මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල. දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ කාරයෙක් කියලා පුරෝහිතට පෙන්වන්න.ඉතින් රජා ඒ පීප්පේ ළඟට නොයා ඒක දිහා බලාගෙන පුරෝහිතට කිව්වා..
"පුරෝහිත.. මං දෙයක් කියන්නද?"
"කිමක්ද රජතුමනි..?"
"අර දොර මුල්ලේ තියෙන වයින් පීප්පේ පේනවා නේ..?"
"එසේය රජතුමනි!"
"ඒකේ වයින් තියෙනවා හරියටම පීප්පේට අල්ලන ප්‍රමාණයෙන් හරි අඩකට වඩා..! මොකද්ද ඔබේ අදහස ඒ ගැන..?"
පුරෝහිතයාට තේරුණා රජා මේ හදන්නේ රජා තමාට වඩා වැඩ කාරයෙක් කියලා පෙන්වන්න තමා හදන්නේ කියලා.පුරෝහිතයා කරේ තමන් ඊටත් වඩා වැඩ කාරයෙක් කියලා පෙන්වන්න හිතාගෙන රජා දිහාට හැරිලා කිව්වා..
"මං නම් කියන්නේ රජතුමනි ඒ පීප්පේ වයින් තියෙන්නේ හරියටම අඩකට වඩා අඩුවෙන්..!"
කතාව ඔච්චරයි. ඊට වඩා නෑ.ඔයාලා කැමතිද ඒ රජාටයි,පුරෝහිතටයි වඩා වැඩකාරයෙක් කියලා පෙන්වන්න! එහෙනම් ඔන්න අද තෑගී නැති ප්‍රශ්නේ විදියට අහන්න යන්නේ මේකයි..
1. කිසිම මිනුම් උපකරණයක් නැතුව,
2. උඩු පියනක් සම්පූර්ණයෙන්ම ඉවත් කරපු පීප්පෙක්ට අර පීප්පේ තියෙන වයින් හලලා බලන්නෙත් නැතුව,
කොහොමද කියන්න පුළුවන් පීප්පේ වයින් තියෙන්නේ, 'අඩකට වඩා වැඩියෙන්' හෝ 'අඩකට වඩා අඩුවෙන්' කියලා..?
එහෙනම් හොදට හිතලා මතලා උත්තරේ කමෙන්ට් කරලා යන්න.හරි උත්තර බදාදා පබ්ලිෂ් කරනවා.
කට්ටිය දන්නවා ඇතිනේ දැන් මං මේ තෑගී නැති ප්‍රශ්න වලට අන්තිමේදී තෑග්ගක් දෙන්න හිතන් ඉන්නේ කියලා.ඉතින් හරියට උත්තර තියෙන අයට චාන්ස් එක තියෙනවා දිනන්න.
ඉතා වැදගත් : උත්තර දෙන්න උත්සහ කරලා තරගෙට එන්න ඕනේ කියලා හිතන ඇනෝ,බ්ලොගර් එකවුන්ට් නැති අය කරන්න ඕනේ මෙච්චරයි.ඒ 'උත්තරේ කමෙන්ට් කරලා, ඒක පබ්ලිෂ් කරන්න කලින් ෆුල් ස්ක්‍රීන් Screen Shot එකක් අරන් තියාගන්න කමෙන්ට් කරන වෙලාවත් එක්ක වැටෙන්න.ඊට පස්සේ ඒක සේව් කරලා තියාගන්න තමන්ගේ මැෂින් එකේ..'
මට ඕනේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න කලින් ඒකයි,වේලාවයි. එච්චරයි.උදාහරණකට පින්තූරයක් දාලා තියෙනවා.වැඩි විස්තර දැනගන්න ඕනේ නම් මේ පොස්ට් එකේ අන්තිම ටික බලන්න.
එහෙනම් ජය වේවා!
ප.ප.ලි : මූඩිය තියෙන්නේ උඩින්.පින්තූරේ තියෙන එකේ මැදින් තියෙන්නේ කරාමේ.ඒක පටලවගන්න එපා.හරියටම කෙලින් අතට තියෙන පීප්පෙක තමා හොයන්න තියෙන්නේ.මුලින්ම කිව්වා මං උඩ මූඩිය තියෙන එකක් කියලා.
තාම හරි උත්තරේ නෑ.මට හිතුනා රූපේ තියෙන එක වගේ කියද්දී පටලවාගෙන කියලා. උත්සාහ කරලා බලන්න ආයෙත්.
ප.ප.ප.ලි : හරි උත්තරේ මේකයි..
"ඉස්සෙල්ලාම පීප්පේ පියන අයින් කරනවා.ඊටපස්සේ වයින් පීප්පේ හෙමිට ඇල කරනවා වයින් පීප්පේ කට මට්ටමට එනකම්.එතකොට පීප්පේ අඩිය පේනවනම් වයින් තියෙන්නේ අඩකට වඩා අඩුවෙන්.වයින් පීප්පේ කට ලඟට ආවත් අඩිය පෙන්නේ නැතිනම් වයින් අඩකට වඩා තියෙනවා.."
ඕකයි උත්තරේ.ප්‍රායෝගිකව හිතලා බැලුවනම් ලේසියිනෙ.නිකමට විනිවිද පේන වතුර බෝතලයක් අරන් කරලා බලන්න.මුලින්ම උත්තරේ දුන්නේ Tom da Cat.ඊටපස්සේ මතකයි මට, Dre, Focus, කොලවෙරි.ඩී.
ඉතින් හරි උත්තර දුන්නු අයගේ තරඟයට ඇතුල් වෙනවා.අනිත් අයත් ඊලඟ ප්රශ්නවලදී හරි උත්තර දීලා ඒ ගොඩට එකතු වෙයි කියලා හිතනවා.
උත්තර දුන්,නොදුන් හැමෝටම ජයවේවා!
වතුර එකක පීප්පේ බස්සලා උඩුකුරු තෙරපුමෙන් හොයා ගනින්
ReplyDeleteසෑම් අයියා උත්තරේ දුන්නේ විද්‍යාත්මක විදියට.ඒත් උත්තරේ ඒ වෙලාවේම හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ හින්දා මේ උත්තරේ ගත්ත නෑ.
Deleteඋත්තර දෙන්න බෑ.. :( මං අදවත් උත්තරයක් දෙනවා කියලා තුන්වෙනි සැරේටත් කියෙව්වා.. :/
ReplyDeleteහයියෝ! ඊලඟ එකේදී ෂුවර් එකටම පුළුවන් වෙයි උත්තර දෙන්න. ඒක අනිවා බලන්න.
Deleteඋත්තරේ හොයන්න ඕනේ ඒ වෙලාවේම කරලා බලන්න පුලුවන් දෙයකින්.විද්‍යාත්මක විදිහට හිතන්න යන්න එපා.ඕනෙම මනුස්සයෙකුට කරලා බලන්න පුලුවන් විදියක් කිසි මහන්සියක් නැතුව.
ReplyDeleteමූඩිය තියෙන්නේ උඩින්.පින්තූරේ තියෙන එකේ මැදින් තියෙන්නේ කරාමේ.ඒක පටලවගන්න එපා.හරියටම කෙලින් අතට තියෙන පීප්පෙක තමා හොයන්න තියෙන්නේ.මුලින්ම කිව්වා මං උඩ මූඩිය තියෙන එකක් කියලා.
Deleteතාම හරි උත්තරේ නෑ.මට හිතුනා රූපේ තියෙන එක වගේ කියද්දී පටලවාගෙන කියලා. උත්සාහ කරලා බලන්න ආයෙත්.
අර මැදින් පේන නොබ් එක හරි මැදනේ තියෙන්නේ. ඇතුල් පැත්තෙන් බලලා ඒ නොබ් එකට උඩින්ද යටින්ද තියෙන්නේ කියලා බලලා තීරණයකට එන්න පුළුවන්... හරිම සිම්පල් ප්ලෑන් එකක්!
ReplyDeleteමූඩිය තියෙන්නේ උඩින්.පින්තූරේ තියෙන එකේ මැදින් තියෙන්නේ කරාමේ.ඒක පටලවගන්න එපා.හරියටම කෙලින් අතට තියෙන පීප්පෙක තමා හොයන්න තියෙන්නේ.මුලින්ම කිව්වා මං උඩ මූඩිය තියෙන එකක් කියලා.
Deleteතාම මට ඕන කරන හරි උත්තරේ නෑ.මට හිතුනා රූපේ තියෙන එක වගේ කියද්දී පටලවාගෙන කියලා. උත්සාහ කරලා බලන්න ආයෙත්.
පොඩි තට්ටුවක් දාල බලනවා ඇති. එතකොට සද්දේ වෙනස් නේ.
ReplyDeleteඒත් ඔය දේ තද ලී වලින් කරලා තියෙද්දී බලන්න අමාරුයි නේ?
Deleteපීප්පේ හරි මැද්දට දුන්නෙන් විදිනවා.. වයින් හැලුනොත් රජා හරි, නැත්තං පුරෝහිත හරි.
ReplyDeleteහිකිස්! ඒක හරියන්නේ නෑ හලෝ..
Deleteමැද තියෙන ඇබේ ගලවල බලන්න. හොක් හොක්..
ReplyDeleteමූඩිය තියෙන්නේ උඩින්.පින්තූරේ තියෙන එකේ මැදින් තියෙන්නේ කරාමේ.ඒක පටලවගන්න එපා.හරියටම කෙලින් අතට තියෙන පීප්පෙක තමා හොයන්න තියෙන්නේ.මුලින්ම කිව්වා මං උඩ මූඩිය තියෙන එකක් කියලා.
Deleteබිව්වාම හරිනෙ දෙන්නත් එක්ක.
ReplyDeleteඒකත් ඇත්තනේ! :)
Deleteude awa, kathawa therune ne. Dan dawal bandiya ehema purawagena awa. Wine peeppe hari meda thiyenne hilak. Ada thamai danagaththe. Ekath oyage 4to eken.man hithanne eka theyenne valve ekak set karala wine ganna wennathi.
ReplyDeleteඕ.. ඒ කරාමේ සෙට් කරන තැන.එතනින් තමා වයින් ගන්නේ.
Deleteමන් ඒරොප්පේ ඉද්දි ඕක ඉගෙන ගත්ත ..
ReplyDeleteඑත් මන් කියන දේ හරි යන්නේ ඒ ජාතියෙන්
හදපු ලී වලින් වලින් තියෙන පීප්ප වලට විතරයි ..
ගොඩක් වෙලාවට වයින් තියෙන මට්ටමට වඩා
අගල් 4 විතර උඩට වයින් පාර පේනවා .ඒත් ඇත්ත
මට්ටම තියෙන්නේ ඊට පහලින් .. ඕක ගෑස් මට්ටම
බලාගන්නත් පාවිච්චි කරන්න පුළුවන් ..
නොදන්න අය කියන්නකෝ මට ...
මං නම් මේ කියලා තියෙනදේ ගැන හරියට දන්නේ නෑ සහෝ. :(
Deleteඅයියෝ... මේ ප්‍රශ්න ඇහිල්ල ඇති අෆ්ෆා.. උත්තර දෙන්න ගියාම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා... ඔන්න මම අදත් උත්තරේ දන්නේ නෑ.. හි:) හි:)
ReplyDeleteමේ ඉෂාන් අයියේ එක දිගට උත්තර නොදන්න අයට තෑග්ගක් දෙන්න කල්පනාවක් නැද්ද.. එහෙම නම් ඒ ලිස්ට් එකේ මමත් ඉන්නවා ෂුවර් එකටම :D
හිනාවෙන හැටි ඒක දන්නේ නෑ කියලා.හරිනම් අඩන්න ඕනේ මේ වගේ ලේසි ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙනවට..
Deleteමේ මදි හලෝ.තව ප්‍රශ්න මග එනවා.ඊළඟට් අහන්න හිතන් ඉන්න ප්‍රශ්න ටිකට හරි උත්තර දෙන්න ට්‍රයි කරමු. :)
තාම ඒ ගැන හිතලා නෑ. එහෙනම් කී දෙනෙක් ඉදියිද ඒකට! ඒක කොහෙත්ම හරියන්නේ නෑ. :)
I will tilt the barrel till the wine comes to the edge of the barrel's opening.
ReplyDeleteIf I can see the bottom of the barrel, it means that it is less than half. If the bottom is covered with wine , it means it is more than half.
Simple bro..
Yep! it is correct answer. u r the first :)
Deleteමම නම් කියන්නේ මේක අලුත් බැරල් එකක් ඒක නිසා තාම මූඩිය ගලවලා නැහැ ඒ කියන්නේ රජා නෙවේ ඕන එකෙක්ට තේරෙනවා මේකේ බාගෙකට වඩා වැඩියෙන් තියෙනවා කියලා.සමහර විට ෆුල් තියෙන්නත් පුළුවන්.
ReplyDeleteනෑ නිශානයෝ! අලුත් එකක භාගයක් තියෙන්නත් පුළුවන්නේ.
Deleteithin ban athul peththen beluwahama penawane ara karame set karanna thiyana hila. Eka theyenne hari medane. Eka penawa nam bageta wada adui, penne nethnam wedei. Ane manda umba kiyapu de mata therune nethda manda
ReplyDeleteමේ විදියෙන් බැරියෝ. හිතලා බලන්න.
Deleteපීප්පෙ ඇල කරනකොට මූඩියෙන් වයින් එලියට එන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක හිලෙන් ඇතුල බැලුවම අඩිය පේනවනම බාගෙට වඩා අඩුයි...පේන්නෙ නැත්තම් බාගෙට වඩා වැඩියි...
ReplyDeleteඑහෙම තමා කරන්නේ. හරි උත්තරේ. :)
Deleteඅලෙ මන්දා.. මේ ගොන් රජා නිකන් කියන්න ඇති.... ඉතින්.. පුරෝහිතත් නොඉකන් කියන්න ඇති.. සික් බන්.. අමාරුවේ දාන්න එපා බන් .. අය්යෝ.. :(
ReplyDeleteකවුරුවත් අමාරුවේ දැම්මේ නෑ බං! :)
Deleteමේකට පොඩ්ඩක් practical උනාම හරි. බැරල් එකේ උඩු පියන ගලවලා නිසා බැරල් එක පැත්තට ඇල කරලා බලනවා. උඩු පියනේ පල්ලෙහා මට්ටමෙන් බැරල් එකේ තිබෙන wine ප්‍රමාණය තීරණය කල හැකියි.
ReplyDelete1. බැරල් එක ඇල කරාම, උඩු පියනේ යටි මට්ටමට wine ගෑවෙද්දී පල්ලෙහා පතුලේ උඩු මට්ටම තාමත් පේන්නේ නැත්නම්; බැරල් එකේ භාගයකට වඩා wine තියනවා.
2. බැරල් එක ඇල කරාම, උඩු පියනේ යටි මට්ටමට wine ගෑවෙද්දී පල්ලෙහා පතුලේ උඩු මට්ටමට හරියටම wine ගෑවෙනවානම්; බැරල් එකේ හරියටම භාගයක් wine තියනවා.
3. බැරල් එක ඇල කරාම, උඩු පියනේ යටි මට්ටමට wine ගෑවෙනන ඉස්සෙල්ලා පල්ලෙහා පතුලේ උඩු මට්ටම පේන්න ගත්තොත්; wine තියෙන්නේ බැරල් එකේ භාගයකට අඩුවෙන්.
හරි. මං හිතන්නේ මේ දෙවෙනි වතාවද කොහේදෝ ප්‍රශ්න වල හරි උත්තර දුන්නු. එළ!
Deleteපීප්පෙ හොලවලා කියන්න බැරිද ?
ReplyDeleteඒකෙන් හරියටම කියන්න අමාරුයි! හිතලා බලන්න තව පාරක්.
Deleteපිප්පේ උස්සල බලලා තීරණය කරන්න පුළුවන්නේ....
ReplyDeleteඒකත් එච්චරම සාර්ථක නැත.
Deleteඅඩකට වඩා වැඩියෙන් තියෙන්නේ අලුත් වයින් පිප්ප කවුරුවත් තාම පාවිච්චි කරලා නැහැනේ
ReplyDeleteකවුද කියන්නේ? :0
Delete"ඒකේ වයින් තියෙනවා හරියටම පීප්පේට අල්ලන ප්‍රමාණයෙන් හරි අඩකට වඩා..! මොකද්ද ඔබේ අදහස ඒ ගැන..?"
ReplyDeleteරජෙක් ඔහොම කියද්දි කවුද බං විරුද්ධ වෙන්නෙ. "සෑර් කියන ගානක්" කියල කියනව මිසක්!
හි හි හි.. ඒකත් ඇත්ත! :)
Deleteඔය පීප්පෙ පියන ඇරලා ඇල කරනවා,එතකොට ඒකෙ තියෙන වයින් වල මට්ටම අඩියේ තියෙන රවුමෙ දාරය මත ගෑවෙනවා නම් (හැලෙන්නෙ නැතිව, ඒ කියන්නෙ එක පැත්තකින් ඇරපු මූඩියෙ කට ගාවට ඇවිත් අනිත් පැත්තෙන් අඩියෙත් පතුලටමත් ඇවිත් වයින් හැලෙන්නෙත් නැතුව තියෙනවා) ඒ කියන්නෙ හරියටම බාගයක් පිරෙන්න වයින් තියෙනවා.ඔය පීප්පෙ පියන ඇරලා ඇල කරනවා,එතකොට ඒකෙ තියෙන වයින් වල මට්ටම අඩියේ තියෙන රවුමෙ දාරය මත ගෑවෙනවා නම් (හැලෙන්නෙ නැතිව, ඒ කියන්නෙ එක පැත්තකින් ඇරපු මූඩියෙ කට ගාවට ඇවිත් අනිත් පැත්තෙන් අඩියෙත් පතුලටමත් ඇවිත් වයින් හැලෙන්නෙත් නැතුව තියෙනවා) ඒ කියන්නෙ හරියටම බාගයක් පිරෙන්න වයින් තියෙනවා.
ReplyDeleteහරස් කඩක් විදිහට ගත්තොත් පීප්පෙ මූඩිය ඇරපු වම් පැත්තෙ යට පොයින්ට් එකත් දකුණු පැත්තෙ උඩ පොයින්ට් එකත් අතර සරල රේඛාවක් තියෙනවා නම් ඒක හරියටම 1/2 තියෙනවා.
බැරිවෙලා හරි දකුණු පැත්තෙ මට්ටම අඩියට උඩින් තියෙනවා නම් ඒ කියන්නෙ 1/2ට වැඩියි.
දකුණු පැත්ත අඩියට යටින් නම් වයින් මට්ටම තියෙන්නෙ ඒ කියන්නෙ 1/2 ට අඩුයි.
සෑහෙන්න විස්තර කරලා දුන්නු උත්තරයක්. :)
Deleteඋත්තරේ හරි.
ඔන්න කොළවෙරි.ඩී කාලෙකට පස්සේ මේ පැත්තට ආවා... :D පහු ගිය දොහේ අනේක විධ වූ වැඩ රාජකාරි ගොන්නක් තිබ්බා වගේම අන්තර්ජාල පහසුකම් තිබ්බෙත් නෑ... :/ ඒ අතරවාරයේ ඉශාන් ප්‍රශ්ණ දෙකකුත් අහල ඔන්... :@ ආ ඒ වගේම දැන් තෑගිත් දෙනවාලු... :D එල එල.., ඒ වැඩේට ජයෙන් ජයම වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කොරලා ඔන්න මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්නයි ලෑස්තිය... :D
ReplyDeleteමෙහෙමයි..,ඉස්සෙල්ලාම බැරල් එකේ උඩ තියෙන මූඩිය ගලවන්න ඕන...
ඊට පස්සේ බැරල් එක හිමීට හිමීට ඇල කරනවා වයින්, බැරල් එකේ කට මට්ටමට එනකං...
එතකොට බැරල් එකේ අඩිය පේනවානම් වයින් තියෙන්නේ අඩකට වඩා අඩුවෙන්.., තාම අඩිය පේන්නේ නැත්තං වයින් අඩකට වඩා තියෙනවා...
එච්චරයි...
එහෙනං අපි ගියා.., ආයේ සතියකට පස්සේ තමයි එන්න වෙන්නේ!!!
ජය වේවා...
:D
තෑන්ක්ස් මචං! මං හිතුවා මේ ප්‍රශ්නේ උඹට අමාරු වෙයි කියලා. ඒත් එහෙම වෙලා නෑ.හැබයි සෑහෙන දවසක් ගත්තා නේ ? ;)
Deleteඋත්තරේ හරි ඕං.
sampuurna thiyena peeppekin bhagayak mekata danawa.. udin uthurala giyoth raja hari.. netthan purohitha hari
ReplyDeleteඒකත් හොද විදියක්.ඒත් මට ඕන වුන උත්තරේ ඕක නෙවෙයිනේ.:(
Deletewahaneka oil balanawa wage kuurk dala balanna puluwan neda??? kuura eliyata aran peeppe usath ekka thibbama, sansandanaya karanna puluwanne??
ReplyDeleteඒ උත්තරෙත් හොදයි.ඒත් කලි ඇනොට කිව්වා වගේ මේ උත්තරෙත් මට ඕන වුන උත්තරේ නෙවෙයිනේ. ඊලඟ එකේදී ආයෙත් ට්‍රය් කරමු හරි උත්තරේ දෙන්න.
Deleteටෙස්ට් කොරන්නේ අලුතින් ගේනවා වයින්.එක නිසා පුරෝහිත දන්නවා අලුත් වයින් පීප්ප මොනවද පරණ ඒවා මොනවද කියල.මුල්ලක තිබුනානම් කොහොමත් එක පරණ එකක් වෙන්න ඕනි.මොකද අලුත් එකක්නම් මුල්ලකට යන්න විදියක් නැනේ.එකයි පුරෝහිත කියන්නේ එකේ තියෙන්නේ භාගෙකට වඩා අඩුවෙන් කියල.
ReplyDeleteඕ ඕ.ඒකත් ඇත්ත.ඒත් තියෙන්නේ අලුත් එකක්නම් ? ඉඩ මදි වෙලා එතන තිබ්බා වෙන්ට පුළුවන්නේ.
Delete