Saturday, August 4, 2012

අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ..




තරුණ කොල්ලෙක් වුණු මැතිව් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් පැකට් එකක් .ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,


"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්.ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?"


"මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ දෙමුපියන් මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න.මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..
එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."


ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා.මැතිව් ඉතින් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස.ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි,එයාගේ අම්මා විතරයි.තාත්තා තමා ඇවිත් නෑ.ඉතින් දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ.අම්ම ගිහින් දොර ඇරියා..


"ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා එන විත්තිය..?"


"නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා.ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."


ඉතින් දැන් මැතිව්,මැතිව්ගේ ගෑනු ළමයා,අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්.තාත්තා ආවට පස්සේ මැතිව්.,


"මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න.ඔයාලා මොකද කියන්නේ..?"


අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා  බලද්දී මැතිව් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා.කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා මැතිව් ඉවර නෑ. ටික වෙලාවකට පස්සේ මැතිව් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා.මැතිව්ගේ ගෑනු ළමයා මැතිව්ට කිට්ටු වෙලා හිමින් කිව්වා..


"ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."


ඒක අහලා මැතිව්ත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,


"ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."





28 comments:

  1. අයියෝ .......... පිස්සු බම්ප් ‍වෙනව ඈ .....

    ReplyDelete
  2. මල සේක...:) කොහෙන්ද බං මේවා හොයා ගන්නෙ.. ෆට්ට ෆට්ට..

    ReplyDelete
  3. ඇත්තවශයෙන්ම විහිලු කතාවක් ලියන එක අපි හිතන තරම් පහසු නැහැ. එවැනි කතාවක තිබිය යුතු මූලික ලක්ෂණ කීපයක් තිබෙනවා.
    1. අසාමාන්‍ය වීම (uncommon)
    2. කුතුහලය කතාව අවසන් වනතුරු රැකගැනීම.
    3. ලිංගික කරුණු ඇතුලත් වුනත්, පහත් යෙදුම්නැති, එහෙත් අර්ථය අවශ්‍ය පමණට ඉස්මතුවන වචන තෝරාගැනීම.
    ඔබ බොහෝ දුරට සාර්ථකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවට ස්තුතියි විචාරක.. :)

      Delete
  4. විචාරක කියල තියෙන දේ සම්පුර්න ඇත්ත. මැතිව් කරයා ඇස් වහගෙන හිතන්න ඇත්තේ පොලව පලාගෙන යමන් කියල වෙන්න ඇති.

    ReplyDelete
  5. පිස්සු කොර...හයියෝ කොල්ලා......!!!

    ReplyDelete
  6. පට්ට පට පට...හිකිස්...එල ආ..සුපිරි..මේක උඹට වුනු වැඩක්ද බන්?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං..! මට ඔය වගේ ඒවා වෙලා නෑ.. :D :D

      Delete
  7. අඩේ අෆ්ෆා මෙන්න මූ blog ලියනවා... :D
    එල එල මචෝ.., දිගටම කරන යන්... (Y)
    අභාගේ අහවර වෙලා මේවා ටික කියවන්නම්කො ඈ... ;)
    ජය වේවා... :)

    අනුරාධ... (O.o)

    ReplyDelete
    Replies
    1. හෆොයි..! මං හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මාව දන්න කියන එකෙක්ට මාට්ටු වෙයි කියලා. හිතාගත්තහැකි මේ ඉන්නේ ඌමයි කියලා දැනගත්ත විදිය..
      එළ..! අභාගේ ඉවර කරන් වරෙන්කො.. මේ වතාවේ ගොඩ ගියහැකි උඹට.. විශ් කරන්වා මං මේ වතාවේ අභාගේ උඹේ අභාග්‍යක් නොවේවා කියලා..!!! :D :D

      Delete
  8. හුටා ඊට පස්සේ?

    ෂුවර් එකට තාත්තා කැමති වෙන්න ඇති මැතිව්ස් ට

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සේ.......

      තාත්තා කැමති වුණා. ඇයි කොල්ලා වැඩ කාරයෙක්නේ.. :D :D

      Delete
  9. අවුලකුත් නෑ.අවංක කොල්ලෙක්,උගෙත් ෆස්ට් ටයිම් කියල ඩැඩා දැනගත්තානෙ
    මරු කතාවය

    ReplyDelete
  10. මාමණ්ඩියි බෑණයි නියමෙට සෙට් වෙනවා

    ReplyDelete