Friday, September 20, 2013
මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක)
මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස් වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි. P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් පොරක්. P.M කියන නම වැටුනෙත් මූණ එල්ලගන්න එකට සමහර දේවල් වලදී.
මේ සියලු නම් වලට අදාල පුද්ගලයා මට මුලින්ම හම්බවෙන්නේ 6 වසරේදී. ඒ අලුත් ඉස්කෝලෙදි. ඒ දවසේ වලම ඉදල අද වෙන තුරුත් මගේ හොද යාළුවෙක්. එක කාලයක් තරහ වෙලාත් හිටියා. ඒත් ආයෙත් ෆිට් වුනා. මේ කියන බණ්ඩා අපේ ඉස්කෝලේ අන්තිමේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඒ තනතුරට පත් වුනේ ගුරුවරුන්ට සෑහෙන ගොට්ටේ අල්ලලා කියලායි අපේ කාගේත් අදහස වුනේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරුවේ ගුරුවරුන්ගේ ඡන්දයෙන්. ඉතින් ඒ ඕන ඡන්ද ටික ගන්න සෑහෙන විදියට ගුරුවරුන්ට ෆිට් වුනා. අනික බණ්ඩා කැපීපෙන්න දක්ෂයි. ඕනේ දෙකට පැනලා වැඩ කරා.
වෙලාවකට යාලුවොත් අමතක කරලා වගේ ඔළුවට අරන් වැඩ කරන්න ගත්තා. අපේ එවුන්ට ඒක දිරෙව්වෙ නෑ.ඒ හින්දාම පොරගෙන් අපේ එවුන් ටික ටික ඈත් වෙන්න ගත්තා. ඉතින් කාලයක් එහෙම යන්න ඇරලා පොරගේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරෙන් අයින් කරන්න තරම් අපේ එවුන් දායක වුනා. ඉතින් මට හිතුණා පොරගේ කතා කීපයක් බ්ලොග් එකේ ලියලා දාන්න. නැත්නම් මේකත් පාළුවට යනවා.
කතා අංක 1 :
අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට ඕනේ වුනා විවාද කණ්ඩායමක් හදලා අනිත් ඉස්කෝලත් එක්ක තියෙන විවාද තරඟ වලට ඉදිරිපත් කරන්න හොද කථිකයින් පිරිසක් තෝරාගන්න. ඉතින් ඒකට කරේ ඉස්කෝලේ තියෙන සෙක්ෂන් තුන අතර විවාද තරඟ පවත්වලා හොදම සෙට් එක තෝරන් ඒවාට යවන්න. ඉතින් ඔහොම සෙක්ෂන් සෙක්ෂන් විවාද කරා. අන්තිමේදී අපේ සෙක්ෂන් ඒකයි ( ඒ කියන්නේ බයෝ) බණ්ඩා ඉන්න සෙක්ෂන් (කොමර්ස්) එකයි අතර තියෙන දවස ආවා. මේවා තිබුනේ ඉස්කෝලේ අන්තිම පීරියඩ් වල.
ඉතින් එදා හවසත් විවාදේ පටන් ගත්තා.( මට මාතෘකාව මතක නෑ මොකද්ද කියලා.මට මතක විදියට එක හොදයි කියන්න තමා අපිට තිබුනේ.උන්ට ඒක නරකයි කියන්න ) බණ්ඩාත් කොමර්ස් එකේ විවාද කරන සෙට් එකේ වාඩිවෙලා හිටියා. දැන් විවාදේ නැගලා යනවා. ඔහොම ගිහින් බණ්ඩාට කතා කරන්න චාන්ස් එක ආවා. පොර ඉතින් අනිත් අය දිහා හොදට බලලා, ලොකු ආඩම්බරකමකින් කතාවට මුල පෙරුවේ මෙහෙම,
"මල් පිබිදෙන මේ හිමිදිරි උදෑසනේ අපේ මාතෘකාව.." කියලා කියද්දීම,
අපේ විවාද සෙට් හිටිය කට තියෙන පොඩි එකෙක් ඉක්මනට නැගිටලා,
"මේ බණ්ඩා, දැන් කොහෙද හිමිදිරි උදෑසනක්! මේ පට්ට දවල්! " කියලා හෙන කින්ඩියට හයියෙන්ම කියලා දැම්මා.
විවාදේ බලන්න ඇවිල්ලා හිටපු අය, ගුරුවරු එහෙම බණ්ඩා දිහා බලලා හිනාවෙන්න ගත්තේ නැතයි.ඒ අස්සේ හූ සද්දෙකුත්. බණ්ඩාට හෙන නෝන්ඩිය. පොර එහෙමම අනිත් හිනාවෙන එවුන් දිහා රව රව කතාව ඉස්සරහට කරගෙන ගියා.කොහොම හරි මේ සීන් එක මුළු ඉස්කෝලෙම දැනගත්තා. පොරව දකින හුඟක් එවුන් " මචං, මේ මල් පිබිදෙන උදෑසනේ මොනවද කරන්නේ?" කියලා අහන්න අමතක කරේ නෑ කාලයක් යනකම්. විවාදේ අපේ සෙක්ෂන් එක දිනුම්. බණ්ඩා අන්තිමේදී තෝරගත්ත සෙට් එකේ හිටියේ නෑ..
කතා අංක 2 :
A/L කරන්න පටන්ගෙන අපේ සෙක්ෂන් එකට ආව ගෑණුළමයෙක් එක්ක මාත් යාළු වෙනා. එයාට එයත් එක්කමා ඉන්න තව යාළුවෝ දෙන්නෙක් ආවා. මේ දෙන්නාගෙන් එක්කෙනක් මගේ යාළුවෙක් එක්ක කලින්ම යාළු වෙලා හිටියා. ඉතුරු වෙලා හිටියේ තව කෙනෙක් විතරයි. මේ කෙල්ල හරි කෙට්ටුයි ඒ දවස් වල. ඉරට්ටක් වගේ කියලා කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මායි, මගේ යාළුවයි ලව් කරන් යද්දී මේ කෙල්ලත් අපි එක්කම යන්න ගත්තා.(මං කෙල්ලට "වාසි" කියන්නම්.) ඒ කියන්නේ ක්ලාස් කට් කරලා වැව රවුමේ යද්දී මේ වාසිත් අපිත් එක්කම එන්න යන්න ගත්තා, කොහේ ගියත් එහෙමයි. අපිට මුකුත් කියන්න බෑ.ඒ තුන්දෙනා පොඩිකාලේ ඉදලා එකටම ඉදපු අය. අපි මල් කඩද්දි වාසි තනියම බංකුවක් උඩ ඔහේ ඉන්නවා.
ඔහොම ටික දවසක් යද්දී තේරුණා මේක හරියන්නේ නෑ කියලා . මට හිතුණා මේ වාසිගේ ජිවිතයටත් අපේ එකෙක්ව සෙට් කරලා ආ තනිකම පාළුව මකලා දාන්න. ඉතින් ඒක අපේ එවුන්ටත් කියලා අපේම දෙන්නෙක්, තුන දෙනෙක්ගෙන් ඇහුවා "උඹ කැමති නැද්ද බං වාසිට?" කියලා. ඒ එකෙක්වත් කැමති වුනේ නෑ වාසිගේ කෙට්ටු ගතිය හින්දාම. ඉතින් ඒක එහෙම අත ඇරිලා ගියා.
ඔහොම යද්දී කාලේ යද්දී අපේ එවුන් සෙට් වීමකට පොඩි ගමනක් ගියා.අපේ බණ්ඩාත් ගියා. ඉතින් කට්ටිය දැන් ගෙනාපු ඒවායෙන් හොදටම සප්පායම් වෙලා එක එක විකාර කියවනවා. තව එකෙක් ගෙනිච්ච බෝතලේ කඩලා යාළු වෙලා ඉන්න කෙල්ලගේ, පස්සෙන් යන කෙල්ලගේ නමේ මුල් අකුර අතේ කොටනවා. කීප දෙනෙක් කරා ඒක. මේ මාත් කරා. බණ්ඩා කෙටුවේ "C". ඒ පොරගේ ගෙවල් ගාව කෙල්ලෙක්ගෙ නමක මුල් අකුරක්.පොර යාළුවෙලා හිටියේ නෑ.දැන් ඉතින් එක එකා තමන්ගේ ලව් ගැන කියවන්න ගත්තා. බණ්ඩාත් උගේ එක ගැන කියවන්න ගත්තා. ඒක දුක්ගැනවිල්ලක්. අහලාම එපා වුනා. ඒක හරියන්නේ නැතිපාටයි. මට එක පාරම අපේ වාසිව මතක් වුනා. මූට ඒක සෙට් කරානම් මුටත් කෙල්ලෙක් ඉන්නවා. අපිත් නිදහස් කියන ඒක තේරුණා.
"මචං බණ්ඩා! උඹට අර වාසිව සෙට් කරලා දෙන්නද?"
"මොකා! අර කෙට්ටු එකද?"
"ඕ ඕ.. ඒක තමා. මොකද කියන්නේ? ඒ කෙල්ල අවුලක් නෑ බං. මාර හොදයි.උඹට මැචින්!"
බණ්ඩා ටික වෙලාවක් කල්පනා කරා.
"හා. එහෙනම් සෙට් කරලා දියකො. උඹලා අහපන්. මං ඊලඟ දවසේ උඹලාත් එක්ක යන්න එන්නම්.ඇවිත් මීට් වෙන්නම්. මං අරක දැන් අමතක කරා." කියලා.
"හරි. දැන් උඹ ඔය අතේ කෙටුව "C" එක මකහන්. වාසි දැක්කොත් හරි නෑනේ. උඹට කැමති වෙන එකකුත් නෑ! අනික උඹ දැන් ගමේ කෙල්ල අමතක කරන්න ඕනේ. උඹට ඒක සිහියේ තියන් වාසි එක්ක ඉන්න බෑ. එතකොට වාසි පව්."
"අහ්! ඔව් බං. ඉදපන් මං ඒක වෙනස් කරලා වාසිගේ නමේ අකුර ගහන්නම්" ,
කියලා බණ්ඩා අර කලින් කොටපු අකුර ඒ වෙලාවෙම වෙනස් කරා වාසිගේ නමේ මුල් අකුරකට. කොහොමහරි ඊලඟ සතිය ඉස්කෝලේදි වාසිට බණ්ඩා කැමතියි කියන එක වාසිට කිව්වා. වාසි හිටියේ මගේ පන්තියේ හින්දා අවුලක් තිබුනෙම නෑ වැඩේට.ඒත් වාසි එච්චර කැමැත්තක් පෙන්නුවේ නෑ. ඒ වුනත් අපි වැඩේ අතඇරියෙත් නෑ.ඒ සතියෙම වාසිගේ ඔළුවට බණ්ඩා ගැන හොද කියලා ඒක පිරෙව්වා. අනික බණ්ඩාත් අපේ සෙක්ෂන් එක වටේ කැරකුනා වාසිව බලන්න.
කොහොමහරි ඊලඟ ක්ලාස් දවසේදී බණ්ඩාත් අපිත් එක්ක ආවා. වාසි පැත්තක ඉද්දි අපි ගිහින් වාසිගෙන් ඇහුවා. ඒත් කැමත්තක් පෙන්නුවේ නෑ. අන්තිමේදී බණ්ඩා ව යැව්වා ගිහින් උඹම කතා කරගනින් කියලා. මූත් ගිහින් ටික වෙලාවකට පස්සේ ඇවිත් කිව්වා "වැඩේ ගොඩ. වාසි කැමතියි කිව්වා " කියලා. යාළු වුන දවසෙම හවස අපි කෝච්චියේ ගෙදර යන්න එද්දී මේන් බණ්ඩා ඉන්නවා ශීට් එකක වාසිව තුරුළු කරන්. අපිට හරි පුදුමයි. මොකෝ යාළු වුන මුල් දවසෙම එහෙම ඉන්න හයියක් බණ්ඩාට කොහෙන්ද ආවේ කියලා. මොකද ඒ ඝට මටවත් නෑ ඒ කාලේ. පොඩි එවුන්නේ.
කොහොමහරී අපේ මිෂන් එක සාර්ථකයි. "වාසිට කොල්ලෙක්. අපිට අපේ නිදහස."
කතා අංක 3 :
මේක 18+ වගේ. ඒ හින්දා අවුරුදු 18ට අඩු අය නොබැලුවානම් හොදයි.
මං උඩින්ම කිව්වනේ "මළකඩ බණ්ඩා" කියන නම හැදුනේ කොහොමද කියන්නම් කියලා. දැන් ඒකට වෙලාව.
අපේ බණ්ඩායි, මේ වාසියි ඔහොම ලව් එක පටන් ගෙන සෑහෙන කාලයක් ගියා. දවසක් මේ දෙන්නාට පුංචි හනිමූන් එකක් යන්න චාන්ස් එකක් ලැබුනා. මේ සීන් මං එක දැනන් හිටියේ මායි, තව යාළුවෙකුයි විතරයි. ඒ එහෙම යනවා කියලා. බණ්ඩා ඒ පුංචි හනිමූන් එක ගියේ යම් යම් සීමාවන් එක්ක. තේරෙනවා ඇතිනේ කොයි වගේ දෙයක්ද කියන්න කට්ටියට. ඉතින් මේකා ඒ ගමන ගිහින් ආවා.
කොහොමහරි මේ ගමන ගැන අපේ සෙට් එකේ වෙන පොරකට ලීක් වෙලා තියෙනවා. පොරට තඩියා කියන්නේ. ඒ මහත හින්දා. හෙන පිස්සු පොරක්. ඉතින් මේ තඩියා ඊලඟ දවසේ අපේ බණ්ඩාගෙන් මොකුත් නොදන්නා තාලෙට,
"ඇත්තද ඊයේ උඹ අරහේ ගියා කියන්නේ?"
"ඔව් බං "
"ඉතින් මොකෝ වුනේ? ෆන් ද? "
"කිසි අවුලක් නෑ බං. හැබැයි මළකඩ රහයි!" කිව්වලු.
ඒ මළකඩ රහ මොනවද කියලා මගෙන් අහන්න හදන්න එපා. කොහොමහරි මේ තඩියා සීන් එක අපේ හෙම එකාටම කිව්වා. "වාසි මළකඩ රහයි කියලා බණ්ඩා කියනවනේ" කියලා. මටනම් බණ්ඩා ගැන අවුලක් ආවා ඒ කියපු එකටනම්. මොනවා වුනත් කෙල්ලෙක්නේ කියලා.මං කිව්වා දුන්නා ඌට ඒක. ඌටත් පස්සේ ඒක තේරුණා.
කොහොමහරි බණ්ඩා එදා ඉදලා අද වෙනකම් "මළකඩ බණ්ඩා" වුණා. වාසිට ඒ කතාව කතාව අපේ එවුන් එකෙක්වත් දැනගන්න ඉඩතිබ්බේ නෑ. මොනවා වුනත් ඒ කතාව අපේ සෙට් එකෙන් පිට ගියේ නෑ. හැබැයි බණ්ඩාවනම් සෑහෙන්න බයිට් වුණා ඒ සීන් එකට.
දැන් ඒ දේවල් වෙලා සෑහෙන කාලයක්.ඒ ආදර කතාවට දැන් අවුරුදු අටයි. දැන් උන් දෙන්නා බැදලා මාස 6ක් වගේ. මාත් ගියානේ වෙඩින් එකට. එදත් අපේ එවුන් මේ කතාව ඇදලා ගත්තා. දැන්නම් එහෙම නෑ කියලයි බණ්ඩානම් කිව්වේ. අපි දන්නේ නෑ ඉතින්. ඒවා එයාලට අදාලයි.
උන් දෙන්නා, මගේ යාළුවෝ එකෙක්වත් බ්ලොග් බලන්නේ නෑ කියන්න දන්නා හින්දා තමා මේක ලියලා දැම්මේ. බණ්ඩාගේ තවත් කතා තියෙනවා. පස්සේ දාන්නම්. මේ පෝස්ට් එක දිග වැඩි වුණා හිතුවට වඩා.
වර්ගීකරණය
ඉස්කෝලේ කතා,
යාළුවන්ගේ කතා
Subscribe to:
Post Comments (Atom)
කෙල්ලන්ගෙ නම් ඇගේ කොටන එක තරම් තවත් මෝඩ කමක් මම නම් දකින්නෙ නෑ...කෙල්ල දාලා ගියාම ඉතිං මකපල්ලකො...ජෝඩුව හොදින් ඉන්නවා නම් එච්චරයි ඉතිං...හුග කාලෙකින් මේ පැත්තට ආවෙ..
ReplyDelete//යාළු වුන දවසෙම හවස අපි කෝච්චියේ ගෙදර යන්න එද්දී මේන් බණ්ඩා ඉන්නවා ශීට් එකක වාසිව තුරුළු කරන්.///
ReplyDeleteයාළු වෙලා ටික දවසකින් රූම් අදින රටේ යාළු උන දවසෙම කෝච්චියෙ තුරුල් වෙලා යන එකත් දෙයක් නෙමේ :D
මෙනා උනත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකතු කරපු එක ගැන උබලටත් සතුටු වෙන්න පුලුවන් :)
බන්ඩා කොමිටලයක් උනත් සිරා ලව් එකක් කරලනෙ තියෙන්නෙ.
ReplyDeleteඅපේ ක්ලාස් එකෙත් හිටියා ඔය වගේ පන්දම් අල්ලලා හෙඩ් ෆ්‍රිෆෙක්ට් උන එකියක් .....හාපෝ පේන්න බෑ ඒ හොල්මන අපිට...
ReplyDeleteකතා ටික රසවත්...
පච්ච මකන්න වෙයිද??? පොඩ්ඩක් හිතහල්ල ගහගන්න කලින්...
ReplyDelete\\\මේ සීන් මං එක දැනන් හිටියේ මායි, තව යාළුවෙකුයි විතරයි.\\\\
ReplyDeleteඑක්කෝ උඹ නැත්නම් අනිත් එකා තමයි ලීක් කරලා තියෙන්නේ.. මගේ හිත කියන්නෙම උඹ තමයි ලීක් කරේ කියලා.මෙදා පාර බ්ලොග් පෝස්ට් එහෙකුත් දාලා ...
( විහිළුවක් කරේ හොඳද )
උගේ හෙඩ් ෆ්‍රිෆෙක්ට් කමට කෙලවලා තියෙන්නෙත් උබමද කොහෙද
ReplyDeleteඋඹලත් කරන වැඩ!
ReplyDeleteසිරා කතාව බන්... පවු යකෝ බන්ඩ... ඌ ට ඉතින් මලකඩ රහ වෙන්න ඇති.... උබට මොන වගේ රහක්ද ආවෙ....
ReplyDeleteවැඩේ පත්තුවෙන්නේ කෙල්ලත් දැකපු දෙවල් ටික එලිටය දැම්මා නං තමයි ......
ReplyDeleteI DON'T WANNA LIVE ON THIS PLANNET ANYMORE.........!
ReplyDeleteME SEEN EKA KAKKA BUWAGE YALUWEKTA UNA NAM EHEMA PORA MALAKADA SERIES EKAKMA LIYAI...!
මොනවද අනේ ඒ මලකඩ රස
ReplyDeleteසමාවෙන්න ඕන...කියවන්න වෙලාවක් නැති නිසා මම බුක්මාර්ක් කරගත්තා...සමා වෙන්න ඕන...රෑට කියවන්නම්
ReplyDeleteඌට පිටගැස්ම හැදුනෙ එහෙම නැද්ද දන්නෑ....
ReplyDeleteහරිනෙ ඉතින්, වාසිට කොල්ලෙක් නැතුව වේලි වේලි ඉදලම මලකඩ කන්න ඇති.... :P
අවුරුදු 3 ක් නේ..
Deleteආපහු ලියමු නේ....
මොනා උනත් කතා ටික පට්ට
ReplyDelete