Friday, September 20, 2013

මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක)



මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස්‌ වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි.  P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් පොරක්. P.M කියන නම වැටුනෙත් මූණ එල්ලගන්න එකට සමහර දේවල් වලදී. 

මේ සියලු නම් වලට අදාල පුද්ගලයා මට මුලින්ම හම්බවෙන්නේ 6 වසරේදී. ඒ අලුත් ඉස්කෝලෙදි. ඒ දවසේ වලම ඉදල අද වෙන තුරුත් මගේ හොද යාළුවෙක්. එක කාලයක් තරහ වෙලාත් හිටියා. ඒත් ආයෙත් ෆිට් වුනා. මේ කියන බණ්ඩා අපේ ඉස්කෝලේ අන්තිමේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඒ තනතුරට පත් වුනේ ගුරුවරුන්ට සෑහෙන ගොට්ටේ අල්ලලා කියලායි අපේ කාගේත් අදහස වුනේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරුවේ ගුරුවරුන්ගේ න්දයෙන්. ඉතින් ඒ ඕන ඡන්ද ටික ගන්න සෑහෙන විදියට ගුරුවරුන්ට ෆිට් වුනා. අනික බණ්ඩා කැපීපෙන්න දක්ෂයි. ඕනේ දෙකට පැනලා වැඩ කරා.

Wednesday, September 11, 2013

තනි වූ මොහොතේ..



දවසක
නිහඬ මොහොතක 
හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක 
ඔයා මගේ ළඟ
සිහිනයක් වගෙයි රත්තරන් මට
අපේ හිත්වල හැංගුන ලෙන්ගතුකම
විකසිත වෙලා පුදුමයි මට
හැමදාම දොඩමළු වූ අපේ සිත්
අද ගොළු වෙලා වගේ
ඒත් හැගීම් වලින් පිරුණු 
අපේ නුවන් රහසින්ම ලංවෙලා
ආදරයෙන් උමතුවුණු හදවත
කියාගන්න බැරිතරමට සතුටු වෙනවා
දුකක් සුසුමක් අද ළඟපාතකවත් නෑ
මේ සෙනෙහසේ ඇරඹුමට සුභපතන්න වගේ
මල් සුවඳකුත් හිතට දැනෙනවා
ඇත්තටම ඔයා මගේම නම්
මාත් ඔයාගේම වෙන්නම් සදහටම
මේ අද වගේ ඔයාගේ තුරුළට ලංවෙලා
ඉන්නම් හැමදාම..

-ජානු-


- මාස 03 දින 06කට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියවෙන්නේ. එහෙම වෙන්න හේතු කාරණා කිහිපයක් තිබුණනේ මට. තව කම්මැලි කමත් සෑහෙන්න තිබුණා පෝස්ට් එකක් ලියන්න බැරි තරම්. අතරින් පතර අනිත් අයගේ බ්ලොග් වලට ගොඩ වෙලා ලියපු ඒවා කියෙව්වත් කමෙන්ට් කරේම නැද්ද කොහේදෝ. ඒ හින්දා මාව අමතක වෙලාම ගිහින් ද දන්නේ නෑ.. 

Wednesday, June 5, 2013

ඇෆ්ගන් මොනාලිසා.. (දැක ඇති ඡායාරූපයක අපි නොදත් කතාවක්)

මා මේ කියන්නට යන ඡායාරූපය ගැන වරෙක ඔබ අසා ඇති. වරෙක ඔබ දැක ඇති.සමහර විට මීට කලින් නොඅසා ,නොදැක ඇති.මෙයින් කුමක් වුවත් එයට පාදක වූ කතාව දැනගන්නට ,ඡායාරූපය දැකගන්නට කැමතිද? මේ ඡායාරූපය ලොව ප්‍රසිද්ධ වූයේ 'ඇෆ්ගන් මොනාලිසා' යන නමින්.

"මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්..
අනුන්ගේ පිලිසරණින් ජීවත් වන්නියක්..
තවම දැරියක වුනත් 
ඇගේ හිතේ ස්පන්දනය වෙන 
ආත්ම අභිමානය
කසපහරක් වගේ තියුණුයි..
දෂ්ඨ කරන්නට සුදානම් වෙලා
අතීරණයෙන් ඉන්න
සර්පයෙකුගේ ස්වාභාවයක්
ඇගේ බැල්මේ තියෙනවා.."


ඒ විදිහටයි ඒ ඡායාරූපය දුටු කෙනෙක් පැවසුවේ.මේ කියමනට ලක් වූ,

Friday, March 29, 2013

කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්)


විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..

කතා අංක 01:

පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ඉක්මනටම වාහනේ හරි මඟට අරන් නැවතත් ගමන යන්න පටන් ගත්තා.ඒත් පූජකවරයාගේ හිත තිබුනේම අර පූජකවරියගේ ඇඳුම එසවිලා පෙනුන කකුලේ.

අවසානයේ පූජකවරයා ගියර් එක මාරු කරන විදියට හෙමිහිට තමන්ගේ අත අර පූජකවරියගේ කකුලේ අත ඉහළට ගෙනිච්චා.පූජකවරිය,

"ෆාදර්.. ෆාදර්ට මතකද දේව ස්ත්‍රෝත‍්‍ර 129?"

පූජකවරයා ඉක්මනට අත කකුලෙන් අයින් කරගත්තා.ආයෙත් ටික වෙලාවකින් පූජකවරයා කලින් වතාවේ කරපු විදියටම අත පූජකවරියගේ කකුල අතගාන්න පටන්ගත්තා.පූජකවරිය නැවතත්,

"ෆාදර්ට මතකද දේව ස්ත්‍රෝත‍්‍ර 129?"

Saturday, March 16, 2013

සූදු සල්ලි..



සිරිපාල කියන්නේ සල්ලි,දේපළ තියෙන සූදුවට බොහෝ සෙයින් ඇබ්බැහි වුන මනුස්සයෙක්.සූදුවට ගිහින් දිනුවාට වඩා වුනේ හුඟක් පැරදුනු එක.මේ නිසා තමන්ගේ වත්කම් එන්න එන්න අඩු වුනා.ඒත් සූදුවට යන ගමන නතර කරේ නෑ.

ඔන්න ඉතින් සිරිපාල වෙනදා වගේම හවසක ටවුන් එකේ තියෙන ක්ලබ් එකට ගියා සූදු කෙළින්න.මේ වතාවේ සූදු කෙළිය අවසන් වුනේ සිරිපාලට දිනුම ලැබිලා.දිනපු ගාන රුපියල් කෝටියකටත් එහා.ඉතින් මේ සල්ලි අරන් ගෙදර යන ගමන් සිරිපාල කල්පනා කළා මේ සල්ලි ගැන කව්රුවත් දැනගන්නේ නැත්නම් හොදයි කියලා. මොකද එහෙම වුනොත් තමන් ණය වෙලා ඉන්න අය ඇවිත් මේ සල්ලි වලින් තමන්ගේ ණය බේරන්න කියයි කියලා.ඉතින් සිරිපාල කරේ ගෙදර ගිය ගමන්, ඒ මහ රෑ  ගේ පිටිපස්සට ගිහින් වත්තේ වලක් කපලා අර දිනන් ආව සල්ලි ටික වල දාපු එක.

Monday, February 18, 2013

පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10)

වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...

එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.


ප්‍රශ්න අංක 1 : 



ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි යා කරලා තමා මේ පාලම හදලා තියෙන්නේ.මේකේ ලංකාවේ පැත්තේ ඉන්නවා ආරක්ෂකයෙක්.ඔහුට දීලා තියෙන රාජකාරිය තමා ලංකාවේ ඉදලා ඉන්දියාවට යන්න උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තියෙන එක.ඒ කියන්නේ මේ පාලම හරහා ලංකාවේ ඉදලා කිසිම කෙනෙකුට යන්න බෑ ඉන්දියාවට.ඒත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්න කිසිම බාධාවක් මේ ආරක්ෂකයාගෙන් නෑ. නිදහසේ ලංකාවට එන්න පුළුවන්.

මේ ආරක්ෂකයා හැම පැයකටම සැරයක් මේ පාලම මත තියෙන නිරීක්ෂන කුළුණට නැගලා බලනවා කවුද ලංකාවේ ඉඳලා කවුද ඉන්දියාවට පනින්න හදන්නේ කියලා.කවුරුහරි යන්න හැදුවොත් වෙඩි තියනවා.මේ පාලමේ එක පැත්තක ඉදන් අනිත් පැත්තට යන්න පැය 1යි විනාඩි 45ක් යනවා.යන්න තියෙන්නේ ඇවිදන්.