මනුස්සයෙක් තමන්ගේ බිරිද එක්ක නිවාඩුවකට ජෙරුසලම් වලට යන්න තීරණය කරා.මේ දෙන්නා මැදි වයසේ ඉන්න දෙන්නෙක්.ඉතින් ජෙරුසලම් වල සංචාරය කරන අතරවාරයේදී බිරිද අසනීප වුණා.සැමියා ඇයව රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා යොමු කරා. ඒත් ප්‍රතිකාර ලැබුනත් බිරිද ඒ අසනීපෙන්ම මිය ගියා.
ඇයගේ අවසන් කටයුතු සිද්ධ කරන්න තියෙන ඕනේ නිසා සැමියා ගියා අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයෙක් ගාවට.එතෙනට ගියාට පස්සේ අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයා ඇහුවා සැමියාගෙන්,
"සර්.. අපි සර්ගේ බිරිදට හොද එම්බාම් එකක් කරලා දෙන්නම්.. ටිකක් ගාන වැඩි වෙයි."
"ඒකට කමක් නෑ.හොදට කරන්න.."
"සර්..බිරිදගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද? එයාව තමන්ගේ රටටම ගෙනිහින් ඒක කරනවද? නැත්නම් මෙහෙදීම වළලනවාද..? මෙහෙදී කරනවානම් යන්නේ ඩොලර් 150ක් විතරයි. හැබැයි ඇයගේ බොඩි එක තමන්ගේ රටට ගුවන් මගින් යවනවානම් ඩොලර් 5000 ක් යනවා..!"
ටිකක් වෙලා කල්පනා කරපු සැමියා,
"ඇයව අපේ රටට යවන්න..!"
අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයාට පුදුමයි ඇයි එච්චර වියදම් කරලා ඒ වැඩේ කරන්නේ කියලා.
"සර්.. ඇයි එච්චර වියදම් කරලා ඒ වැඩේ කරන්නේ? මෙහෙදී කරානම් යන්නේ ඩොලර් 150..! මෙහෙ අවසන් කටයුතු හොදට කරනවා.අනික මේ ශුද්ධ වූ දේශය.මෙහෙදී අවසන් කටයුතු කරන්න ලැබෙන්න එක කොච්චර වාසනාවන්ත දෙයක්ද? හැමෝටම ඒ චාන්ස් එක එන්නේ නෑ..!"
අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයා කියාගෙන ගියා.ඔහු දිහා බලලා සැමියා මෙහෙම උත්තර දුන්නා..
"ඇත්ත වෙන්නැති! ඒත් ඈත අතීතේ එක මනුස්සයෙක් මෙහෙදී මැරුණා.ඔහුගේ අවසන් කටයුතු කළේ මේ රටේ.ඒත් ඔහු දවස් තුනකට පස්සේ ආපහු මළවුන් අතරින් නැගිට්ටා..ඉතින් ඔහේ කියන්නේ මටත් ඒ චාන්ස් එක ගන්න කියලාද..!"
ප.ලි : බදාදා අහපු ප්‍රශ්නෙට තාමත් මට ඕනේ හරි උත්තරය ලැබුනේ නෑ.ළගින් ගිය දෙක තුනක් තිබුණා.ඒවා පබ්ලිෂ් කරේ නෑ.ඉතින් මං හිතුවා හරි උත්තර කියන දවස තව ටිකක් පහු කරන්න.ඉතින් තාමත් අවස්ථාව තියෙනවා උත්සහ කරලා බලන්න.තෑගී නෑ කිව්වට දැන් තෑග්ගක් තියෙනවලු.ඒ පෝස්ට් එකට..
අනේ අනිච්චං! (තෑගි නැති ප්‍රශ්න - 4) මේක උඩ කොටලා යන්න.
මේ කතා කියවලා නැත්නම් :
1. ජිම්ගේ ඔරලෝසුව..
ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා.. තව කියවන්න..
2. එහෙම කරන්න පුලුවන්නම්..
එක්තරා ව්‍යාපාරික පවුලකට තමන්ගේ ව්‍යාපාර වල දියුණුව එන්න එන්නම අඩු උණා.ඉතින් දැන් ලැබෙන ආදයමට වඩා වියදම් වැඩි වුණු හින්දා ස්වාමිපුරුෂයා දවසක් රෑ ඇදේදී තමන්ගේ බිරිදට කිව්වා.. තව කියවන්න..
මහත්තයට වෙන මොකක හරි අත්දැකීමක් තියෙනවා ... වගේ ..
ReplyDeleteකොහොමද බං එහෙම කියන්නේ?
Deleteඩොලර් 5000වාගෙද එයා ආයෙත් ගෙදර ආවොත් නේද මලේ.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ඒකනේ නලීන් අයියා. ලාබෙ ගැන හිතලා වැඩ කරානම් එහෙම අනාතයිනේ! ;)
Delete:( (mage sinhala awul wela ane) ammoo,,,, e wage aya ekka nam ratin pitata thiya gedarin eliyatawath yanna hoda na ..
ReplyDeleteමොන වගේ අය ගැනද එහෙම කියන්නේ?
Deleteමේ කථාව නම් සිරා...
ReplyDeleteඑළ! :)
Deleteපව් මචං..!
ReplyDeleteවයිෆ් ද? නැත්නම් හස්බන්ඩ් ද?
Deletehaffoi, puduma adarayak thiyenne birinda gena
ReplyDeleteඒ ආදරේ වැඩි කමට. ආපහු නැගිටලා ඇවිත් ඒ මනුස්සයාට දුකක් දෙන්න බැරි කමට
Deleteඉතින් හලෝ... එයාටත් ඒ වගේ චාන්ස් එකක් ආවොත් කොච්චර ජොලිද...??? නෝනා මැරිලත් ලඟ ඉන්නවනෙ.. හික්ස්ස්... හැබැයි ඉතින් එයාටත් අර කලින් කතාවේ සෑම්ට උන දේ වෙයිද දන්නෙ නැහැනේ..
ReplyDeleteඒක නෙමේ මේ දවස් වල මැරෙන, හොල්මන් කතාම ලියන්නෙ මොකෝ මේ.. අපිවත් බය කරන්නවත්ද,,,,:O
මං නම් හිතන්නේ නා ඒ වගේ චාන්ස් එකක් ගයි කියලා! කොටින්ම මං වුනත් ඔය ගැන සෑහෙන වතාවක් හිතයි. :)
Deleteඅනේ නෑ අෆ්ෆා! හොදයි කියලා හිතෙන එකක් ලියනවා.
දුරදිග බලල වැඩ කරන මනුස්සයෙක්.. බදින්න කලිනුත් ඔහොම හිතුවනම්..
ReplyDeleteජය..
ඔහොම වෙන්නේ නෑනේ නේ? :)
Deleteඑලම කතාවක්.
ReplyDeleteඅනේ අනිච්චන්.. :D ඩොලර් වගේද ආයේ ආවොත් එහෙම..!! නිදහස් වුනු කරදරේ ආයේ කර ගහන්න බෑ කියල හිතෙන්න ඇති. පට්ට කතාව මචන්:):)
ReplyDeleteඒකනේ චන්දන!
Deleteඑළ!
හි හි...
ReplyDeleteඒත් බං වයිෆ්නේ...
මං හිතන්නේ අනිත්ම කාලේ සතුටින් ඉන්න ඕනේ කියලා හිතන්න ඇති.ඒකයි සීන් එක.
Deleteඒක නේ.,... ඩොලර් 500 වගේ යෑ මලවුන්ගෙන් නැගිට්ටොත්
ReplyDeleteඒකනේ! ලාබේ බලාගෙනම වැඩකරන්න හොද නෑ.
Deleteමෝඩ මනුස්සයෙක්
ReplyDeleteඇයි බං එහෙම කියන්නේ? :?
Deleteඑල කතාව ඇ.
ReplyDeleteඑළ!
Deleteහෙහ් හෙහ් නියමයි
ReplyDeleteඑළ!
Deleteඅප්පේ..වයිපරේ නගිටෝත් මලා තමයි!!
ReplyDeleteඅනිවා! :)
Deleteසිරා කතාව.. ඇත්ත තමයි.. මොකට නිකන් රිස්ක් එකක් ගන්නේ ලාබේ බලන්න ගිහින්..
ReplyDeleteඅනිවා! ඔය වගේ දේවල් හොදට කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ ඒවා.
Deleteඑළ හැක හැක....
ReplyDeleteහැක හැක..
Deleteඅනේද කියන්නේ.. සෙල්ලම්ද ඉතින් ආයේ නැගිට්ටොත්.. :D
ReplyDeleteammapa ou.sellamda aaye negittoth........??????
Deleteammapa ou..සෙල්ලම්ද ආයේ නැගිට්ටොත්...........:D
Delete