Friday, December 28, 2012

අංකල් සිරිසෝම..


සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු එක.එහෙම හොයලා බලද්දී දැක්කා ටවුමේ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ නිලධාරි තනතුරු වලට ඉන්ටර්විව් එකක් කැඳවලා තියෙනවා.

Thursday, December 27, 2012

බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8)



කට්ටිය බලන්න ඇති නේ මේ සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා.. 

මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ වැටෙන තෑගී නැති ප්‍රශ්න පෝස්ට් එක දාන්න කල්ගිය එක.මේ පෝස්ට් ඒක ලියලා තිබුනෙත් බාගේට.අනික් කාරණාව තමා මේ දවස් වල රෑ අපේ පැත්තට තියෙන සීතලත් එක්ක ඇහැරලා වැඩක් කරන්නවත් හිතෙන්නේ නැති එක.හොදට පොරවගෙන නිදාගන්න්නමයි හිතෙන්නේ.ඉතින් තාමත් කලින් පෝස්ට් එකට ආව කමෙන්ට් එකකටවත් රිප්ලයි එකක්වත් දාන්න බැරි වුනා.මීට කලින් අහපු ප්‍රශ්නෙට ලැබුණු කමෙන්ට් වලටත් රිප්ලයි කරලා තියෙන්නෙත් බාගේට. ඒවාට පස්සේ උත්තරේ දෙන්නම්.පට්ට කම්මැලියි මේ දවස් වල .ඒකයි.. 


Saturday, December 15, 2012

වැඩියෙන්ම සතුටුවන්නේ කවුද? ++


මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට්  ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට වෙලා තිබුණු මේසෙකට වෙලා රෙඩ් වයින් එකක් බිබී ඉන්නවා. කෙල්ල ඉන්නේ තනියම නිසාත්, මේසේ ඉඩ තියෙන හින්දාත් මැතිව් තීරණය කරා එතෙන්ට යන්න.

"එක්ස්කියුස් මී මිස්.. මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද..?"

"අහ්.. ප්‍රශ්නයක් නෑ. වාඩි වෙන්න.."

Thursday, December 13, 2012

ගෙදර බොස් කවුද?



කමල් හා විමල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට හැදුණු වැඩුණු යාළුවෝ දෙන්නෙක්.තරුණ කාලේදී දෙන්නා ඉතින් තමන්ට ගැලපෙන කාන්තාවන් දෙන්නෙක් හොයාගෙන කසාද බැඳගත්තා.කමල් කසාද කෙනා ගුණයහපත් කාන්තාවක්.ඒත් විමල් ගත්ත කෙනා ඒකෙ අනිත් පැත්ත.එයා ගොඩක් සැරපරුෂ, තමන්ගේ සැමියාට නීති දාලා තියාගන්න කෙනෙක්.කොටින්ම විමල්ට එයාගේ යාළුවෝ පවා මුණගැහෙන්න දුන්නෙත් නෑ.ඉතින් ඔහොම කාලේ  ගෙවිලා ගියා.

දවසක් හැන්දෑවක තමන්ගේ ක්ලබ් අයත් හම්බවෙලා, පස්සේ බියර් එකක් බොන්න හිතාගෙන ක්ලබ් එකට ගොඩවැදුණු කමල් දැක්කා තමන්ගේ පරණ මිතුරා, ඒ කියන්නේ විමල් ක්ලබ් එකේ මේසෙකට වෙලා බියර් වීදුරුවක්‌ තොල ගගා ඉන්නවා.කමල්ට හරි පුදුමයි ඒක.මොකද විමල් සෑහෙන කාලෙකින් ක්ලබ් එකට තනියෙන් ඇවිත් ඉන්නවා දැක්කේ නැති හින්දා. කමල් ගියා විමල් ඉන්න තැනට.

Monday, December 10, 2012

දෙන්නාම කොහොමද ගහන්නේ? තෑගී නැති ප්‍රශ්න - 7


ඉෂාන් කියන්නේ (ඒ කියන්නේ මං. හරිය!)  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රිකට් පිස්සෙක්. ලංකාව ගහන මැච් එකක් තියෙන දවසට කොහේ හිටියත් කොහොමහරි උත්සහා කරන්නේ ටීවී එකක් ළඟට සෙට් වෙලා මැච් එක බලන්න.ලංකාව ගහන මැච් එක දිගට කොච්චර පැරදුනත් බලන එක එපා වෙන්නෙම නෑ.මේ පිස්සුව කොච්චර අඩුද කියනවනම්, මගේ කාමරේ තියෙන ක්ලැන්ඩර් එකේ ලංකාවට මැච් තියෙන දවස් ටික එහෙමත් මාක් කරලා තියෙන්නේ.ආය මගේ ස්ක්‍රීන් එකේ නෝට් එකක් විදියටත් ඒ දවස් ටික දාන් තියෙන්නේ.බැරි වෙලාවත් කව්රුහරි කැලැන්ඩර් කොලේ කඩන් ගියොත් කියලා.

Saturday, December 8, 2012

ස්ත්‍රී වශී..


කලින් පෝස්ට් එක ලියද්දී මතක් වුනා කතාවක්.මගේ යාළුවෙක් කරපු වැඩක්.ඒකත් ඒ එක්කම ලියාලා දාන්න හිතුවා.

කසුන් කියන්නේ මගේ හිතට අල්ලපු යාළුවන් කීප දෙනාගෙන් ඉහළින්ම ඉන්න එක්කෙනෙක්.එළම බොක්කක්.එහෙම කියන්න මට ගොඩක් හේතු තියෙනවා.හොද ගතිගුණ තිබුණා.ඒ ගතිගුණ දැක්ක එක පාරක් තමා; වසක් මගේ දකුණු අතේ ඇඟිලි දෙකක් කැපිලා මට ඉන්ටර්වල් එක වෙලාවේ අතින් බත් කන්න බැරුව ඉද්දි මට බත් කවන්න තරම් හොද හිතක් තිබුණා..ඒ සිද්ධිය මට හොදට මතක තියෙනවා.ආය කියන්ට තියෙන දේ කෙළින්ම කියනවා.කසුන් ඉස්කෝලේ Deputy Head Prefect වෙලා ඉද්දි මට කොච්චර බැනලා ඇත්ද! උඹලා කරන වැඩ හින්දා වෙන එකෙක්ට උපදෙස් දෙන්නේ කොහොමද කියලා මට සෑහෙන්න කියලා තියෙනවා.ඒ තරම්ම මගේ වැඩ හොද හින්දා. හි හි හි.. 

Wednesday, December 5, 2012

ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන)


ආදරේ කියන්නේ සුන්දර දෙයක්.කෙනෙකුට තවත් කෙනෙක් ගැන මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක් කියලයි මං නම් කියන්නේ.ඒ කැමත්ත ඇති වුනාට පස්සේ කොහොමහරි උත්සහ කරන්නේ අනිත් කෙනාව තමන්ගේ පෙම්වතිය හරි පෙම්වතා හරි කරගන්න.එහෙම හිතාගෙන අනිත් කෙනාව ආශ්‍රය කරලා බලද්දී තමා, තමන් එයාට ඇත්තටම ආදරේද,එයා තමන්ට ඇත්තතටම ආදරේද,නැත්නම් එයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්ද කියන දේ තේරෙන්නේ,දැනෙන්නේ.ඊටපස්සේ ඒ දෙන්නාගේ කැමැත්ත මත තමා ආදරයක් ගොඩනැගෙන්නේ.

ආදරයක් හිතට දැනෙන්න පටන් ගත්තාට පස්සේ ඒ කෙනා අනිත් කෙනා ගැන උනන්දු වෙනවා,වැඩිපුර හොයාබලනවා.එහෙම තමා වෙන්නත් ඕනේ.ඉතින් අද මම කතා කරන්න යන්නේ ආදරේ ගැන නෙවෙයි.ඔය ආදරේ කරන කාලේදී හුඟක් අයට ඇතිවෙන ආසාවක් ගැන.මොකද්ද මේ ආසාව?

Monday, December 3, 2012

අනියම් භාර්යාව.. + තෑගී නැති ප්‍රශ්න - 6


විකටර් කියන්නේ කසාද බැඳලා ඉන්න සල්ලිකාරයෙක්.දවසක් තමන්ගේ වයිෆ් වුන ස්ටෙලා එක්ක රෑ කෑමකට සුපිරි පන්තියේ අවන්හලකට ගියා.මේසයක් බලලා වාඩි වුනාට පස්සේ ළඟට ආව වේටර්ට අතේ මෙනු එක බලලා තමන්ට ඕන කෑම බීම වල ඕඩර් එක ලබාදුන්නා. වේටර්වරයා ඒ ටික අරන් එනකම් වයිෆ් එක්ක කතාවක් දාන් ඉද්දී රූමත් තරුණ කාන්තාවක් ඇවිදින් වික්ටර්ව බදාගෙන ලොකු කිස් එකක් දුන්නා.කිස් එක දීලා ඉවර වුනාට පස්සේ එම කාන්තාව,

"වික්ටර්.. මං දැන් යනවා.මං ඔයාව පස්සේ මීට්‌ වෙන්නම්.. බායි..!!" කියලා යන්න ගියා.

මේක දිහා පුදුම වෙලා බලන් ඉදපු ස්ටෙලා,

"කවුද වික්ටර් ඒ? මගේ ඉස්සරහම කිසිම බයක් සැකක් නැතුව ඔයාව කිස් කරන්න තරම් හයියක් ඒකිට කොහෙන්ද..?"

Friday, November 30, 2012

මාර්කටිං..



එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක්  සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.

පන්ති භාර ගුරුතුමිය පන්තියට ඇවිත්..

"ළමයි.. මං සිකුරාදා පවරපු වැඩේ ඔය ළමයි කරාද..?"

"ඔව් ටීචර්.."

"හොදයි.. එහෙනම් මුලින්ම රන්මලී නැගිටලා ඇවිත් ඒ ගැන විස්තර කරන්න.."

Monday, November 26, 2012

ප්‍රතිකර්මය ++


දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා.

"මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?"

"නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න.."

"ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ඕකට. ඊට වඩා හොද විදියක් මං උඹට කියන්නම්.."

"මොකද්ද මචන් ඒ..?"

"ගොම්මන් හන්දියේ අර අළුතෙන් දාපු ෆාමසි එක උඹ දැකලා තියෙනවනේ?"

Saturday, November 24, 2012

වැඩකාරයෙක් ද? (තෑගී නැති ප්‍රශ්න - 5)


මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල. දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ කාරයෙක් කියලා පුරෝහිතට පෙන්වන්න.ඉතින් රජා ඒ පීප්පේ ළඟට නොයා ඒක දිහා බලාගෙන පුරෝහිතට කිව්වා..

"පුරෝහිත.. මං දෙයක් කියන්නද?"

"කිමක්ද රජතුමනි..?"

Wednesday, November 21, 2012

මිනිස්සු ඇඳට යන්නේ ඇයි?



ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.

Monday, November 19, 2012

අනේ අනිච්චං! (තෑගී නැති ප්‍රශ්න - 4)



මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න..

ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම්.දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක බලන්න සෙට් වුණා.දැන් දෙන්නා ෆිල්ම් එක බලනවා.

ටික වෙලාවකින් ෆිල්ම් එක බල බල ඉන්න ගමන් සෑම් නිදිකිරා වැටෙන්න පටන් ගත්තා.එහෙම නිදිකිරා වැටුණු සෑම්ට හීනෙන් පෙනුනා ෆිල්ම් එකේ ඉන්න හොල්මන් මිනීමරුවා ලොකු මන්න පිහියකුත් අරන් (ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා තමා) සෑම්ගේ පස්සෙන් පන්නන් එනවා සෑම්ව මරන්න.අනේ ඉතින් සෑම් පණ එපා කියලා පණ රැකගන්න දුවනවා දිවිල්ලක් හරියට උසේන් බෝල්ට් හපන් විදියට.ඉතින් මේ දිවිල්ල අතරමගදී සෑම් දකිනවා පාළුවට ගිය ගෙයක්.සෑම් කරන්නේ ඒ ගේ අස්සට පැනලා ගේ ඇතුලේ තිබුණු ලොකු අල්මාරියක් අස්සේ හැංගෙන එක.

ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි..!


මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයාගත නොහැකි තැන් වල සඟවා තැබීමේ පුරුද්දක් අම්මටද ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වූවද සොයන්නාට හම්බ වේ යන මතය අනුව ධයිර්යය උපදවා තමාට හොරෙන් කුස්සියේ හැලි වළන් අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය ගැන අම්මා ප්‍රීතිය පළකරන්නේ සාමන්‍යයෙන් තමාගේ කටත්,පොල්කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන්ය.එහෙත් මම කිසි විටෙකත් පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි.

Friday, November 16, 2012

ඉතින් ඔහේ කියන්නේ..


මනුස්සයෙක් තමන්ගේ බිරිද එක්ක නිවාඩුවකට ජෙරුසලම් වලට යන්න තීරණය කරා.මේ දෙන්නා මැදි වයසේ ඉන්න දෙන්නෙක්.ඉතින් ජෙරුසලම් වල සංචාරය කරන අතරවාරයේදී බිරිද අසනීප වුණා.සැමියා ඇයව රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා යොමු කරා. ඒත් ප්‍රතිකාර ලැබුනත් බිරිද ඒ අසනීපෙන්ම මිය ගියා.

ඇයගේ අවසන් කටයුතු සිද්ධ කරන්න තියෙන ඕනේ නිසා සැමියා ගියා අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයෙක් ගාවට.එතෙනට ගියාට පස්සේ අවමංගල්‍ය අධ්‍යක්‍ෂක වරයා ඇහුවා සැමියාගෙන්,

"සර්.. අපි සර්ගේ බිරිදට හොද එම්බාම් එකක් කරලා දෙන්නම්.. ටිකක් ගාන වැඩි වෙයි."

Monday, November 12, 2012

පාපොච්චාරණය...



වයස අවුරුදු 60ක විතර ඉතාලි මනුස්සයෙක් තමන්ගේ ගමේ තියෙන පල්ලියට ගොඩ වුණා ප්‍රධාන පියතුමාව මුණගැහිලා කරපු පවක් පාපොච්චාරණය කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගන්න.ප්‍රධාන පියතුමා ඔහුට මුණ ගැහුණාට පස්සේ..

"පියතුමනි.. මට පාපොච්චාරණයක් කරන්න තියෙනවා.මට පුළුවන්ද එය ඔබතුමාට කියන්න..?"

"ඇත්ත වශයෙන්ම පුළුවන් දරුවා..!"

"මේකයි පියතුමනි කාරණාව.. දෙවෙනි ලෝක යුද්ධය තියෙන කාලයේදී එක් රාත්‍රියක මගේ දොරට කවුදෝ ගසන සද්දයක් ඇහුනා.දොර ඇරලා බලපුවාම මං දැක්කේ ඉතා රූමත් ජර්මන් කාන්තාවක් මගේ දොරකඩ හිටන් ඉන්නවා.."

Friday, November 9, 2012

වයසක මනුස්සයා.. + කොයි එකේද ? (තෑගී නැති ප්‍රශ්න - 3)


අන්තිමට දාපු පෝස්ට් එකේ කිව්වනේ අද ප්‍රශ්නයක් අහන්න හිතන් ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තියෙනවා මේ කතාව ඉවර වුනාට පස්සේ..

අප්පුහාමි කියන්නේ වයස අවුරුදු 90ක් විතර වුන මනුස්සයෙක්.දවසක් මෙයාට එයාගේ පරණ ඩොක්ටර් ව හම්බුනා හොස්පිටල් එකට ගිය වෙලාවක.ඩොක්ටර් ව දැකලා හිනාවක්‌ දාගෙන එතනට ගිය අප්පුහාමි,

"ඩොක්ටර්.. මට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා ඩොක්ටර්ට.."

"මොකද්ද අප්පුහාමි..?"

"ඩොක්ටර් දන්නවානේ.. මං කලින් බැදලා හිටිය ගෑනි නැති වුනේ මට මගේ පරම්පරාව ගෙනියන්න ළමයෙක් වත් දෙන්නේ නැතුව කියලා.."

Monday, November 5, 2012

දැක්කාම හිතෙන්නේ..

මේ තියෙන්නේ පන්ක් හෙයාර් ස්ටයිල් එකක්.

පන්ක් ස්ටයිල් එකට හැඩ වැඩ වුනු තරුණයෙක් බස් හෝල්ට් ගොඩ වුනේ ටවුන් එකට යන්න හිතාගෙන.මෙයාගේ කොන්ඩේ හදලා තිබුනේ කොළ, දම්, තැඹිලි,කහ කියන කලර්ස් වලින් ටින්ට් කරලා ස්පයික් විදියට.එක එක කෑලි අල්ලලා,ලෙදර් වලින් නිමවූ ඇඳුමක් තමා ඇදන් හිටියේ.සපත්තු දාලත් නෑ.මූණේ, ඇඟ පුරා එක එක වර්ගයේ මුදු එල්ලං.කන් දෙක හැඩ වෙලා තිබුනේ වර්ණවත් ලොකු පිහාටු වලින් හදපු කරාඹු දෙකකින්.

ඉතින් ටික වෙලාවක් හෝල්ට් එකට වෙලා ඉද්දි බස් එකක් ආවා.තරුණයා ඒ බස් එකට නැගලා ඉඩ තිබුණු ෂීට් එකක ගිහින් වාඩි වුනා. බස් එක ඊළඟ හෝල්ට් එකේ නැවත්තුවාම වයසක මනුස්සයෙක් නැගලා මේ තරුණයා ඉන්න ෂීට් එකට ඇවිත් වාඩී වුණා.ටවුන් එකට තවත් යන්න සෑහෙන වෙලාවක් ගත වෙන හින්දා තරුණයා හිතුවා ළග වාඩි ඉන්න මනුස්සයාත් එක්ක කතාවක් දාන්න.ඉතින් වයසක මනුස්සයාගේ පැත්තට හැරුණු තරුණයා,

Saturday, November 3, 2012

පැළුණු රබර් එක..


ඇමෙරිකන් පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.එයාගේ වයස අවුරුදු 10,12 ක් විතර ඇති. දවසක් මේ ළමයාගේ අම්මා ට පෙනුනා මෙයා ටිකක් ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ.මූණත් නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ.ඉතින් අම්මා මේ ළමයාගෙන්..

"මොකෝ මේ..? මොකක් හරි ප්‍රශ්නයක් ද..?"

"හ්ම්ම්.."

"මොකද්ද ඉතින්..?"

"ඇයි අම්මා මගේ ලොකු අයියාට නම දාලා තියෙන්නේ 'Mighty Storm'(භයානක කුණාටුව) කියලා..?" 

Friday, November 2, 2012

දික්කසාද බාර්බී..



දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,

"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන බාර්බිගේ ගාණ කියාද?"

"මේකද සර්..?"

"ඕ.. ඒක තමා.."

"ඒක සර් ඩොලර් 19.59 ක් වෙනවා.."

Wednesday, October 31, 2012

කවුද මිනීමරුවා..? (තෑගී නැති ප්‍රශ්න - 2)


පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා.පස් දෙනාගේ නම් තමා ඉෂාන්, කසුන්, සමීර, රවී, අනූ.. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් අනිත් හතර දෙනාගෙන් එක් කෙනෙක්ව වෙඩි තියලා මරලා දානවා ඒ දෙන්නා අතර වුනු රණ්ඩුවක් අවසානයේ..

කතාව එච්චරයි.ඉතින් දැන් අපි හොයන්න යන්නේ කවුද මිනීමරුවා හා මැරුණු කෙනා කියලා.පහතින් කාරණා වගයක් දීලා තියෙනවා.ඒ අපි‍ට දීලා තියෙන සාධක මිනිමරුවා ව හොයාගන්න.ඉතින් ඒවා පාවිච්චි කරලා තමා අපිට අවසන් නිගමන වලට එන්න තියෙන්නේ. 

Tuesday, October 30, 2012

අප්පුහාමි.. (තෑගී නැති ප්‍රශ්න - 1)


එංගලන්තයේ මහා රැජින ලොකු පාටි එකක් ලැහැස්ති කරා.ඒකට ආරාධනා කරේ රටේ ඉන්න වැදගත් පවුල් වල අයට.ඉතින් මේ උත්සවේට ආරාධනා නොකරපු අයත් එන්ට පුළුවන් නිසා රැජින කරේ ආරාධනා කරපු පුද්ගලයන්ට රහස් වචනයක් හදලා දුන්නා.ඒ වචනේ නොකියා ප්‍රධාන දොරටුවෙන් ඇතුලට එන්න බෑ.

Friday, October 26, 2012

ගණන් ඉස්සු බඩු..


බවලත් උදවිය නාන අවසථාවක් ම බලා නා ගැනීම සදහා ළිදට යාමට මා පුරුදුව ඇත්තේ ස්වභාධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කලා රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ.වැඩියෙන්ම ඔවුන්ගේ කතාබහට කන්දීමෙන් ලද ඉමහත් ආස්වාදය නිසාය.

රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොදින් වටහා ගැනිමෙන් දෝ ඕනෑවටත් වඩා ඉහළින් දියරෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියන් සමග අංග චලනයට මුල් තැන දෙවා කතා කරනා කතා බහ එතරම් වැදගත් නොවේ.එහෙත් අද ඔවුන් කවුතුකාගාරයට යැවීම පිණිස ලොරියක් එන තෙක් රැස් කර තබා ඇති ගල් රූප මෙන් ලංවී නොසැලී උනන්දුවෙන් කරන කතාබහ නම් වැදගත් විය යුතු බව ඈත දීම මට වැටහුණි.මම පඳුරු අස්සේ පහත් වී හෙමින් හෙමින් ළිඳ ළඟට ඇදී සැඟවී සිට කන් දුන්නෙමි.හත් දෙනෙකුගෙන් සමන්විත වූ බවලත් පිරිසේ කතාබහ මෙසේ විය.

Wednesday, October 24, 2012

මෑන් තමයි මිනිහා..


ගමක එක ළග තිබුණු ගෙවල් දෙකක් අතරේ රණ්ඩුවක් ඇති වුනා.රණ්ඩුව ඇති වුනේ ගෙවල් දෙක අතර තියෙන වැටක් එහා මෙහා තිබුණු හින්දා.රණ්ඩුව පටන් ගත්තේ ගෙවල් දෙකේ හිටපු ගෑණු දෙන්නාගෙන්.ගෑණු දෙන්නා පටන් ගත්ත රණ්ඩුවට ඒ ගෙවල් දෙකේ පිරිමි දෙන්නාත් ආවා.ඒ කියන්නේ සූටිං හා මාටිං.මෙහෙම පොඩියට පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවක් යද්දී ලොකු රණ්ඩුවක් වෙලා අන්තිමේදී මාටිං සූටින්ව අල්ල ගෙන ගහගෙන ගහගෙන ගියා. අන්තිමේදී රණ්ඩුව නැවතුනේ ගමේ මිනිස්සු එතෙනට ඇවිත් දෙන්නාව දෙපැත්තට කරාට පස්සේ.

Monday, October 22, 2012

ලෝක විනාසේ ආවොත්..!


සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි..

"මචංලා දන්නවද..! ලෝක විනාසේ මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනවලු ෂුවර් එකටම.." විමල් කිව්වා.

Saturday, October 13, 2012

කාරුණික දැනුම් දීමක්..

අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන  නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි අදහස.ඒ නිසා වැඩ ගොඩක් තියෙනවා කරන්න.හැමෝටම සුබ සතියක්..


අද පෝස්ට් එකට  : 


මෙච්චර වයසට ගිහිනුත්..!!

ඊයේ පෝස්ට් එකට :

මෙච්චර වයසට ගිහිනුත්..!!


ඔන්න වයසක ජෝඩුවක්‌ හිටියා.දෙන්නාගේ වයස අවුරුදු 95ක් විතර.දවසක් මේ වයසක සීයා මැරුණා.සීයාගේ අවසන් කටයුතු වලට එයාලගේ දූ දරුවෝ,මුණුබුරෝ,මිනිබිරියෝ, නෑදැයෝ,අසල්වාසින් සහභාගී වුනා.අවසන් කටයුතු සිද්ධ කරාට පස්සේ එක මිනිබිරියක් වුනු කැතී තමන්ගේ මිත්තණියත් එක්ක ඉන්න තීරණය කරලා ඒ ගෙදර නැවතුනා.අනිත් අය යන්න ගියා.ඉතින් එදා රෑ කැතී මිත්තණිය ළගට ගිහින් ඇහුවා..

"ආච්චි.. ඇත්තටම අපේ සීයා මැරුණේ කොහොමද..?"

"මේකයි දුවේ වුනේ.. එයා නැතිවුනේ හාර්ට් ඇටෑක් ඇවිත්."

"ඒ කොහොමද?"

Friday, October 12, 2012

පැතුමන්..



ඔබ වෙනුවෙන් මගේ හද තුල 
පිළිසිඳ ගත් මේ ප්‍රේමය
වදනකට හෝ කවිපෙළකට
ඇමිණිය හැකි නොවේ..

සංසාරෙන් සංසාරෙට 
ඔබේ අතින් අල්ලාගෙන 
ඔය පපුවට තුරුල් වෙලා
ඉන්නට පැතුවෙමි හැමදින..

Tuesday, October 9, 2012

සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා..


ඒ විවාහ මංගල උත්සවයක දෙවෙනි දවසයි.උත්සවය පැවතුනේ මැදිරිගිරිය නගරයෙන් ටිකක් ඈතට වූ ගමක් තුලය.මා එම උත්සවයට සහභාගී වූයේ උත්සවයේ ඡායාරූප ශිල්පියාගේ සහයකයා වශයෙනි.එනම් මගේ මස්සිනා කෙනෙකුගේ උදවුවටය.අයියාගේ රැකියාව ඡායාරූපකරණය නොවුණත් ඉඩක් ලැබෙන අවස්ථා වල විවාහ උත්සවයන් හී ඡායාරූපකරණය බාර ගැනීම ඔහුගේ සිරිතයි.ඒ අමතර ආදායමක් සොයාගන්නට ලැබෙන නිසාය.එමනිසා ඔහු සහභාගී වන විවාහ උත්සවය වල අවසානයේ බෙදන තැන්ක්ස් කාඩ් නිර්මාණය කිරීම ලැබෙන්නේ මටය.ඔහු පවසන ආකාරට 'කස්ටමර් කෙනෙක් ලේසියෙන්ම අල්ලගන්න පුළුවන් වන්නේ තැන්ක්ස් කාඩ් එක හා ඇල්බම් එකේ තියෙන ඡායාරූප සුපිරියට තියෙනවනම් පමණය'.මේ නිසා මට වැඩක් නොවැටෙන දවස් වල අයියා බාරගත් විවාහ උත්සව කිහිපයකට සහභාගී වී තැන්ක්ස් කාඩ් නිර්මාණය කළේ මා විසින්ය.

Friday, October 5, 2012

ප්‍රේම පුරාණය..


ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.

මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.

Tuesday, October 2, 2012

තරහා ගන්ට කාරී නෑ ඕං.. (Letter For Zaas Rox)


මා නොදත් Zaas Rox නමැති පුද්ගලයා වෙතටයි,

ඔබ කවුරුද, කුමන තරාතිරමක කෙනෙක්ද කියන එක මා නොදන්නා අතර මා දන්නා එකම කාරණය වන්නේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එහෙම පිටින්ම කොපි කර මරුසිරා හි පලකරන බවයි.


මේ ආරංචිය ලද විගස මා මරුසිරා අඩවිය වෙත ගොස් කියපු දේ ඇත්තක් දැයි සොයා බැලු අතර දකින්නට ලැබුනේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ ලියන ලද පෝස්ට් 4ක් දවස් දෙකක් තුලදී මරුසිරා හී පළකරඇති බවයි.මා  විසින් ලියන ලද පෝස්ට් තවත් තැනක දක්නට ලැබෙන එක සම්බන්ධයෙන් මුලින්ම ඔබට ස්තුති වන්ත වන අතර මට ඇති ප්‍රශ්නය වන්නේ උපුටාගත් තැන් පිළිබදව කිසිදු සටහනක් පලනොකිරීමට තරම් ඔබ උනන්දුවක් නොදක්වා ඇත්තේ ඇයිද යන්නයි. (සමහර විට ඒක අමතක වුනාද දන්නේ නෑ.මොකද ලංකාවේ මේ දවස් වල නැගලාම යන ලෙඩේනේ අමතක වීම..)

Friday, September 28, 2012

මහා කසිප්පු සමුළුව..

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ,

මහා කසිප්පු සමුළුව

සමස්ත ලංකා නීතිවිරෝධී කසිප්පු පෙරන්නන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ 1 වැනි වාර්ෂික මහා සමුළුව 2012 සැප්තැම්බර් 31 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.31ට කොළඹ කනත්තේ සුසාන භූමියේදී පැවැත්වේ. සංගමයේ ආරාධනය පරිදි විශේෂ කල්ලතෝනියකින් වැල්වැටිතුරෙයි හොර වරායට ගොඩබට බලුකිස්තානයේ කසිප්පු චක්‍රවර්ති , ශ්‍රීමත් අගුවක්‌ පාසා මහතා මුලසුන හොබවනු ඇත.

Thursday, September 27, 2012

දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා..


එක්තරා රටක හිටපු තරුණ ජෝඩුවක්‌ කසාද බැන්දා. ඒ රටේ තියෙන චාරිත්‍රයක් තමා දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා එක සිංදුවකට නටන එක. ඉතින් ඒ චාරිත්‍රය මේ උත්සවේදීත් වුනා. දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නටන්න පටන් ගත්තා. ඒ සිංදුව ඉවර වුනත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. දෙන්නා දෙවෙනි සින්දුවටත් නටන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. තුන් වෙනි එකටත් නටන්න පටන් ගත්තා. ඊට පස්සේ හතරවෙනි එකටත්. නැටිල්ල ඉවර වෙන පාටක් පේන්න නෑ..

Tuesday, September 25, 2012

ස්කූබී..

ස්කූබී..

අද උදේ ඇදෙන් නැගිටිද්දීම අහන්න ලැබුනේ දුක් බර ආරංචියක්. ඒ අපේ ගෙදර දැන් අවුරුද්දකටත් වැඩිය අපිත් එක්ක හිටපු ස්කූබී අපෙන් ඈත් වෙලා ගිහින්. ඒ අපිට හම්බුනු හුරතල්ම බලු පැටියා ස්කූබී වුන නිසා.ඒ හින්දාම මං ස්කූබී පැටියා කාලේ ෆොටෝස් වගයකුත් ෆේස්බුක් එකට දැම්මා.මං බල්ලන්ට එච්චරම කැමැත්තක් නැතත් ලගදි ගෙදරට ගෙනාව බල්ලන්ගෙන් ටිකක් කැමැත්තක් තිබුනේ ස්කූබිට විතරයි.ඒ  උගේ හුරතලය හින්දා.  

අන්තිමට මං ස්කූබිව දැක්කේ ඊයේ උදේ.මාව දැකලා බුර බුරා හොදට හිටපු ස්කූබී අද උදේ නැති වුනා කියන  එක හිතාගන්නවත් බෑ. හිතෙන්නේ සර්පයෙක් වත් ඇවිත් දෂ්ට කරලා ගියාද කියලා.එච්චර හොදට හිටපු ස්කූබී එහෙම නැති වුනා කියද්දී වෙන දෙයක් හිතෙන්නේ නැති හින්දා.

Friday, September 21, 2012

වැසිකිළි කුරුටු ලිපි..


සීගීරි කුරුටු ගී ගැන දැන ගැනීමට ලැබීමෙන් විමතියටත්, කුතුහලයටත් පත් වූ යුරෝපීය සාහිත්‍ය ගවේෂකයෝ තිදෙනෙක් ලංකාවේ තවත් කුරුටු ලිපි ඇති තැන් සෙවීම සදහා කටුනායක ගුවන්තොටු පලින් ලංකාවට ගොඩබටහ. මේ කාර්‍යයේදී ඔවුනට සහයවීම සදහා සුදුසුකම් ඇති එකම තැනැත්තා වශයෙන් රජයෙන් මා පත්කිරීම ගැටකපන්නන්ගේ හා තැරව්කරුවන්ගේ දැඩි ශෝකයට හේතු විය. සීගීරිය, ශ්‍රීපාදය, පොළොන්නරුව ආදී පුරාණ වැදගත්කමක් ඇති හා පූජනීය ස්ථාන කොළඹ නගර තුලදීම පෙන්වා විදේශිකයන්ගේ ගමන් වෙහෙස  අඩුකරන තැරවුකාරයන්ගේ අගනා සේවයට පහර ගසමින් මම මෙදා මෙම යුරෝපීය ගවේශකයින් තිදෙනා කටුනායකදී පිළිගෙන ගවේෂණයට මුලපිරිමි.

ඔවුන් සමග ටික දුරක් ගිය මට වැසිකිළි යාමට අවශ්‍ය විය. ඔවුන් මහ මඟ නවතා ප්‍රසිද්ධ වැසිකිළියකට රිංගා ගත් මට එයින් ආපසු ඒමේදී සත්‍ය වසන් කිරීමට සිත් වූයේ වැසිකිළියකට යාම මදිකමක් ලෙස පිටස්තර ස්ථාන වලදී සළකන සෑම සිංහලයෙකුටම හුරු පරිද්දෙනි.

"කොහෙද ගියේ..?" විදේශිකයෝ ඇසූහ.

"කුරුටු ලිපි තියෙනවද බලන්න.."

"තිබුනාද..?" ඔවුහු හදිසි වූහ. මෙම හදිස්සිය වැසිකිලියට යාමට මට තිබු හදිස්සියටත් වඩා උග්‍ර විය. ඔවුන් මාද පෙරලාගෙන වැසිකිලියට පැන ගත් නමුදු නහයත් වසාගෙන එයින් එළියට පැන ගත්තේ ගිය වේගයට වඩා වේගයෙනි. කෙසේ වුවද කුරුටු ලිපි කියවීමේ ආශාව මෙයින් අත් නොහල ඔවුන් නහයත්, කටත් වැසෙන සේ ලේන්සුවලින් මුහුණ බැඳගෙන මාත් සමග යලිත් වරක් එයට ඇතුළු වූහ.

Wednesday, September 19, 2012

මං හැමදේම දන්නවා..


කමල් සහ විමල් කියන්නේ එක ඉස්කෝලේ එක පන්තියේ ඉන්න පොඩි එවුන් දෙන්නෙක්.දවසක් විමල් කමල්ව පැත්තකට එක්කන් ගිහින්..

"මචන්.. උඹ දන්නවද දෙයක්.." 

"මොකද්ද බං..?"

"මං හොයාගත්තා සමහර වැඩිහිටියන්ගේ  ජිවිතේ අනිත් අයගෙන් වසන් කරන මොකක් හරි රහසක් තියෙනවා කියලා.."

"නෑ..!! ඉතින්..?"

"ඉතින් කියන්නේ ඒ වගේ කෙනෙකුගේ ළගට ගිහින් 'මං හැමදේම දන්නවා..' කිව්වාම එයාලා බය වෙනවා.ඉතින් ඊට පස්සේ ඒ අයගෙන් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්.."

"උඹ ඉතින් එහෙම කරලා මොනවා හරි හම්බවෙලා තියෙනවද..?"

Monday, September 17, 2012

මං හිතන්නේ මේකේ තියෙන්නේ..


පාසැලක අධ්‍යන වර්ෂයක් අවසානයේ පන්තිය බාර ගුරුවරියට හෝ ගුරුවරයාට පන්තියේ ඉන්න ළමයි තෑගි දීම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදියට පිටරට පාසැලක දෙවෙනි වසරේ ඉන්න ළමයි ඒ පන්තිය භාරව හිටපු ගුරුවරියට අන්තිම දවසේ තෑගී දෙන්න පෝලිමේ ගුරුවරිය ළගට එන්න පටන් ගත්තා. මුලින්ම තෑගී ආවේ පන්තියේ ඉන්න පිරිමි ළමයෙක්. එයා ඒ නගරේ තියෙන මල් සාප්පුවක් අයිතිකාර කෙනෙක්ගේ පුතෙක්.ඒ ළමයා  ගෙනාව තෑගී පාර්සලය අතට දුන්නාම ගුරුවරිය..

"මට මේකේ තියෙන්නේ මොනවද කියලා ශුවර් එකටම කියන්න පුළුවන්.. මේකේ තියෙන්නේ මල්..! මං හරිනේ මාටින්..?"

"හරි ටීචර්.. ඒත් ටීචර් කොහොමද දැනගත්තේ..?"

"මං අනුමාන කරා. මගේ අනුමාන වරදින්නේ නෑ කොහොමටවත්.." 

Saturday, September 15, 2012

ආවොත් විදිනවාමයි..!!


මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට වටහාගත හැක. ඉදින් මා අදුනාගනිමට යම අපහසුවක් ඔබට ඇති වෙතොත් ඇති වන්නේ අව්ව වැස්ස නොතකා පාන්දර 6.15 සිට රාත්‍රී 9.37 දක්වා මා පැළද සිටින සන් ග්ලාස් එක නිසාය.

ඉංග්‍රීසි කියවීමට තරම් මා හට දැනුමක් නැතත්, නිතරම ඉංග්‍රීසි පොතක් අතේ තබාගෙන සිටීමට තරම් ශක්තියක් මගේ වම් අතේ ඇඟිලිවලට ඇත. පනං හතරක් හම්බ කිරීමට පුළුවන් කමක් නැතත් මහාචාර්යවරයෙකු මෙන් ගාම්භීර ලෙස සිගරට් එක කටට ලංකර නහයෙන් දුම් ඇරීමට මම සමත්වෙමි. යහළුවන් සමග හෝටලයකට ගොස් පැය ගණනක් කයිවාරු ගසමින් සිට වේටර්ට ශත විසිපහක් ටිප් එක වශයෙන් දීම මට සුළුදෙයකි. එහෙත් කුලියට පොල් කඩන අපේ තාත්තාටත්, පොල් අතු වියන අපේ අම්මටත්, බීඩි ලේබල් අලවන අක්කාටත්, පින් පඩි ගන්න සීයාටත් ශත විසිපහ යනු ලොකු දෙයකි.

Thursday, September 13, 2012

මොනවද යකෝ මේ පොවන්නේ..?


මේකනම් මට වුන සිද්ධියක්ය.. A/L කරන කාලේ මායි තව යාළුවො දෙන්නෙක් එක්ක Physics වලට  Individual ක්ලාස් එකක් සෙට් කරගත්තා. ක්ලාස් එක කරේ අද නුවර ඉන්න Physics වලට ජනප්‍රිය වී ගෙන එන තරුණ ගුරුවරයෙක්. ක්ලාස් එක තිබුනේ මගේ එක යාලුවෙක්ගෙ ගෙදර 5 ඉදන් 8 වෙනකම් සතියේ එක දවසක්.ක්ලාස් එකට සෙට් වුන යාළුවො දෙන්නා තමා මධුසංඛ, විමර්ශන. මධුසංඛගේ ගෙදර තමා ක්ලාස් එක දාගත්තේ.ක්ලාස් ඉවර වෙලා නවතින්නේ මධුසංඛගේ ගෙදර. 

ඉතින් ඔහොම ක්ලාස් තිබුණු දවසක මං යාළුවෙලා හිටපු ගෑණුළමයාගේ ලොකු අම්මා නැතිවුණා.ඒ කියන්නේ මධුසංඛගේ ගෑණුළමයගේත් ලොකු අම්මා. තව විදියකට කියනවනම් අපේ යාලුවෙක්ගෙ ලොකු අම්මා. මේ යාලුවත් ඒ ගෑණුළමයි දෙන්නගේ සහෝදරයෙක්. එයත් අපේ වයසෙමයි. (මං කලින් පෝස්ට් එකක කියලා තිබුණා මායි, මධුයි යාළුවෙලා හිටියේ එකම පවුලක සහෝදරියෝ දෙන්නෙක් එක්ක. මගේ කෙනාට චංචලා කියලා කියන්නම්. අනිත් කෙනා නිසංසලා. සහෝදරයාට රන් කියන්නම්.හරිය!!)  නිසංසලාගේ ගෙදර තමා මිනිය තිබුනේ.ඉතින් අපි තීරණය කරා එදා ක්ලාස් ඉවර වෙලා රෑ එහෙ යන්න අනිත් යාළුවො සෙට් එකත් එක්ක. 

Tuesday, September 11, 2012

එතකොට ඔයාගේ වරය මොකද්ද..?


මාක් සහ ස්ටෙලා කියන්නේ කසාද බැදපු ජෝඩුවක්.මේ දෙන්නා සති අන්තේ දවසක ගියා ගෝල්ෆ් සෙල්ලම් කරන්න.දෙන්නා ගෝල්ෆ් සෙල්ලම් කරන්න ගිය ක්‍රීඩා පිටිය අවට තිබුනේ රටේ ඉන්න සල්ලිකාරම මිනිසුන්ගේ ගෙවල්. ඉතින් මාක් ස්ටෙලා ට කිව්වා..

"මේ.. ස්ටෙලෝ.. බලාගෙන සෙල්ලම් කරන්න. වැඩිය උඩින් යන්ට ගහන්න එපා.ඔය පේන්න තියෙන්නේ සල්ලිකාර මිනිසුන්ගේ ගෙවල්. ගහන එකක් ගිහින් වීදුරුවක හරි වැදිලා කැඩුනොත් අපේ තියෙන මුළු සේසතම වියදම් කරන්න වෙයි ඒවා ආයෙත් හදන්න.ඒ හින්දා පරිස්සමින්.."

ස්ටෙලාට එහෙම උපදෙස් දීලා දෙන්නා සෙල්ලම් කරන්න පටන්ගත්තා. ටික වෙලාවක් ඔහොම සෙල්ලම් කර කර ඉද්දි ස්ටෙලා ගහපු පාරකින් ක්‍රීඩා පිටිය අයිනේ තිබුණු ලොකු ගෙයක වීදුරුවක්‌ කුඩු වෙලා ගියා. මාක්ට තරහ ගියා මේ වෙච්ච සිද්ධියට.ඔච්චර පරිස්සමින් සෙල්ලම් කරන්න කියලත් ස්ටෙලා අහපු නැති එකට..

Saturday, September 8, 2012

අනේ මාරයා.. දැන් මාවත් අරන් පලෝ..! (මරණ දැන්වීම)



කවුදෝ දොරට ගසන ශබ්දයක් ඇසී වහාම විදුලි පහන දල්වා බිමට පැන එහි වූ සරම ඇහිද ගෙන ඇගට දා ගත් මම..

"කවුද..?" කියා ඇසීය.

"මං සෑර්.." 

"මං කියන්නේ කවුද..! හමුදාවෙන්ද? පොලිසියෙන්ද..? පාතාලෙන්ද..? ඉන්කම් ටැක්ස් එකෙන්ද..? නැත්නම් සුදු වෑන් වලින්ද..?"

"ඒ එකකින්වත් නෙවෙයි සෑර්.. මං මේ පීටර්. වටලප්පන් නෝනාගේ පණිවිඩේකට."

"මේ රෑ දොළහට වටලප්පන් නෝනාට මොකෝ මං ඕනෑ වුනේ..? යකෙක්වත් ගැහුවද..?"

"නෑ සෑර්.. නෝනා කිව්වා විගහට මහත්තයාව අඩගහගෙන එන්න කියලා.."

Friday, September 7, 2012

බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!


ඇමෙරිකාවේ චිකාගෝ වල හිටපු නීතීඥයෝ තුන් දෙනෙකුයි ඉංජිනේරුවෝ තුන් දෙනෙකුයි නිව්යෝර්ක් වල තියෙන විශේෂ සමුළුවකට සහභාගී වෙන්න දුම්රියෙන් ඒ ගමන යන්න තීරණය කරා. චිකාගෝ වලින් දුම්රියට නගින්න දුම්රිය පොලට ගිය ඒ අයගෙන් නීතීඥයෝ තුන් දෙනාම තම තමන්ට ටිකට් තුනක් ගත්තා. හැබයි ඉංජිනේරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක් විතරයි ටිකට් ගත්තේ.මේ සීන් එක දැකපු නීතීඥයෝ තුන්දෙනාට ප්‍රශ්නයක් වුනා ඉංජිනේරුවෝ තුන්දෙනා කොහොමද එක ටිකට් එකකික් යන්නේ කියලා.ඉතින් නීතීඥයන්ගෙන් එක පොරක් ..

"කොහොමද මචන් උඹලා එක ටිකට් එකක් අරන් තුන්දෙනාම යන්නේ..?"

"බලාගෙන ඉදපන්කෝ කොහොමද වෙන්නේ කියලා..!!"

Monday, September 3, 2012

මේ කේස් එක ගොඩින් බේරගන්න කැමතිද..?




අද ලියන්න යන්නේ මං ප්‍රේම කරන කාලේ මට මුහුණ පාන්න වුනු වෙච්ච පොලිස් සිද්ධි වලින් දෙකක්.. මේ ලියන්න යන ඒවා වුනේ A/L කරන කාලේ..

මුලින්ම A/L කරන්න හිතන් හිටියේ ගණිත අංශයෙන් වුනාට ඉස්කෝලේ පටන්ගෙන සති දෙකකින් වගේ ඉෂාන් බයෝ වලට මාරු වුනා. ඒ මැත්ස් කරන්න මගේ O/L කාලේ හිටපු යාළුවෝ එකෙක්වත් හිටියේ නැති හින්දා. සමහරුනම් කිව්වේ මං මැත්ස් අත්හැරියේ බයෝ වලට අලුතෙන් ආව ගෑනුළමයෙක් හින්දා කියලා. ඒ වුනාට ඇත්තම සීන් එක යාළුවෝ හිටියේ නැති හින්දා.. බයෝ වලට මාරු වෙලා කොහොම හරි ඒ කියන ගෑනු ළමයත් එක්කත් යාලු වුනා.ඒ ගෑනුළමයාත් එක්ක එයාගේ යාළුවෝ දෙන්නෙක්ම බයෝ පන්තියට ඇවිත් හිටියා.එක්කෙනෙක් එයාගේ ලොකු අම්මාගේ දුව.එයත් එක්ක යාලු වෙලා හිටියේ මගේ යාලුවෙක්.නම මධුසංඛ.පොරත් කරේ බයෝ.ඒ එෆෙයාර් එක පටන්ගෙන තිබුනේ O/L ඉවර වෙලා. කොහෙමෙන් හරි යාලු වෙලා නොහිටපු අනිත් ගෑනු ළමයටත් මගේ තවත් යාළුවෙක් වුනු ප්‍රදීප්ට සෙට් කරා. ප්‍රදීප් කරේ කොමස්.

Saturday, September 1, 2012

මංගල සභාවෙන් අවසරයි..


මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක්‌ හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීමත් ආදී ඒකාකාර විදිහේ මංගල දේශනා පැවැත්වීම මට මහත් වාතයක් වී ඇත..

කෙසේ වුවද ළගදී මගේ මිත්‍රයෙකුගේ මගුල් උත්සවයකට සහභාගී වූ මනාලියගේ නිවසේදී කතාවක් කලේ දිවා ආහාරයට පෙර කරන ලද මත්පැන් සංග්‍රහයෙන් හොදටම පදම් වී සිටි අවස්තාවකය.වෙනදා මෙන් නොව මෙදා මට කියවුනේ ඇත්තය. ඒ කතාව මෙසේය..

Wednesday, August 29, 2012

බුෂ්ට ප්‍රශ්ණයක්..!!


කාලයක් තිබුනනේ  ඔසාමා බින් ලාඩන්  ( ඔසාමා මැරෙන්න කලින් ) තාමත් ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන හරියට තොරතුරක් හොයාගන්න බැරුව. ජෝර්ජ් බුෂ් කිය කියා ගියේ ඔසාමා මැරිලා කියලා. ඒත් ජීවතුන් අතර හිටපු ඔසාමා තීරණය කරා තමන් තාමත් ජීවත් වෙන බව බුෂ්ට කොහොමහරි දන්වලා යවන්න ඕනේ කියලා.ඔසාමා කරේ තමන්ගේ අත් අකුරු වලින් බුෂ්ට ලියුමක් ලියලා යවපු එක. ඉතින් ලියුම බුෂ්ගේ අතට හම්බුනා.ගලවලා බලද්දී ලියුමේ ලියලා තිබුනේ තිබුනේ එකම පේළියයි.ඒ..


-370H-55V-0773H-

 බුෂ් ලියුම දැක්කාම කිසි දෙයක් තේරුනේ නෑ...බුෂ් කතා කරා කොන්ඩලීසා රයිස්ට. බලන්න කිව්වා එයාට ඒක තේරෙනවද කියලා. රයිස් ලියුම බලලා දහ අතේ කල්පනා කරා. එයාට මීටර් වුනෙත් නෑ. රයිස් කරේ ඒ ලියුම FBI එකට බාර දුන්නු එක.

Tuesday, August 28, 2012

උඹ වගේම මාත් ඉරාකෙට යන්න කැමති නෑ මචන්..


මේ සිද්ධිය වුනේ ඇමෙරිකාව ඉරාකෙත් එක්ක යුද්ධයට පැටලුණු කාලේ.. ඔන්න ඉතින් ඇමෙරිකානු සෙබළෙක් පාර දිගේ කඩාගෙන බිඳගෙන දුවනවා පස්සහ බල බල. දුවද්දී මේ සෙබලා දැක්කා පාරේ අනිත් පැත්තේ යන ටිකක් උස මහත සිස්ටර් කෙනෙක්ව. සෙබලා සිස්ටර් එන පැත්තට ගිහින් සිස්ටර්ගෙන් ඇහුවා..

"සිස්ටර්.. මං ඔයාට විස්තරේ පස්සේ කියන්නම්.. මට ඔයාගේ ඇදුම අස්සේ ටික වෙලාවකට හැංගෙන්න පුළුවන්ද..?"

සිස්ටරුත් මේකට හා කිව්වා. ඉතින් සොල්දාදුවා ඉක්මනටම සිස්ටර්ගේ ඇඳුම ඇතුලට ගිහින් හැංගුනා.ඔහොම හැංගිලා ටික වෙලාවකින්ම මිලිටරි පොලිසියේ කීප දෙනෙක් එනවා කාවහරි හොය හොයා පාරේ එනවා සිස්ටර් දැක්කා. සිස්ටර් ළගට ආපු මිලිටරි පොලිසියෙන් කෙනෙක්..

Sunday, August 26, 2012

ඇයි මේ ගෑණු අය ඇඳුම් තෝරද්දී සෑහීමකට පත් වෙන්නේ නැත්තේ..?


මිනිසාට නැතුවම බැරි දෙයක්නේ ඇඳුම් (වස්ත්‍ර) කියන්නේ.මානව සංහතියේ ආරම්භයේදී මානවයන් ඇඳුම් ඇන්දේ නැති වුනාට පස්සේ කාලෙක ඇඳුම් අදින්න පුරුදු වුනානේ.ඉතින් ඒ කාලේ ඉදන් අද වෙනකම්ම වස්ත්‍රත් ක්‍රමක්‍රමයෙන් එක එක ආකාරයට විකාශනය ( ඒ කියන්නේ ඒවයෙත් පරිණාමයක් ) වෙන්න පටන්ගත්තා.ඉතින් අද කතා කරන්නේ ඇඳුම් වල පරිණාමය ගැන නෙවෙයි. මේ ඇඳුම් එක්ක මට තියෙන අත්දැකීම් ටිකක්..

ඒ ටික කියන්න කලින් ඉෂාන්ගේ පවුලේ අය ගැනත් කියලා ඉන්න වෙයි. ඉෂාන්ට ඉන්නවා එක මල්ලි කෙනෙකුයි , නංගිලා දෙන්නෙකුයි.(මලයා ගැනනම් මං කලින් ලියලා තියෙනවා). ආය අම්මා,පපා.. ( අපි අපේ තාත්තට කියන්නේ පප්පා කියලා. ඒ නම එයාලගේ පරම්පරාවෙන් එන එකක්. ඉතින් අපිත් පපා කියන්නේ ). ඉතින් අපේ පපා එක්ක ඇඳුම් ගන්න ගියාම අපිට හිතට අල්ලන එකක් කොහොමත් ගන්න බෑ. එයා කියන එකම තමා ගන්න ඕනේ.. අපේ පපා කියන විදියට 'මනුස්සයෙක් ඇඳුමක් ගද්දී බලන්න ඕනේ පිළිවෙලකට, ලස්සනට,වැදගත් විදියට තැනකට ඇදන් යන්න පුළුවන් වෙන විදියේ එකක් ' කියලා.එතකොට තමා මිනිස්සු හොද ඇහැකින් බලන්නේ. නැත්නම් මිනිස්සු එයා දිහා බලන්නේ රස්තියාදු කාරයෙක් දිහා  බලන විදියට. එතකොට උන් කියන්නේ ' බලාපල්ලකෝ මහ මිනිහා ඉන්නවා රෙස්පෙක්ට් එකට.ඒකට ළමයි ඉන්න විදිය..' එහෙම තමා අපේ පපා කියන්නේ.ඉතින් අපේ පපා කැමති නෑ කාගෙන්වත් ඒ වගේ දෙයක් අපිට අහන්න වෙනවට.. ඉතින් අවුරුදු 20 ක්ම මගෙයි, මල්ලිගෙයි කොන්ඩේ කැපුවේත්, අපිට ඇඳුම් තෝරලා දුන්නෙත් එයා තමා.

Friday, August 24, 2012

ඇයි මේ පිරිමි වුණාම සරමක් අදින්නම ඕනේ කියන්නේ..?


මේ ළගදි දවසක මහා රෑ (වැඩි දවසක් නෑ.පෙරේදා රෑ) මගේ ගෑණු ළමයා එක්ක කෝල් එකක් අරන් කතා කර හිටියා ටික දවසකට පස්සේ. (එක්සෑම් නිසා කතා කරේ නෑ නොවැ) කෝල් එකක් ගත්තාට මොකෝ කතාකරන්න කිසි දෙයක් නෑ. මැසේජ් කරන්නවත් දෙයක් නෑ කෑවද,බිව්වද අහනවා ඇරෙන්න.. දවසට යන මැසේජ් වලින් හුගක්කම යන්නේ,

"ඔයා කියන්න.."

"මට කියන්න දෙයක් නෑ හලෝ.."

"මතක් කරලා කියන්නකෝ මොනවාහරි.."

"ඒත් මතක් වෙන්නෑ අෆ්ෆා.."

"හ්ම්ම්.." / "k.k".

ඔය ටික තමා දවසේ දෙන්නගෙන්ම එහාට මෙහාට මාරු වේවි යන්නේ.ඇයි අවුරුදු දෙක හමාරක් තිස්සේ කියවලා කියවලා දැන් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ.ඉතින් කලින් දවසේ රෑ කතා කතා කරන්න ගත්තාට කිසි දෙයක් නෑ කියවන්න. ඔහොම ඉතින් අනම් මනම් ටිකක් කතාකර කර ඉද්දි මං ඇහුවා..

Thursday, August 23, 2012

තාත්තේ.. මට හීනෙන් පෙනුනා



විමල් කියන්නේ කසාද බැදලා අවුරුදු 4ක විතර පොඩි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. එක දවසක් රෑ විමල්ට ඇහුනා පුතා කෑගහනවා බය වෙලා වගේ.විමල් ගියා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.යද්දී පොඩි එකා ඇදේ ඉන්නවා දැක්කා නිකන් ලොකු දෙයකට බය වෙලා වගේ.ඉතින් පොඩි එකාගේ ළගට ගිය විමල්.,

"පුතේ.. මොකද මේ බය වෙලා වගේ ඉන්නේ? මොනවට හරි බය වුනාද..?"

"තාත්තේ.. මට හීනෙන් පෙනුනා අපේ කුසුම් නැන්දා හෙට මැරෙනවා.. ඒ මැරිලා ඉන්න විදිය දැක්කාම මට බය හිතුනා.."

"එහෙම වෙන්නේ කොහොමද පුතේ.. දැන් හවස එය මට හම්බවුනා. කිසිම ලෙඩක් එහෙම තියෙන පාටක් මං දැක්කේ නෑ.. පුතා බය වෙන්නැතුව නිදා ගන්න."

Tuesday, August 21, 2012

දකින්න තිබුනේ මගේ කලිසමට වෙලා තියෙන දේ..




ඇමෙරිකාවේ නිව්යෝර්ක් වලට යන්න ගුවන් යානයක් ලංකාවේ කටුනායක ගුවන්තොටුපලේ සූදානමින් තිබුණා. ඉතින් ගුවන් යානය පිටත් වෙන්න අවශ්‍ය කරන සියලුම කාරනා ඉවර උනාට පස්සේ ගුවන් යානයේ  ප්‍රධාන නියමුවා නියමු කුටියේ ඉදලා යානයේ ඉන්න මගීන්ව ඇමතුවා..

" සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි, මහත්වරුණි.. මං මේ යානයේ ප්‍රධාන ගුවන් නියමුවා කතාකරන්නේ. සාදරයෙන් පිලිගන්නවා ඔබලාව කටුනායක ඉදලා නිව්යෝර්ක් යන ගුවන් යානයට.. මේ වෙලාවේ කාලගුණයත් ඉතාමත් යහපත්.. අපි බලාපොරොත්තු වෙනවා කිසිම කරදරයක් නැතුව ගමනාන්තය කරා යන්න.. ඉතින් දැන් ඔබලා ආසනයේ තියෙන ආරක්ෂක පටි පැළදගෙන හිත සැහැල්ලු කරගෙන ගමනට ලැස්ති වෙන්න.. බුදු අම්මෝ!!!"

Saturday, August 18, 2012

මං කොපිකැට් කෙනෙක් නොවෙමි...


මං මේක ලියන්නේ කලින් පොස්ට් එකේ තිබුණු කමෙන්ට් එකකට උත්තරයක් විදියට.අද තමා දවස් 3කට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ඒ එද්දී දැක්ක මං මං අන්තිමට පබ්ලිෂ් කරපු පොස්ට් එකට ඇනෝ කෙනෙක් ලියලා තිබුනා මං කොපිකැට් කෙනෙක් කියලා. ඒක දැක්කම මට නිකන් අවුල් වගේ.මොකද මං  දැනුවත්ව ඒ වගේ දෙයක් නොකර ඒ වගේ කතාවක් අහන්න මං කැමති නෑ.මේ තියෙන්නේ කමෙන්ට් එක.

AnonymousAugust 16, 2012 1:23 PM
හයියෝ ලොක්ක මේ කතාව බ්ලොග් සයිට් කීයක මීට කලින් පලවෙලා තියනවද. මේක අවුරුදු ගානක් පරණ මිලිටරි ජෝක් එකක්. ඔය කතාව ඇතිවෙන්නේ ජෙනරාල් කෙනෙක් සහ සෙබළියක් අතර. මොනවද ලොක්ක ලියනවකෝ අලුත් දෙයක් නිකම් කොපිකැට්‌ කෙනෙක් වෙන්නේ නැතුව.

Thursday, August 16, 2012

සර්.. සර්ගේ බැරක්කයේ දොර ඇරිලා!!



විකී කියන්නේ මැදි වයසේ ඉන්න ලොකු ආයතනයක කළමනාකරුවෙක්.මෙයා ගාව හිටිය සෙකට්‍රි අස්වෙලා ගිය හින්දා විකී තීරණය කරා අළුතෙන් සෙකට්‍රි කෙනෙක්ව ගන්න. ඉතින් ඉන්ටවිව් එකක් තියලා  ඒ පෝස්ට් එකට කෙනෙක්ව තෝරගන්න පත්තරේ ඇඩ් දැම්මා.එහෙම කරලා ඉන්ටව්ව් කරන දවසේ ඇවිත් හිටියා ලස්සන කෙල්ලක්.කෙල්ලගේ නම 'චාම්'. නම වගේම තමා කෙල්ලත්.අදින පළදින විදිය,ආචාරසම්පන්න භාවය, අධයාපන මට්ටම එහෙම හොදටම හොදයි.ඉතින් විකී දෙපාරක් හිතන් නැතිව චාම්ව තමන්ගේ සෙකට්‍රි විදියට තෝරාගත්තා.

චාම් ඉතින් ඔහොම වැඩ කරනන පටන්ගෙන ටික කාලයක් ගියා. දවසක් ෆයිල් එකක තිබුණු නොපැහැදිලි තැනක් අහගන්න විකී ඉන්න තැනට යද්දී චාම් දැක්කා විකිගේ කලිසමේ සිපර් එක ඇරිලා තියෙනවා.ඉතින් චාම්ට ඒක කියාගන්න බෑ. ඇයි ලැජ්ජා බයට හැදුණු කෙල්ලනේ.ඉතින් ඒ ගැන නොකියා ෆයිල් එකේ වැඩේ ඉවර කරගෙන ආපහු හැරිලා යද්දී චාම්ට හිතුනා මේක විකිට කියන්න.තවත් කව්රුහරි දැක්කොත් සර්ට හරි නෑනේ කියලා.ඉතින් චාම් විකිගේ කාමරෙන් එළියට යන්න කලින් විකී දිහාට හැරිලා ආචාරශීලීව කිව්වා..

Wednesday, August 15, 2012

ගෑණු ගැන පිරිමි කියන කතා




ඔන්න තියෙනවා ගෑණු ගැන පිරිමි කියන කතා ටිකක්..


 මිනිසා ආයුධ හොයාගෙන සතුන් දඩයම් කරන්න පටන් ගත්තා.. ගැහැණිය දඩයම් කළ සතුන්ගේ සමෙන් ඇදුම් මහලා ඒවා අදින්න පටන් ගත්තා..

 මිනිසා වර්ණ සොයාගත්තා.. ගැහැණිය ඒවායින් රූපලාවන්යය ආලේපන හදලා මේකප් කරන්න පටන් ගත්තා..

 මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශ්‍රේෂ්ඨ වූ සංගීතය සොයාගත්තා..  ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන් ගත්තා..