Showing posts with label ඉස්කෝලේ කතා. Show all posts
Showing posts with label ඉස්කෝලේ කතා. Show all posts
Friday, September 20, 2013
මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක)
මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස් වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි. P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් පොරක්. P.M කියන නම වැටුනෙත් මූණ එල්ලගන්න එකට සමහර දේවල් වලදී.
මේ සියලු නම් වලට අදාල පුද්ගලයා මට මුලින්ම හම්බවෙන්නේ 6 වසරේදී. ඒ අලුත් ඉස්කෝලෙදි. ඒ දවසේ වලම ඉදල අද වෙන තුරුත් මගේ හොද යාළුවෙක්. එක කාලයක් තරහ වෙලාත් හිටියා. ඒත් ආයෙත් ෆිට් වුනා. මේ කියන බණ්ඩා අපේ ඉස්කෝලේ අන්තිමේදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඒ තනතුරට පත් වුනේ ගුරුවරුන්ට සෑහෙන ගොට්ටේ අල්ලලා කියලායි අපේ කාගේත් අදහස වුනේ. අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා තේරුවේ ගුරුවරුන්ගේ ඡන්දයෙන්. ඉතින් ඒ ඕන ඡන්ද ටික ගන්න සෑහෙන විදියට ගුරුවරුන්ට ෆිට් වුනා. අනික බණ්ඩා කැපීපෙන්න දක්ෂයි. ඕනේ දෙකට පැනලා වැඩ කරා.
Saturday, December 8, 2012
ස්ත්‍රී වශී..
කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.
කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; දවසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ සිද්ධිය මට හොදට මතක තියෙනවා.ආය කියන්ට තියෙන දේ කෙළින්ම කියනවා.කසුන් ඉස්කෝලේ Deputy Head Prefect වෙලා ඉද්දි මට කොච්චර බැනලා ඇත්ද! උඹලා කරන වැඩ හින්දා වෙන එකෙක්ට උපදෙස් දෙන්නේ කොහොමද කියලා මට සෑහෙන්න කියලා තියෙනවා.ඒ තරම්ම මගේ වැඩ හොද හින්දා. හි හි හි..
Saturday, July 28, 2012
ඒකිට කොහොමද බං උඹ මෙහෙ ඉදන් සීන් කරන්නේ..
ඊයේ ලියන්න පටන් ගත්තනේ මගේ ආදර කතාවල පළවෙනි එක ගැන. හැබැයි මේ ලියන්නේ ඒ කතාවේ දෙවෙනි කොටස නෙවෙයි. වෙන කතාවක්.ඉතින් ඒ කතාව ලියාගෙන යද්දී මට 8 වසර පන්තියේ ඉද්දි වුණු සීන් කෝන් එකක් මතක් උනා.ඉතින් ඒක අද ලියන්න කියලයි හිතුවේ.නෙත්මි කතාවේ දෙවෙනි කොටස ඊලග පොස්ට් එකේ ලියන්න මං හිතා ගත්තා.ඉතින් නෙත්මි පළවෙනි කොටස කියවලා දෙවෙනි කොටස ඉක්මනින් ලියන්න කිව්ව අය තරහ ගන්න එපා ඕං..
ඉතින් මේකයි කතාව.මේ කතාව යන්නේ මගේ යාළුවෙක්ගේ පිටින්.එයාට මං සජී කියන්නම්.සජීගේ ඉස්කෝලේ තිබුණු කාඩ් එක තමා 'පිස්සා'. ඒකට හේතුව සජී කරන මෙලෝ රහක් නැති වැඩ.සමහර වැඩ වලට හිනායනවා.සමහර ඒවාට මල පනිනවා.මොනවා උනත් මට කියන්න තියෙන්නේ මට මගේ ඉස්කෝලේ ජීවිතේදී හම්බුනු හොදම යාළුවෙක්.6 ඉදන් ඉස්කෝලෙන් අවුට් වෙනකන්ම මාත් එක්ක එකම පන්තියේ හිටියා.හොද ගතිගුණ තිබුණා සජීගේ.තාමත් ඒ වගේ.
Friday, June 29, 2012
ඔයාගේ ලේන්සුවේ හොටු ..
ඔන්න මං ලියන්න යන පලවෙනි කතාව..
මේ සිද්දිය වුනේ මං 8 වසරේ ඉන්න කාලේ. මුලින්ම මගේ ඉස්කෝලේ ගැන කියලා ඉන්න එපායැ ඔක්කොටම කලින්. මං ඉස්කෝල 3 කට ගිහින් තියෙනවා.මුලින්ම ගියේ කන්ද උඩරට රාජධානියක් වෙලා තිබුණු නගරේ ඉස්කෝලෙකට.(ඔයාලට හිතෙන අවසන් රාජධානිය නෙවෙයි.ඊට කලින් තිබුණු එකක්.) ඒ ඉස්කෝලේ හිටියේ මාස 3 යි. අපේ තාත්තා ගේ මාරු වීමත් එක්ක ඒකෙන් අයින් වෙලා එහෙ ඉස්කෝලෙකට ගියා. ඒක බාලක පාසලක්. එකෙත් හිටියේ 5 වසර ඉවර වෙනකන් විතරයි. එට පස්සේ ආයෙත් අර කලින් කියපු රාජධානි නගරේ රජ කෙනෙක්ගේ නමක් තියෙන ඉස්කෝලෙකට ගියා. ඒක ලොකු ඉස්කෝලයක්. හැබැයි මිශ්‍ර පාසලක්. 6 ඉදන් තමයි පන්ති තිබුනේ. ඉතින් මං 6 වසරේ ඉදලා A/L ඉවර වෙනකන්ම හිටියේ ඒ ඉස්කෝලේ. දැනට ඇති ඉස්කෝලේ ගැන.දැන් ආයෙත් කතාවට..
අපේ ඉස්කෝලේ 8 වසරේ පන්ති 03ක් තිබුනා A,B,C කියලා. මං හිටියේ B එකේ.ඔන්න ඉතින් ඒක දවසක් C එකට අලුතෙන් කෙල්ලෙක් ආවා. කෙල්ලගේ නම ප්‍රියංකා. කෙල්ලගේ ගතියක් තිබුනා. ප්‍රියංකාගේ කොන්ඩේ කපලා තිබුනේ ඒ කාලේ තිබුණු කට් එකකට. (කෙල්ලට වහ වැටුණු මගේ යාලුවෙකුත් ඒ විදියටම කොන්ඩේ කපලා ඉස්කෝලෙන් කොන්ඩේ කපන් එන්න කියලා බනුමුත් ඇහුවා. ඒ කාලේ කට් තහනම් ඉස්කෝලේ කොල්ලන්ට.) ඉතින් දැන් ඉස්කෝලේ කොල්ලෝ පැණි හලනවා ප්‍රියංකාව සෙට් කරගන්න. මගේ යාළුවොත් එහෙමයි.(මාත් හැලුවා පැණි. ඒත් හිතෙන්.හැබැයි කව්රුවත් දන්නේ නෑ ඒක.) 8 වසරේ හිටියට අපිටත් ඉතින් ඒ කාලේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න පිස්සුව තමා තිබුනේ. දැන් ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.
දවසක් උන්ගේ පන්තියේ එවුන් පන්තියේ හිටියේ නෑ. මොකද්දෝ වැඩකට එලියට ගිහින්. දැන් මගේ පැණි හලපු යාලුවොන්ට ඕනේ උනා පන්තියට ගිහින් කෙල්ලගේ බෑග් ඒක ඇදලා බලන්ට. එකේ මොනවද තියෙන්නේ, මොනවද ගන්ට පුළුවන් දේවල් ඒ කෙල්ලව මතක වෙන්ට. ඒ කාලේ අපි පැණි හලන කෙල්ලෙක් ඉරලා විසික් කරන කොළ කෑල්ලක්,කාලා විසික් කරන ටොෆී කොලයක් පවා ලොකු දෙයක් කෙල්ලව මතක වෙන්ට තියාගන්න.( මං ගාවත් ඒ වගේ ඒවා හුගක් තිබුනා.ප්‍රියංකගේ ඒවත් තිබුනා. ඒ මං අනිත් එවුන්ට නොදැනෙන්න ගත්ත ඒවා.)
ඉතින් දැන් අපේ එවුන් ගිහින් එක එක දේවල් අරන් ආවා ඒ කෙල්ලට ගාව තිබුණු දේවල්. අපේ පන්තියේ හිටියා ලක්මාල් කියල හෙන පිස්සු වැඩ කරන පොරක්. මේ යකා ගිහින් කෙල්ලගේ ලේන්සුව අරන් ඇවිත් . දැන් ඉතින් කෙල්ලගේ බෑග් ඇදලා මතක සටහන් අරන්, ඒක තිබුණු විදියට තියලා කට්ටිය කොරිඩෝවට වෙලා හිටියා. ඔන්න දැන් ඔහොම ඉද්දි ඒ පන්තියේ එවුන් පෝලිමට එනවා පන්තියට.ප්‍රියංකා අපේ සෙට් එක ළගින් යද්දී එක පාරම ලක්මාල් කිව්වේ නැතැයි ,
"ප්‍රියංකා, ඔයාගේ ලේන්සුවේ හොටු බෝල බෝල ගොඩක් තියෙනවා.ඒවා කැරකෙනවත් එක්ක. ආ... මේක අරන් යන්න" කියලා කියන ගමන් ලේන්සුව දික් කරා.
අපිත් ෆුල් අන්දුන් කුන්දුන්.මොකද මේකා අපිට කිව්වේ නෑනේ එහෙම එකක්. කෙල්ලට හෙන අවුල ඒ වැඩෙන්. ඇයි, කොල්ලෝ ගොඩක් මැද එහෙම නොන්ඩි වෙද්දී මොකාද අවුල් නොවී තියෙන්නේ.
ඉතින් ප්‍රියංකා ලේන්සුව ගන්න ගමන් ලකමාල්ට කිව්වා,
"තමුසේ මොකද මගේ ඒවා අදින්න ගියේ? තමුසේ තමුසෙගේ වැඩක් බලා ගන්නවා " කියලා. ඒ වෙච්ච වැඩේට ඇති උනා දවසම හිනා වේවි ඉන්න අපේ එවුන්ට. ප්‍රියංකා එදා ඉදන් අපේ පන්තියේ එවුන්ට රව රවා තමා හිටියේ කාලයක් යනකන්.
( මේ කියන නම් නෙවෙයි එයාලව දැනන් හිටියේ.)
Subscribe to:
Posts (Atom)



