Thursday, December 13, 2012

ගෙදර බොස් කවුද?



කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ  ගෙවිලා ගියා.

දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ගොඩවැදුණු කමල් දැක්කා තමන්ගේ පරණ මිතුරා, ඒ කියන්නේ විමල් ක්ලබ් එකේ මේසෙකට වෙලා බියර් වීදුරුවක්‌ තොල ගගා ඉන්නවා.කමල්ට හරි පුදුමයි ඒක.මොකද විමල් සෑහෙන කාලෙකින් ක්ලබ් එකට තනියෙන් ඇවිත් ඉන්නවා දැක්කේ නැති හින්දා. කමල් ගියා විමල් ඉන්න තැනට.

"අහ්! විමල්.. දැක්ක කල්. කොහොමද ඉතින් සැප සනීප? මොකද වයිපරේ පෙන්න නැත්තේ ? "

"අහ්! කමල්! මං උඹ ළඟට එනකම් දැක්කේ නෑ මචං.අවුලක් නෑ. වෙනදා වගේම තමා. අද වයිෆ් ආවේ නෑ. ම තනියෙන් ආවේ.."

"මොකක්! පුදුමයි උඹට තනියම එන්න දුන්නා ඒකි.."

"ඕ මචං.. මං ආවා අද තනියෙන්.."

"ඉතින් කොහොමද උඹ කුසුමාගෙන් බේරිලා ආවේ..?"

"හැමදාම කුසුමාට යටත්වෙලා ඉන්න බෑනේ මචං. මං අන්තිමේදී තීරණයක් ගත්තා.."

"මොකද්ද..?"

"මං තීරණය කරා පවුලේ ප්‍රධානියා, ඒ කියන්නේ ගෙදර බොස් වෙන්න ඕනේ කවුද කියන එක එයාට පැහැදිලි කරලා දෙන්න කුසුමාට.."

"ඉතින්..?"

"ඉතින් ඊයේ දවල් මං කුසුමාට කිව්වා, 'මේ කුසුමා, අපි දැන්වත් වෙනස් වෙන්න ඕනේ.මට බෑ තවත් ඔයාට යටත් වෙලා ඉන්න.මටත් මේක ඇතිවෙලා.මට යාළුවෙක් ආශ්‍රය කරන්න නෑ.ඇති ඉවසුවා හොදටම.මං අද ඔයාට පෙන්වන්නම් ගෙදර බොස් වෙන්න ඕනේ කවුද කියන එක..!!"

"ඉතින් ඊට පස්සේ මොකද වුනේ..?"

"මෙහෙමයි මචං.. මං පුරසාරකම් දොඩවනවා කියලා හිතන්න එපා උඹ. අන්තිමේදී මං කුසුමා මං ළඟ දණින් වැටුනා..!"

කමල්ට පුදුමයි මේ සීන් එක අහලා.මොකද කුසුමා කියන්නේ කිසි දේකට සෙකන්ඩ් නොවෙන ගෑණියක් කියලා දැනන් හිටිය හින්දා.

"ඇහ්..! උඹ කොහොමද මචං ඒක කරේ..? කොහොමද කියහන් මට.. "

"මං ඒ වෙලාවේ ඇඳ අස්සේ හැංගිලා හිටියේ මචං..!!"

58 comments:

  1. අයියෝ සල්ලි
    ........... ඇයි මෙහෙම වෙන්නේ

    ReplyDelete
    Replies
    1. පෙර කරපු පින් අනුව තමා මචං ඔහොම වෙන්නේ.. ;)

      Delete
  2. ඕ....ඕ.... ඔය වගේ නෝනලා නිසා තමයි මහත්තුරු හුඟක් වෙලාවට බොන්න පුරුදු වෙන්නේ.ඉෂාන් මහත්තයට උන දෙයක් නෙමෙයි නේද මේ? හි..හි..ගණන් ගන්න එපෝ.

    ReplyDelete
    Replies
    1. ඕ ඕ.. එහෙමත් වෙන්න පුළුවන්..
      අනේ නෑ අෆ්ෆා! මං තාම බැඳලා නෑනේ. :)

      Delete
  3. හැත්... හිකි. හුක්ස්... යථාර්තය

    ReplyDelete
    Replies
    1. හැක හැක.. මේ යථාර්තයමැයි..

      Delete
  4. විමල් පව් !...ඔන්න ඔය විදියට තමා බොස් වෙලා තියෙන්නෙ... :)

    ReplyDelete

  5. කොහොම හරි දණ ගස්සපු එක ලොකු දෙයක්.
    දැන් ගෙදර ගියාමත් වයිෆ් ආයෙමත් දණගහයි, ?@&*

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සමහර අයට ඒකවත් කරගන්න බෑනේ. :)

      කොහොමත් දනගාගෙනම යයි මයේ හිතේ. :)

      Delete
  6. :D අපේ කාලයේ යුග පුරුසයෙක් :P

    ReplyDelete
    Replies
    1. අනිවා.. මෙහෙමත් යුගපුරුෂයෝ බිහිවෙන්නේ කලාතුරකින්. ;)

      Delete
  7. කුසුමා දනින් වැටිලා ඔලුවත් බිම ඔබාගෙන අත් දෙකත් ඉස්සරහට දික් කරගෙන....

    වැන්දද? විමලෙව ඇදලා ගත්තද?

    තීරණය ඔබේ අතේ....

    ReplyDelete
    Replies
    1. කා අතේද තීරණය ඒ.කේ.එම්?

      Delete
  8. Replies
    1. ඔයාලටනම් හිනා නේ! ඈ.. :(

      Delete
  9. "අන්තිමේදී මං කුසුමා මං ළඟ දණින් වැටුනා..!"
    ඕක හැදෙන්න ඕනා නේද?

    ReplyDelete
    Replies
    1. අහ්! ඔව් මචං. ඊයේ රෑ ලිව්වේ මේක.ඇඳට යන්න තිබුණු හදිසිය හින්දා වැරදි බැලුවේ නෑ. තෑන්ක්ස් ඒක පෙන්නුවාට. :)

      Delete
  10. mama bila gedara giya dawsata gani mata dan gahala kata karana..
    eya magen ahny
    "tamusy ada yatin eliyata enwada nada?"
    Jayawewa

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඒක සිරාද සහෝ? ඈ.. මට දුකේ බෑ ඒක සිරා කතාවක් නම්. ;(

      Delete
    2. eka vihiluwak..It is joke. mama ahala tiyana katawa oya vidiha.
      Jayawewa

      Delete
    3. අහ්! එහෙමද.. එළ එළ..!

      Delete
  11. හෑ..........
    ගැමියගේ ගැහැනු ලොවක සිරකරුවෙක් සීං කෝන් එක මතක් උනා මට...

    ReplyDelete
  12. එහෙනමි ගෙදර බොසාව හොයන්න තමයි ඇද ලග නැමිලා බලලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඕ.. බොසා හිටියේ ඉන්න ඕන සුදුසු තැන. ;)

      Delete
  13. ඔහෙප්පලයන්.....උගේ කොන්දට දෙකයි දෙකේ යකඩ බාර් එකක් වැල්ඩින් වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. එහෙමවත් බේරුණොත් මදැයි.. ;)

      Delete
  14. ඉකේයියා...ලැජ්ජාවේ බෑ..

    ReplyDelete
    Replies
    1. ඔහොම කතා කියන්න එපා හලෝ. මේ අපි පැත්තෙනුත් සාධාරණව හිතලා බලන්නකෝ. :(

      Delete
  15. ''කමල්ට පුදුමයි මේ සීන් එක අහලා.මොකද කුසුමා කියන්නේ කිසි දේකට සෙකන්ඩ් වෙන කෙනෙක් කියලා දැනන් හිටිය හින්දා.''

    වචනයක් අඩුයි වගේ.
    ස්ත්‍රී පක්ෂයට ඕනවට වඩා බුරුල දුන්නමත් ඔහොම වෙනවා. නොදීත් බෑ. ගානකට දුන්නනම් හරි...

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.මේ දෙවෙනි අවුල.කලින් සජිත් පෙන්නලා තිබුනා.කොහේද, ඊයේ රෑ ඇඳට යන්න තිබුණු හදිසිය හින්දා වැරදි බැලුවේ නෑනේ මං.ඒකයි ඔය.. තෑන්ක්ස් ඒක පෙන්නුවාට. :)

      Delete
  16. මේවා ගැබුරින් හිතන්න ඕන විහිළු.අපිනම් අත්විදලා තියෙනව.ඉෂාන්; ඔබ????????????????????ඔබගේ ලිපි ඉතා ඉහල මට්ටමක තියෙනව.ඉතාමත් ප්‍රසංශනීයයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඕ.සමහර විහිලු තියෙනවා හිතලා බලන්න ඕනේ විදියේ ඒවා.මේ වගේ දේවල් අද සමාජයේ නොවෙන දේවල් නෙවෙයිනේ.

      ස්තූතියි ඔබට මෙවැනි අදහස් මගින් දිරිගැන්වීම් කරනවාට. :)

      අහ්! තාම මටනම් මෙවැනි අත්දැකීම් නෑ.හැබැයි ගැහිණිය පවුලේ මූලිකයා වුනු අයනම් දැකලා තියෙනවා.

      Delete
  17. හප්පට සිරි.. ආදරේ සුන්දරද මෙතරම් කිව්වලු! ප්‍රේමය ගලා ගිහින් නෙ.. :)
    එල කතාව මචං!

    ReplyDelete
    Replies
    1. අසුන්දරමත් නෑ මචං ආදරේ.. ;)
      තෑන්ක්ස්

      Delete
  18. එතකොට ඒ සතුටටද මිනිහ බොන්නෙ.

    බලපන්කො පොරට ඇද යට වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. නැතුව වෙන මොකටද දේශ්! :)

      එළියට යන්න සපත්තු දෙක ගන්න ඇද අස්සට රිංගපු වෙලාවේ තමා ඔය සීන් එක වෙලා තියෙන්නේ. ;)

      Delete
  19. හික්ස් හික්ස්....!!! මෙන්න නෝනාට බය මහත්තයෙක්.. මෙයත් එහෙමද දන්නෙ නෑ.. :P

    ReplyDelete
    Replies
    1. මෙයාටත් හිනා! ඔහොම හිනාවෙන්න එපා. පව් පිරිමි.

      මං නම් බය නෑ ඕං.මං 'හිටු' කියන්නේ කොතනද! එයා එතනම හිටු තමා ඉතින්. ;)

      Delete
  20. ඔන්න අපිනම් තවම ඕවා දන්නේ නැතෝ .දන්න කෙනෙක්ගෙන් වත් අහලා දැන ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඕ.. සුදානම් වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ. :)

      Delete
  21. ඉෂානුත් ළඟදිම එහෙමලු :P

    ReplyDelete
    Replies
    1. නැත නැත. ඉෂාන් එහෙම වන්නේ නැත. :p

      Delete
  22. හික්ස්.... පව් අයියෝ.... විමල්....හික්.......

    ReplyDelete
    Replies
    1. ඔයත් හිනාවෙනවනේ ඉතින්. මේක හරියන්නේ නෑ අෆ්ෆා.. :(

      Delete
  23. Replies
    1. ඔව් මචං. පෙර කරපු පව් තමා ඔය විඳවන්නේ. :(

      Delete
  24. හික් ...අන්න ගැණු .........
    :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට! ඔය වගේ ගෑණු වැඩක් නෑ. මෙලෝ රහක් නෑ.. :p

      Delete
  25. හික්ස් යකෝ ගෑනිට ඔච්චර බයද.

    ReplyDelete
  26. අඩේ! බඳින්නත් බය හිතෙනවා බං!

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි! හැම ගෑණියක්ම එහෙම නෑ බං.මුලින්ම බදින කෙනාත් එක්ක ඕනෑ, එපා කම් ගැන කතා කරලා ඉදින්. එතකොට හරි.

      Delete