Friday, November 16, 2012

ඉතින් ඔහේ කියන්නේ..


මනුස්සයෙක් තමන්ගේ බිරිද එක්ක නිවාඩුවකට ජෙරුසලම් වලට යන්න තීරණය කරා.මේ දෙන්නා මැදි වයසේ ඉන්න දෙන්නෙක්.ඉතින් ජෙරුසලම් වල සංචාරය කරන අතරවාරයේදී බිරිද අසනීප වුණා.සැමියා ඇයව රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා යොමු කරා. ඒත් ප්‍රතිකාර ලැබුනත් බිරිද ඒ අසනීපෙන්ම මිය ගියා.

ඇයගේ අවසන් කටයුතු සිද්ධ කරන්න තියෙන ඕනේ නිසා සැමියා ගියා අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයෙක් ගාවට.එතෙනට ගියාට පස්සේ අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයා ඇහුවා සැමියාගෙන්,

"සර්.. අපි සර්ගේ බිරිදට හොද එම්බාම් එකක් කරලා දෙන්නම්.. ටිකක් ගාන වැඩි වෙයි."


"ඒකට කමක් නෑ.හොදට කරන්න.."

"සර්..බිරිදගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද? එයාව තමන්ගේ රටටම ගෙනිහින් ඒක කරනවද? නැත්නම් මෙහෙදීම වළලනවාද..? මෙහෙදී කරනවානම් යන්නේ ඩොලර් 150ක් විතරයි. හැබැයි ඇයගේ බොඩි එක තමන්ගේ රටට ගුවන් මගින් යවනවානම් ඩොලර් 5000 ක් යනවා..!"

ටිකක් වෙලා කල්පනා කරපු සැමියා,

"ඇයව අපේ රටට‍ යවන්න..!"

අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරයාට පුදුමයි ඇයි එච්චර වියදම් කරලා ඒ වැඩේ කරන්නේ කියලා.

"සර්.. ඇයි එච්චර වියදම් කරලා ඒ වැඩේ කරන්නේ? මෙහෙදී කරානම් යන්නේ ඩොලර් 150..! මෙහෙ අවසන් කටයුතු හොදට කරනවා.අනික මේ ශුද්ධ වූ දේශය.මෙහෙදී අවසන් කටයුතු කරන්න ලැබෙන්න එක කොච්චර වාසනාවන්ත දෙයක්ද? හැමෝටම ඒ චාන්ස් එක එන්නේ නෑ..!"

අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයා කියාගෙන ගියා.ඔහු දිහා බලලා සැමියා මෙහෙම උත්තර දුන්නා..

"ඇත්ත වෙන්නැති! ඒත් ඈත අතීතේ එක මනුස්සයෙක් මෙහෙදී මැරුණා.ඔහුගේ අවසන් කටයුතු කළේ මේ  රටේ.ඒත් ඔහු දවස් තුනකට පස්සේ ආපහු මළවුන් අතරින් නැගිට්ටා..ඉතින් ඔහේ කියන්නේ මටත් ඒ චාන්ස් එක ගන්න කියලාද..!"

ප.ලි : බදාදා අහපු ප්‍රශ්නෙට තාමත් මට ඕනේ හරි උත්තරය ලැබුනේ නෑ.ළගින් ගිය දෙක තුනක් තිබුණා.ඒවා පබ්ලිෂ් කරේ නෑ.ඉතින් මං හිතුවා හරි උත්තර කියන දවස තව ටිකක් පහු කරන්න.ඉතින් තාමත් අවස්ථාව තියෙනවා උත්සහ කරලා බලන්න.තෑගී නෑ කිව්වට දැන් තෑග්ගක් තියෙනවලු.ඒ පෝස්ට් එකට..




මේ කතා කියවලා නැත්නම් :

1. ජිම්ගේ ඔරලෝසුව..

ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා.. තව කියවන්න..

2. එහෙම කරන්න පුලුවන්නම්..

එක්තරා ව්‍යාපාරික පවුලකට තමන්ගේ ව්‍යාපාර වල දියුණුව එන්න එන්නම අඩු උණා.ඉතින් දැන් ලැබෙන ආදයමට වඩා වියදම් වැඩි වුණු හින්දා ස්වාමිපුරුෂයා දවසක් රෑ ඇදේදී තමන්ගේ බිරිදට කිව්වා.. තව කියවන්න..

38 comments:

  1. මහත්තයට වෙන මොකක හරි අත්දැකීමක් තියෙනවා ... වගේ ..

    ReplyDelete
    Replies
    1. කොහොමද බං එහෙම කියන්නේ?

      Delete
  2. ඩොලර් 5000වාගෙද එයා ආයෙත් ගෙදර ආවොත් නේද මලේ.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ඒකනේ නලීන් අයියා. ලාබෙ ගැන හිතලා වැඩ කරානම් එහෙම අනාතයිනේ! ;)

      Delete
  3. :( (mage sinhala awul wela ane) ammoo,,,, e wage aya ekka nam ratin pitata thiya gedarin eliyatawath yanna hoda na ..

    ReplyDelete
    Replies
    1. මොන වගේ අය ගැනද එහෙම කියන්නේ?

      Delete
  4. Replies
    1. වයිෆ් ද? නැත්නම් හස්බන්ඩ් ද?

      Delete
  5. haffoi, puduma adarayak thiyenne birinda gena

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ වැඩි කමට. ආපහු නැගිටලා ඇවිත් ඒ මනුස්සයාට දුකක් දෙන්න බැරි කමට

      Delete
  6. ඉතින් හලෝ... එයාටත් ඒ වගේ චාන්ස් එකක් ආවොත් කොච්චර ජොලිද...??? නෝනා මැරිලත් ලඟ ඉන්නවනෙ.. හික්ස්ස්... හැබැයි ඉතින් එයාටත් අර කලින් කතාවේ සෑම්ට උන දේ වෙයිද දන්නෙ නැහැනේ..

    ඒක නෙමේ මේ දවස් වල මැරෙන, හොල්මන් කතාම ලියන්නෙ මොකෝ මේ.. අපිවත් බය කරන්නවත්ද,,,,:O

    ReplyDelete
    Replies
    1. මං නම් හිතන්නේ නා ඒ වගේ චාන්ස් එකක් ගයි කියලා! කොටින්ම මං වුනත් ඔය ගැන සෑහෙන වතාවක් හිතයි. :)

      අනේ නෑ අෆ්ෆා! හොදයි කියලා හිතෙන එකක් ලියනවා.

      Delete
  7. දුරදිග බලල වැඩ කරන මනුස්සයෙක්.. බදින්න කලිනුත් ඔහොම හිතුවනම්..


    ජය..

    ReplyDelete
    Replies
    1. ඔහොම වෙන්නේ නෑනේ නේ? :)

      Delete
  8. අනේ අනිච්චන්.. :D ඩොලර් වගේද ආයේ ආවොත් එහෙම..!! නිදහස් වුනු කරදරේ ආයේ කර ගහන්න බෑ කියල හිතෙන්න ඇති. පට්ට කතාව මචන්:):)

    ReplyDelete
  9. හි හි...
    ඒත් බං වයිෆ්නේ...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අනිත්ම කාලේ සතුටින් ඉන්න ඕනේ කියලා හිතන්න ඇති.ඒකයි සීන් එක.

      Delete
  10. ඒක නේ.,... ඩොලර් 500 වගේ යෑ මලවුන්ගෙන් නැගිට්ටොත්

    ReplyDelete
    Replies
    1. ඒකනේ! ලාබේ බලාගෙනම වැඩකරන්න හොද නෑ.

      Delete
  11. මෝඩ මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම කියන්නේ? :?

      Delete
  12. හෙහ් හෙහ් නියමයි

    ReplyDelete
  13. අප්පේ..වයිපරේ නගිටෝත් මලා තමයි!!

    ReplyDelete
  14. සිරා කතාව.. ඇත්ත තමයි.. මොකට නිකන් රිස්ක් එකක් ගන්නේ ලාබේ බලන්න ගිහින්..

    ReplyDelete
    Replies
    1. අනිවා! ඔය වගේ දේවල් හොදට කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ ඒවා.

      Delete
  15. අනේද කියන්නේ.. සෙල්ලම්ද ඉතින් ආයේ නැගිට්ටොත්.. :D

    ReplyDelete
    Replies
    1. ammapa ou.sellamda aaye negittoth........??????

      Delete
    2. ammapa ou..සෙල්ලම්ද ආයේ නැගිට්ටොත්...........:D

      Delete