Sunday, July 15, 2012

ජිම්ගේ ඔරලෝසුව..



ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා,

“ ජෝන්.. කොහෙන්ද ඔයාට අලුත් ඔරලෝසුවක්? ඔයාගේ උපන් දිනේටද හම්බුනේ..?”

“ නෑ..” කියලා ජෝන් කිව්වා.

“එහෙනම් ක්‍රිස්මස් එකට දුන්නු තෑග්ගක්ද..?”

“ඒත් නෑ..” ආයෙත් ජෝන් කිව්වා.

“ ඔයා ඕක හොරකම් කරපු එකක් එහෙම නෙවෙයිනේ..?”

“නෑ බං..” ජෝන් කිව්වා.

“එහෙනම් කොහෙන්ද..?”

“ මේකයි.. ඊයේ රෑ මං අම්මයි තාත්තයි ඉන්න කාමරේට ගියා.. එයාලා ආදරෙන් හිටියේ.. ඉතින් තාත්තා මං කාමරේට එනවා දැකලා එයාගේ අලුත් ඔරලෝසුව මට දීලා කිව්වා මේකත් අරන් කාමරෙන් එලියට යන්න කියලා.එහෙමයි මට මේක හම්බුනේ.”

ජෝන් ඔරලෝසුව හම්බුනු විදිය ගැන ජිම්ට කිව්වා.  ජිම්ට දැන් ඉරිසියයි ජෝන්ගේ අතේ තියෙන ඔරලෝසුවට. ඉතින් ජිමුත් හිතුවා මේ අයිඩියා එකෙන්ම එයාටත්  එයාගේ තාත්තාගේ ඔරලෝසුව ගන්න. ඉතින් ඒ දවසේ රෑ ජිම් බලන් හිටියා එයාගේ අම්මයි, තාත්තයි කාමරේට යනකන්. ටික වෙලාවකට පස්සේ ජිම්ට ඇහෙනවා දෙන්නගේ ආදර බස්. ජිම් හිතුවා දැන් තමා හරි වෙලාව ඔරලෝසුව ඉල්ලන්න. ඉතින් කාමරේ දොර ඇරන් ගියා ඇතුලටම. ජිම්ව දැක්ක තාත්තට පට්ට මල. තදවෙලා ඇහුවා.,

(ජිම්ගේ ගෙදර කතා කරන්නේ ඉංග්‍රීසියෙන්ලු.. හරිය..)

“What Do You Want Now?” ( මොනවද ඕනේ දැන් උඹට ?)

“I Wanna Watch.” (මට ඔරලෝසුව ඕනේ.)

“Well, Stand In The Corner And Keep Quiet Then (හොදයි. අර මුල්ලට ගිහින් සද්ද නැතුව ඉදපන්.)


(ජිම්ගේ තාත්තා හිතුවේ මුට බලන් ඉන්න ඕනේ කිව්වා කියලා.මොකද ඉංග්‍රිසියෙන් ඔරලෝසුවටයි, බලන්න කියන දෙකටම Watch කියලා කියනවනේ)

1 comment:

  1. හූ ඈ
    කොල්ලා ලයිව් වැල බලලා :D

    ReplyDelete