Saturday, September 1, 2012
මංගල සභාවෙන් අවසරයි..
මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක් හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..
කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..
"මංගල සභාවෙන් අවසරයි.. හිතවත් බවක් පෙන්වන නෑදෑවරුනි, හිතවතුනි, මිත්‍රවරුනි, මවුවරුනි, පියවරුනි, සහෝදරියනි. මට පෙන්න බැරි දෙයක් තමා මගුල් ගෙදරකට ආවම කතාවක් කරන්න කියලා මට කරදර කරන එක.කොහොම වුනත් කතාවක් කරන්න ලැබීම ගැන මම සන්තෝස වෙනවා කියලා කියන්නම්.(හිත යටින් 'නොදකින් මෙහෙම කරුමයක්' කියලා මටම කියාගන්න ගමන්).."
"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! හොදට කල්පනා කරලා බලන්න. තනියෙන් ජීවත් වෙන්න තියෙනවනම් කොච්චර ජොලිද.? ආශාව තියෙනකම් එකට ඉන්නවා. එපා කියලා හිතුනාම දාලා ගිහින් වෙන ගෑණියෙක් එක්ක ඉන්නවා. ආන්න එහෙම තමන්ට කැමති පරිදි ඉන්න තියෙන නිදහස මේ විවාහය කියන කෙහෙල්මල් බැදීම නිසා අපිට නැති වෙනවා. ගෑනි හොද වුනත්, නරක වුනත් අපිට බැදගත්ත බෙරේ ගහන්න වෙනවා.."
"ඇත්තම කියන්න, පිරිමින් වශයෙන් අපි කොහෙත්ම කැමැත්තක් නෑ විවාහයෙන් හිර වෙලා අපේ නිදහස නැති කරගන්න.නමුත් මේ බලවත් උදවිය තමා කොහොමහරි අපිව පටලවාගෙන අපිව සදාකාලිකව සින්න කරගන්න පොතේ කුරුටු ගාන්න දගලන්නේ. ඉති අපි උන්ට කන්න අරන් දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, අරක අරන් දෙන්න කිව්වම ඒක අරන් දෙන්න ඕනේ.. ඕවා ඉතින් කියලා වැඩක් නෑ. අපිට වෙන ගෑනියක් දිහා බලන්නවත් දෙන්නේ නෑ.. ඔන්න ඕකයි අපිට මේ කෙහෙල්මල් විවාහයෙන් ලැබෙන කජ්ජ.."
"කොහොම වුනත් මේ විවාහ මංගල්‍යය උත්සවය ඉතාමත් සාර්ථක එකක් කියලා කියන්න පුළුවන්. මනාල මහත්තයත් එක්ක එන අතර මගදී කාර් එකේ ටයර් එකක් ගියා. තවත් තැනකදී පැට්‍රොල් හිර වුනා. ලගටම එනකොට එන්ජිම නැවතුනා.අපි ඔක්කොම බැහැලා දැම්මා නේද තල්ලුවක්.මනාල මහත්තයා තල්ලුව දානකොට ගමේ කොල්ලෝ කුරුට්ටෝ ටික දැම්මා නේද මාර හූවක්.. දත් කුට්ටම ටිකක් බුරුල් හින්දා මිසක් අපේ මනාල මහත්තයා හොදවායින් දෙකක් නොකියා ඉන්නේ නෑ.."
"අපි මෙහෙට සම්ප්‍රාප්ත වෙන කොට පත්තු කරපු රතිඤ්ඤා වලින් හුගක් වලින් ආවේ පුස් හඬක්. රබාන පැලුණු හඬ අපිට කාර් එක ඇතුලෙදීම ඇහුනා.ජයමංගල ගාථා කියපු ගෑණු ළමයින්ගෙන් කොනේම හිටිය ගෑණු ළමයනම් හැඩයි.අනිත් අයනම් හරිම ගොරක තමා. ගාථා කිව්වෙත් වරද්ද වරද්දා.."
"අපිට වාඩිවෙන්න දුන්නු පුටු වල.. මගේ අම්මේ එහෙම මකුණෝ ගොඩක්!! මං වාඩි වෙච්ච පුටුව කැඩිලා.මගේ පස්ස පැත්ත තවම රිදෙනවා පුටුව කඩාගෙන බිම වැටුණු පාර. වෙඩින් කේක් වල තිබුනේ මුද්දරස්පලම් නෙවෙයි. රට ඉදි! කිරිබත් පිළුණු වෙලා හොදටම.මං හිතන්නේ මංගල්ලේ ජයට ගන්න කලින් ඉදන්ම සූදානම් වෙලා හිටිය හින්දා වෙන්න ඇති. කැවුම් හදලා තිබුනේ සීනි දාලා. මෙහෙට කොහෙන්ද කිතුල් හකුරු..!!"
"මේ සාර්ථක විවාහ මංගල්ල්‍ය උත්සවේ ගැන මං වැඩි වෙලා කතාකරන්න කැමති නෑ. මොකද මට පේනවා මනමාල මහත්මිය කොච්චරවත් බිත්ති ඔරලෝසුව දිහා බලනවා. ඒක හිතලද යන්න හදිසිද කියලා දෙයියෝ තමා දන්නේ. කොහොම උනත් සාමාන්‍ය සිරිත අනුව මනමාල මහත්මයා ගැන සදහන් කරන එක මගේ යුතු කමක්. මනමාල මහත්මිය ගැන යමක් කීමට මා දන්නේ නෑ.මං හිතනවා ඒක මගේ වාසනාවක් මෙන්ම අප කාගේත් වාසනාවක් කියලා! කොහොම උනත් සදහන් නොකරම බැරි දෙයක් තමා.. 'සමාවෙන්න., මනමාල මහත්මිය මගේ කකුල කෙනිත්තුවා.-ඌයී!! රිදෙනවා!!' කමක් නෑ. එයා අකමැති හින්දා මං එයා ගැන මොනවත් කියන්නේ නෑ.."
"අපේ මනමාල මහත්මයා ගැන යමක් සදහන් කරනවානම්.., මං කියන්න කැමතියි, අද මේ අවස්ථාවේ විතරක් නෙවෙයි, එයාගේ මනමාලකම් හැමදාමත් එක වගේ තමා.. මං පුංචි කාලයේ ඉදන්ම මේ මනමාල මහත්තයාව ලගින්ම ආශ්‍රය කරා. මොකද එයාගේ ගේ තියන්නේ අපේ ගේ කිට්ටුවම. අපේ තාත්තා මනමාල මහත්මයා ඉපදෙන්නත් ඉස්සර ඉදන්ම එයාගේ මව සමග කිට්ටු ආශ්‍රයක් තිබුනා.අපේ අම්මා කොච්චර ගෝරි දැම්මත් තාත්තා නෙවෙයි ඒ සම්බන්ධෙ අතහැරියේ.අපේ පවුල් දෙක අන්නෝන්‍ය වශයෙන් එහෙම කිට්ටුවෙන් සම්බන්ධ වෙලා තිබුණු හින්දා මට බය නැතුව මනමාල මහත්මයා ගැන කතා කරන්න පුළුවන්.."
"සමහර ගුරුවරු මෙයාට කොච්චර කැමතිද කියනවනම් එකම පන්තියේ අවුරුදු හතර පහ තියාගත්තා.ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හම්බවෙනකම් මෙයා නිකම් හිටියේ නෑ.මෙයාගේ තාත්තාට ජේ.පී. පට්ටම ලැබුනායින් පස්සේ හරක් හොරකම නතර කරලා පියාගේ රාජකාරිය බාර ගෙන ඊටත් හොදින් සේවය ඉටු කරා.."
"මේ මනමාල මහත්තයා දක්ෂතාවයන් කිහිපයක් තියෙන පුද්ගලයෙක්. ' ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත' කියන අලගියවන්න මුකවෙටි කවියාගේ කියමන මෙයා හින්දා බොරු වෙනවා. එකකට එකක් වෙනස් රස්සාවල් සිය ගණනක් මෙයා කරලා තියෙනවා.එක රස්සාවක් මාසෙකට වඩා මෙයා කරේ නෑ.රස්සාවල් දුන්නු අය බංකොලොත් වුනා මිසක් මෙයා නෙවෙයි බංකොලොත් වුනේ.."
"මෙයාට පොලිසිය ගෙදර වගේ. උසාවිය සෙල්ලම් පිට්ටනිය වගේ.හිරගෙදර ක්ලබ් එක වගේ.ඉස්පිරිතාලය රෙස්ට් හවුස් එක වගේ.මෙයාට කොතනත් එකයි.කොතනත් ජනප්‍රියයි.."
"මෙයාගේ අත් අකුරු ලස්සනයි කියලා මගේ කනටම ඇහිලා තියෙනවා ගෑණු ළමයි සියගණනක් කියනවා.නමුත් එකම ගෑණු ළමයෙකුටවත් මාසෙකට,දෙකකට වඩා අහුවෙන්නේ නැතිව බේරිලා සිංහල සංස්කෘතිය අනුව මේ විවාහයට කැමති වීමට තරම් මෙයා කීකරු හැදිච්ච කමක් තියෙන කෙනෙක් වීම ගැන මනමාල මහත්මියගේ පැත්තේ අය සන්තෝස වෙන්න ඕනේ.."
"මේ මනමාල මහත්මයා තරම් යුතුකම් ඉටු කරන පුද්ගලයෙක් මං ජිවිතේට දැකලා නෑ. එක් කෙල්ලෙක් සමග සම්බන්ධ කම් පවත්වද්දී අත්වැරැද්දකින් ඒ ගෑණු ළමයට පොඩි බබෙක් ලැබුනා.මේ පොඩි බබෙක්!! එච්චර ලොකු නෑ!! පොඩි අත්වැරැද්දක් වුනත් මේ මනමාල මහත්මයා නොසලකා හිටියේ නෑ.අද වුනත් පඩියෙන් භාගයක්ම මෙයා ඒ ගෑණු ළමයටයි, ඒ අත්වැරද්දෙන් ලැබුණු දරුවටයි වියදම වශයෙන් දෙනවා. ඒ කොහොම වුනත් මේ මනමාල මහත්මියට තියෙන කුළුදුල් ආදරේ හින්දා මේ විවාහයට මනමාල මහත්මයා....."
මගේ කතාව නතර කල මනමාලිගේ පියා 'පොඩ්ඩක් ඔහොම ඉන්න' කියා කාමරයට ගියේය.මොහොතකින් ඔහු එලියට ආවේ තුවක්කුවක් හා පතොරම් කිහිපයක් අතැතිවය.
"මනාලයත් ඒ එක්ක ආපු හැත්තෑ වරිගයත් දැන්ම මේ ගෙදරින් පිටවුනේ නැත්නම් මං එක එකාව බාවනවා!! මේ වගේ වනචරයෙකුට මගේ දුව කෑලි කෑලිවලට කැපුවත් දෙන්නේ නෑ! හොද වෙලාවට හවස කසාදේ රෙජිස්ටර් කරන්න තියාගත්තේ! මැරුම් නොකා පළයව්!! "
යැයි කියමින් ඔහු ගර්ජනය කරන්නට විය.නගුට අමුඩ ගසාගත් අපි වහාම කාර් වලට පැන පිටත් වීමු.අතරමගදී කාර් නතර කල මනාලයාගේ නෑදැයෝ මා වැලදගෙන ඉඹින්නට විය.
"අර වචනය දුන්නු හින්දා මේ මගුල කරන්න ඉදිරිපත් වුනාට මොකද පස්සේ උන් ගැන ආරංචි වෙච්ච ඒවා හැටියට මං හරිම වේදනාවකින් හිටියේ මේ මගුල ගැන. මහත්තයාගේ කතාව නිසා අපි බේරුනා.." මනමාලයාගේ පියා කිවේය.
"උන් දෑවැද්ද දෙනවා කීවෙත් බොරුවට.. මේ ළමයා හින්දා බේරුනේ.." මව කීවාය..
"අම්මලා තාත්තලා මොනවා හරි කරගයි කියන බයට මේ කසාදෙට මං කැමති වුනාට මචන් මේ මගුල වුනානම් මටයි දිවිනහගන්න වෙන්නේ.. මචං උඹ මාව බේරුවා.." මගේ මිත්‍ර මනාලයා කිවේය.
"ඈ මහත්තයෝ.. කතාවේදී කීවා නේද අපේ පුතා කවුද ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධ වෙලා ළමයෙකුත් ඉන්නවා කියලා.. යමුද එහෙ බලන්න.." පියා යෝජනා කළේය..
අපි එහෙ ගියෙමු. මිත්‍රයාගේ මවත් පියාත් නෑදැයෝත් එහෙදි මහත් සතුටට පත්වූහ.
"සීදේවි ගෑණුළමයා.." පියා කීය.
"ලස්සන දරු පැටියා.." මව කීවාය.
"හොද ගේ දොර.." නෑදැයෝ කිවෝය.
"පුතේ.. අද හොද නැකත් දවසේ උඹ මේ ළමයාව බැදගනින්.අපි ඔක්කොම යමු කච්චේරියට.." පියා යෝජනා කළේය. මව ස්ථීර කළාය. මනාලයා යෝජනාව ක්‍රියාත්මක කළේය.. මං අත්පොලොසන් දුන්නෙමි..
ප/ලි : මෙය උපුටා ගැනීමකි. නරලොව හොල්මන්- චන්ද්‍ර අනගිරත්න..
මේ කතාව මගේ ෆෝල්ඩර් එකක් ඇතුලේ තිබිලා හම්බුනේ. කාලෙකට කලින් PDF එකක් විදියට හම්බුනු එකක්. ඒක කියවලා ඒකෙ තිබුණු ගතිය හින්දාම පෝස්ට් එකක් දාන්න හිතන් හිටියත් ඒක පහු වුනේ එක දෙයක් හින්දා.මගේ බ්ලොග් එක කියවපු අය දන්නවා නොවැ ඒ ගැන. මොනවා උනත් මේක දාන්න ඕනේ කියලම හිතුනුම හින්දා මේක පෝස්ට් කරා ඕන දෙයක් වෙයන් කියලා හිතාගෙන.. ජය වේවා මටම!!
හිකිස්!!
ප/ප/ලි : කියවලා තියෙනවද නරලොව හොල්මන්..? මං නම් සම්පූර්ණ පොතක්ම කියවලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ (නරලොව හොල්මන් 1). මට මතක විදියට පොත් 4ක් තිබුනා. ඒ පොත කියෙව්වෙත් යාළුවෙක් ගෙනත් දුන්නු හින්දා.පට්ට ගති ඒ katනම්. අනිත් ඒවා හම්බවුනේ නෑ. හොයලා බැලුවත් මෙහෙ ගන්නවත් තිබුනේ නෑ. ඉතින් මට නෙට් එකෙන් කතා කීපයක PDF හම්බුනා. එයින් එකක් ඔය..විචාරකත් 'චන්ද්‍ර අනගිරත්න' කතුවරයා ගැන විස්තර ටිකක් දක්වලා තියෙනවා.. ස්තුතියි එයට..
වර්ගීකරණය
නරලොව හොල්මන්..
Subscribe to:
Post Comments (Atom)
ආ.. එල කිරි කතාව..
ReplyDeleteතැන්ක්ස්..
Deleteඋබ මගුල් ගෙදරකට ගියත් ඉතින් ඔච්චරම තමයි...
ReplyDeleteලොල්ය...
:P
අනේ නෑ..උඹේ මගුල් ගෙදරට ආවොත්නම් එහෙම වෙයි.. :)
Delete:O
Deleteඑහෙනම් උබට home coming තමයි කියන්නේ...
:P
චන්ද්‍ර අනගිරත්න මේ වගේ සමාජමය ප්‍රහසන ලිවීමට අති දක්ෂයකු වුවා පමණක් නොව, කාලීන දේශපාලන සිදුවීම් ඇසුරෙන්ද ප්‍රහසන රචනා කර විශේෂයෙන් සති අන්ත පුවත්පත් (එකල දවස පත්‍රයේ ඉරිදා පුවත්පත් වූ රිවිරැස පුවත්පතට)වල තීරු ලිපි වශයෙන් පලකලා. ඒ වා අතිශයින් ජනප්රියවුනා. ඔහු නරලොව හොල්මන් තීරුව අවසානයේ නම ලිව්වේ 'සුරලොව ඇල්මන්'කියලයි. ඔහු නීතිඥ වෘත්තියට සම්බන්ධ බවට මතකයක් අතැත ස්ථිරවම කිව නොහැකියි. ඔහු බ්රෑම් ස්ටෝකර් ගේ ඩ්රැකියුලා නවකතාවද සිංහලට පරිවර්තනය කළා. චන්ද්‍ර අනගිරත්න මහතා වගේම වැදගත් සමා ප්‍රහසනාත්මක ලිපි ලියපු ගෙන් තමයි සිසිරකුමාර මානික්ක ආරච්චි මහතා. ඔහුගේ සාගරයක් මද අමන රටක ඇත, සිරිලංකා ඉල්ලන්කා, වැනි පොත් කියවා බැලුවොත් අද සිදුවන දෑ එදා ඔහු දිවැසින් දැක්කාදැයි සිතෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තුතියි ඔබට අප නොදත් දේ ගැන සදහනක් තැබුවාට..
Deleteහැක්..හැක්... නියම කතාව.. ඉල ඇදෙනවා හිනාවෙලාම..
ReplyDelete:D :D
Delete:) lassana kathawak ayya......asawen kiyewwa. :)
ReplyDeleteඑළ එළ.. ! :D :D
Deleteපොත කියවලා නැති උනත් කියවන්න හිතෙන පොතක් වගේ. මේ කොටස නියමයිනේ
ReplyDeleteකියවන්න කියවන්න.. නියම පොත් ටිකක්..:D :D
Deleteමල් හතයි ඈ ....... මමත් කරන්න ඕනේ මේ වගේ කථාවක් ඊලග මගුල් ගෙදරදී !!!!!!
ReplyDeleteකරලා ඊට පස්සේ වුනදේ මට කියහන් හරිද..? :D :D
Deleteහෙහ් හූ...... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හි හි හි..
Deleteමරේ මරු ඉෂාන්... මම කියවලාම නැ..පොත හොයාගෙන බලන්න ඕනේ..
ReplyDeleteජය වේවා!!!
හොයන් කියවන්න.හසිත ප්‍රකාශන ආයතන දෙක දාලා තිබුනා. ඒවායේ Stall වල තියෙන්න පුළුවන්..
Delete:D :D
පට්ට කතාව ඈ..හිනා වෙලා හොද පන ගියා..
ReplyDeleteඑළ..! :D :D
Deleteහිත ගෙන හිටියේ ඉෂාන් අයියට වෙඩින් එක කියන්න...
ReplyDeleteඅපොයි දැන් නම් කීයටවත් කියන්නේ නෑ...
අනුන්ගෙන් ගත්තා කියලා මු කරපු වැඩක්ද කොහෙද මේ...
බෑ බෑ යකෝ සුළු සුළු වැරදි වලින් දරුවෝ හම්බෙනෝ නම් ලොකු වැරද්දක් උනොත්.. හික්ස්
බය වෙන්න එපා බං.. මං ඒ වගේ හොද වැඩක් කරන එකක් නෑ. බය නැතුව වෙඩින් එක කියහන්..
Deleteමේ මගේ කතාවක් නෙවෙයි..
මොකද්ද බං ලොකු වැරැද්ද?
:D :D
හෙහ් හෙහ්.. නියමයි බං..
ReplyDelete… ඔය කියන පොත නම් කියවලා නෑ. හොයලා බලන්න ඕනි. ඒත් "නරලොව හොල්මන්" කියන නම නම් මතකයි. ෆිල්ම් එකක් ආවද මන්දා ඒ නමින්.
මටත් මතකයි ඒ වගේ ෆිල්ම් එකක නමක්.හොයන් කියවන්න.හසිත ප්‍රකාශන ආයතන දෙක දාලා තිබුනා. ඒවායේ Stall වල තියෙන්න පුළුවන්..
Delete:D :D
හී හී..නියමයි නියමයි! :)
ReplyDeleteනියම ඒවා තමා දෙන්නේ..
Delete:D :D
මට මතක විදිහට නම් චන්ද්‍ර අනිගිරත්නගේ නරලොව හොල්මන් පොත් 3 ක් තියෙනවා. 1 වෙනි පොත නම් ගුණසේන ප්රකාශනයක්. 2,3 දයාවංශ ජයකොඩිලගේ. මේවා හැරෙන්න විශිෂ්ඨ පරිවර්තන කීපයකුත් අනගිරත්න කරලා තියෙනවා. ඩ්රැකියුලා, ටොම් සෝයර්, හක්ල්බරි ෆින්.....
ReplyDeleteස්තුතියි ඔබට ඒ පොත් පල කරපු ආයතන දෙක ගැන සදහනක් කලාට. මාත් ඒක දන්නතුව හිටියේ. පොත කියවලා දැන් අවරුදු 9,8 ක් විතර වෙනවා.
Deleteමරු කතාව හෙහ්
ReplyDeleteNIYAMA KATHAWAK, ME WAGE KATHA THAWA DAMANNA.
ReplyDeleteකතානම් තියේ.බලමුකෝ.. :) :)
Deleteමන් ගාව පොත් 4 ම තියනවා ........
ReplyDeleteකොහෙන්ද සහෝ පොත් ගත්තේ?
Deleteසුපිරියට ලියන කෙනෙක් තමයි අනගිරත්න මහත්තය
ReplyDeletenaralowa holman'ma thamai...
ReplyDeleteඇත්තටම හිනා යන කතා කියපු නියම රචකයෙක්...මම මේ පොස්ට් එක කොපියක් ගන්නවා.ඔබේ අයිතිය තහවුරු කරලා.
ReplyDeleteචන්ද්‍ර අනගිරත්න නරලොව හොල්මන් pdf ekak nadda hoyaganna???
ReplyDeleteMe poth tika aragena kiyawanna asai... Pothe Publisher Kawda kiyala dannawada???
ReplyDeletep.s Ishan g Blog eka mula indan kiyawagena awe... harima intresting.... Digatama Liyanna :) wish you all the best
ගොඩගේ පොත් සමාගමේ මට මතක විදියට.
Deleteමේ වෙද්දී නම් කියවලා ඉවර ඇති බ්ලොග් එක. තෑන්ක්ස්. විශ් එකට
හම්මේ, කාලෙකට පස්සෙ ලේ ටිකක් පිරිසිදු කරගත්තා!!
ReplyDeleteතැංකූ ඉෂාන් සහෝ, මේ පොත් තියෙනවා නං අපිටත් දෙමුකො බලන්න පොඩ්ඩක්, පුළුපුළුවං හැටියට බෙදාහදාගන්න බැරියැ!!