Tuesday, August 28, 2012

උඹ වගේම මාත් ඉරාකෙට යන්න කැමති නෑ මචන්..


මේ සිද්ධිය වුනේ ඇමෙරිකාව ඉරාකෙත් එක්ක යුද්ධයට පැටලුණු කාලේ.. ඔන්න ඉතින් ඇමෙරිකානු සෙබළෙක් පාර දිගේ කඩාගෙන බිඳගෙන දුවනවා පස්සහ බල බල. දුවද්දී මේ සෙබලා දැක්කා පාරේ අනිත් පැත්තේ යන ටිකක් උස මහත සිස්ටර් කෙනෙක්ව. සෙබලා සිස්ටර් එන පැත්තට ගිහින් සිස්ටර්ගෙන් ඇහුවා..

"සිස්ටර්.. මං ඔයාට විස්තරේ පස්සේ කියන්නම්.. මට ඔයාගේ ඇදුම අස්සේ ටික වෙලාවකට හැංගෙන්න පුළුවන්ද..?"

සිස්ටරුත් මේකට හා කිව්වා. ඉතින් සොල්දාදුවා ඉක්මනටම සිස්ටර්ගේ ඇඳුම ඇතුලට ගිහින් හැංගුනා.ඔහොම හැංගිලා ටික වෙලාවකින්ම මිලිටරි පොලිසියේ කීප දෙනෙක් එනවා කාවහරි හොය හොයා පාරේ එනවා සිස්ටර් දැක්කා. සිස්ටර් ළගට ආපු මිලිටරි පොලිසියෙන් කෙනෙක්..

" සමාවෙන්න සිස්ටර්.. සිස්ටර් දැක්කාද මේ පාරේ සොල්දාදුවෙක් දුවන් යනවා..?"

"ආ.. ඔව්.. මං දැක්කා ඒ වගේ එක්කෙනෙක් අර පාරෙන් හැරිලා දුවනවා.." කියලා සිස්ටර් පාරක් පෙන්නුවා.

"තැන්ක්ස් සිස්ටර්.." කියලා මිලිටරි පොලිසියේ කට්ටිය ඒ පෙන්නපු පාරේ පැත්තට දුවන් ගියා. එයාලා ගිහින් ටික වෙලාවකට පස්සේ සෛස්ටර්ගේ ඇඳුම අස්සේ හැංගිලා හිටිය සොල්දාදුවා එළියට ඇවිත්..

"බොහොම ස්තූතියි සිස්ටර් මාව එයාලගෙන් බේරාගත්තට.. එයාලා ඔය මාව හොයන්නේ බලෙන්ම ඉරාකෙට යවන්න. මං කැමති නෑ ඉරාකෙට යන්න.."

"මට තේරුනා ඒක.."

"සිස්ටර් මේක මං කිව්වා කියලා වරදවා හිතන්න එපා.. මං හිතනවා ඒක පවුකාර කතාවක් නෙවෙයි කියලා.."

"මොකද්ද.. කියන්න.."

"සිස්ටර්ට නම් තියෙන්නේ නියම කකුල් දෙකක්.. මං ඒ වගේ කකුල් දෙකක් වෙන ගෑණු කෙනෙක්ගේ දැකලා නෑ මීට කලින්.."

සිස්ටර් ඒක අහන් ඉදලා..

"ඔයා ඔයිට වඩා තව ටිකක් උඩ බැලුවනම් මගේ කකුල් දෙක වගේම නියමෙට තියෙන බෝල දෙකකුයි, පොල්ලකුයි බලාගන්න තිබුණා.. උඹ වගේම මාත් ඉරාකෙට යන්න කැමති නෑ මචන්.."


ප.ලි :  

1. මේ කතාව කිසිම ආගමික පූජවරියකට අපහාසයක් නොවන බව සළකන්න. හුදෙක්කම විහිලු කතාවක් පමණි.
2. පරිවර්තනයකි.



10 comments:

  1. තිත් දෙකයි ඕ

    ReplyDelete
  2. අම්මට සිරි.මරු සිද්දිය.. නියමයි..

    ReplyDelete
  3. හෙහ්.. හෙහ්.. නියමයි ආ.. :D

    ReplyDelete
  4. නියමයි කතාව. අර සෙබලා ට උඩ බැලුව නම් හිතෙයි ඉරාකෙට ගියා නම් හොඳයි කියලා.

    ReplyDelete
  5. ලොල් ඈ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. අඩෝ පට්ට කතාව.. ඇත්තටම සිරා.... :::
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete