නම් මට ඒ ඇති.. :)
Deleteෆට්ට කථා ටික මචං . ඔක්කොම ටික දාන්න :)
ReplyDeleteකිරි පැකට් එකක් රුපියල් 10ට හිතන්නවත් පුලුවන්ද
ReplyDeleteKALEKIN AWA MARU MACHOOOO
ReplyDeleteRAVI