මේකනම් මට වුන සිද්ධියක්ය.. A/L කරන කාලේ මායි තව යාළුවො දෙන්නෙක් එක්ක Physics වලට Individual ක්ලාස් එකක් සෙට් කරගත්තා. ක්ලාස් එක කරේ අද නුවර ඉන්න Physics වලට ජනප්‍රිය වී ගෙන එන තරුණ ගුරුවරයෙක්. ක්ලාස් එක තිබුනේ මගේ එක යාලුවෙක්ගෙ ගෙදර 5 ඉදන් 8 වෙනකම් සතියේ එක දවසක්.ක්ලාස් එකට සෙට් වුන යාළුවො දෙන්නා තමා මධුසංඛ, විමර්ශන. මධුසංඛගේ ගෙදර තමා ක්ලාස් එක දාගත්තේ.ක්ලාස් ඉවර වෙලා නවතින්නේ මධුසංඛගේ ගෙදර.
ඉතින් ඔහොම ක්ලාස් තිබුණු දවසක මං යාළුවෙලා හිටපු ගෑණුළමයාගේ ලොකු අම්මා නැතිවුණා.ඒ කියන්නේ මධුසංඛගේ ගෑණුළමයගේත් ලොකු අම්මා. තව විදියකට කියනවනම් අපේ යාලුවෙක්ගෙ ලොකු අම්මා. මේ යාලුවත් ඒ ගෑණුළමයි දෙන්නගේ සහෝදරයෙක්. එයත් අපේ වයසෙමයි. (මං කලින් පෝස්ට් එකක කියලා තිබුණා මායි, මධුයි යාළුවෙලා හිටියේ එකම පවුලක සහෝදරියෝ දෙන්නෙක් එක්ක. මගේ කෙනාට චංචලා කියලා කියන්නම්. අනිත් කෙනා නිසංසලා. සහෝදරයාට රන් කියන්නම්.හරිය!!) නිසංසලාගේ ගෙදර තමා මිනිය තිබුනේ.ඉතින් අපි තීරණය කරා එදා ක්ලාස් ඉවර වෙලා රෑ එහෙ යන්න අනිත් යාළුවො සෙට් එකත් එක්ක.
අපේ රන්ට Scotch Whiskey (ලින්ක් ඒකෙ පින්තුර ඇති) බෝතලයක් හම්බවෙලා තිබුණා.මට මතක විදියට රටින් වෙන්න ඕනේ.ඒකෙ සැර 41%.ඉතින් අපේ යාළුවෝ සෙට් එක කතා වුනේ අපේ ක්ලාස් ඉවර වෙන වෙලාවට එයාලා මධුසංඛගේ ගේ ගාවට ඇවිත් ඉදලා ක්ලාස් ඉවරවුණාම අපිත් එක්කම මළගෙදර යන්න. මළ ගෙදර යනගමන් රන්ලාගේ ගෙදරට මුලින් ගොඩ වැදිලා අනුමත වෙලා ඊටපස්සේ මළගෙදර යන්න.මොකද රන්ලාගේ ගෙදර කවුරුවත් හිටියේ නෑ මළගෙදර හින්දා.ඒ ගෙදර හැමෝම එහෙ ගිහින්.
ඉතින් අපිත් ක්ලාස් ඉවරවුණාම මධුසංඛගේ අම්මලාට කියලා ගේ ගාවට ඇවිත් හිටපු යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා මුලින්ම රන්ලාගේ ගෙදරට ගියා. එහෙ ගිහින් කට්ටිය අනුමත වුනා. මදි අඩුපාඩුවට තව ගල් භාගයකුයි, බියර් බෝතල් දෙකකුත් ගෙනත් තිබුනා.එහෙම කරේ යාළුවෝ දහදෙනෙක් විතර හිටිය හින්දාත්, එක බෝතලෙකින් චුට්ටක් බීලා සෑහීමකට පත්වෙන්න බැරි හින්දාත්. අනුමත වෙලා ඉවරවුනාට පස්සේ කට්ටියම පයින් මළගෙදර බලා පයින්ම යන්න පටන්ගත්තා. එහෙට තිබුනේ කිලෝමීටර් 2,3 ක් වගේ රන්ලාගේ ගෙදර ඉදන්.ඔහොම යද්දී දැන් කට්ටියට ටික ටික වෙරි වෙන්න පටන්ගත්තා.කට්ටිය පාරේ ටිකක් හයියෙන් කෑගගහා එක එක ඒවා කියව කියව. ප්‍රධාන මාර්ගෙන් හැරිලා නිසංසලාගේ ගෙදරට යන අතුරු මාර්ගෙට හැරුනා. ඒ පාර ටිකක් අදුරු පාරක්. ඔහොම ටික දුරක් යද්දී සෙට් ඒකෙ හිටිය ප්‍රදීප්..
"මචන්ලා.. පොඩ්ඩක් හිටපන්.. මගේ සෙරෙප්පුවේ මඩ තියෙනවා. මං මේ පොකුණෙන් සෙරෙප්පුව හොදන් එන්නම්.."
කියලා පාරේ තිබුණු මඩ වතුර පිරුණු වලකින් සෙරෙප්පුව හෝදනන පටන් ගත්තා.( ඒ දවස වල වැස්ස නිසා ඒ පාර මඩ වෙලා තිබුනේ..) ඒක දැකපු අනිත් එවුන්ට පට්ට හිනා. කට්ටියට තේරුණා ප්‍රදීප්ට හොද ගණන් කියලා.
"යකෝ.. තොට ඇස් පෙන්නේ නැතිද..? ඔය මඩ වළක්. තෝ තවත් සෙරෙප්පුවේ මඩ උලාගත්තා.." අපේ අතර හිටපු එකෙක් කිව්වා.
"අඩේ!! ඇත්තමයි නේ.. මං දැක්කේ හොද වතුර පාරක් වගේ බං.." ප්‍රදීප් කිව්වා.
"හා හා.. යමන් දැන්..." කියලා කට්ටිය ආයෙත් එක එක විකාර කියව කියව, ප්‍රදීප්ව බයිට් කර කර ගියා. මළගෙදරට කිට්ටුවෙද්දී වගේ මටත් ටික ටික වෙරිවෙන්න පටන්ගත්තා.ඉතින් කොහෙමෙන් කොහොම හරි මළගෙදරට ගිහින් මිනිය බලලා වැනි වැනි මංතුමා කැරම් බෝඩ් එක තිබුණු හරියක වාඩි වෙලා කට්ටිය කැරම් ගහනවා බලන් ටික වෙලාවක් හිටියා විතරයි..
"ඈක්.. ඈක්.... " ගාලා මංතුමා කැරම් බෝඩ් එක තිබුණු හරියෙම වමනේ කරා.. අපේ එවුන් ටික ඒ සද්දේ ඇහුනා විතරයි මාව එතනින් අයින් කරන් පාරට වත්තන් කරන් ගියා. මංතුමාට එතනින් එහාට මොනවද වුනේ කියන එක ටික ටික තමා මතක.මේ වගේ සිද්ධීන්..
මාව පාරට එක්කන් ගිහින් බෝක්කුවක් උඩ වාඩි කරවලා අපේ එවුන් මාව බලාගත්තා. ඊට පස්සේ එහෙමම නින්ද ගියා එකෙක්ගේ ඇගට හේත්තු වෙලා. ආය ඇහැරුනේ කවුරුහරි මට මොනවද පොවන්න හදනවා දැනිලා..
"මොනවද යකෝ මේ පොවන්නේ..? මොනවද මේ ඇට වගයක් හැපෙන්නේ.." ඒ මංතුමාගේ ගෝරනාඩුව.
"කටවහගෙන මේක බීපං යකෝ.. තොට වහ නෙවෙයි පොවන්නේ.. දෙහි දාපු තේ එකක්.." ඒ මාව බලාගත්ත එකා.
එච්චරයි ඒ වෙලාවේ මතක. ආය ඇහැරිලා බලද්දී මං ටිකක් කළුවර කාමරේක ලෑල්ලක් උඩ නිදිකරවලා. ආයෙත් නින්ද ගියා. ටික වෙලාවකින් ඇහැරුනා ආයෙත්. ඒ වෙලාවේ මට වුනේ මොනවද කියන්න ටික ටික මතක් වුනා. ඒ අස්සේ ඔලුවේ කැක්කුමක්.ඒ බීපු හින්දා.එහෙමම ටිකක් වෙලා හිටියා ඇස් පියන්. ඉදලා ඒ කාමරෙන් එළියට ඇවිත් බැලුවා මං මේ කොහෙද ඉන්නේ කියලා.වටපිටාව බලද්දී මළගෙදර එළියේ තිබුණු කාමරයක්.යාළුවෝ එකෙක්වත් පේන්න නෑ.ලයිට් එලිය තිබුණු තැනකට ගිහින් සාක්කුවේ තිබුණු ඔරලෝසුව අරන් වෙලාව බලද්දී පාන්දර 2ට කිට්ටුයි. "අප්පට සිරි..!! මං එච්චර වෙලා මේක අස්සේ හිටියද.." කියලා හිතුනා. පාරේ යාළුවෝ ඇති කියලා හිතාගෙන හෙමිහිට එතනින් එලියට ඇවිත් මළගෙදර මිදුල හරහාම බිම බලාගෙන පාරට ආවා. ඒ වෙලාවේ ඔළුව උස්සලා බලන්න කිසිම හයියක් තිබුනේ නෑ.මංතුමා චොර වෙලා ඉන්නේ කියන එක තේරිලා තිබුනේ ඒ වෙලාවේ.පාරට ඇවිත් බලද්දී අපේ එවුන් ඉන්නවා බෝක්කුව ගාවට වෙලා. මං තුමා පාඩුවේ ගියා එතෙන්ට.
"අහ්! උඹ නැගිට්ටද..? තාමත් අමාරුද උඹට..?"
"නෑ බං. ඔලුවේ කැක්කුමක් විතරයි තියෙන්නේ දැන්.. මට මොකද වුනේ බං..?"
"උඹ කැරම්බෝඩ් එක කබරයා දැම්මා කියලා මතකද..?"
"ඔව් බං.. එක මතකයි.. මං විතරද කබරයා දැම්මේ..?"
"නෑ. තව එවුන් තුන්දෙනෙක් විතර කරා. හැබැයි උන් පාරට ඇවිත් කරේ.උඹ වගේ නොවෙයි.."
"නෑ බං. එක පාරම ආවේ ඒක ඒකයි එතනම කරේ.. ඊට පස්සේ මොකද වුනේ මට.."
"අපි ඊට පස්සේ උඹව එක්කන් ඇවිත් බෝක්කුවේ වාඩිකරවලා තිබ්බා.ප්‍රදීප් තමා උඹව බලාගත්තේ. ඊට පස්සේ උඹට ආය වැඩි වෙලා කියවන්න පටන් ගත්තා.ඒක අඩු වුනාට පස්සේ රන් කිව්වා උඹව නිදි කරවමු කියලා.ඊට පස්සේ පල්ලෙහා කාමරේට උඹව එක්කන් ගිහින් නිදිකරෙව්වා.. මෙහෙ හැමෝම දන්නවා බං අපි බීලා ආවේ කියන්න.."
මට පුදුම හිතුනා ප්‍රදීප් මාව බලාගත්තේ කිව්වාම.මොකද ඒ දවස් වල අපි දෙන්නා තරහ වෙලා හිටියේ.ඉතින් මට පුදුම තරහ එකා මාව බලාගත්ත එකට.. මං හෙමිහිට ප්‍රදීප් ගාවට ගිහින්..
"තැන්ක්ස් මචන් මං ළග හිටියට.. පරණ කේස් අමතක කරහන්.. මොනවා උනත් උඹ හොද යාලුවෙක්.."
"දැන් ඒවා අමතක කරහන්.."
"චංචලා මේ සීන් එක දන්නවද..?"
"චංචලා තමයි යකෝ දෙහි දාපු තේ එක උඹට පොවන්න කියලා මට ගෙනත් දුන්නේ.චංචලාගේ අම්මා තමා හදලා දීලා තියෙන්නේ තේ එක ගිහින් දෙන්න කියලා. පවු බං ඒකි. අඩ අඩා හිටියේ උඹ මගේ ගාව වැටිලා ඉන්නවා දැකලා.පොවලා ඉවර වෙනකම් ගියෙත් නෑ උඹ ගාවින්.."
"මොකක්!! චංචලාද ඒක ගෙනත් දුන්නේ.. !! මං හිතුවේ නෑ බං විස්කියි,බියර් කලවම් වෙලා මෙහෙම වෙයි කියලා.."
"දැන් ඒවා වෙලා ඉවරයි. තව එකක් උඹ වමනේ කරපු තැනට සුද්ද කරලා තියෙන්නේ චංචලාගේ අයියා.. වෙන මස්සිනෙක්නම් උඹ ඉවරයි.. "
"මං චංචලා මීට් වුණාම කියන්නම් සමාවෙන්න කියලා.කියලා කොහොමහරි ශේප් කරගන්නම්.."
"ඒක උඹේ වැඩක්.."
ඊටපස්සේ අපි ගෙවල් වලට ආවා තවත් ඉන්නේ නැතුව. පස්සේ දවසක චංචලා හම්බවෙලා සමාවෙන්න කියලා ශේප් එකක් දාගත්තා.චංචලානම් කියෙව්වා මගේ නම මමම චා කරගත්තා කියලා.හැබයි චංචලාගේ අම්මා, අයියා,පවුලේ අය මට බැනලා තිබුනේ නෑ වෙච්ච සිද්ධියට.අම්මානම් කියලා තිබුනේ "කොල්ලොනේ.. ඔහොම බොන්න එපා කියන්න. තාම එච්චර වයසක් නෑනේ.." කියලා. ඒ අම්මා,නැන්දලා පාරේ හම්බුනත් ඒ ගැන කියලා බැනලා නෑ මට විහිලු කරා මිසක්.
පසු සටහන : අද චංචලාගේ උපන් දිනේ. ඉතින් මේ කියන සිද්ධිය වෙලා දැනට අවුරුදු 6ක් වගේ. ඉතින් මේ වෙද්දී මගෙයි, චංචලාගෙයි ආදර කතාව ඉවරවෙලා අවුරුදු 3ක් වෙනවා.අද දවසත් එක්ක මතක් වුනු කතාවක් හින්දා ලියලා දැම්මා.එයාට කතා කරලා සුභ පතන්න බැරි හින්දා (හේතු තියෙනවා) මං බ්ලොග් එකෙන්ම සුභ පතනවා එයාට..
How Can I Forget A Birthday That
I am So Used To Remembering From So Many Years?
Things May Have Changed Between Us
But My Good Wishes For You Haven't..
Happy Birthday!!
අපේ දෙන්නාගේ ගෙවල් වලිනුත් කිසි අවුලක් තිබුනේ නෑ මේ සම්බන්ධේට.මුලින් වරද්ද ගත්තේ මං. ඊට පස්සේ එයා.හැබැයි මේ වෙනකම් එයාගේ අම්මවත් මට කිසි දෙයක් කියලා, බැනලා නෑ අපේ එෆෙයාර් එක නැවතුනු එකට.තාමත් ඉස්සර වගේම මාත් එක්ක හොදට කතාකරනවා. කිසි තරහක් නෑ හිතේ එයාගේ.අපේ ගෙදරින්නම් බැන්නා දැනගත්තාට පස්සේ සම්බන්ධේ නෑ කියලා. මොනවා කරන්නද නේ..? ලබා උපන් විදියටනේ බබා වැනෙන්නේ.. නැද්ද මං කියන්නේ.. :)
ප.ප.ලි : දැන් මගේ වෙන්ඩ ඉන්න නැන්දම්මා එක්ක බලද්දී ඒ අම්මානම් මාර හොදයි අෆ්ෆා.. කටක් ඇරලා එයාට අම්මා කියන්න පුළුවන්. මෙයාටනම් නැන්දම්මා..
නියමෙට ලියල තියනවා
ReplyDeleteතැන්ක්ස්..
Deleteden kella meka dekkama Ishan idala hamarai
ReplyDeleteඅපෝ නෑ.. හිටියටත් වඩා හොදට ඉදි.. :)
Deleteඒකනේ බං නුපුරුදු දීගෙට වඩා පුරුදු තනිකම හොදයි කියලා.. (මේක මේ කතාවේ හැටියට හදාගනින් ඈ.. :ඩී)
ReplyDeleteමෙතරම් හොඳ කෙල්ලෙක්..,හොඳ නැන්දෙක්..,හොඳ මස්සියෙක් නැති කරගත්තේ ඇයි කියල ඒ දවස් වලම මම ඇහුවද කොහෙද.., බට් උබ කියුව දේ නම් මතක නැත!!! :ඩී
එනිවේයිස් අයි විශ් හ'ර් අ හැපී බ'ර්ත් ඩේ...
තනිකම හොදයි කියලා මටත් සමහර වෙලාවල් වල හිතිලා තියෙනවා බං.. :)
Deleteඇයි මචන්, මං කිව්වේ අහේතුව කියලා.. :)
තැන්ක්ස්..
හනේ හප්පේ..වෙච්ච නව නිංගිරාව නේද ඉෂාන්.
ReplyDelete"කොල්ලොනේ.. ඔහොම බොන්න එපා..." හිකිස්..
චංචලා පවු නේද....
ඔව් හලෝ.. :) චංචලා මුලින් පවු. පස්සේ මම පවු.. :(
Deleteබියර් එක්ක සැන්ඩි උනාම ඔහොම වෙනවා. අපේ එවුන් ටිකක් එක්ක මල ගෙදරක ගිහිනුත් පට්ට චාටරයක් කෑවා. කොහොමත් මචෝ ලිමිට් එක මීටර් වෙන්න ටිකක් කල යනවනේ. ම්ම්ම්.. පාවිච්චි නොකර ඉන්නවා නම් වඩාත් හොඳයි.
ReplyDeleteඅතීතයට සුබ පතන්න මාත් එකතු උනා එහෙනම් ඈ..
ඒකනම් ඇත්ත.. :)
Deleteතැන්ක්ස්..
Math wish karanawa eyata
ReplyDeleteතැන්ක්ස්..
Deleteහපෝයි..
ReplyDeleteපට්ට චාටරයක්නේ කාලා තියෙන්නේ...
සිරාවට ඔච්චර දෙයක් වෙලත් බැන්නෙ නැත්තං ඇන්ටි දේවතාවියක්නේ බං..
ඔව් මචන්.. ඒකනම් එහෙම තමා. හැමදාම හොදම දේ ලැබෙන්නේ නෑනේ.. :)
Deleteහච්චෝ හච්චෝ :) :)
ReplyDelete:) :)
Deleteane kollo bebadukame katha taruna kamata athal ati .mea wage gon post noliya hitiyanam hodi. obata tawa kalayak yanakota terei.gon kamata beepan ewa taruna samajaye athal karanta epa. ubala wage moodayanta uganwana sir kenek
ReplyDeleteඅදහසට ස්තුතියි ලස්සන ලංනා මහත්මයා. ඒත් මේ වගේ පෝස්ට් එකක් ලියපු මුල්ම කෙනා මං නෙවෙයිනේ. මං මේ පෝස්ට් එකේ කොහෙවත් කියලා නෑ කාටහරි බොන්න, බීලා ඒකෙ තියෙන මිහිර විදින්න කියලා. මේකේ තියෙන්නේ මට වුන අත්දැකීමක් විතරයි. මං හිතන්නේ නෑ මේ පෝස්ට් එක බලපු තරුණ අය බොන්න පටන් ගයි කියලා. ඒක එහෙම වෙනවනම් මටත් කියන්න තියෙන්නේ එහෙම එවුන්ට මෝඩයෝ කියලාම තමයි.
Delete"obata tawa kalayak yanakota terei." මේ අදහසට මං එකගයි.ඒ දේ මං තේරුම් අරන් හුගක් කල්.ඒ මෝඩ කම් නොකර දැන් ජිවිතේ ගතකරන හින්දා මං ඔබ කියපු දේ පිලිගන්නවා.සමහර දේවල් තේරෙන්න අත්දැකීම් තියෙන්න ඕනේ. එතකොටයි ඒ වැරදි ආය නොකර ජිවිතේ හොද විදියකට හදාගන්න පුළුවන්.. මං හරි කියලා හිතෙනවා.
අඩේ කොල්ලො කතාව නියමෙට ලියල තියනවා දැන් මම හැමදාම මෙතෙන්ට එනවා.
ReplyDeleteතැන්ක්ස්.. පිලිගන්නවා මේ පැත්තට සාදරයෙන්..
Deleteමමත් හොයා ගන්න ඕන අන්න ඒ වගේ නැන්දම්මා කෙනෙක් ...
ReplyDeleteහොයාගන්න උත්සහයක් දේ.'සොයන්නාට හම්බ වේ..' කියලා කියමනකුත් තියෙනවනේ.. :)
Deleteඇත්තටම ලස්සනට ලියල තියෙනව... මගේ නැන්දම්මත් හරිම හොදයි... මාමන්ඩිත් එසේමයි....
ReplyDeleteජීවිතය සුන්දරයි.