Friday, September 21, 2012

වැසිකිළි කුරුටු ලිපි..


සීගීරි කුරුටු ගී ගැන දැන ගැනීමට ලැබීමෙන් විමතියටත්, කුතුහලයටත් පත් වූ යුරෝපීය සාහිත්‍ය ගවේෂකයෝ තිදෙනෙක් ලංකාවේ තවත් කුරුටු ලිපි ඇති තැන් සෙවීම සදහා කටුනායක ගුවන්තොටු පලින් ලංකාවට ගොඩබටහ. මේ කාර්‍යයේදී ඔවුනට සහයවීම සදහා සුදුසුකම් ඇති එකම තැනැත්තා වශයෙන් රජයෙන් මා පත්කිරීම ගැටකපන්නන්ගේ හා තැරව්කරුවන්ගේ දැඩි ශෝකයට හේතු විය. සීගීරිය, ශ්‍රීපාදය, පොළොන්නරුව ආදී පුරාණ වැදගත්කමක් ඇති හා පූජනීය ස්ථාන කොළඹ නගර තුලදීම පෙන්වා විදේශිකයන්ගේ ගමන් වෙහෙස  අඩුකරන තැරවුකාරයන්ගේ අගනා සේවයට පහර ගසමින් මම මෙදා මෙම යුරෝපීය ගවේශකයින් තිදෙනා කටුනායකදී පිළිගෙන ගවේෂණයට මුලපිරිමි.

ඔවුන් සමග ටික දුරක් ගිය මට වැසිකිළි යාමට අවශ්‍ය විය. ඔවුන් මහ මඟ නවතා ප්‍රසිද්ධ වැසිකිළියකට රිංගා ගත් මට එයින් ආපසු ඒමේදී සත්‍ය වසන් කිරීමට සිත් වූයේ වැසිකිළියකට යාම මදිකමක් ලෙස පිටස්තර ස්ථාන වලදී සළකන සෑම සිංහලයෙකුටම හුරු පරිද්දෙනි.

"කොහෙද ගියේ..?" විදේශිකයෝ ඇසූහ.

"කුරුටු ලිපි තියෙනවද බලන්න.."

"තිබුනාද..?" ඔවුහු හදිසි වූහ. මෙම හදිස්සිය වැසිකිලියට යාමට මට තිබු හදිස්සියටත් වඩා උග්‍ර විය. ඔවුන් මාද පෙරලාගෙන වැසිකිලියට පැන ගත් නමුදු නහයත් වසාගෙන එයින් එළියට පැන ගත්තේ ගිය වේගයට වඩා වේගයෙනි. කෙසේ වුවද කුරුටු ලිපි කියවීමේ ආශාව මෙයින් අත් නොහල ඔවුන් නහයත්, කටත් වැසෙන සේ ලේන්සුවලින් මුහුණ බැඳගෙන මාත් සමග යලිත් වරක් එයට ඇතුළු වූහ.

ඔවුන්ගේ මුහුණු ප්‍රභාමත් වූ සැටි මම කෙසේ විස්තර කරම්ද..!! ඔවුන්ට ඇති වූ සන්තෝෂය, උද්යෝගය හා නොඉවසිල්ල චන්ද්‍ර විමානෙට පළමුවෙන්ම ගොඩ බට අයකුට වුවද ඇති නොවනු ඇත. ඔවුහු සටහන් පොත් අතට ගත්හ. කැමරා අතට ගත්හ. ශබ්ද පටිගතකරන යන්ත්‍ර ක්‍රියාත්මක කළහ. මට සිදු වූයේ සියල්ල විතර කිරීමය. අකුරෙන් අකුර පහදා දීමටය. රූපයෙන් රූපය කෙරෙහි ඇස් යොමු කර සියල්ල තේරුම් කරදීමටය.

අපි තවත් වැසිකිළියකට ඇතුළු වීමු. තවත් එකකට ඇතුළු වීමු. මේ අනුව දින ගණනකදී කොළඹ ඇති පුද්ගලික හා පොදු වැසිකිළි ගණනාවක් අපේ ගවේෂණයට ලක් විය. අපි ලංකාව වටේම ගියෙමු. පූජනීය ස්ථාන, ගිමන්හල්, තානායම්, පාසල්, කන්තෝරු, සමාජ ශාලා, උසාවි, ආරෝග්‍යශාලා සහ මෙකි නොකී ආයතන සෑම එකකටම සම්බන්ධ වැසිකිළි පිටතින් හා ඇතුලතින් සොයාගත හැකි සෑම කුරුටු ලිපියක්ම අපි කියවීමු. සෑම රූප සටහනක්ම බලා රස වින්දෙමු. කෙසේ වුවද ස්ත්‍රීන්ට පමණක් ඇති වැසිකිළි වලට යාමේදී කිහිප සැරයක්ම අපි ස්ත්‍රී පක්ෂයෙන් නොසෑහෙන අන්දමට කොසු පහර කෑවෙමු. අපි එයින් පසුබට නොවීමු. අමුම අමු තිත්ත කතාවෙන් බැනුම් ඇසුමට සිදු වූ අවස්තාවලදී ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනය මා විසින් අමුත්තන්ට සපයන ලද්දේ ඔවුන්ගේ සන්තෝෂයට හේතු වන පරිද්දෙනි.

වැසිකිළි කුරුටු ලිපිවල ඇති විශේෂ ලක්ෂණය වන්නේ කුණුහරුප වචනවල ඇති වටිනාකම සාහිත්‍යයම වශයෙන් අගය කිරීමට යාමේදී අපේ සාහිත්‍ය පොත් කීපයක්ම අපට උපකාරී විය. එහෙත් සාහිත්‍ය පොත් වල දක්නට ලැබෙන කුණුහරුප වලට වඩා වැසිකිළි බිත්ති වල කුණුහරුප ස්වාභාවිකත්වයෙන් හා මටසිලිටු භාවයෙන් අර්ථවත්ය. ඒ ඒ ශාරීරික වස්තුන් උදෙසා උපයෝගී කරගන්නා ලද සංකේතාත්මක වචනවල සරල සුගම ගතියත්, නිරවුල් අර්ථය පහදාදීමට තරම් ඒවායේ ඇති ජීවමය ගතියත් ගැන ගවේෂකයින්ට පහදා දුන් මම වචනයකින් දෙකකින් හැගීම් උද්දීපනය කිරීමේදී මෙම කුරුටු ලිපිවල ඇති වටිනාකම සවිස්තර ලෙස පෙන්වා දුනිමි.

වැසිකිළි බිත්ති වල කුරුටු ලිපි ලිවීමේදී සිංහල ලේඛකයා වැඩියෙන්ම උපයෝදී කරගෙන ඇත්තේ අඟුරු කෑලිය. පැන්සල්, පෑන්, රටහුණු, තීන්ත ද සමහර අවස්ථා වලදී ප්‍රයෝජනයට ගෙන ඇතත් මෙම කාර්යයේදී අඟුරු භාවිතය වැඩි බව අපිට පෙනී ගිය හෙයින් මෙම ලිපි ලිවිම බෙහෙවින්ම උදය වරුවේ සිදුවන බවට අපි නිගමනය කළෙමු. අනෙක් අතට කලාකාමින්ට හොද අදහස් පහල වන උදය වරුවෙහි ශරීර කෘතයද කලාවක් වෙයි. මෙම අවස්ථාවේදී වුවද කාලය අපතේ නොහැර කලාත්මක නිබන්ධනයන්ගේ යෙදීමට සිංහලයා දක්වන සැලකිල්ල ගැන මෙම යුරෝපීය ගවේෂකයෝ පුදුම වූහ. සහෘදයාගේ පහත් පහන් සංවේගය උදෙසා සිය කලාකාමී හැගීම් වචනයටත් එයින් එහාට කවියටත් නගා එයින්ද සෑහීමකට පත් නොවී රූප සටහන් වලින් ඒවා හොදින් පහදා දීමට ඔවුන් දක්වන උනන්දුව ගැන සතුට පල කල ගවේෂකයෝ අපේ වැසිකිලිවල ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ගැන මුළු ලෝකයටම දැනුම දෙන බව ආඩම්බරයෙන් පවසා සිටියහ.

යමක් කිරීමේදී සිතට නැගෙන අදහස් කුරුටු ලිපියකට පෙරලිමේදී රසිකයෙකුට ඇති නොඉවසිල්ල ගැන මා අදහස් කලේ ඉතිහාසයටද එබිකම් කරමිනි. ඊජිප්තුවේ අබු සිම්බල් කරා ගිය ග්‍රීකයන් රාමේසස් ගල් රූපයේ සිය නම් කෙටු සැටිත්, 11 වැනි හා 12 වැනි සියවස් වල සීගිරි කැටපත් පවුරේ සිංහලයන් රසවත් ගී ලිවූ සැටිත් මතක කල මම මෙම 20 වැනි සියවසෙහි වැසිකිළිවල කර ඇති සටහන් ඒ සියල්ලටම වඩා ශෘංගාරයෙන් පරිපූර්ණ බව ඔවුන්ට පහදා දුනිමි.

"සීගිරියේ නාරි රූපවල විවෘත උඩුකය දැකීමේදී හැගීම් පහල වීම නිසා ඒ අය එදා ඒ හැගීම් කවියට නගන්න ඇති. අනිත් අතට සීගිරියේ කැටපත් පවුර ඒ සඳහා හොදට ඉඩ කඩ ඇති තැනක්. ස්ථානයත් සුන්දරයි.." එක් ගවේශකයෙකු කීවේය.

"ඇත්ත.. නමුත් වැසිකිලියකදී ඇති වන්නේ පිළිකුල් ගතියක්. එය ප්‍රියංකර ස්ථානයක් නොවේ. එහෙම තිබියදීත් අපේ නවීන රසිකයා එක එල්ලේ ම ශෘංගාරය මවන හැටි පුදුම නැද්ද..? ඔවුන්ගේ රූප විවෘත උඩුකයට පමණක් සීමා වෙලා නෑ. ඔවුන්ගේ අකුරු සීගිරි ගලේ මෙන් කුඩා නොපැහැදිලි ඒවා නෙවෙයි.පොල්ගෙඩි ප්‍රමාණයේ ඒවා.. ඒ විතරක් නෙවෙයි, වැසිකිළිවල ඇතුල් බිත්ති වලත්, පිට බිත්ති වලත් සටහන් තබන අපේ රසිකයා එයින් සෑහීමකට පත් නොවී මහපාරේ, තාප්පවල, දුම්රිය මැදිරි වල, බස් වල, බැංකු වල, ගස්වල, ඒ වාගේම ලියන්න පුළුවන් අදින්න පුළුවන් ඕනෑම තැනක සටහන් තබනවා.." මම උත්තර දුනිමි.

"සිංහලයාගේ කලා රුචිකත්වය අපූරුයි.. අසමසමයි..!!" ගවේෂකයෝ එක් හැදින පැවසිය.

"හොදයි.. මේ කුරුටු ලිපි ආරක්ෂා කිරීමට ආණ්ඩුවෙන්, පළාත් පාලන ආයත වලින්, එතකොට මහජනයාගෙන් සහයෝගය ලැබෙනවද..?"

"ඔව්.. මේ වැසිකිලි බිත්තිවල කවදාවත් හුණු ගාන්නේ නැත්තේ ඒවා මැකේන හින්දා. එතකොට මේ වැසිකිලි වල වතුර සපයලා නැත්තේ ඒවා මැකීමට ප්‍රයෝජනයට ගනී කියලා. මේ වැසිකිලි පිරිසිදු කරන්නේ නැත්තේ මහජනයාගේ පැමිණීම වළක්වා ඒවා ආරක්ෂා කිරීමට.." මම උත්තර දුන්නෙමි.

"අපූරුයි! අපූරුයි!" ඔවුහු පැවසූහ. 

"හොදයි. එතකොට කුරුටු ගී ලිවිම දියුණු කිරීම සඳහා, එතකොට මහජනයා ඒ සඳහා උනන්දු කිරීමට යම්කිසි පියවරක් අරන් තියෙනවද..?"

"මොකද නැත්තේ..!! ලංකාවේ කඩදාසි හිඟයි.තිබුනත් මිල වැඩියි. එතකොට අපේ මිනිස්සු කඩදාසි වල ලියන්නේ නැතිව වැසිකිලි බිත්ති වලයි අනෙක් ප්‍රසිද්ධ ස්ථානවලයි ලියන්න ඉබේම පෙළඹේනවා.. එයි කුරුටු ගී කලාව දියුණු වෙනවා.." මම උත්තර දුන්නෙමි.

"ඕ.. ඕ.. ඇත්තටම අපූරුයි..!! කුරුටු ගී කලාවට ලැබෙන සහයෝගය ඇත්තෙන්ම මහත් උත්කෘෂ්ඨයි..!! " කියා සතුට පල කල ගවේෂකයෝ..

"කුරුටු ගී ක්‍රමය අනුගමනය කිරීමේදී සිංහලයා අතින් රටට සේවයක් වෙනවාද ..?" කියා මගෙන් ඇසූහ.

"මොකද නැත්තේ..!!" මම එක හඬින් ප්‍රකාශ කලෙමි.

"ලංකාවේ ගොඩනැගිලි සැදීම සදහා රජයෙන් හෝ කොන්ත්‍රාත්කරුවන් අතින් හෝ සිදුවන්නක්.. නමුත් ඒවායේ හුණු ගෑම කෙරෙන්නේ කුරුටු ගී කලාව අනුගමනය කර බුලත් විට හපන මහජනයාගේ ඇඟිල්ලෙන්.."

සිංහලයාගේ කලා රුචිකත්වය ගැනත්, එයින් රටටත් සමාජයටත් වන උදාර සේවය ගැනත් නොසෑහෙන අන්දමට සෑහීමකට පත් වූ ගවේෂකයෝ යලිත් කිසි දිනෙක මෙහි නොඑන්නට සිතා මහත් සන්තෝෂයෙන් ලංකාවෙන් පිටවූහ..


උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න

පසු සටහන :

මීට දශක තුන හතරකට කලින් පොදු වැසිකිළිවල තත්වය දැක චන්ද්‍ර අනගිරත්නයන් අතින් මේ උපහාස කතාව ලියවුන එකක් වුනත් අදටත් ඒ කතාව මනා ලෙස ගැලපෙන්නේය. අද රටේ පොදු වැසිකිලි වල තත්වය දක්නට ඇත්තේද  එදා චන්ද්‍ර අනිගිරත්නයන් දුටු ආකාරටමය. අද එවැනි සටහන් තබන්නට අඟුරු වෙනුවට වැඩිපුර භාවිතා වෙන්නේ පෑන්, පැන්සල් ය. ඒකෙනුත් පෑන් භාවිතය ඉහලින්ම ඇත. 

අද පොදු වැසිකිලි වල වැඩිපුරම දක්නට ඇත්තේ 'විවිධාකාර වූ සැප ලබාගන්න මේ අංකයට අමතන්න' යැයි වල ජංගම දුරකථන අංකය. ඒවා බොහෝ දුරට ලියන එවුන්ගේ තරහකාරයෝ, කලින් යාලු වෙලා හිටපු කෙල්ලන්ගේ දුරකථන අංකය. ලියන්නේ ඒ මිනිසුන්ගෙන් පලිගැනීම හා තවත් පිරිසක් ඉස්සරහ චා කිරීම අරඹයාය..ඉතින් මේ අංක වල අයිතිකාරයන් කවුද කියා දන්නේ ඒවා ලියන එවුන්මය.බිතු සිතුවම් වලද අඩුවක් දක්නට නැත. විවිධාකාර ඉරියව් වලින් යුත් මිනිස් රූප දක්නට ඇත. ඔබ පොදු වැසිකිලියක් භාවිතා කර ඇත්නම් අනිවා මේවා දැක ඇත. 

පොදු වැසිකිළිවල තත්වය එසේ වෙද්දී මේ වගේ කුරුටු ගී වැඩිපුර ලියවෙන්නේ මා දැක ඇති ආකාරයට පාසැල් වැසිකිලි බිත්ති වල හා දුම්රිය මැදිරි වලය.පාසල් වැසිකිලි තත්වයනම් පොදු වැසිකිලි වල තත්වය හා සමානය. ඔබ ගිය පාසලේ වැසිකිලි බිත්ති වල මෙවැනි දේවල් නොතිබුනානම් පුදුමය.මා ගිය පාසලේ බිත්ති වල අලුතින් හුණු ගෑවත් වැඩි දවසක් ඒවා ඒ විදියට තියෙන්නේ නැත. මොකෙක් හෝ එකෙක් ඇවිත් මොනවා හෝ ලියා යන්නේය.(මේ කතා කරන්නේ පිරිමි අපි භාවිතා කරන වැසිකිලි වල දැක ඇති දේවල් ගැනය.පොදු  කාන්තා වැසිකිලි වල තත්වය හා බාලිකා පාසල් වල තත්වය නම් දන්නේ නැත.) 

දුම්රිය මැදිරි වල නම් වැඩිපුර ලියවෙන්නේ ආදරය, විරහව සම්බන්ධ කවි, නිසදැස් හා සින්දු කෑලිය.තව ආදර කරන කෙල්ලගේ නම + කොල්ලගේ නම්ය. මේ තත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ පාසල් ළමුන් යන එන දුම්රිය වලය.මේ වගේ දේවල් දක්නට ලැබෙන තව ස්ථානයක් වන්නේ පාසල් වටා පවතින තාප්පයි..මේ දේ නම් බහුලව දක්නට ලැබෙන්නේ නගර ආශ්‍රිතවයි. (විශේෂයෙන් බාලිකා පාසල් වල වටා පවතින තාප්ප වල.) 

නමුත් මහජනයා ගැවසෙන තැන් වල කුරුටු ගී ලියා, බිතු සිතුවම් ඇද ඒවා පිරිසිදු කරන්නට රජය වැයකරන්නේ මහජනයාගෙන් ගසාකන මුදල්ය.ඒ කියන්නේ අපි හම්බකරන සල්ලි.සාමාන්‍ය මනුස්සයෙක් කීයක්‌ හරි හොයාගන්නේ දුක් මහන්සි වෙලා වැඩ කරලා.ඒ හොයන සල්ලිත් මේ වගේ තුප්පැහි වැඩ කරන එවුන් හින්දා දෙන්න වෙනවා.

ඉතින් මා කියන්නට හදන්නේ එවැනි වැඩ අද කාලයට ගැලපෙන්නේ නැත කියලය.ඒවා අතහැර වැඩක් ඇති දෙයක් කරන්න පුලුවන්නම් ඉතා අගනේය. ඒවා ලියන්න ඕනේමයි කියලා හිතෙනවනම් තමන්ගේ ගෙදර වැසිකිලිය, බිත්ති භාවිතා කරාට වෙන කව්රුවත් කිසිදෙයක් කියන එකක් නැත.මොකද ඒ තමුන්ගේ ගෙදරය.ඒවා නැවත පිරිසිදු කරන්න වැය වෙන්නෙත් තමුන්ගේ මුදල්ය.පරණ පත්තර කඩයක්, කිලෝ ගණන් වලට කටුකොළ විකුණන තැනකට ගියොත් අඩු ගානට කඩදාසි වුවද සපයා ගත හැක.නිදහසේ තමුන්ට කැමති ඕනෙම දෙයක්, ඕනෑම විදියකට ලියන්න අදින්න පුළුවන් ඒවායේ.ඉතින් මොකට මහජනයා ගැවසෙන තැන් භාවිතා කරනවද..

රට මොන අතින් ඉස්සරහට ගියත් වැඩක් නෑ ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය පහත්නම්..


 "ඉතින් දැන්වත් ඒ වැඩ නොකර ඉඳහල්ලා මිනිසුනේ.."




කලින් ලියු නරලොව හොල්මන් කතා කියවන්න බැරි වුනානම් :

1. මංගල සභාවෙන් අවසරයි..
2. අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම)
3. ආවොත් විදිනවාමයි..!!

39 comments:

  1. කියවල තිබුන චන්ද්‍ර අනගිරත්නගෙ ලිපිය. සාමාන්‍ය මිනිස්සු භාවිතා නොකරන විශ්ව විද්‍යාල වගේ තැන්වල පවා තත්වය ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. විශ්ව විද්‍යාලේ අමතක වුනා. :(

      Delete
    2. මොරටුව විශ්ව විද්‍යාලයට ගිය මා හටනම් එහි වැසිකිළිවල මෙවැනි තත්වයක් දැක ගැනීමට නොහැකි විය.

      Delete
  2. //රට මොන අතින් ඉස්සරහට ගියත් වැඩක් නෑ ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය පහත්නම්..// මාත් සපුරාම පිළිගන්නා කාරණය තමා ඕක.රට කොයි අතින්වත් ඉස්සරහට ගෙනියන්න බෑ මිනිස්සුගේ ආකල්පය හොද නැත්නම්

    ReplyDelete
  3. අපේ මිනිස්සුන්ට නිකම් අතපය තියාගෙන ඉන්න බැරිදෝ කියලා වෙලාවකට මට හිතෙනවා. වැසිකිලි වල විතරක් නෙමේ බස් කෝච්චි වගේ පොදු ප්‍රවාහන සේවාවල පවා තියෙනවනෙ.

    // රට මොන අතින් ඉස්සරහට ගියත් වැඩක් නෑ ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය පහත්නම්..//

    මේ කතාව නම් සහතික ඇත්ත

    ReplyDelete
  4. චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ ලස්සන නිර්මාණයක් ..බොහොම ස්තුති යාළුවා..

    ReplyDelete
  5. නියම කතාව අතේ තියෙන රුපියල් 100 කටේ ඔබන්න හිතෙනවා.
    ඕක බොරුවක් නෙමේනේ.. ප්‍රසිද්ධ වැසිකිලියකට ගියොත් ඔය කි එකී මෙකි නොකී සෑම දේම බලා ගන්න පුළුවන්.
    ඔබත් තවම ඒ අත්දැකීම ලබා නැතිනම්
    හැකි ඉක්මනින් රුපියල් 5ක්(ගාල්ලේ) ගෙවා ලඟම ඇති ප්‍රසිද්ධ වැසිකිලිය වෙත පිය නගන්න

    ReplyDelete
    Replies
    1. ගාල්ලේ විතරක් නෙවෙයි හැම පොදු වසිකිලියකම දකින්ට ලැබෙන දෙයක්.. 100 මට එපෝ.. :)

      Delete
  6. කිව්වට මොකද අපේ ඉස්කෝලේ නම් වැසිකිලි බිත්තිවල මුකුත් ලියලා තිබුනේ නෑ.., ඒ මම හිතන්නේ අපේ විනය භාර සර්ට තිබුණු භය හින්දම වෙන්න ඇති... ලියලා මාට්ටු උන එකාට ඉතින් බඩුම තමා හැමෝම කියලා දන්නවා...
    ඉතින් අපි ඒ වෙනුවට පාවිච්චි කරේ පන්තියේ කළු ලෑල්ල.., කාට හරි මඩක් (බොහෝදුරට ඉතින් පන්තියේම එකෙක්ට මඩක් තමයි ඉතින්...).., එහෙමත් නැත්තම් පොඩි කොමිටල් චිත්‍රයක් සමග කවියක් වගේ දෙයක් මිසක් ඔය පිස්සු විකාර ගොන් චූං නම් කවදාවත් ඇදලා නෑ...
    ඒ වගේම big match කාලෙට අපේ සහෝදර පාසලට නිග්‍රහ වෙන කිසි දෙයක් ලියලත් නෑ.., අරුනුත් එහෙමම තමයි...
    අහ්හ්.., තවත් දෙයක් මතක් උනා.., ඉස්සර මාත් එක්ක යාළුවෙලා හිටි කෙල්ලගේ නම ඒ කාලේ එයාට seen කරපු එකෙක් උන්ගේ ඉස්කෝලේ ඉස්සරහ බිත්තියේ ලොකුවටම ලියලා තිබ්බා... (කොහොම හරි ඉතින් කෙල්ල අන්තිමට ඌත් එක්කම set උනා... "සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා.., කෙල්ලන් තමයි හඳුනාගත නොහැකි සතා..." කියන්නේ නිකමටයැ අයියෝ...)

    "රට මොන අතින් ඉස්සරහට ගියත් වැඩක් නෑ ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය පහත්නම්.."
    මේ කතාවටනම් එකෙන්ම එකඟ වෙනවා... වැඩේ වෙලා තියෙන්නේ රටේ ලොකු උන් ඔක්කොගෙම මානසික තත්වය පහතටම වැටිලා තියෙන්නේ.., ඉතින් ඒක නිතැතින්ම පොඩි මිනිහටත් බලපානවා...

    අනේ මන්දා අයියෝ... නේ..?

    ReplyDelete
    Replies
    1. කොයි කාලේද බං ඒ නම කොටලා තිබුනේ?

      අනිත් ඉස්කෝල ලියපු ඒවා දැකලා ඇතිනේ.. :)

      Delete
    2. තාමත් තියේ මයේ හිතේ.., ලඟදි ඒ පැත්තේ යැවුනේ නෑනේ!!!
      අපොයි ඔව්.., ඔය උඩින් සඳහන් කරපු ඉස්කෝලේ උන තමා වැඩියෙන්ම කරන්නේ ඔය වැඩේ!!!

      Delete
  7. ආ අර හොයපු පොත හම්බුනාද බොලං..?

    ReplyDelete
  8. කාලෝචිත මාතෘකාවක්.. චන්ද්‍ර අනගිරත්න මහත්තයාගේ නිර්මාණ ගැන ආයේ කියන්න ඕනේ නෑ ඉතින්.. :) :)

    ReplyDelete
    Replies
    1. ලියන්න පුළුවන්නේ..? :)

      Delete
  9. නියම කතාව..හාස්‍යයෙන් යුතුව අවධානයට ලක් කරලා තියන්නේ වැදගත් කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඕ.. අද රටේ පෙන්න තියෙන දෙයක්නේ..:)

      Delete
  10. සිංහලයාගේ කලා රුචිකත්වය අපූරුයි.. අසමසමයි..!!

    ඒකනම් ඇත්ත :)

    නියම ලිපිය

    ReplyDelete
    Replies
    1. ඇයි, සිංහලයන්ගේ සොයාගැනීම්..!! ;)

      Delete
  11. අනගිරත්නට පිං

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. http://anuharshi.blogspot.com/

      මෙන්න මෙහෙමයි යාලු link දාන්නේ!!!
      :)

      Delete
    2. @ හර්ෂනී
      තැන්ක්ස්..
      @ කොළ වෙරි ඩී
      එළ..)

      Delete
  13. හාස්්‍යක් උනාට ඇත්ත කරුනක්...!!

    ReplyDelete
  14. chandra anagirathna mahaththayage naralova holman potha meeta avurudu 7kata8 kata kalin kiyevve,bohoma sthuthiyi aaye e katha mathak katala dunnata :-)

    ReplyDelete
    Replies
    1. ඒවා අද කාලෙටත් ගැලපෙනවා කියලා හිතෙන්නේ නැද්ද සහෝ.. ?

      තැන්ක්ස්.. :)

      Delete
  15. පළමු හා දෙවන ලිපි දෙකම අදයි දක්කේ.. ! අනේ මන්දා මේ ලංකාවනම්..

    ReplyDelete
  16. නියමයි! ස්තුතියි අපිටත් කියවන්න ලියුවට හ්ම්ම්..:)

    ReplyDelete
  17. හෙහ් නියමයි ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. මානවයා පරිණාමය උනේ වදුරගෙන් කියලා තාමත් අපේ අය පෙන්නනවා...
    ඔයාට ජය!!

    ReplyDelete
  19. හ්ම්ම්.... ඔය කුරුටු ගී ලිවීම නම් හදන්නම බැරි දෙයක්.. :/ ඉස්කෝල වල ඩෙස් වල පවා කුරුටු ගී..

    ReplyDelete
  20. කතාවනම් ඉස්සරිනුත් කියවල හ්ටියෙන නිසා කියනන් දෙයක් නැහැ හිනහ ගිය විහාරි නමුත් උඹේ පසුව වදන නම් වැදෙන්න දීල මචං ලංකාවේ ඉන්න සම හරක් නිසා තමයි මේ තත්වේ උදාවෙලා තියෙන්නේ

    ReplyDelete
  21. මෙන්න හොද කුරුටු ගීයක්

    සොඳුර අපි අර පෙනෙන කන්දට ගෙහින් රෙමු බර බර ගාල

    ReplyDelete