Friday, October 26, 2012
ගණන් ඉස්සු බඩු..
බවලත් උදවිය නාන අවසථාවක් ම බලා නා ගැනීම සදහා ළිදට යාමට මා පුරුදුව ඇත්තේ ස්වභාධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කලා රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ.වැඩියෙන්ම ඔවුන්ගේ කතාබහට කන්දීමෙන් ලද ඉමහත් ආස්වාදය නිසාය.
රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොදින් වටහා ගැනිමෙන් දෝ ඕනෑවටත් වඩා ඉහළින් දියරෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියන් සමග අංග චලනයට මුල් තැන දෙවා කතා කරනා කතා බහ එතරම් වැදගත් නොවේ.එහෙත් අද ඔවුන් කවුතුකාගාරයට යැවීම පිණිස ලොරියක් එන තෙක් රැස් කර තබා ඇති ගල් රූප මෙන් ලංවී නොසැලී උනන්දුවෙන් කරන කතාබහ නම් වැදගත් විය යුතු බව ඈත දීම මට වැටහුණි.මම පඳුරු අස්සේ පහත් වී හෙමින් හෙමින් ළිඳ ළඟට ඇදී සැඟවී සිට කන් දුන්නෙමි.හත් දෙනෙකුගෙන් සමන්විත වූ බවලත් පිරිසේ කතාබහ මෙසේ විය.
"බලන්න හනේ.. රටේ හැම බඩුවක්ම ගණන් යනවා."
"ඒක නේන්නං අනේ.. එකට දෙක තුන හතර ගණන් ගිහිල්ලා.."
"බඩු කියන දේවල් වලින් තවම ගණන් ගිහිල්ලා නැත්තේ අනේ අපි විතරයි.."
"උන්ගේ ගණන් වලට අපි අහු වෙනවා හනේ.."
"අපි උන් ගණන් ගන්නවා වැඩියි අනේ.."
"මං කියන්නම් අනේ..!!"
"වට් අනේ..?"
"මං කියන එක ඔයාලා කරනවද..?"
"ටෙල් කෝ අනේ.."
"අපි ගණන් උස්සමු..!!"
"ඔව් අනේ.. අපි ගණන් උස්සමු..!!"
"පිරිමි තුට්ටුවකටවත් ගණන් නොගෙන, උන්ගේ දිහා බලන්නේ නැතුව, උන් කියන දේ අහන්නෙවත් නැතුව, උන් දෙන දේවල් ගන්නෙවත් නැතුව අපි ගණන් පිට ඉමු.එතකොට අනේ අපේ උන් අපේ ගාවට දණ ගාගෙන, බඩ ගාගෙන, හතරට නැමි නැමී, වැඳ වැඳ එයි.."
"ගුඩ් අනේ.."
"දැන් අනේ අරයා නාන්න එන වෙලාව.වෙනදා වගේ එයා දිහා හොරෙන් බලන්නයි, හිනාවෙන්නයි, කතා කරන්නයි, අපේ ලවා පිට අතුල්ල ගන්නයි, සරම හෝද ගන්නයි දඟලයි.අහුවෙන්න එපා.."
"චී අනේ..! අපි එහෙම අහුවෙන්නේ නෑ.."
"එයා ගෑණුන්ට හරිම ආසයි.මං හිතන්නේ ලෝකෙන් එයාට හොදම, වටිනාම, ලස්සන දේවල් තමා අපි! එයාට අපිත් එක්ක නෑවත් සැපයි! ඒකනේ අපි ඉන්න වෙලාවටම එයා නාන්න එන්නේ.."
"මෙලාහට අනේ එයා ඇවිල්ලා හැංගිලා ඉන්නවද දන්නෙත් නෑ.."
"ඔයාට පිස්සු! එයා ඈත ඉදන්ම ඔළුව උස්සගෙනයි එන්නේ අපි ඉන්නවද කියලා බලාගෙන.. තව කොහෙද!"
"වංගුවෙන් එනකොට පේනවා.එතකොට අපි ලෑස්ති වෙමු. මං නම් නාලත් ඉවරයි.."
"මාත් එහෙම තමා.ඒ වුනාට එයා එනකම්ම නාමු.."
හඹුහොරුව යට සිට සේනකාදී පණ්ඩිතයින් සිව් දෙනාගේ රහස් අසා ගත් මහෝෂධයන් මෙන් වැටකෙයියා පඳුරු අස්සේ සිට සියල්ලට කන් දුන් මම නැමි සිටි අයුරින්ම පස්සෙන් පස්සට ගොස්, වංගුව පසුකර නැගිට ගෙන, කිසිත් නොදත්තෙකු සේ යලිත් ළිඳ දෙසට පා නැගුවෙමි.කාන්තාවෝ මහෝෂධ පණ්ඩිතයෝ දැන් එති දැන් එති යි කොක් කරක් සේ දික්වූ කර ඇතිව උන් කේවට්ටයන් මෙන් මඟ බලා සිටියෝය.මා දුටු සැනින් අනික් පැත්තට හැරි වතුර අදින්නටත්, සබන් ගාන්නටත්, කුණු අතුල්ලන්නටත් වූහ.
මම ළිඳට ලංවීමි.ඇඳුම් මාරු කලෙමි.ඔවුන් සිටිනු බවක් වත් නොදුටු ලෙස වැටකේ පඳුර දෙසට පියාසර කරමින් උන් සමනළයන් දෙස නෙත් හෙලා,
"ආ.. කොච්චර ලස්සන සමනළයෝද! මනුස්සයොත් මෙහෙම ලස්සනට ඉන්නවනම් කොච්චර හොඳ ද..!" කියා වල් කපමින් උන් පොඩි කොල්ලෙකු හා කතාවට වැටුනෙමි.කාන්තාවෝ කෙස් රොදවල් මෑත් කර මුහුණු පෙන්වන්නට සැලැස්වූහ.
"ආන් බලනවා අයිසේ අර දේදුන්නේ ලස්සන..!" මම අහසට ඇඟිල්ල දික් කලෙමි.
"ඔය වගේ පාට අපිට තියෙනවානම්..!" කාන්තාවෝ වඩාත් උස් ගල් උඩ කකුල් තබා වඩාත් නිදහස්ව කකුල්වල කුණු අතුල්ලන්නට වූහ.
"අයිසේ.. අර බලනවා අර කදු ගැට වල ලස්සන.." මම ඈතට අත් දික් කලෙමි. කාන්තාවෝ දිය රෙදි වඩාත් බුරුල් කරගෙන ඔවුනොවුන්ගේ පිට අතුල්ලන්නට වූහ.එහෙත් මේ පුතා නොවේ ඒ දෙස හැරිවත් බැලුවේ!
"මහත්තයාට මේ මල කඩලා දෙන්නද..?" කොල්ලා ඇසුවේය.
"ඔව් අයිසේ.. මං වැටකෙයියා මල් වලට මම හරි ආසයි.. බලනවකො සුවඳ විතරක්..! අපේ ඇඟවල් වලත් මෙහෙම සුවඳ තියෙනවනම්..!" මම වැටකේ මලක් ගෙන ඉඹින්නට වූයෙමි.
වැඩි වැඩියෙන් සබන් ගා ගත් කාන්තාවෝ වෙනත් වුවමනාවක යෙදෙන්නාක් මෙන් මා ළඟින්ම එහෙ මෙහෙ යන්නට වූහ.
"අයිසේ ඔය මොන කුරුල්ලන්ගේ සද්දේද..?"
"මහත්තයා.. ඒ බට්ටිච්චෝ.."
"ඇත්තටම හරිම ලස්සන කට හඬක් නේද උන්ට තියෙන්නේ! හරියට සංගීත භාණ්ඩේක හඬක් වගේනේ.මිනිස්සුන්ටත් ඔය වගේ ලස්සන කට හඬක් තියෙනවනම්..!"
කාන්තාවෝ ඔවුනොවුන් කිති කවා ගනිමින් කිචිබිචි ගා සිනා හඬ නංවා, මවාගත් සුරතල් හඬින් කතාබස් කරන්නට වූහ.එහෙත් එය ඇසුණු බවක් වත් දැක්වූයේ මේ පුතා නොවේ.
"ඇයි මහත්තයා නා ගන්නේ නැද්ද..?" කොල්ලා ඇසුවේ මා ඇඳුම් අතට ගනු දැකය.
"නෑ අයිසේ.. මෙතන හරි නෑ. ඉඩක් නෑ. මං යනවා කුඹුකේ ළිඳට.. මීට පස්සේ මගේ හිතේ මෙහාට නෑවිත් එහාට යන්නයි.." කියා මම හැරුනෙමි.
"අපි නාලා ඉවරයි..! දැන් නාගන්න..!" එකියක් කීවාය.
"ඒ වුනාට ළිඳ ළග තවම ඉඩ නෑනේ.." මම බොරු කනස්සලු ගතියක් පෙන්වීමි.
"අපි දැන් යනවා.." තව සුන්දරියක් කීවාය.
"මෙතන කව්රුවත් නැතිව තනියෙන් නාන්න බෑ.." මම යටි තොල පෙරලිමි.
"ඔච්චරම තනි නම් අපි ඉන්නම්.."
"කව්රුවත් නිකං බලං ඉන්නකොට මට නාන්න බෑ.."
"එහෙනම් අපි තව නාන්නම්..! කොච්චර නෑවත් ඇඟට අල්ලන එකක්යැ.." කාන්තාවෝ යලි බාල්දි අතට ගත්හ.
"මගේ මේස් බැනියමත් හෝදගන්න තියෙනවා.."
"අප්පේ..! ඒකත් වැඩක්ද..! මං හෝදලා දෙන්නම්.. නෑනලා මස්සිනාලගේ වැඩ කරලා දුන්නාම මොකෝ.." එක පින්වන්තියක් ඉදිරිපත් වූවාය.
"මගේ පිට අතුල්ල ගන්නත් ඕනේ.. මෙතන ගහක් වත් නෑ..!"
"මොකෝ.. වෙනදත් පිට උලා ගත්තේ ගහෙන්ද..? ඔන්න ඔහොම නැවෙන්න.." කියා තව සුන්දරියක් මට කිට්ටු වූවාය.
"රිදෙනවනම් කියන්න..!"
"කාටද.? පොලිසියටද..?"
"නෑ.. නැන්දම්මට..!"
"ඒ කියන්නේ ඔයාගේ අම්මාටද..?"
"හරි නරකයි..!" කියා ඈ මගේ පිට කෙනිත්තුවාය.
"ඌයි..!! ඔන්න මං වෙන ළිඳකට යනවා..!"
"අනේ එපා..!!"
ගණන් ඉස්සිමෙන් විනාඩි දහයක් ගතවන්නට පෙර ඔවුන්ගේ ගණන් බස්සවා, පෙර තිබුනාටත් වඩා පහළ බැස්සීමට සමත් වූ මා, කවදාහරි ලංකාවේ මුදල් ඇමති කමට සුදුසු නැද්ද කියා ටිකක් කල්පනා කර බලන්න..
උපුටා ගැනීම : නරලොව හොල්මන් - චන්ද්‍ර අනගිරත්න.
කලින් ලියු නරලොව හොල්මන් කතා :
1. ප්‍රේම පුරාණය..
ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමයනමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහයනමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.. තව කියවන්න..
2. මංගල සභාවෙන් අවසරයි..
"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ. එක අතකින් බලපුවාම ඇක්සිඩන්ට් එකකින් වෙන තුවාල හොද කරගන්න පුළුවන්. ඒත් මං අවධාරනයෙන් කියන්න කැමතියි මේ විවාහයෙන් ඇතිවෙන තුවාලයනම් කිසිදාක හොද වෙන්නේ නෑ. විවාහය කියන එක මහා වාතයක්!! " තව කියවන්න..
3. මහා කසිප්පු සමුළුව..
"සුදිය, දෙහි සුදිය, ඩඩ්ලිගේ සුදිය, සිමෙන්ති සුදිය, කිමෝනා සුදිය, මිනී සුදිය, එම්බාම් සුදිය, ස්ප්රීතාල සුදිය,ටොප් සහ ටොප්, බ්‍රහ්මන ටොප්, තාපසයා, හිටපන් මචං, ගහපන් මචං, අපි යන් මචං, අවරෝජන්, සුක්කුතන්නි, සීනි කරින්ඡන්, අලහොද්ද, දිය රෙද්ද, සුදා, බිම්නයි, කාබයිට්, ගල්බමුණා, ගුණ්ඩුව, හරිසූර්, මිකාඩෝ, ගල් බඩු, පොත්ගුල, කැල්ටකස්, අබ්බගාතයා, අතකොටා, අමරඟනන්, එක දෙක, හබරලකොළ, රත්නපුරා, කොකාකෝලා, පිච්චුවා, උපකෘත සුදිය, බකස්, වදකහ සුදිය, අලුත් ශතේ හා ශත හවුල.." තව කියවන්න..
4. ආවොත් විදිනවාමයි..
මා හදුනාගැනීම ඔබට එතරම් අපහසුවක් නොවේ. නයිලෝන් කමිසයත්, බම්බු හැඩයෙන් යුත් විනිලෝන් දිගු කලිසමත්, පොලව හැරීමට තරම් උල්ව ඇති යැංකි සපත්තු කුට්ටමත්, දකුණු අතේ වැලමිටට ලංව බැද ඇති ඔරලෝසුවත්, ගිනිපෙට්ටි හිදයද නොතකා කළුපාට වී ඇති හීන් උඩු රැවුලත්, පොල්තෙල් සහ වතුර මිශ්‍රණයෙන් ගොඩනංවා ඇති කොන්දේ බම්ප් එකත් නිසා මා රක්ෂාවක් නැති රස්තියාදුකාර පරපුරට අයත් මදවිකාරයෙකු බව බැලු බැල්මටම ඔබට වටහාගත හැක.. තව කියවන්න..
5. වැසිකිලි කුරුටු ලිපි..
"ඇත්ත.. නමුත් වැසිකිලියකදී ඇති වන්නේ පිළිකුල් ගතියක්. එය ප්‍රියංකර ස්ථානයක් නොවේ. එහෙම තිබියදීත් අපේ නවීන රසිකයා එක එල්ලේ ම ශෘංගාරය මවන හැටි පුදුම නැද්ද..? ඔවුන්ගේ රූප විවෘත උඩුකයට පමණක් සීමා වෙලා නෑ. ඔවුන්ගේ අකුරු සීගිරි ගලේ මෙන් කුඩා නොපැහැදිලි ඒවා නෙවෙයි.පොල්ගෙඩි ප්‍රමාණයේ ඒවා.." තව කියවන්න..
6. මරණ දැන්වීම..
"ඕක තමා මහත්තයෝ හැබෑ ප්‍රශ්නේ.. ළමයි එකොළහක් ඉන්නවා. හැබැයි මේ මිනිහාගේ කියලා කියන්න බෑ ඔක්කොම.. ඔය බාල එවුන් ටික ගැන මේ මිනිහා හැමදාම රණ්ඩු කළා.." තව කියවන්න..
වර්ගීකරණය
නරලොව හොල්මන්..
Subscribe to:
Post Comments (Atom)
හේ හේ ...
ReplyDeleteනරලොව හොල්ම// චන්ද්‍ර අනගිරත්නයන් පත්තරේට ලියපු ලිපි එකතු කරලා පොතක් ගැහුව ගජබින්නාලංකාරය කියලා.. මගේ ගාව තිබුනා. ආපහු හොයල බලන්න ඕනෙ.
එළ නේ එයාගේ කතා?
Deleteආපහු හොයාගෙන කියවන්න.කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ. :)
පස්ටයි අහ්හ්...
ReplyDelete:ඩී
එළ..!
Delete:ඩී :ඩී
නියමයි අනේ :D :D
ReplyDeleteමාර ගණන් ඉස්සිල්ල...:p
ReplyDelete//ගණන් ඉස්සිමෙන් විනාඩි දහයක් ගතවන්නට පෙර ඔවුන්ගේ ගණන් බස්සවා, පෙර තිබුනාටත් වඩා පහළ බැස්සීමට සමත් වූ මා, කවදාහරි ලංකාවේ මුදල් ඇමති කමට සුදුසු නැද්ද කියා ටිකක් කල්පනා කර බලන්න..//
පිරිමින්ගේ මායම්....අපිනම් ඕවට කියන්නෙ එහෙමයි....:D
ඉස්සුවාටත් පාඩුයි නේ? :p
Deleteපැහැදිලි ඉරිසියාවට කියපු කතාවක් ඒකනම්..
පට්ට කතාව බං. හැබැයි මම ඕක ලිවිවනං අවසන් කරන්නෙ ගෑණු කස්ටිය 'මම' බෙදාගන්න කරන භයානක රණ්ඩුවකින්.
ReplyDeleteඒ අදහසත් එළ..! මං පොතේ තිබුණු එක එහෙමම දැම්මා :)
Deleteගණන් උස්සන්න කලින් රෙද්ද ඉස්සිලා වගේ !
ReplyDeleteචී හනේ.. බලන්නකෝ මේ සෑම් අයියා කියන කතා.. :)
Deleteපට්ට කතාව බචෝ
ReplyDeleteඑළ.. :)
Deleteකොහොමද වැඩ?? එල කතාව!! මොකක්ද මචන් ඕකට කියන්නේ ? ඉල්ලුම සැපයුම ද..:D
ReplyDeleteමං දන්නේ නෑ මචං! හැබයි ඔය දෙකනම් නෙවෙයි..
Deleteආ පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා නේද..
ReplyDeleteමෑ ළඟින්ම= මා ලඟින් ම
පානදුර දෙසට= පඳුර
මටත් ඔහොම වෙනවා අනන්තවත්.
තැන්ක්ස් යාළුවා. හදාගත්තා ඒ ටික. :)
Deleteහි :) හි :) හි :)
ReplyDeleteඉශාන් අයියා මුදල් ඇමති වෙන්නද හිතන් ඉන්නේ... :O
හ්ම්ම්ම්ම්... ඒකත් නරකම නෑ.. :P
නෑ.. මං හිතං ඉන්නේ ජනාධිපති වෙන්න.. එතකොට හැමදෙයක්ම කවර් කරතහැකි.. :)
Deleteමතකය අළුත්කලාට බොහොම ස්තුතියි.
ReplyDeleteස්තූතියි ඔබටත්..
Deleteඅනුන් ලියූ කතා යලි උපුටා දක්වන එක අනුමත කල නොහැක. මේ කතා වල පී ඩී එෆ් ඇත. ඒවායේ පහනින් තමා එලිය බැලීම තමන්ගේ ලිවීම් හැකියාව මොට බවට නිදසුනකි.
ReplyDelete"අනුන් ලියූ කතා යලි උපුටා දක්වන එක අනුමත කල නොහැක." - එකඟ වෙමි.
Deleteමේ කතා පී ඩී එෆ් තිබෙන බව මම මුලින්ම නරලොව හොල්මන් කතාවක් ලියන අවස්ථාවේදී දන්වා සිටියා.මේ කතා ආපහු දැම්මේ ඒ කතා නොකියවපු අයට කියවන්න.නරලොව හොල්මන් වලට ලැබී ඇති ප්‍රතිචාර දුටුවානම් ඔබ දකීවි සමහර අයට ඒ කතා මුලින්ම කියවන්න ලැබුනේ මගේ බ්ලොග් එක හරහා කියන එක.නරලොව හොල්මන් කියවපු හුඟක් අය කැමති වුනා ඒ කතා කියවන්න.කලින් ඒ කතා කියවලා තිබුණු අය පවා.මා කරන්නේ චන්ද්‍ර අනගිරත්නයන් ලියු කෘති වලට තවත් පාඨක පිරිසක් බිහි කිරීම මිසක් මට ඒ හරහා ජනප්‍රියත්වයක් ලබා ගැනීම නොවේ.
බ්ලොග් එකේ මෙතෙක් ලියා ඇති මුළු පෝස්ට් 63න් නරලොව හොල්මන් කතා ඇත්තේ 7කි.හිට් අතරේ 3ක් ඇත.එයින් එකක් මගේ අදහස් සමග ලියන ලද්දකි.(වැසිකිලි කුරුටු ලිපි)මා උපුටා ගැනීම් වලින්ම ගොඩ ගියානම් කතා 7ම හිට් විය යුතුය.නමුත් එසේ වී නොමැත.එම නිසා ඔබ කිව් අවසන් කාරණයට එකග වෙන්නට බැරිය.ලිපි වර්ගීකරණය දැක්කානම් ඔබ දකීවි මාත් මගේ අත්දැකීම්,අදහස් ලියලා තියෙනවා කියන එක.
අදහස් වලට ස්තුතියි වගේම ගරු කරනවා.වැඩිහිටියෙක් ඇවිත් මේ දේ කියලා ගියා වගේ හිතෙන්නේ.
මෙව්වට තමයි පට්ට ක්‍රියේටිව් සුපිරි අයිඩියා කියන්නේ, වචනයක්වත් මිස් කරන්න හිතෙන්නේ නෑ, කවුරු උනත් ලියපු කෙනා සුපිරිම සුපිරි කෙනෙක්
ReplyDeleteඕ.. ඒ කතා වල තියෙන්නේ අමුතු ගතියක්.
Deleteපිස්සු කොර ඕයි !!!!! මරුම කථා සෙට් එක !
ReplyDeleteඒකනේ කියවන්න දෙන්නේ.. :)
Deleteහිනා කාලා මැරෙනවා බන් උඹ නියමෙට ලියනවා මේවා.
ReplyDeleteමං නෙවෙයි ලිව්වේ.. චන්ද්‍ර අනාගිරත්න
Deleteසුපිරි පොත බං! මමත් කියෙව්වා!
ReplyDeleteඑළ!
Deleteකියල වැඩක් නැහැ මචං උපරිමයි අනගිරත්නමහත්තයාගේ තව ලිපි දාපන්
ReplyDelete