ආදරේ කියන්නේ සුන්දර දෙයක්.කෙනෙකුට තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක් කියලයි මං නම් කියන්නේ.ඒ කැමත්ත ඇති වුනාට පස්සේ කොහොමහරි උත්සහ කරන්නේ අනිත් කෙනාව තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කරගන්න.එහෙම හිතාගෙන අනිත් කෙනාව ආශ්‍රය කරලා බලද්දී තමා, තමන් එයාට ඇත්තටම ආදරේද,එයා තමන්ට ඇත්තතටම ආදරේද,නැත්නම් එයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්ද කියන දේ තේරෙන්නේ,දැනෙන්නේ.ඊටපස්සේ ඒ දෙන්නාගේ කැමැත්ත මත තමා ආදරයක් ගොඩනැගෙන්නේ.
ආදරයක් හිතට දැනෙන්න පටන් ගත්තාට පස්සේ ඒ කෙනා අනිත් කෙනා ගැන උනන්දු වෙනවා,වැඩිපුර හොයාබලනවා.එහෙම තමා වෙන්නත් ඕනේ.ඉතින් අද මම කතා කරන්න යන්නේ ආදරේ ගැන නෙවෙයි.ඔය ආදරේ කරන කාලේදී හුඟක් අයට ඇතිවෙන ආසාවක් ගැන.මොකද්ද මේ ආසාව?
ඒ තමන් ආදරය කරන අනිත් කෙනාගේ දේවල් එකතු කරන එක.ඒ කියන්නේ අනිත් කෙනා පාවිච්චි කරලා ඉවත දාන ඒවා,ඉවත නොදාන ඒවා, තව එක එක අවස්ථා මතක් වෙන්න තියන් ඉන්න ඒවා,අනිත් කෙනාට නොදැනෙන්න හොරෙන් උස්සලා තියාගන්න ඒවා,තෑගී කරන ඒවා වගේ දේවල් එකතු කරලා ආරක්ෂා සහිතව තියන් ඉන්න එක තමා මේ ආසාව.මටනම් අල්ලලා ගිය වැඩේ හොරෙන් උස්සලා එකතු කරගන්න එක.මේවා එකතු කරන අය වැඩිය කැමති නෑ අනිත් අයට ඒ දේවල් පෙන්වන්න.මොකද පෙන්වන්න බැරි දේවල් එහෙමත් තියෙනවනේ.
දැන් කට්ටියට මතක් වෙනවාද තමන් ආදරේ කරන කාලේ ඒ වගේ එකතු කර ගත්ත දේවල්?
දැන් අපි බලමු මොනවද මේ අරන් තියාගන්න ඒවා කියලා.ආදරේ කරන,කරපු අය අතර එක එක ජාතියේ සිහිවටන තියෙන්න පුළුවන්.ඒ, ඒ කෙනාගේ කැමැත්ත අනුව.සමහර අයටනම් නම් පුංචි පුංචි දේවල් සෑහෙන්න වටිනවා.ඒ හින්දා ඒවත් අර ගොඩට එකතු කරගන්නවා.උදාහරණ විදියට කියවනම්,
ලේන්සු, ටොෆි කොළ, චොකලට් කොළ, ච්වින්ගම් කොළ, නියපොතු, ලියුම්, චිට් කෑලි, පොත්, පෑන්, පැන්සල්, කාසි, නෝට්ටු, රෙදි කෑලි, නූල් කෑලි, කෙස් ගස්, ඇහි පිහාටු, මයිල් ගස්, ෆේෂල් ටිෂු, බිල්, බස් ටිකට්, කෝච්චි ටිකට්, ෆොටෝ, ෆිල්ම් බලපු ඒවාගේ ටිකට්, පාක් ටිකට්, යට ඇදුම්, සරම්, ජපන් කොඩි (මේ ගැන දන්නෝ දනිති).... etc.
ඔය ටික තමා මට මේ වෙලාවේ මතක් වුනේ.බලන්න.. කොච්චර දේවල් තියෙනවාද! (මෙතන නොකියවුනු තවත් ඒවා තියෙනවනම් කමෙන්ට් වලින් ලියලා යන්න.).
මේ එකතු කරන ඒවාගෙන් භයානකම දේවල් තමා හිසකෙස්, නියපොතු, ජපන් කොඩි.කසාදෙන් කෙළවර වන ආදර කතාවකදී නම් මේවා ගැන කිසිම බයක් වෙන්න ඇති කරගන්න ඕනේ නෑ. ඒත් සිරාම කරපු ලව් එකක් මඟදී කැඩිලා අනිත් කෙනා දරුණු වෙන්න පටන් ගත්තොත් ඔය දේවල් දුන්නු එකෙන් සෑහෙන ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. හිසකෙස්, නියපොතු වලින් ගුරුකම් කරලා ආපහු ගෙන්වාගන්න පුලුවන් වගේම ජපන් කොඩි නිසා ගෑණු ළමයෙක්ගේ ජීවිතය නැත්තටම නැති කරන්න, කාලකන්ණි කරන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් ඕං.
අනිත් ඒවාගෙන් නම් එච්චර අවුලක් නෑ.පාක් ටිකට්, ෆිල්ම් හෝල් ටිකට්, ඔය යට ඇඳුම්,සරම් වගේ ඇඳුම් ජාති එහෙම ගෙදරට එහෙම මාට්ටු වුනොත් තමා අවුල.වසලා හමාරයි.කට්ටියට විලි ලැජ්ජාවේ සන්තෝස වෙන්න තමා තියෙන්නේ.නැද්ද මං කියන්නේ! ඒ හින්දා ඔය වගේ දේවල් කාටවත් හොයාගන්න බැරි තැනක තියාගන්න එකම තමා හොදම දේ. සේප්පු ගන්න බෑනේ අපි වගේ අයට.ඒ හින්දා අල්මාරියේ තියෙන ලොකර් එකේ විශ්වාසනීයභාවය සෑහෙන්න වටිනවා ඒ වගේ දේවල් තියාගන්න.ඒත් සමහර ඈයෝ මොන සෙල්ලම දාලා හරි ඔය දේවල් ආරක්ෂා කරගන්නවා ලොකර් නැතත්.හැබයි පුතේ අන්තිමේදී ආදර කතා නැවතිලා අතේ සෑහෙන්න බිල් ගොඩක් විතරක් එකතුවෙලා තිබුනොත් එහෙම තමා ලොවෙත් නැති වෙන්න හිතෙන්නේ. ආ නැද්ද..?
දැන් මේ ඒ සම්බන්ධයෙන් තියෙන මගේ අත්දැකීම් ටිකක් තමා කියන්න යන්නේ.මට වැදගත්ම ඒවා ටිකක්.
මුලින්ම කෙල්ලෙක්ගෙ කියලා මොනවහරි දෙයක් අරන් පරිස්සමින් තියාගත්තනම් ඒ කොට්ටයක් හා කොට්ට උරයක්.ඒ මං හිතන්නේ 7 වසරේදී විතර.නිධාන කතාව මේකයි..
අපේ ගෙදර කාලයක් නැවතිලා ඉඳලා ගිය කට්ටියක් දවසක් අපිව බලලා යන්න ආවා.ඒ තවත් මගේ වයසේම වගේ නෑදෑ වෙන ගෑණු දරුවෙක් එක්ක.එයාලා දවස් දෙකක් මෙහෙ හිටියා.මට ආලවන්ත හිතක් පහල වුනා ඒ ගෑණු දරුවා දැක්කාම.ඉතින් මං කරේ ඒ ගෑණු දරුවාට නිදාගන්න මගේ කොට්ටෙ පිරිනැමුවා.එයා ඒ දවස් දෙකම නිදාගත්තේ මගේ කොට්ටෙ හිස තියලා.ඉතින් ඒ කට්ටිය ආපහු ගියාට පස්සේ මං කොට්ටෙ අරන් තියාගත්තා.කාටවත් දුන්නෙත් නෑ.කොට්ටෙ උරේ නම් අන්තිමේදී අපේ ආම් ද කොහේදෝ හෝදලා දැම්මා.ඒත් මං ඒකෙ දිගටම නිදාගත්තා කොට්ට උරේ පාවිච්චි කරන්න බැරි වෙනකම්ම. ආය ජිවිතේට ඒ ගෑණු ළමයාව දැක්කේ නෑ.ආලවන්ත හිත පහල වුනු තැනම හබක් වුනත් මතකයක් විදියට ඒක අරන් තියාගත්තා. ඔන්න ඕකයි දරුවනේ පළවෙනි සිහිවටනේ නිධාන කතාව.
ඊළඟට ඉස්කෝලේ ගෑණුළමයෙක්ගේ.ප්‍රියංකා.එයා ගැන මං බ්ලොග් එකේ දෙවෙනි පෝස්ට් එකේදී ලිව්වා.
ඉතින් එයාගේ අත් අකුරු තියෙන කොළ, අඩි රූල්, පැන්සල්, පෑන්, පන්තියේ දාලා යන ටොෆි කොළ පවා එකතු කරන් තියන් හිටියා.8 දී එකතු කරන්න පටන් ගත්ත වැඩේ ඉවර කරේ 11 වසරේදී. ඒකත් සිතින් ලව් එකක් විතරයි.මගේ හොදම යාළුවෝ එයත් එක්ක යාළු වෙන්න අම්බානක උත්සහ කරත් හරි ගියේ නෑ එකෙක්ටවත් ඉස්කෝලෙන් ගිහින් ඉවර වෙනකම්ම.ඉතින් මං යාළුවොන්ට උපරිම උදවු කරා.ඒත් මං කැමත්තෙන් හිටියා කියන එක ඔය එකෙක්වත් දන්නේ නෑ.තවත් එකක් මතක් වුනා ඒ අස්සේ.
අපේ ඉස්කෝලේ 9 වසරේදී අපේ පන්ති 4කට කඩනවා.ඉතින් අපිවත් 9 වසරට ගිය අළුත ග්‍රවුන්ඩ් එකට පන්ති වල හිටපු ළමයි ගෙන්වලා ඒ ඒ පන්තියේ විදියටම පෝලිම් 3කට ගැස්සුවා.ඊට පස්සේ පලවෙනි පෝලිමේ හිටපු 4 දෙනා තැන් 4 කට යවලා ඊට පස්සේ පිළිවෙලට ළමයින්ව අර 4 දෙනාගේ පස්සට යැවුවා.මං සෙට් වුනේ C එකට.මගේ හොදම යාළුවා B එකට.වැඩිය ගෑණු ළමයින් හිටියේ නැති හින්දා උන්ව දැම්මේ A එකටයි C එකටයි.ප්‍රියංකා සෙට් වුනේ C එකට.මැඩම් ලාට මාට්ටු නොවී දකුණු අත පැත්තේ මගේ හොදම යාළුවා හිටපු B එකට පනින්න හොදටම ඉඩ කඩ තිබුණත් මං ප්‍රියංකා C එකට සෙට් වුනු හින්දා මං පැන්නේ නෑ.මගේ හොදම යාළුවාත් ඒ දවස් වල ප්‍රියංකාට සීන්.මං යාළුවට 'C එකට පැනපන්' කියලා කිව්වාට උගේ අදහස වුනේ,
'එකම පන්තියේ ඉදලා ලව් කරද්දී ගතියක් නෑ බං.චාටර් වෙයි. උඹ වරෙන් මේකට..!' කියන එක.ඉතින් ඌට ඕන දෙයක් කරගනින් කියලා මං C එකටම වෙලා හිටියා.ඉතින් මං යාළුවා ඉන්න පන්තියට නොයා කෙල්ල ඉන්න පන්තියේ හිටපු එක මිත්‍ර ද්‍රෝහි කමක්ද සහෝදර,සහෝදරියනි..? නෑ.
ඊලඟට නෙත්මි.(ඒ ආදර කතාව මං ලිව්වා.නෙත්මි/ආදර කතා කියන ලේබල් එක උඩ ක්ලික් කරොත් ඒ කතාව කියවන්න පුළුවන්.)
ඒ කතාවෙනම් එකම දෙයයි තියෙන්නේ. ඒ මං ගත්ත මුල්ම පර්ස් එක.මං පර්ස් එක ගත්ත අලුතම වගේ එයා එයා ඒක අරන් බලලා තියෙනවා.එකේ මං අලවලා තිබුණු සමනල්ලු වගයකින් එකක් ගලවගෙනත් ගියා.ඒ පර්ස් එක තමා මං තාමත් අදටත් පාවිච්චි කරන්නේ.ඒකට දැන් අවුරුදු අට හමාරක් වෙන්නත් එනවා.මට ඒක අයින් කරන්න හිතෙන්නෙම නෑ අර දේ හින්දා.
මේ තියෙන්නේ ඒ පර්ස් එකේ පින්තූරයක්.සමනල්ලු දෙන්නා හිටියේ පිට පැත්තේ.ඒවා අලවපු ගම් තාමත් රැදිලා තියෙනවා.බලන්ට මගේ පර්ස් ඒකෙ තත්වය දැන්.දුකේ බෑ නේ?
නෙත්මිගේ කතාව ඉවරවුනාට පස්සේ චංචලා.
එයාගෙන් ගේ ලැබුණු,උස්සපු සිහිවටන සෑහෙන්න තිබුනා.ලේන්සු, ලියුම්, චිට් කෑලි (මේවා නම් සෑහෙන්න තිබුනා.300කටත් එහා.එකම ඉස්කෝලේ,එකම පන්තියෙනේ හිටියේ.ඒ හින්දා දවසට කොහොමත් චිට් ගොඩක් එහා මෙහා වුනා),පිරිත් නූල්, නෝට්ටු, කාසි, බස් ටිකට්, කෝච්චි ටිකට්, පාක් ටිකට්, ෆිල්ම් බලපු ටිකට්, නිසදැස්, ස්ට්‍රැචූ, ෆොටෝ, රත්තරන් මුද්දක් (ඕ ඕ.අපි මුදුත් මාරු කරා..) වගේ සෑහෙන දේවල් තිබුනා.මං ගාව තියෙනවට වඩා සෑහෙන ප්‍රමාණයක් එයා ළඟ තිබුනා මගේ දේවල්.
අන්තිමේදී ඒ කතාවත් ඉවර වුනාට පස්සේ ෆොටෝ,නිසදැස්,තෑගී කරපු ෂර්ට් එක, ඇරෙන්න අනිත් ඒවා මං පිච්චුවා.මුද්ද නම් අපේ ආම් ට දීලා සල්ලි ගත්තා මට ඕන කරන දේවල් ටිකක් ගන්න.මං ආසම දෙයක් තමා ස්ට්‍රැචූ.ස්ට්‍රැචූ ටිකනම් තාමත් මගේ කාමරේ තියෙනවා.සමහර ඒවා යාළුවෙක් ගාව.ඒ දුන්නු ඒවා මට ගෙදර ගෙනියන්න පුළුවන් කමක් තිබුනේ නෑ දවස් වල.ඉතින් මං ඒවා යාළුවා අතේ උගේ ගෙදර යැවුවා.ඒත් ඒ යකා ආපහු ගෙනත් දුන්නේ නෑනේ ඒ ගෙනිච්ච ටික.
චංචලා නම් එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක එකතු වෙලා එයා ගාව තිබුණු ඒවා,මං දුන්නු ඒවා පුච්චලා.බෝයිෆ්‍රෙන්ඩ්ගේ උවමනාවට තමා ඒ වැඩේ කරලා තියෙන්නේ.මට නම් ඒක අහද්දී තද වුනා.ඇයි අෆ්ෆා මෙයාට ඕනේ වුනේ නැති දෙයක්නේ ඒ යකා කරලා තියෙන්නේ.මට එහෙම තරහා එන එක සාධාරණයි නේ?
ඔය පින්තූරේ තියෙන්නේ එයා දුන්නු පිරිත් නූලක්.අවුරුදු 4කටත් වැඩියි ඒකට. ඒකත් තාම පර්ස් එකේ තියෙනවා.ඒක මට දාන්න ලැබුනේ නෑ.බුලත් කොළෙ ඔතපු විදියටම තියෙනවා.
අන්තිමට ආදර සිහිවටන එකතු කරන්නේ අනාගත වෙන්ඩ බිරිඳගෙන්..
එයාගෙත් තියෙනවා දේවල් ටිකක්.සමහර ඒවා ගැන එයා දන්නෙත් නෑ. එයා ගාව මගේ ගොඩක් දේවල් නෑ.එයා ගාව තියෙන්නෙත් වැරදිලාවත් මාට්ටු වුනොත් ප්‍රශ්නයක් නොවෙන ඒවා.අවුරුදු ගාණක් හොරෙන් දුවන ආදර කතාවක්නේ. ඒකයි.
ඔය යට පින්තූරේ තියෙන්නේ එයා දෙන්නැතුව අයින් කරන්න කියපු ලියමනක්.එයට අදාළ නිධාන කතාව කියනවනම්,
ඉෂාන්ලා ඔය සිද්ධිය වෙන දවස් වල නැන්දලාගේ දිහා ගිහින් හිටියා.ඔය කියන ගෑණු ළමයා ඉන්නේ නැන්දලාගේ අල්ලපු වැටේ.එතකොට තමා මම මෙයාව මුලින්ම දැක්කේ.එයානම් දැකලා තියෙනවලු මාව ඊට කලින් ඉදලම.ඉතින් එහෙ ඉන්න දවස් වල අපේ පොඩි උන්දැලා ටික කරපු වැඩක් හින්දා මාට්ටු වුනේ මං.ඒ කේස් එක හින්දා එයා උදේ පාන්දර නැගිටලා හදිසියෙන් මට පෙන්වන්නට එපාම කියලා එහෙ ඉන්න නංගිට ලියුමක් ලිව්වා.ඒත් ඒ ලියුම එදාම මට මාට්ටු.පව් නේ එයා? මේ එකේ කොටසක්.. (එයාගේ එකක හරි පින්තූරයක් දැම්මේ නැත්නම් මං ඉඳලා ඉවරයිනේ ඉතින්..)
ලියුම ලියලා උදේ ක්ලාස් යන ගමන් කාටවත් පෙන්නේ නැති වෙන්න ගේට් එකෙන් ඒ නංගි අතට දීලා ගිය රජ වැඩකාරයෙක්.ඔය 'අපේ අයියා' කියන්නේ මට.ඒ නමින් තමා මගේ නංගිලා,මල්ලිලා කතා කරන්නේ.මෙයත් ඒක ලියලා තියෙන්නේ නම දන්නේ නෑ කියලා.
ඉතින් මේ ලියලා තියෙන්නේ මං කරපු, මං අත්විඳපු අත්දැකීම් ටිකක්.ආදරේ කරපු හැමෝටම මේ වගේ අත්දැකීම්, ආසාවන් තියෙනවා.ඉතින් මං නම් ලියලා දැම්මා..
ඔයාලා..?
ප.ප.ලි : මේක ලියන්නම් කියලා හිටියේ.ඒත් පෝස්ට් එක ලියලා ඉවර වෙද්දී අමතක වුණා.මේ කතාව අපිට කිව්වේ මං කෙමෙස්ට්‍රි වලට ක්ලාස් ගිය සර්.නුවර,කුරුණෑගල පන්ති පවත්වන සර් කෙනෙක්.සර් කිව්වේ,
"උඹලා දැන් ලව් කරනවානේ.ඉතින් උන්ගේ එක එක දේවල් එකතු කරගන්නවා උන්ට තියෙන ආදරේට.උඹලා එකෙක්ටවත් හිතිලා තියෙනවාද කෙල්ලගේ හරි කොල්ලගේ හරි කක්කා ටිකක් අරන් තියාගන්න! නෑනේ.. එහෙනම් උඹලා ඒ ටිකකුත් ඉල්ලා කුප්පියකට දාලා තියාගනින්.ඊලඟට ලව් එක මතක් වෙන හැම පාරම අර කුප්පියේ මූඩිය ඇරලා සුවඳ බලපන්.. උඹලාට තේරේවි ආදරේ සුවඳ වගේම ගඳත් තියෙනවා කියලා.."
ප.ලි : මේ තවත් එකක්. ඒක දැන් ටිකකට කලින් මතක් වුණේ.ඒකනම් අමතක වෙන්නැති දෙයක්.
ප.ප.ලි : මේක ලියන්නම් කියලා හිටියේ.ඒත් පෝස්ට් එක ලියලා ඉවර වෙද්දී අමතක වුණා.මේ කතාව අපිට කිව්වේ මං කෙමෙස්ට්‍රි වලට ක්ලාස් ගිය සර්.නුවර,කුරුණෑගල පන්ති පවත්වන සර් කෙනෙක්.සර් කිව්වේ,
"උඹලා දැන් ලව් කරනවානේ.ඉතින් උන්ගේ එක එක දේවල් එකතු කරගන්නවා උන්ට තියෙන ආදරේට.උඹලා එකෙක්ටවත් හිතිලා තියෙනවාද කෙල්ලගේ හරි කොල්ලගේ හරි කක්කා ටිකක් අරන් තියාගන්න! නෑනේ.. එහෙනම් උඹලා ඒ ටිකකුත් ඉල්ලා කුප්පියකට දාලා තියාගනින්.ඊලඟට ලව් එක මතක් වෙන හැම පාරම අර කුප්පියේ මූඩිය ඇරලා සුවඳ බලපන්.. උඹලාට තේරේවි ආදරේ සුවඳ වගේම ගඳත් තියෙනවා කියලා.."
අපේ අප්පේ...මේවා ගැන කියන්න ගියොත් මග බ්ලොග් එකට එන දෙතු දෙනාත් එන්නේ නැති වෙනවා..ජපන් කොඩි තමා මරු ඈ...පට්ට...
ReplyDeleteඇයි මචං ඒ? :0
Deleteජපන් කොඩි තියාගන්න දෙන්න හොදයි මං පෝස්ට් එකේ කිව්වා වගේ කසාදෙන් කෙළවර වෙන ලව් එකක් නම්. නැත්නම් ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. :)
මම ජෝක් එකට අයියේ කිවුවේ....ආදර සැමරුම් පට්ටයි අප්පා...මතක වෙද්දී පුංචි කාලෙට යැවෙනවා නිකන්ම....
Deleteඒක නෙවෙයි මමද 1st...? කෝ මගේ කප් එක ...?
මං දන්නවා මලේ.. :) ඒකනේ.
Deleteඑකනම් තමා. ඒත් ඒවාට තෑගී නෑ ඕං. තෑගී ඕනෙනම් අහන ප්‍රශ්නවල ට්‍රය් කරන්න තමා තියෙන්නේ. :)
ආදර කතා ගොඩක් තියනවනෙ අපේ අයියට.
ReplyDeleteමගේ සිහිවටන ලියන්ට තියා මතක් කරන්න වත් ආස නෑ බ්ං.
නැන්දලගෙ ගෙවල් පැත්තේ එහෙම ගිහින් අහුවෙන්ට එපා.
එච්චරම නෑ බං.ඔච්චරම තමා. ;)
Deleteඒක පාර්ශවීය ආදරකතා නම් සෑහෙන්න තිබුණා.ඒවාගෙන් එකතු කරගත්ත ඒවා ගැනත් ලියලානේ තියෙන්නේ. :D
දේශ් ගේ ඒ ආදර අතීතය එච්චරම අසුන්දරද? මං පෝස්ට් එකක්,දෙකක් දැකලා තියෙනවා ඒ වගේ කතා තිබුණු.ඕවා ඔහොම තමා බං.ඕවා නැත්නම් ජිවිතේ ගතියක් නෑ.හැමදේටම මූණ දීලා තියෙන එක කොච්චර වටිනවද..
මොකද බං නැන්දලාගේ ගෙවල් පැත්තේ යන්න එපා කියන්නේ? මට ඒක තේරුණේ නෑ නොවැ.
නියම ලිපියක්.හැම කෙනෙක් ලගම ඔයවගේ මතකයන් අනිවා තියෙනවා.ඉෂාන් එල ඩයල් එකක්නේ.කොහොමද අප්පා අවුරුදු අටක් පර්ස් එකක් පාවිච්චි කලේ? ජපන් කොඩි විතරක් නෙමෙයි ෆොටෝස්,විඩියෝස් එහෙමත් ගැහැණු දරුවන්ට භයානකයි.අර පිරිත් නුලට පිටිපසේ තියෙන්නේ කොලේද බන්?
ReplyDeleteතෑන්ක්ස් :)
Deleteඒක ඇත්ත.හුඟක් අය ළඟ ඔය වගේ මතකයන් තියෙනවා.ඒ ගැන මතක් කරන්නයි මේක ලිව්වේ.කල්හාන්ට ඔය වගේ දේවල් නැද්ද?
පර්ස් එකේ පිට පැත්ත හොදයි.ඒත් ඇතුල් පැත්ත ටිකක් අවුල්.ඒත් අයින් කරන්න හිතෙන්නෙම නෑනේ.ඒකටත් අවුරුදු අටක් පැනලා කියලා තේරුණේ පෝස්ට් එක ලියද්දි.ඒ වගේ දේවල් මේ ලඟදි වුනා වගේ දැනෙන්නේ.පිරිත් නූල ඔතලා තියෙන්නේ ඒ බුලත් කොළේ.ඒ මට දුන්නු විදියටම තමා ඒක තියෙන්නේ.
වීඩියෝ,නියුඩ් පින්තූර ටික මතක් කරපු එක හොදයි.මට ඒක අමතක වුණා.ඒවා අතිශයින්ම භයානකයි.
අඩේ අර දාපු බෝතල් පොඩ්ඩ කොහෙන්ද හොයාගත්තේ? අම්මෝ තියෙනවා තියෙනවා.මතකයන්නම් එමටයි.
Deleteඒක ගත්ත තැනද ඇහුවේ? ඕකටත් දැන් අවුරුදු 3ක් ඇති හරියටම.
Deleteඅතීතය සිහිනයක් පමණයි ..සැබෑ සුවදක් නෑ...එදා දෙනෙහෙන් නොබැදුනානම මේදා වියෝවක් නෑ..
ReplyDeleteචමිට සින්දුවක් මතක් වෙලා.. මාත් ආසම සින්දුවක් ඕකනම්. :)
Deleteචමී කියල තියෙන එක තමා මටත් මතක් වුනේ එක පාරට...මමත් ආසම ගීතයක්......
Deleteඒ සින්දුවට තවත් ලයික් එකක්. :)
Deleteආදරයේදී සිහිවටන.......මං ගාව ඔය එකක්වත් නෑ... මඟකදී කෙළවර උන ආදරයේදී මා ලඟ ඉතුරු උන පුංචි පුංචි සැමරුම් දෙකත් විසි කලා. තේරුමක් නැති හන්දා...
ReplyDeleteඒත් ආදරේට වඩා සහෝදරයෝ වගේ උන්න... යාලුවෙක්ගෙත්...යෙහෙළියෙක්ගේත්...සිහිවටන හුඟාක් මා ලඟ තියෙනවා.
හයියෝ! අපරාදේ විහික් කරේ. සමහරුන්ට ඕවා දැක්කාම අතීතේ මතක් වෙලා දැනෙන්නේ වේදනාවක් විතරයි.ඒ හින්දා ඒවා තියන් ඉන්න කැමති නෑ.ඔයත් එහෙම කෙනෙක් වගේ..
Deleteළිහිණිට ඉක්මනටම හොද ආදරවන්තයෙක් ලැබෙන්න කියලා විශ් කරනවා.එතකොට ලිහිණිත් ඔය වගේ දේවල් එකතු කරන්න පටන්ගන්නේ නැතයි. එතකොට මගේ මේ පෝස්ට් එකත් මතක් වෙයි නේ? :)
අන්තිම කතාව තේරුණේ නෑ. ඒ දෙන්නා ඔයාට දුන්නු ඒවාද? නැත්නම් ඒ දෙන්නා කපල් එකක්ද?
අනේ බං සිහිවටන සේරම බෙඩ්සීට් හොදන කොට ගිහිල්ල.. හික්...
ReplyDeleteහනේ හෆොයි! මට මේ කමෙන්ට් එක දකිද්දීම මතක් වෙන්නේ.........
Deleteඔවා ඉතින් ලව් කරන කාලේ විතරයි ....ඊට පස්සේ ඕවට මොනව වුනාද දන්නේ නැහැ...
ReplyDeleteමට හිතෙන්නේ සංජය ආදරෙත් එක්කම ඒවාත් අයින් කරලා වගේ.
Deleteහි හි මගේ ගාවත් ඔය වගේ නා නා ප්‍රකාර දේවල් ගොඩක් තියෙනවා.ඒක පට්ට සිරා වැඩක්(ජපන් කොඩි නම් නෑ-අපි හොද ළමයිනේ) මගේ වෙන්ට බාරියි මමයි මේ ඊයෙ පෙරේදා දවසක කැරම් ගහනකොට ඉත්තෙක් දෙකට කැඩුනා. දැං ඒ පලු දෙක අපි දෙන්න ගාව තියෙනවා. ඒක තමයි මම අන්තිමටම ගත්ත සිහිවටනය. ඉස්සරහට තව ඒව ගන්න ඕනෙ.
ReplyDeleteජය..
ඔය ඉන්නේ ඒ වගේ වැඩ වලට පට්ටම ලයික් කෙනෙක්.එළ! වෙන්ට බාරිත් ඒ වගේම වෙන්න ඇති නේ? :)
Deleteකසාඳ බැන්ද දවසක ඔය කැඩිච්ච ඉත්තා ආපහු එක්කර ගත්තානම් හරි.ගතියක් දැනෙයි ඒ වැඩෙන් දෙන්නා එකතු වෙලා අලවද්දී. :) තව වැඩි වැඩියෙන් ගන්න ලැබේවා කියලා පතනවා.!
ජය!
අඩේ උඹල ලියුනුත් ලියනවද...අහන්නත් සංතෝෂයි..!
ReplyDeleteSMS වලට වඩා කොච්චර රහද..?
ඇත්ත වී..ලියුම් තමා රහම.
Deleteමටනම් ලියුම් ලියන්න බෑ.ඒත් සෑහෙන්න ලියුම් ගොඩක් මට හම්බවෙලා තියෙනවා.පිටු 18ක ලියුමක් එහෙමත් හම්බුනා මට.යාළුවන්ගේ උදවු ඇතිව ලියලා තමා කෙල්ලෙක්ට මුලින්ම ලියුමක් ලියලා දුන්නේ.ඊටපස්සේ තිබුනේ තනිකර චිට් ගේමක්.එකම පන්තියේ හින්දා.තනියෙන් ලියුම් දෙකක් විතර බොහොම අමාරුවෙන් ලියලා ඇති.
දැන්නම් මාත් දුවන්නේ SMS වලින්.ඒත් දැන් වෙන්න බාරි මට ඉස්සෙල්ලම ලියුමක් ලියපු දවස සමරන්න හැම අවුරුද්දෙම ඒ දවසට බොහොම අමාරුවෙන් ලියුමක් ලියලා දෙනවා.එයා දුන්නු පළවෙනි ලියුම දකිද්දී මට මතක් වුණේ රාජකාරි ලියුමක්.මට ඇත්තටම ඒකට හිනාගියා. :)
ඒ අතින් මං...කොල්ලො මට කියලමයි ආදර වදන් දාල ලියුම් ලියාගන්නෙ...මතක් වෙනකොටත් හිනා කෙල්ලොන්ගෙ ගාව නැති උනත් උන් හෙන ආසයිනෙ වර්නනා කරනවට...හිකිස්..වැඩේ කියන්නෙ..මම දීපු ලියුම් වලට එක කෙල්ලෙක්වත් මට සැට් උනේ නැති එකනෙ.
Deleteහරිම දුක් සහගතයි නේ වී..! ඈ.. අනිත් අයගේ ආදර කතාවල මුල් පියවරට සෑහෙන්න උදව් කරලා තමන්ට ඒ පියවරෙන්ම සාර්ථකත්වයක් ඇතනොවුණු එක ගැන. :)
Deleteමටනම් සෙට් වුණේ අපේ එවුන්ට චිත්‍ර අඳින්න. කෙල්ලන්ගේ ඒවා, ජැක් සහ රෝස්, ආය අපේ උන් පැණි හලන කෙල්ලන්ගේ රූප අඳින්න තමා වැඩිපුර සෙට් වුණේ.
දවසක් මහා පාන්දර අපේ එකෙක්ට කොල්ලෙක් අතේ තුවක්කුවක් තියන් කෙල්ලව බදන් ඉන්න චිත්‍රයක් ඇඳලා ඇහුවේ නැද්ද මහා පාන්දරම අපේ තාත්තාගෙන් බැනුම්. ඒ වෙලාවේ තිබුණු සීතල කොහෙන් ගියාද මන්දා . :)
යට ඇදුම්, සරම්, ජපන් කොඩි
ReplyDeleteමෙවුවා නං නෑ..
ඒත් වෙන එවුවනං ගොඩක් තීනවා..
හි හි...
අර කොට්ට උර කෙල්ලගේ ලවු එක වගේ එවුවනං මට හෙනට තීනවා ඈ..
පට්ට ආතල්....
මොකටද මචං සරම් අපිට! ;)
Deleteඔය කියන අනිත් දෙකත් මං ගාව නෑ.අනිත් ඒවා තමා තියෙන්නේ. :)
තරියා සෑහෙන ප්‍රමාණයකට ඒකපාර්ශ්විකව ආදරේ කරලා වගේ. ;)
ade machan lipiya hondai..
ReplyDeleteeth kiyewwe naha ban..mawa
dial upzet yana mathrukawak oka...
owa hindama thama me tika kalekata okkoma nawaththala blog paththe karakgahanne...
ඕ මචං.. හොදටම ආදරේ හින්දා විදවපු අය මේ වගේ පෝස්ට් දකිද්දී වෙන්නේ ආපහු හිත පෑරෙන එක.මං කියන්නේ අතීතේ අමතක කරලා දාලා අලුතෙන් හිතන්න පටන්ගන්න කියලා. අතීතෙත් එක්ක ජීවත් වෙන එක තේරුමක් නෑ.තව ඉස්සරහට කොච්චර දේවල් ගැන හිතන්න තියෙනවද!ආදරේ ගැන විතරක්ම නෙවෙයි ජීවත් වෙන එක ගැනත්.ආදරයක් වැරදෙනවා කියන්නේ ජිවිතේ වරද්ද ගන්න කියනවා එක නෙවෙයි.ඒ අත්දැකීමත් එකතු කරන් වැරදුනු තැන හදාගෙන ඉස්සරහට පියනගන එක.
Deleteඒ හින්දා අලුත් විදියට ඔය ගෙවුණු අතීතේ ඉක්මනට අමතක වෙලා යන්න කියලා මං පතනවා!
මගේ ළඟ නම් ඕවා එකක් වත් දැන් නෑ..:)
ReplyDeleteහැබැයි පට්ට සුන්දරයි ඔව්වා ඉතින්.
ඒවා විහික් කරාද? අඩුම \ෆොටෝ එකක් වත්,ලියුම් කෑල්ලක්වත් නෑ?
Deleteඇත්ත ඒකනම්.ඔය වගේ දේවල් තියෙන්න ඕනේ. නැත්නම් ජිවිතේ මෙලෝ රහක් නෑ.. :)
අනේ ඉෂාන්.. මට උත්තරයක් නොදී යන්න බැරි විදියේ පෝස්ට් එකක්...
ReplyDeleteමගේ ගාව තියෙනවා සිහිවටන.. හැබැයි අපේ මහත්තයා ඉස්සර දීපු ගොඩක් දේවල් මට ඔය උපන් දිනවලට, ඇනුවසරි වලට දීපුවා... ඕනමන්ට්ස්, කාඩ්ස් එහෙමත් තියෙනවා... ඒත් මං ආසම දෙයක් තමයි එයා කැකුළු සබන් කැටේක කැටයම් කරලා දීපු බබා.. හි හි... ඒ සබන් කෑල්ල මං හිතන්නේ අවුරදු 10ක් වත් පරණ ඇති දැං... ඒත් තාම සුවදයි.... ඒ වැලන්ටයින් එකට එයාට මට දෙන්න තෑග්ගක් ගන්න සල්ලි තිබුණේ නෑ.. ඒත් ඒ තෑග්ග තමයි මට වැඩිපුරම වටින්නේ.. ඇයිද මන්දා....
ඔය ඔක්‌ෙකාම ඕනමන්ට්ස් අපේ ගෙදර ටී වී ස්ටෑන්ඩ් එක උඩ තියෙන්නෙ... බැන්ඳට පස්සේ හම්බුන ඒවාත්... හි හි...
ඒ ඇරෙන්න මං ගාව තියෙනවා පොඩි පෙට්ටියක්... ඕකේ තියෙන්නේ කට ළඟට පුරෝලා චිට්ස්... ඔක්‌ෙකාම සිංහල පන්තියේ කොල්ලෙක් එක්ක ලියපුවා... හැබැයි ඌ ගැන ආදර හැගීමක් නම් තිබුනේ නෑ.. ජොලියට ලියපුවා... තව තියෙනවා සිංහල පන්තියේ බෑන්ඩ් එකක්.. ( අතේ බදින ඒවා) අන්න ඒකත් මගේ හොඳම සිහිවටනයක්... පස්සේ කාලෙක මගේ හොඳම යාලුවා උන කෙනා තමයි මට ඒ බෑන්ඩ් එක විකිණුවේ.. අද ඌ මං ගාව නෑ... ඒත් එයාගේ සිහිවටන ගොඩක් මං ගාව තියෙනවා... ඌව මතක් වෙන්න මට සිහිවටන ඕනේ නෑ.. හැම වෙලාවෙම මගේ හිතේ ඉන්නවා...
තව පුංචි පුංචි දේවල් මහ ගොඩක් තියෙනවා.. ඒ එකක්වත් ලවු එෆෙයාර් වල ඒවා නෙවෙයි... මං ගිය ඉස්කෝල තුනේම බැජ්, ඒ කාලේ ඒකපාර්ෂවික ලවු වල ට අහුවුන කොල්ලන්ගේ ෆොටෝ.. ( උන් ඔක්කොම මගෙන් යාලු වෙන්න ඇහුවා.. හැබැයි එතකොට පරක්කු වැඩියි.. හි හි) ඒ වගේම මං හිතන්නේ උන් ගාවත් මගේ ෆොටෝ එහෙම ඇති... කිසි එකෙක් මගෙන් හම්බුඋන එකක් පුච්චන්න හෝ විසිකරන්න ඇති කියලා මං හිතන්නේ නෑ... මොකද ඒ කිසි කෙනෙක් එක්ක මම තරහා වෙලා නැති නිසා... ඔය ඔක්කොම තියෙන්නේ එකම එක ක්‍රිස්කෝ බොක්ස් එකක් තරමේ පෙට්ටියක විතරයි... මං හිතන්නේ මගේ ජීවිතේ ලස්සනම මතක ටික ( අපේ මහත්තයාගේ මතක ඇරුණු කොට) තියෙන්නේ ඒ පෙට්ටියේ...
ඒ වගේම බැන්දට පස්සේත් ඒ වගේ අපේ මහත්තයා මට පරිස්සම් කරන්න කියලා දීපු දේවල් කීපයකුත් තියෙනවා.. අෙප් හනිමුන් එකේ හෝටල් වල ලීෆ්ලට් වල ඉඳන්, බඳින්න කලින් අපි දෙන්නගේ අත් වල බැඳපු පිරිත් නූල් වලට වෙනකම්ම දේවල් වෙනමම තියෙනවා... ගිය සතියේ තමයි මගේ බොකේ එක ගෙදර අරන් ආවේ.... හි හි
ඔය ඔක්කෝටම වඩා මට වටින දේ මොකක් කියලද හිනන්නේ....
අපේ දෙන්නගේ ලියුම් මිටිය.... හි හි... අපේ මහත්තයා එක්ක ෆුල් මලක් පැනලා, දමලා ගහලා ගෙදර යනවා කියලා හිතලා, ඇඳට වෙලා අඬ අඬ ඉන්න වෙලාවට මං කරන්නේ ඔය ලියුම් මිටිය ඇදලා කියවන එක... ඒ ටික කියවද්දි මගේ හිතේ තරහා නැති වෙනවා.... හිත ආදරෙන් පිරෙනවා... ඒකයි මං ඒ ටිකට එච්චරම ආස....
අමතක උනා.. වෙඩින් එකට කිට්ටු වෙලා අපේ තාත්තයි මල්ලියි මගේ කාමරේ අස් කළා.. මෙට්ටෙ යට තිබ්බ කැන්ඩොස් චොක්ලට් බෝල පැකට් 47ක් එකතු කරලා තියාගෙන, දැන් ගෙදරට එන හැමෝටම ඒවා පෙන්නනවා... හි හි..
Delete( මං ඒවා මෙට්ටෙ අස්සේ දාලා තිබ්බේ පරිස්සම් කරන්න නෙවෙයි.. හොරෙන් කාපුවා නිසා... හි හි)
අනේ හෆ්ෆේ! මගේ බ්ලොග් එකට වැටුණු දිගම කමෙන්ට් එක. :) සන්තෝසයි සන්තෝසයි.. :)
Deleteසබන් කැටේ නම් සෑහෙන්න වටිනවා කියලා තේරෙනවා.ඒ වගේ අවස්ථාවකදී දෙන පුංචිම දේට පවා මාර ආදරයක්,කැමැත්තක් තියෙන්නේ.මට හම්බුනු ඒවානම් ටික දවසක් හංගන් ඉදලා එළියට දානවා. ස්ට්‍රැචූ තමා මං කැමතිම දේ.ඒවා රූම් එකේම තියෙනවා. අනිත් ඒවා ලොකර් එකේ.
චිට්ස් නම් මාත් දාලා තිබ්බේ පෙට්ටියක.ඒවා නම් අපේ ආම් හිටන් කියවලා තියෙනවා. :) ලියුම් නෑ. මොකද ඒවාගේ දඩ කේස්නේ තියෙන්නේ.ඒවා දැක්කනම් මගේ මොකද්ද එක නැත්තට නැති වෙනවා.ඒ හින්දා ඒවා හැංගුවා හොයාගන්න බැරිවෙන්න.තරහ වෙලා ඉද්දි අනිත් කෙනා දුන්නු ලියුම්,ඩයරි කියවදිදී තියෙන තරහ අඩුවෙනවා.මාත් ඒක අත්දැකීමෙන් කියන්නේ. :)
චොකලට් වලට පෙරේතයි කියලා හිතාගන්නත් පුළුවන් කාලා තියෙන තරම දැක්කාම.මගේ ගාවන්ම් එක කොළයක්වත් තිබුනේ නෑ.ඒවා ඔක්කොම අනිත් කෙනා ගාව.අපි කෙල්ලන්ට චොකලට් අරන් දෙනවා මිසක් එයාලා අපිට අරන් දෙන්නේ නෑනේ. :(
හිරු අක්කාටනම් පෝස්ට් එකක්ම ලියන්න පුළුවන්නේ මේ ටික දාලා.මේ වගේ දේවල් මතක් වෙද්දී මටනම් දැනෙන්නේ සතුටක්.දුකක් නෑ.ඒත් සමහර අයට එහෙම නෑ.
""අපේ දෙන්නගේ ලියුම් මිටිය.... හි හි... අපේ මහත්තයා එක්ක ෆුල් මලක් පැනලා, දමලා ගහලා ගෙදර යනවා කියලා හිතලා, ඇඳට වෙලා අඬ අඬ ඉන්න වෙලාවට මං කරන්නේ ඔය ලියුම් මිටිය ඇදලා කියවන එක... ඒ ටික කියවද්දි මගේ හිතේ තරහා නැති වෙනවා.... හිත ආදරෙන් පිරෙනවා... ඒකයි මං ඒ ටිකට එච්චරම ආස.... ""
Delete^_^
ඉෂාන් මගේ කමෙන්ට් එක මං හිතන්නේ කෙලින්ම ස්පෑම් එකට ගියා.. දිග වැඩි හින්දද කොහෙද.... හි හි
ReplyDeleteනෑ. ඒක තිබුණා Waiting අස්සෙම. :)
Deleteමගේ දේවල් වගයකුත් ගෙදර ගෙනියන්න බැරි නිසා අයියගේ ගර්ල් ගේ ගෙදර හැංගුවා..අන්තිමට ඒ ටිකට වෙච්ච දෙයක් නැහැලුනේ.මතක් වෙද්දී එන දුකක්..(තරහත් සමග)..
ReplyDeleteඔයාගේ කතාවනම් මම ආසයි ඇ..මගේ කරගෙන කියෙව්වා.
එහෙනම් ෂුවර් එකටම අයියා ගාව ඇත්තේ! පොඩ්ඩක් හොයලා බලන්න. ;)
Deleteඔය වගේ ඒවා අපි ගාවම තියාගන්න එක තමා හොද හලෝ.අනිත් අයට දුන්නාම ඒවා නැති වෙන්න පුළුවන්,දෙන්නේ නැති වෙන්න පුළුවන්. මටත් ඒ වැඩේ වෙලා තියෙනවනේ. :)
එළ! තෑන්ක්ස්..
අයියෝ... අපේ අයියාත් අනංගයා වගෙනේ අෆ්ෆා... යන යන තැන ලව් කරලානේ...
ReplyDeleteලියුම්.ෆොටෝ, නිසදෙස්, බස් ටිකට්, ඔරලෝසු,වගේ දේවල් විතරයි ඔන්න මං ලඟ තිබ්බේ.. ඒකත් A/L කරලා ඉවර වෙනවා එක්කම විසික් කරලා දැම්මා.. මොකටද ගිය එකා දුන්න ඒවා පරිස්සම් කරලා තියා ගන්නේ... ඔරලෝසු එහෙම නම් මගේ ලඟ උන්න යාළුවන්ට එහෙම දුන්නා මතකයි...
අතීතය සිහිනයක් පමනි
සැබෑ සුවඳක් නැති...
මොකක්! ඔයාගේ අයියා අනංගයා! ඇත්තද? ඒත් ඒ වගේ දෙයක් තමන්ගේ අයියා ගැන මේ වගේ තැනක කියන එක හරි නෑ නේ හලෝ? ඈ.. ;)
Deleteඔය ඉන්නේ තවත් කෙනෙක්.A/l ඉවර වෙද්දී ඒවාත් අයින් කරලා.සමහර අය කැමති නෑ තමා ඒ වගේ දේවල් තියාගන්න.දකින දකින වාරයක් පාසා අතීතේ මතක් වෙලා හිත පෑරෙන එකනේ වෙන්නේ.ඒ ඒ අයගේ හැටි හලෝ. :)
හ්ම්ම්..
මේන් මේකා ලව් කරන්න පටන් අරන් තියෙන්නේ 7 වසරේදී බොල !ඔය වගේ සැමරුම් නම් ගොඩක් මගේ ලඟත් තියනවා !වැඩිපුරම තියෙන්නේ චොක්ලට් කොළ තමයි ...හි හි ........
ReplyDelete:D
හි හි හි.. ඒ කාලේ සිතින් ලව් විතරයි හලෝ. මං ඒ කාලේ හොද ළමයෙක්. ඕ.. ඇත්ත ඒක.. :)
Deleteතවත් කෙනෙක්. :) ගොඩක් චොකලට් කොළ තියෙනවා කියන්නේ හොදම චොකලට් පෙරේතියක් කියලා බෝයිෆ්‍රෙන්ඩ් දැනගන්න ඇති.ඒ හින්දා ම්ට් වෙන හැමපාරම චොක් ගෙනත් දෙන්න ඇති. :)
ආදරේ විඳින්න ඕන දෙයක්ද ? විඳවන්න ඕන දෙයක්ද ?
ReplyDeleteමං නම් හිතන්නෙ ඔය දෙකම තියෙන්න ඕන කියල...
Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි
වැඩිපුරම විඳින්න ඕනේ දෙයක්. විඳවන්නේ තමන්ම කරගන්න වැරදි හින්දා. ඒ හින්දා විඳවන්නේ නැතිවෙන්න ආදරය කරන්න පුලුවන්නම් හොදයි.
Deleteඅම්මෝ...ඉෂාන්ට ලව් ගොඩක් තිබිලානේ..... :)
ReplyDeleteමටත් සිහිවටන ගොඩක් තියෙනවා.හැබැයි එකම එක් කෙනෙක් දුන්නු. එයා අද මං ලග නැතත් ඒවා මං ලග හැමදාම තියේවි. එයා දුන්නු ලියුම් ටික නම් මම එයාටම දුන්නා. මොකද ඒවා කියවනකොට මට මාර අප්සට්. ඒවා එයා ලග තියෙනවා. හැබැයි ඒවායේ ෆොටෝස් ගහල මම තියා ගෙන ඉන්නේ. හිතුනු වෙලාවට බලනවා. ඒ නැතත් ඒවා එකක් නෑර මට හොදට මතකයි. කොහොමද මගේ මතකේ.... :)
නෑ.. එච්චරම නෑ හලෝ.බොහොම පොඩ්ඩයි.. සිරා.. ;)
Deleteඑහෙනම් සෑහෙන්න හොදයිනේ හලෝ ඔයාගේ මතකේ.ෂෝක්.. :) මං වගේ කෙනෙක් වගේ ඔයත්.සමනලී එයා නැති වුනා කියලා ඒවා අයින් කරලා නෑ.මාත් එහෙමයි. කවදාහරි අපේ ළමයින්ටත් 'මේ පුතේ.. අපි ඒ කාලේ ලව් කලේ මෙහෙමයි..' කියලා පෙන්නන්න බැරියැ. නැද්ද මං කියන්නේ? :)
අනේ මම අසරණ වෙලා වගේ දැනෙන්නේ මොකද බන්....
ReplyDeleteමොකක්! ඒ මොකෝ බං? මේ පෝස්ට් එක කියවලාද එහෙම වුනේ..?
Deleteමේක කියවලා ඒකෙන් ඇතිවෙන අතුරුආබාධ වලට මං වග කියන්නේ නෑ ඕං. මට ඒක කියන්න අමතක වුණානේ. ;)
ඉශාන් අයියේ එල පෝසුවක් ඈ..
ReplyDeleteමන් නම් එහෙම සිහිවටන තියාගන්න වෙලා නෑ..
හිතෙ නම් තියෙනවා..
..
..
අර හිරු අක්කා කීව තරහ ගිය වෙලාවට කරන දේනම් ඇත්තටම සාර්තක දෙයක්..
ඒක ඕනම දේකට පුලුවන්..,
එළ! තෑන්ක්ස්..
Deleteඒ මොකෝ ? තාම ආදරේ කරන්න ලැබිලා නෑ? එහෙනම් දාපු කමෙන්ට් එකේ අන්තිමට කියලා තියෙන දේ සාර්ථකයි කියන්නේ කොහොමද මලේ? මට ප්‍රශ්නයක්! :)
උඹ මාව අනාත කරනවා බන්. අනේ ඒ කාලේ.... සොඳුරුයි, සුන්දරයි.
ReplyDeleteඅනේ මං නම් එහෙම කරේ නෑ ඕං.මාව නම් අල්ල ගන්න එපා ඕවාට. මං අහිංසකයි.නිර්දෝෂයි. :)
Deleteඒ කියන්නේ AKM එහෙමත් සෑහෙන්න එකතු කරලා තියෙන පාටයි. එළ! :)
උඹ නම් මාර ලව්වෙක් නෙ.... කෙල්ලො කීයකට කියලා ලව් කරලද... ඔහොම ලව් කරන්න පුලුවන්ද බන්...කලින් එක අමතක කරලා...
ReplyDeleteඑච්චර නෑ සිරා අයියේ.බොහොම සුළු පිරිසක් එක්ක තමා ආලෙන් වෙළුනේ. :)
Deleteඑච්චරම ලේසිත් නෑ ඒක.දුකක් තියෙනවා.ඒත් ගිය දේ ගැන හිත හිත වැඩිය දුක් වෙන තේරුමක් නෑ.ගිය දේ ගියා.ඊට පස්සේ අලුතින් හිතන්න,අලුතින් ජීවිතය පටන්ගන්න තියෙන්නේ.
"ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.." :)
මටත් ගොඩක් දෙවල් මතකෙට ආව. දානව මමත් පෝස්ට් එකක් පොටෝ එක්කම :)))
ReplyDeleteඑළ! ලියහන්කෝ බලන්න සමියාගේ මේ සම්බන්ධව තියෙන අත්දැකීම් මොනවද කියලා අපිටත් දැනගන්න.ඇවිත් කියවනවා අපිත්. :)
Deleteඇත්තටම බං මටත් තියෙන්නේ ඔහොමත් කරනවයි කියලා එක හෝල්ට් එකකින් බැහැලා ආයෙමත් බස් එකක නගින්නවා වගෙ ලව් කරන්න පුළුවන්ද ? "බැරි නම් කරනවාද යකෝ" ..එහෙම නේද ?කොහොම වුණත් අර සර් නම් කියලා තියෙන්නේ ඇත්තම ඇත්ත කතාවක් .
ReplyDeleteඑහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා සහෝ. මගේ නම් එහෙම නෑ.ඔය එෆෙයාර් තුන අතර කාල පරතරය වැඩියි.
Deleteඒක ඇත්ත! සර් ගැන අහලා ඇති සමහරවිට. - R.S. පින්නපොල.
මම ළඟ නම් තියෙන්නේ පොත්,සීඩී තමා.ඒවා ගෙදර ගෙනත් තියාගන්න ලේසිනේ.කාටවත් සැකයක් හිතෙන්නේ නෑ. :D
ReplyDeleteතව තඩි ටෙඩියෙකුත් ඉන්නවා..ඌ දැන් ගෙදර තනියම ඇති මගේ ඇඳට වෙලා.මම බෝඩිමෙනේ ඉන්නේ ඉතින්.
ඒවා දකිනකොට එයා මාත් එක්ක හිටියනම් හොඳයි කියල හිතෙනවා.අම්මලාගේ විරෝධය නිසා අපි දෙන්නට වෙන් වෙන්න සිද්ධ වුනේ..ඒ තීරණේ ගැන මගේ හිතේ දුකක් නෑ.ඒ වුනාට සමහර වෙලාවකට කියා ගන්න බැරි හිස් කමක් දැනෙනවා.
හිකිස්.. කපටිමත් නෑ නේ ඒ වගේ වැඩවලට! :)
Deleteදුක හිතෙන අතීතයක් වගේ ඔයාට ඒ ගැන තියෙන්නේ.ඕවා ඔහොම තමයි ඉතින්.හැමදේම හරියන්නෙත් නෑනේ.ඒ හින්දා වෙන්න තියෙන හොද දෙයක් වෙයි. :)
ගෑණුළමයින් ඔය ටෙඩිලා එහෙම ලේසියකට අයින් කරන්නේ නෑනේ. බෝයි එක්ක මලෙන් ඉන්න වෙලාවට ඒ තරහ පිරිමහන්නෙත් ටෙඩියාගෙන්නේ.
මමත් සිහිවටන එකතු කලා. එත් ඒ ආදරේත් එක්කම එවා අයින් කලා. නැත්තම් මම දැන් ආදරේ කරන කෙනාට කරන වැරද්දක් වගේ කියලායි දැනෙන්නෙ. ඒ නිසා. විසික් කරන්න බැරි දෙවල් තාම තියෙනවා කවදා හරි දවසක ආදල කෙනාටම දෙන්න කියලා.
ReplyDeleteසිහිවටන එකතු කරන එක නම් නවත්තලා නෑ. :) :) :) දිනෙෂ් අයියා එවපු ගොඩක් දෙවල් (මට එයාගෙන් ලැබුන දෙවෙනිම තෑග්ග පළවෙනි තෑග්ග ඉතින් එයාගේ ආදරේනේ ;) ) ඔන්න එකතු කරන්න පටන් ගත්තා. උදා - එඩ්රස් එක ලිවුව කොල කැල්ල පවා. හිකිස්...
අන්න එහෙමයි මගේ සිහිවටන එකතු කිරිල්ල. ;)
පරණ සිහිවටන ඒවාගේ අයිතිකාරයටම දෙන එකත් හොදයි.ඒක එයාටවත් ඕනේ වෙයිනෙ.. :)
Deleteසිහිවටන එකතු කරන එක නවත්වන්න එපා. කවදාහරි දෙන්නා බැදපු දවසක දෙන්නාටම ඕවා ගත්ත හැටි,දුන්නු හැටි මතක් කර කර සතුටු වෙන්න බැරියැ. :)
එඩ්රස් එක ලිව්ව කොල කෑල්ල කියන්නේ; දිනේෂ් මුලින්ම එඩ්රස් එකද දුන්නේ ලියුමක් එවන්න කියලා? ඈ..
ආදරණීය සිහිවටන නම් මං ළඟ නෑ. ඒ උනත් යාලුවො දුන්න තෑගි නම් මම පණ වගේ පරිස්සම් කරනව. ඒ සමහර යාලුකම් අද මගෙන් සෑහෙන ඈතට ගිහින් උනත් ඒ කාලෙ ගත්ත පින්තූර දිහා බලන් ඉන්න මං තාමත් ආසයි. එතකොට ආයෙත් ඒ කාලෙට ගියා වගේ හැඟීමක් එනව.
ReplyDeleteගොඩක් වෙලාවට කෙල්ලෙක්ට යාළුවන්ගෙන් තෑගී හම්බවෙනවා වැඩියි තමා.ඒ කෙල්ලෙක් වුන හින්දා.ගෑණු ළමයි ගෑණුළමයිටම මොනවා හරි දෙයක් දෙනවා උපන් දිනයක් ආවත්.
Deleteඒකට කොල්ලන්ට! කොළු යාළුවෙක්වත් වත් දෙන්නේ නෑනේ අඩුම උපන්දිනයකදිවත්.ඒකට උපන් දිනේ සමරන එකාම තෑගී දෙන්න ඕනේ ඉන්න යාළුවෝ සෙට් එකට. :(
සිහිවටන.. හ්ම්ම්ම්.. කාලෙකට කලින් මතකයේ හිර වෙච්ච ගොඩක් දේවල් එලියට ආවා.. ගොඩක් වැදගත් ඒ වගේ සිහිවටන තාමත් අපේ ගෙදර තියෙනව.. ලංකාවට ගිය වෙලෙත් පරිස්සම්ද කියලා බලලා ආවේ.. ඒ මතකය අළුත් උනා බං උඹේ මේ ලිපියෙන්..
ReplyDeleteදිනේෂුත් මං වගේ පොරක්. මාත් පරිස්සම් කරනවා පුළුවන් උපරිමේටම මං ගාව තියෙන දේවල්.ඒ පරිස්සම වැඩි හින්දාද කොහේදෝ මගේ අතින්ම ඒවා එහෙ මෙහෙ වෙනවා. ස්ට්‍රැචූ බිමට වැටෙනවා.ස්ට්‍රැචූ බිමට වැටිලා කෑල්ලක් හරි කැඩෙද්දී මට නම් මාර අප්සට්.මං කැමතිම ටික ඒවා. ඒකයි..
Deleteමං කිව්වානෙ මේ පෝස්ට් කියවන අයගේ පරණ මතක ආපහු ඇවිස්සෙයි කියලා.ඒ වගේම වුණා. ඒවා ලේසියෙන් අමතක කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.මතකේ රැදෙනවා සූට්ටක් හරි.කවරුහරි ඒක එහෙම නෙවෙයි කියලා කියනවානම් ඒකනම් මහා පචයක්..
මගේ ගාව තියෙන්නේ එකම එක සිහිවටනයය් එක නම් මරු සිහිවටනය ඒ දවස් වල අපේ ස්කොලේ කෙන්ටිමේ තිබුණු ටොෆි වල තිබුණු S අකුරක් ටොෆිය එයා කැවා මම බලෙන්ම S අකුර උදුරගත්තා මගේ පොත් මෙසේ උඩ තියන පොඩි අය්ෆ්ල් කුලුන වගේ එකක මුදුනේ තාම තියනවා. දුකම සින් එක මම කවදාවත් එයා ගෙන් ආදරය ඇහුවේ නෑ.. තාම එයා මගේ හොදම යාළුවා
ReplyDeleteඔය බලෙන්ම උදුරුගැනිලි නම් මාත් කරා.කරනවා. ඒක ජොලි වැඩේ.අවුස්සන කියාපු දේ. :)
Deleteඇහුවේ නැත්තේ ඇයි? කියාගන්න කලින් වෙන කෙනෙක් ඇවිත් මැදට පැන්නාද?
හොදම යාළුවා වෙලා සෑහෙන කාලයක් ඉන්න පුළුවන් වුනා කියන්නේ එතන දෙන්නා අතර තියෙන බැඳීම හුඟක් දුරට තියෙනවානේ.
maddata penala ekek wade dal kara.. dan uth wade atha ariya G.F. ta wediya mata beset frnd watinawa machn
Deleteඒ මචන් ඉෂා මේ පොස්ට් එක බොක්කටම වදින ටයිප් එකේ එකක් බං..උඹ සිරා පොරක් බන්...සිරාවටම සිරා
ReplyDeleteමං අනිවා දැනගෙන හිටියා මේක කට්ටියට වදී කියලා. සුන්දර,අසුන්දර මතකයන් මේ වගේ පෝස්ට් දැක්කාම ආපහු මතක් වෙනවා.සමහරු ඒවාත් එක්කම ජීවත් වෙනවා.ඉතින් ඒ දේ වුණා.:)
Deleteතෑන්ක්ස් පැතුම්! :)
ජපන් කොඩි කියන්නේ මොනවද බන්? අනේ කියපන්කෝ.
ReplyDeleteමට නම් ඔය එකක්වත් නැහැ අෆ්ෆා.හැංගිලා හොරෙන් ගත්ත ෆොටෝ(ෆෝන් එකෙන්) එකක් නම් අවුරුදු පහක් තිස්සේ ඉඳන් මා ගාව තියෙනවා.
සිරාවටම ඒ කේස් එක දන්නේ නැද්ද? මං නම් හිතන්නේ නෑ.එහෙනම් මේ පෝස්ට් එක කියවන්න.එතකොට මීටර් වෙයි. :)
ReplyDeleteFor Nishan
අවුරුදු 5ක්! ඉතින් ඇහුවේ නැද්ද බං එයාගෙන්? හොරෙන් ගන්න ඒවාගේ වටිනාකම වැඩියි. :)
ගොඩ කාලෙකට පස්සේ බ්ලොග් එකකට දාන පලවෙනි කමෙන්ට් එක.මේ පොස්ට් එක දැක්කම කමෙන්ට් නොකර බැරි උනා .ඔය වගේ සිහිවටන නම් ගොඩක් මන් ලග තියෙනවා .ඒ උනාට ගොඩක්ම තියෙන්නේ යාළුවොත් එක්ක පිස්සු නටපුවගේ සිහිවටන .ආදර සිහිවටන නම් මහා ගොඩක් නෑ.ඒත් තියෙන අදර සිහිවටන වලට තාමත් අදරෙයි .අර අන්තිමට කියල තියෙන ටික නම් කියන්නේ පින්නපොල sir නොවැ .ලකියත් ඉතින් පින්නපොල sir ගේ ගෝලයෙක් නේ
ReplyDeleteඒ මුලින්ම වැටුණු කමෙන්ට් එකත් මගේ පොස්ට් එකකට වීම කොච්චර හොදද! එළ :)
Deleteයාළුවොත් එක්ක කරපු වැඩ වල මතකයන්, සමහර ෆොටෝස් වගයකුයි විතරයි ඉතුරු.ඒත් අනිත් ඒවා වැඩියි. මට වටින්නෙත් ඒ ටික.ඒකනේ පරිස්සම් කරගන්න හදන්නේ.
ලකියා පින්නපොල සර්ගේ ගෝලයෙක් කියලා දැනගන්න ලැබීමත් සතුටක්.සර් ගේ ඒ වගේ කොච්චර කතා තියෙනවද අපේ ජිවිතයට ගන්න පුළුවන්. ඒ ගැන දන්නේ සර්ගේ ක්ලාස් ගිය එවුන් විතරයි.ලකියා මොන අවුරුද්දේදී ද A/L කරේ?
සිරා පෝස්ට් එක මචෝ.මා ගාවත් තියෙනවා එහෙම එකතු කරපු දේවල්.ලව් කරලා අන්තිමේදී ඒවා විතරයි ඉතුරු වුනේ.ඒවා මතක් වුනා මේ පෝස්ට් එක දකිද්දී.
ReplyDeleteඕවා ඔහොම තමා බං. ලව් ඇතිවෙනවා නැතිවෙනවා. ඒත් සැමරුම්,මතකයන් ඉතුරු වෙනවා. :)
Deletehttp://naadiyaonline.blogspot.com/2012/10/blog-post.html
ReplyDeleteමේ තියෙන්නේ නාඩි ජනතාව ලව් ඉලව් කර ගත්ත හැටි!
හික්ස්..මං ළඟත් කාලයක් තිබ්බා නල දමයන්ති පොතක් එහෙම 5 වසරේ මෙව්වා එකකින් ඉතුරු වෙච්ච...තාමත් ඒකනම් තියනවද කොහෙද... ;)
හිකිස්! කියෙව්වෙමි. :)
Delete5 වසරේදී ගත්ත එකක්! එළනේ.
අයියණ්ඩියේ සීආර් පොතක් අරන් එන්න ලියා දෙන්නම්..මම ගාව නම් තියෙන්නෙ ටිකට් වගේකුයි,කොප්පෙකුයි,එයාට දෙන්න ගත්තු තෑග්ගකුයි,චොකලට් කොල ගොඩාරියකුයි..ෂොපින්ග් බෑග් එකකුයි.. තව මුනාද තියනවා..මතක් වෙන්නෙ නෑ..
ReplyDeleteනඟා,මං සීආර් පොතක් මේල් කළා ඔයාගේ ඇඩ්රස් එකට.දන හිතේ හැටියට ලියලා එවන්නයි තියෙන්නේ. :)
Deleteමෙයත් චොකලට් වලට වහ වැටුණු කෙනෙක් වගේ. :) දෙන්න ගත්ත තෑග්ග තාම ඔයා ළඟ ඇයි?
ඕවා බොහොම සුන්දර මතකයන් මචෝ...
ReplyDeleteඒකනේ! :)
Deleteශා.. නියම පොස්ට් එකක්. මට නම් ලියාගන්න බැරි මාතෘකාවක් ..
ReplyDeleteකතාවනම් වැදගත් ඒත් තාම ඔය එක අත්දැකීමක්වත් නෑ
ReplyDeleteඅයිය කියපු සර් තාමත් නුවර ක්ලාස් කරන කෙනෙක්ද ? :p
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
ඒ මචන් මොකක්ද ඔය ජපන් කොඩි කතාව ඒක තෙරුනේනන් නෑ
ReplyDeleteපෝස්ට් එකනන් පට්ට
ආදරේ නැති උනාම මාත් කරේ එය දුන්න දේවල් දිහා බලාගෙන එයාගේ මතකයන් එක්ක ජීවත් උනු එක
පපුව රිදුන ලියපුවා කියවද්දී....
ReplyDelete