Thursday, December 13, 2012
ගෙදර බොස් කවුද?
කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා.
දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ගොඩවැදුණු කමල් දැක්කා තමන්ගේ පරණ මිතුරා, ඒ කියන්නේ විමල් ක්ලබ් එකේ මේසෙකට වෙලා බියර් වීදුරුවක් තොල ගගා ඉන්නවා.කමල්ට හරි පුදුමයි ඒක.මොකද විමල් සෑහෙන කාලෙකින් ක්ලබ් එකට තනියෙන් ඇවිත් ඉන්නවා දැක්කේ නැති හින්දා. කමල් ගියා විමල් ඉන්න තැනට.
"අහ්! විමල්.. දැක්ක කල්. කොහොමද ඉතින් සැප සනීප? මොකද වයිපරේ පෙන්න නැත්තේ ? "
"අහ්! කමල්! මං උඹ ළඟට එනකම් දැක්කේ නෑ මචං.අවුලක් නෑ. වෙනදා වගේම තමා. අද වයිෆ් ආවේ නෑ. ම තනියෙන් ආවේ.."
"මොකක්! පුදුමයි උඹට තනියම එන්න දුන්නා ඒකි.."
"ඕ මචං.. මං ආවා අද තනියෙන්.."
"ඉතින් කොහොමද උඹ කුසුමාගෙන් බේරිලා ආවේ..?"
"හැමදාම කුසුමාට යටත්වෙලා ඉන්න බෑනේ මචං. මං අන්තිමේදී තීරණයක් ගත්තා.."
"මොකද්ද..?"
"මං තීරණය කරා පවුලේ ප්‍රධානියා, ඒ කියන්නේ ගෙදර බොස් වෙන්න ඕනේ කවුද කියන එක එයාට පැහැදිලි කරලා දෙන්න කුසුමාට.."
"ඉතින්..?"
"ඉතින් ඊයේ දවල් මං කුසුමාට කිව්වා, 'මේ කුසුමා, අපි දැන්වත් වෙනස් වෙන්න ඕනේ.මට බෑ තවත් ඔයාට යටත් වෙලා ඉන්න.මටත් මේක ඇතිවෙලා.මට යාළුවෙක් ආශ්‍රය කරන්න නෑ.ඇති ඉවසුවා හොදටම.මං අද ඔයාට පෙන්වන්නම් ගෙදර බොස් වෙන්න ඕනේ කවුද කියන එක..!!"
"ඉතින් ඊට පස්සේ මොකද වුනේ..?"
"මෙහෙමයි මචං.. මං පුරසාරකම් දොඩවනවා කියලා හිතන්න එපා උඹ. අන්තිමේදී මං කුසුමා මං ළඟ දණින් වැටුනා..!"
කමල්ට පුදුමයි මේ සීන් එක අහලා.මොකද කුසුමා කියන්නේ කිසි දේකට සෙකන්ඩ් නොවෙන ගෑණියක් කියලා දැනන් හිටිය හින්දා.
"ඇහ්..! උඹ කොහොමද මචං ඒක කරේ..? කොහොමද කියහන් මට.. "
"මං ඒ වෙලාවේ ඇඳ අස්සේ හැංගිලා හිටියේ මචං..!!"
වර්ගීකරණය
ව්හිළු කතා
Subscribe to:
Post Comments (Atom)
අයියෝ සල්ලි
ReplyDelete........... ඇයි මෙහෙම වෙන්නේ
පෙර කරපු පින් අනුව තමා මචං ඔහොම වෙන්නේ.. ;)
Deleteඕ....ඕ.... ඔය වගේ නෝනලා නිසා තමයි මහත්තුරු හුඟක් වෙලාවට බොන්න පුරුදු වෙන්නේ.ඉෂාන් මහත්තයට උන දෙයක් නෙමෙයි නේද මේ? හි..හි..ගණන් ගන්න එපෝ.
ReplyDeleteඕ ඕ.. එහෙමත් වෙන්න පුළුවන්..
Deleteඅනේ නෑ අෆ්ෆා! මං තාම බැඳලා නෑනේ. :)
හැත්... හිකි. හුක්ස්... යථාර්තය
ReplyDeleteහැක හැක.. මේ යථාර්තයමැයි..
Deleteවිමල් පව් !...ඔන්න ඔය විදියට තමා බොස් වෙලා තියෙන්නෙ... :)
ReplyDeleteඕ.. පව් අහිංසකයා. ;)
Delete
ReplyDeleteකොහොම හරි දණ ගස්සපු එක ලොකු දෙයක්.
දැන් ගෙදර ගියාමත් වයිෆ් ආයෙමත් දණගහයි, ?@&*
ඒක ඇත්ත. සමහර අයට ඒකවත් කරගන්න බෑනේ. :)
Deleteකොහොමත් දනගාගෙනම යයි මයේ හිතේ. :)
:D අපේ කාලයේ යුග පුරුසයෙක් :P
ReplyDeleteඅනිවා.. මෙහෙමත් යුගපුරුෂයෝ බිහිවෙන්නේ කලාතුරකින්. ;)
Deleteකුසුමා දනින් වැටිලා ඔලුවත් බිම ඔබාගෙන අත් දෙකත් ඉස්සරහට දික් කරගෙන....
ReplyDeleteවැන්දද? විමලෙව ඇදලා ගත්තද?
තීරණය ඔබේ අතේ....
කා අතේද තීරණය ඒ.කේ.එම්?
Delete:D :D :D
ReplyDeleteඔයාලටනම් හිනා නේ! ඈ.. :(
Delete"අන්තිමේදී මං කුසුමා මං ළඟ දණින් වැටුනා..!"
ReplyDeleteඕක හැදෙන්න ඕනා නේද?
අහ්! ඔව් මචං. ඊයේ රෑ ලිව්වේ මේක.ඇඳට යන්න තිබුණු හදිසිය හින්දා වැරදි බැලුවේ නෑ. තෑන්ක්ස් ඒක පෙන්නුවාට. :)
Deletemama bila gedara giya dawsata gani mata dan gahala kata karana..
ReplyDeleteeya magen ahny
"tamusy ada yatin eliyata enwada nada?"
Jayawewa
හි හි හි.. ඒක සිරාද සහෝ? ඈ.. මට දුකේ බෑ ඒක සිරා කතාවක් නම්. ;(
Deleteeka vihiluwak..It is joke. mama ahala tiyana katawa oya vidiha.
DeleteJayawewa
අහ්! එහෙමද.. එළ එළ..!
Deleteහෑ..........
ReplyDeleteගැමියගේ ගැහැනු ලොවක සිරකරුවෙක් සීං කෝන් එක මතක් උනා මට...
හි හි හි.. ;)
Deleteඑහෙනමි ගෙදර බොසාව හොයන්න තමයි ඇද ලග නැමිලා බලලා තියෙන්නේ...
ReplyDeleteඕ.. බොසා හිටියේ ඉන්න ඕන සුදුසු තැන. ;)
Deleteඔහෙප්පලයන්.....උගේ කොන්දට දෙකයි දෙකේ යකඩ බාර් එකක් වැල්ඩින් වෙයි වගේ
ReplyDeleteඑහෙමවත් බේරුණොත් මදැයි.. ;)
Deleteඉකේයියා...ලැජ්ජාවේ බෑ..
ReplyDeleteඔහොම කතා කියන්න එපා හලෝ. මේ අපි පැත්තෙනුත් සාධාරණව හිතලා බලන්නකෝ. :(
Delete''කමල්ට පුදුමයි මේ සීන් එක අහලා.මොකද කුසුමා කියන්නේ කිසි දේකට සෙකන්ඩ් වෙන කෙනෙක් කියලා දැනන් හිටිය හින්දා.''
ReplyDeleteවචනයක් අඩුයි වගේ.
ස්ත්‍රී පක්ෂයට ඕනවට වඩා බුරුල දුන්නමත් ඔහොම වෙනවා. නොදීත් බෑ. ගානකට දුන්නනම් හරි...
ඔව් මචං.මේ දෙවෙනි අවුල.කලින් සජිත් පෙන්නලා තිබුනා.කොහේද, ඊයේ රෑ ඇඳට යන්න තිබුණු හදිසිය හින්දා වැරදි බැලුවේ නෑනේ මං.ඒකයි ඔය.. තෑන්ක්ස් ඒක පෙන්නුවාට. :)
Deleteමේවා ගැබුරින් හිතන්න ඕන විහිළු.අපිනම් අත්විදලා තියෙනව.ඉෂාන්; ඔබ????????????????????ඔබගේ ලිපි ඉතා ඉහල මට්ටමක තියෙනව.ඉතාමත් ප්‍රසංශනීයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඕ.සමහර විහිලු තියෙනවා හිතලා බලන්න ඕනේ විදියේ ඒවා.මේ වගේ දේවල් අද සමාජයේ නොවෙන දේවල් නෙවෙයිනේ.
Deleteස්තූතියි ඔබට මෙවැනි අදහස් මගින් දිරිගැන්වීම් කරනවාට. :)
අහ්! තාම මටනම් මෙවැනි අත්දැකීම් නෑ.හැබැයි ගැහිණිය පවුලේ මූලිකයා වුනු අයනම් දැකලා තියෙනවා.
හප්පට සිරි.. ආදරේ සුන්දරද මෙතරම් කිව්වලු! ප්‍රේමය ගලා ගිහින් නෙ.. :)
ReplyDeleteඑල කතාව මචං!
අසුන්දරමත් නෑ මචං ආදරේ.. ;)
Deleteතෑන්ක්ස්
එතකොට ඒ සතුටටද මිනිහ බොන්නෙ.
ReplyDeleteබලපන්කො පොරට ඇද යට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැහැනෙ.
නැතුව වෙන මොකටද දේශ්! :)
Deleteඑළියට යන්න සපත්තු දෙක ගන්න ඇද අස්සට රිංගපු වෙලාවේ තමා ඔය සීන් එක වෙලා තියෙන්නේ. ;)
හික්ස් හික්ස්....!!! මෙන්න නෝනාට බය මහත්තයෙක්.. මෙයත් එහෙමද දන්නෙ නෑ.. :P
ReplyDeleteමෙයාටත් හිනා! ඔහොම හිනාවෙන්න එපා. පව් පිරිමි.
Deleteමං නම් බය නෑ ඕං.මං 'හිටු' කියන්නේ කොතනද! එයා එතනම හිටු තමා ඉතින්. ;)
ඔන්න අපිනම් තවම ඕවා දන්නේ නැතෝ .දන්න කෙනෙක්ගෙන් වත් අහලා දැන ගන්න ඕනේ
ReplyDeleteඕ.. සුදානම් වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ. :)
Deleteඉෂානුත් ළඟදිම එහෙමලු :P
ReplyDeleteනැත නැත. ඉෂාන් එහෙම වන්නේ නැත. :p
Deleteහික්ස්.... පව් අයියෝ.... විමල්....හික්.......
ReplyDeleteඔයත් හිනාවෙනවනේ ඉතින්. මේක හරියන්නේ නෑ අෆ්ෆා.. :(
Deleteපව් නේ බං..!
ReplyDeleteඔව් මචං. පෙර කරපු පව් තමා ඔය විඳවන්නේ. :(
Deleteහික් ...අන්න ගැණු .........
ReplyDelete:)
ඇත්තට! ඔය වගේ ගෑණු වැඩක් නෑ. මෙලෝ රහක් නෑ.. :p
Deleteහික්ස් යකෝ ගෑනිට ඔච්චර බයද.
ReplyDeleteසමහර ඈයෝ බං.. :)
Deleteඅඩේ! බඳින්නත් බය හිතෙනවා බං!
ReplyDeleteඒ ඇයි! හැම ගෑණියක්ම එහෙම නෑ බං.මුලින්ම බදින කෙනාත් එක්ක ඕනෑ, එපා කම් ගැන කතා කරලා ඉදින්. එතකොට හරි.
Delete:) :)
ReplyDeleteමේන් මෙයා ඇවිත්! :)
Deleteහත් ඉලව්වයි.
ReplyDeleteකෝරලේ වලව්ව
අනේද කියන්නේ! :)
Delete