Friday, August 24, 2012
ඇයි මේ පිරිමි වුණාම සරමක් අදින්නම ඕනේ කියන්නේ..?
මේ ළගදි දවසක මහා රෑ (වැඩි දවසක් නෑ.පෙරේදා රෑ) මගේ ගෑණු ළමයා එක්ක කෝල් එකක් අරන් කතා කර හිටියා ටික දවසකට පස්සේ. (එක්සෑම් නිසා කතා කරේ නෑ නොවැ) කෝල් එකක් ගත්තාට මොකෝ කතාකරන්න කිසි දෙයක් නෑ. මැසේජ් කරන්නවත් දෙයක් නෑ කෑවද,බිව්වද අහනවා ඇරෙන්න.. දවසට යන මැසේජ් වලින් හුගක්කම යන්නේ,
"ඔයා කියන්න.."
"මට කියන්න දෙයක් නෑ හලෝ.."
"මතක් කරලා කියන්නකෝ මොනවාහරි.."
"ඒත් මතක් වෙන්නෑ අෆ්ෆා.."
"හ්ම්ම්.." / "k.k".
ඔය ටික තමා දවසේ දෙන්නගෙන්ම එහාට මෙහාට මාරු වේවි යන්නේ.ඇයි අවුරුදු දෙක හමාරක් තිස්සේ කියවලා කියවලා දැන් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ වගේ.ඉතින් කලින් දවසේ රෑ කතා කතා කරන්න ගත්තාට කිසි දෙයක් නෑ කියවන්න. ඔහොම ඉතින් අනම් මනම් ටිකක් කතාකර කර ඉද්දි මං ඇහුවා..
"මේ..''
"ම්ම්.."
"ඔයා අපි දෙන්නාගේ කසාදේ ගැන හිතලද තියෙන්නේ..? කොහොමද ඒක වෙන්න ඕනේ කියලා එහෙම..?"
"ඒක ගැන තාම හිතුවේ නෑ අනේ.."
"ඇයි ඒ..?"
"තාම කල් තියෙනවනේ.. හැබැයි මං කසාදෙන් පස්සේ වෙන්න ඕනේ දේවල් ගැනනම් හිතුවා.."
"හි හි හි.. මොනවද අප්පා ඒ..? කියන්නටකෝ බලන්න එහෙනම්.."
"මට ආදරේ වෙන්න ඕනේ මේ හිටියා වගේම.."
"ඒක කොහොමත් එහෙමනේ.. ඒ ගැන බයක් තියාගන්න එපා.. හරිය.."
"හ්ම්.. ආය කසාද බැන්දට පස්සේ ඔයා වැඩට ගිහින් හරි කොහේ හරි ගිහින් එද්දී හරි හවසට එනකොට මට බූන්දී හරි වෙන පැණි රස කෑමක් හරි ගෙනත් දෙන්න ඕනේ."
" ඒ මොකෝ ඒ?"
"කන්නනේ අනේ.. බූන්දී ගේනවානම් තමා හොද. මං ආසයි ඒවාට..හැබැයි ඒක වයසට ගියත් වෙන්න ඕනේ. හරිද..?"
"හා හා.. ආය මොනවද..?"
"උදෙන්ම ඔයා නැගිටින්ට ඕනේ.ඔය දැන් නිදාගන්නවා වගේ බෑ හරිද.. නැගිටලා මිදුල අතුගාලා ඇවිත් මට උදවු කරන්න ඕනේ.."
"උදේට නැගිටින වෙලාව ඒ කාලේ බලමුකෝ.. මේ.. අපිට නැගිටින්න පුළුවන් වෙයිද ඔය කියනවා වගේ උදෙන්ම..?"
"කටවහනවා.. මං දන්නවා හිතපු දේ.. පණ්ඩිතයා.."
"හිකිස්.."
"තව මට බනින්න බෑ.. ගහන්න බෑ.."
"ඇයි ඒ..? ගහන්නේ නම් නෑ. ඒත් වැරද්දක් කරාම බනින්නවත් බැරිද මට..මං ඔයාට බනින්නේ ඔයා මොකක් හරි වැරද්දක් කරාම විතරයි කියලා ඔයා දන්නවනේ."
"ඕ.. ඒ වුනාට බැන්දට පස්සේ මං ඔයා ළගනේ.ඒ හින්දා මං වැරදි කරන්නෑ.."
"බලමුකෝ.. ඔන්න මං දැන්ම කිව්වා ඔය බනින කේස් එකනම් නැති වෙයිද කියන්න මං දන්නෑ.. ආය මොනවද හිතලා තියෙන්නේ..?"
"හ්ම්ම්.. ආය ඔයා ළමයි බලන්න ඕනේ, කවන්න ඕනේ එයාලට, නිදි කරවන්න ඕනේ. ඒ මං වැඩක නම් විතරයි. හැබැයි මං වැඩක නෙවෙයිනම් ඔයා උදවු කරන්න ඕනේ පැත්තකට වෙලා ඉන්නැනතුව.."
"හා හා.. ආය..?"
"මං හදන කෑම වල ලුණු වැඩියි,අඩුයි කියලා කියවන්න බෑ.. ආය හදලා දෙන තේ එක නිවිලා තිබුනොත් ඒකටත් බනින්න බෑ.."
"ඒ කියන්නේ මට නිවිච්ච තේ, ලුණු වැඩි කෑම හැමදාම හම්බ වෙනවා කියන එකද..?"
"නෑ නෑ.. එහෙම වෙන්නේ නෑ.. ඒත් ඉදලා හිටලාවත් වුනොත් කියලා කිව්වේ.."
"හරි හරි.. තව තියෙනවද.."
"ඕ.. අපි කොහේ හරි නෑදෑ ගෙදරක ගිහින් එදාට එන්නේ නැත්නම් ඔයා වෙන කොහෙවත් නිදාගන්නැතුව මගේ ළග නිදාගන්න ඕනේ.. යද්දී එයාලට තෑගී අරන් යන්න ඕනේ. මට බෑ හිස් අතින් යන්න.."
"හා හා.. තව.."
"ම්ම්ම්.... ආය මතක් වෙන්නේ නෑ අනේ.. ඔයා මොනවද හිතලා තියෙන්නේ.."
"මං නම් වැඩිය හිතලා නෑ. හැබැයි ප්‍රශ්න දෙක,තුනක් තියෙනවා.. පලවෙනි එක තමා, මං ගන්න පඩිය එහෙමම ඔයාගේ අතට ගෙනත් දෙන්න ඕනෙද..?"
"නෑ.. ඒක ඔයාගේ කැමැත්ත. මං ඒකට මොනවත් කියන්නේ නෑ.."
"ඒක හොදයි.. දෙවෙනි එක අපි ළමයි කියක් හදනවද..?"
"ඔයා කියක් ගැනද හිතන් ඉන්නේ.. මං නම් දෙකයි. ඒ ඇති නේ..?"
"එතකොට අපේ ආච්චිගේ රෙකෝඩ් එක කඩන වැඩේට මොකද වෙන්නේ..? (අපේ ආච්චිට ළමයි 11 යි.) වැරදිලාවත් හම්බවෙන ළමයි දෙන්නා එකම වර්ගේ වුනොත්..?"
"ඒක ඒ කාලේ බලමුකෝ පණ්ඩිතයා..ළමයි එක වගේ වුනොත් ආයෙත් ට්‍රයි කරමු නේ..?"
"හා හා..මාත් කැමැත්තෙන්ම උදවු කරන්නම්.. අන්තිම එක.. මට සරම් නම් අදින්න බෑ ඕං.. දැන්ම කිව්වා මං හරිද.."
"ඇයි ඒ.. ඔයා අදින්න ඕනේ. මං නැත්නම් අන්දවනවා. ඔය බැදපු අයට ඇදන් ඉන්න පුලුවන්නම් ඇයි ඔයාට බැරි ඇදන් ඉන්න.ඔයාගේ තාත්තාත් අදිනවනේ.ඉතින් අදින්නම වෙනවා ඔයාට... "
"බෑ.. මට බෑ..ඔයා දන්නවනේ මට සරම අදින්න බෑ කියලා.අනික ශෝටක් ඇදන් හිටියා කියලා අවුලක් වෙන්නේ නෑනේ.ඒවාට අමාරු වෙන එකක් නෑනේ.."
"ඒවා ගැනමයි නේ හිතන්නේ..? එහෙම නෙවෙයි. ඔයා වයසට යන කාලෙකත් කොට කලිසම් ද අදින්න හිතන් ඉන්නේ..? ඒක හරි නෑ හලෝ.. ඒකයි මං කියන්නේ.."
"බලමු බලමු.. මං කොහොමත් අදින එකක් නැති වෙයි සරම.."
ඔහොම ඉතින් තව ටික වෙලාවක් කතාකර ඉදලා පස්සේ නිදාගත්තා.. දැන් හිතයි ඇයි මං මේ වගේ දෙයක් පොස්ට් එකට ලිව්වේ කියලා.මේකයි සීන් එක..අපේ අම්මා, තාත්තා එහෙමත් මට හුගක් සැරයක් කියලා තියෙනවා අඩුම තරමේ රෑටවත් සරමක් අදින්න පුරුදු වෙන්න කියලා.දැන් ගෑණු ළමයත් කියන්න පටන් ගෙන. මේකයි මට තියෙන ප්‍රශ්නේ..
ඇයි මේ පිරිමි වුණාම සරමක් අදින්නම ඕනේ කියන්නේ?
මොකද්ද ඒකෙ තියෙන වෙනස ශෝටක් අදින එකත් එක්ක බලද්දී?සුද්දෝ සරම් අදින්නේ නෑනේ කොච්චර වයසට ගියත්. අහවල් වැඩේ කරගන්න ඒක ලේසියි කියන එක ගැන විතරක් නොහිතා සරම් අදින, ඒ ගැන දන්න අය උත්තරයක් දීලා යන්ට. සමහර අයට මට වගේම මේ ප්‍රශ්නේම ඇතිනේ. මටනම් ඒක ප්‍රශ්නයක්.හැබැයි මට නම් ෂෝට තරම් දෙයක් ආය නැතිය..
Subscribe to:
Post Comments (Atom)
ෂෝට තමා හොඳම... අම්මෝ මං නම් සරම අඳින්නේ නෑ කවුරු කිව්වත්...
ReplyDeleteඒකනේ.. මාත් කිව්වා ඕකම.ඒත් අහන්නෑනේ. :(
Deleteඑලz.. මටත් ෂෝට ඇර, වෙන මොනවත් නම් බෑ...!!!
ReplyDeleteෂෝටට ජය වේවා.. නේ..?
Deleteයකෝ අවුරුදු දෙකහමාරක් කියවලා දැන් කියවන්න දේවල් නැති වෙන්නෙ කොහොමද? එදිනෙදා වෙන දේවල්වත් කතා කරන්නකො.
ReplyDeleteඑදිනෙදා දේවල් කිව්වේ,
DeleteZ-Score අවුල, නැව ගිලිලා තෙල් හින්දා මුහුද විනාශ වෙන එක වගේ ඒවාද..? :)
නෑ හලෝ.. හොයාගන්න ඉන්නේ අලුත් දෙයක් කියවන්න. :)
shota endama thama podi eka wage penawa ethi. sarama endama therenawane lokui den bendala kiyala.. hik..
ReplyDeleteමං කොහොමත් පොඩි එකෙක් වගේ තමා. සරමක් ඇන්දත් පොඩි එකෙක් වගේ ඉදි.. :)
Deleteඅනේ මන්දා..
ReplyDeleteඒ වුනාට සරම් ඇන්දම අමුතු සිරියාවක් එනවා කොල්ලෙක්ට.
එහෙමද!! කවදාහරි ඇන්දොත් බලන්ට ඕනේ ඒක එහෙමද කියලා.. :)
Deleteනෑ යාළුවා සරම අපිට උරුම උනේ අපේ පරිසරය එක්ක. මේ පිළිබද දැනගන්න ඕනෑ නම් කියවන්න එදා හෙළ දිව පොත.
Deleteඅම්මෝ සරම නම් මට හරියන්නෙම නැති සීන් එකක්, ඇවිදින කොට කකුලෙ පැටලෙනව, උදේට හොයන්න ඕනේ. මම ඉස්කෝලෙ බෝඩිමෙ ඉන්න කාලේ සරම ඇන්දා, එහෙ නීතිය තමයි එක්කො පිජාම කලිසම නැත්නම් සරම, නිකමට හිතපන් 6 පොඩි උන් සරම ගහල ඉන්න කොට 10 එකෙක් පිජාම ඇන්දොත්, ඉතින් මමත් අමාරුවෙන් ඇන්දා.
ReplyDeleteඅපෙ ගෙදරත් ඔහොමමයි සීන් එක, අම්මලා ට්‍රයි කෙරුව අන්දන්න, පස්ස්é වයිෆ් ට්‍රයි කර, නෑදෑ ගෙවල් වල ගියාමත් හෙන අවු, කොහෙ මම නෙවෙයි සැලුනේ, උඹ ඇන්දපන් ශොර්ට මචන්.
-ප්‍රසා
මොකද්ද අෆ්ෆා ඒ රූල් ඒක තිබුණු ඉස්කෝලේ? අපේ ඉස්කෝලේ හොස්ටල් එකේනම් එහෙම රූල් එකක් තිබුනේ නෑ.. :)
Deleteඅදින්නෙම ෂෝට තමා.. ප්‍රතිපත්ති වෙනස් කරන්න හොද නෑනේ.. :)
ශෝටට ජය වේවා.. සරම ඉඳල හිටලා උනත් ශෝට නිත්‍ය වේ.. යකෝ මාර දණ්ඩ නීති සංග්රහයනේ..
ReplyDeleteඅහවල් ඒක කලිසම ඇඳන් කොරන්නේ නෑනේ.. ඔය දන්නේ නැතිකමට කියන එව්වා..
ගණන් ගන්න එපා.. දවසින් දෙකෙන් වැඩේ අල්ල ගනීවි.. හික්ස්
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
සරම ඉදල හිටලවත් එපාය. ෂෝට අනිවා මට නිත්‍ය වේ..
Deleteමාත් ඕකම කිව්වා බං..
ෂෝටට ජය වේවා!!
ෂෝටට ජය වේවා!!!
Deleteමේ ඔහේගේ ඒකෙන් මගේ එකට(මං සුදා ) req එකක් මැසේජ් එකක් එක්ක දානොකෝ.. අඳුර ගන්න ආසයි..
මම නම මතක විදිහට අවුරුදු 3,4 කාලේ ඉදන්ම සරම තමයි අඳින්නේ... චූටි සරමක් තිබ්බ ඒකාලේ... (තාමත් තියේ..,මතක සටහන් නොවැ... ;) )
ReplyDeleteමට තියෙන්නේ ෂෝර්ට අඳින්න අකමැතිකම.., කොහේ ගියත් අනිවා සරමක් අඳින්නම ඕන... ඒක පුරුද්දට ගිහින් දැන්.., ගමේ හන්දියට ගියත් මම සරම පිටින් ඔන්න..!
මම දන්නා තරමින් ඉෂාන්ට නම් තියෙන්නේ රෑට සරම ඇඳන් නිදපුවාම උදේට කොල්ල ඇඳ උඩ.., සරම ඇඳ යට seen එකක්... ඉෂාන්ම එහෙම කියුවා වගේ මතකයි සැරයක්!!!
:D
උඹනම් සරම අදිනවා මං දැකලා තියෙනවනේ අපේ ගෙදරදීම.. ඒත් අද දන්නේ ගමේ හන්දියට යන්නේත් සරම ඇදන් කියලා. :) :)
Deleteඑහෙම නෙවෙයිද කොහේදෝ බං මං කිව්වේ, මං කිව්වේ එක පාරක් ගෙදරින් ඇන්දෙව්වා.ඒක ගලවන් වැටුණා විනාඩි 5ක් යන්නත් කලින්. ඒ ගලවන් වැටෙන හින්දා තමා සරම අදින් නැත්තේ කියලා.. මට මතක නම් එහෙම.. :)
ඇන්දාම හරිම පහසුයි නේ....
ReplyDeleteසරමද ? ෂෝටද?
Deletesaram andinna akamathi aya thawa innawa kiyala danagaththama mata maara happy aiyo. Man nam wihiluwata wath andala ne sarom. Gedarin benum ahala thiyanawa ona tharam. Eth ithen akamethi dawal kohoma karannada
ReplyDeleteසිටි සිටි.. තව ඈයෝ ගොඩක් සිටි.. අකැමති දේ කරන්ට එපා.
Deleteමට නම් සරම හරියන්නේ නෑ. මල කරදරේ පැටලෙනවත් එක්ක. ටික කාලයක් නම් ඇන්දා. මාර සැහැල්ලුයි ඒක ඇන්දාම. ඒ වුනාට බැරි වෙලාවත් කාමරේ දොර වහන්න බැරි උනොත් තමා මට නම් අවුල යන්නෙ. මොකද උදේ ඇහැරෙන කොට එක්කො සරම බෙල්ල දිහා, නැත්නම් ඇන්ද පල්ලේ.
ReplyDelete…දවසක් හදිසියකට ඇඳෙන් බැහැලා යන්න ගියා සරම නැතුව. :D
හිකිස්.. ඉතින් එලියටම ගියාද?
Deleteසරමක් අදින්නම ඕනනම් දන්නා කියන ගෙදරක කෑමකට යද්දී ඇදගන යන්න බැරිය.සරම අදින එකේ අමාරුම හරිය තියෙන්නේ පොඩි අය චුටි කාලේ කකුල් උඩ දාගෙන පත්තරයට සමවැදිලා ඉන්න වෙලාවක සුළගට සරම එහාමෙහා වෙලා දන්නෙම නැතුව පොඩිඑකෙක් ලගට ඇවිල්ල අප්පච්චි/තාත්ති/පපා/DADDY [ඔය මොකා හරි කියල] බයවෙලා ඇගිල්ල දික් කරලා පෙන්නද්දී කොහොමට තියෙයිද?
ReplyDeleteඒ වගේ දෙයක් වෙලා තියෙනවා වගේ ලියලා තියෙන්නේ? එහෙම වුනාද..? :)
Deleteසරම් නම් ඕනම නෑ... කොට කලිසමක් හොඳටම ඇති...
ReplyDeleteඕ.. කොට කලිසම ඇති.. :)
Deleteමගුලක් කතා කරනව, සරම හැර සැපයක් වෙන කොයින්ද! අමාරුවෙන් හරි සතියක් දෙකක් ඇඳල බලපං. ආයෙ කවදාවත් ෂෝටට බහින එකක් නෑ. කතා කරන්න දෙයක් නැතිවෙන එකනං සහතික ඇත්ත. මාත් අන්තිම කාලෙ ලොකු අමාරුවක වැටුන කියන්න දෙයක් නැතිව. වෙලාවට වැඩිකල් නොයා බැන්ද.
ReplyDeleteමං හිතන්නේ නෑ අයියා ඒක මට පුරුදු වෙයි කියලා..
Deleteමටනම් තව සෑහෙන කාලයක් ඉන්න වෙයි කසාද බදින්න නම්.. :)
හික්ස්.. කතාවයි කමෙන්ට්ස්ටියි මරු.. හෙහ්..අනේ මන්දා.. අර ප්‍රමුදි කිව්වා වගේ කොල්ලන්ගේ කොලු ගතිය නැති වෙලා ටිකක් ගතියක් එනවා සරමට..නැත්නම් තාම පොඩි එකා වගේ.. ;)
ReplyDeleteකොලු ගතිය නැති වෙලා කොලු තාත්තලාගේ ගතියද හලෝ එන්නේ..? ආ..
Deleteමං නම් තාම පොඩි එකා වගේ තමා :)
ayyo.....me lamaintath tiyena purashna? :)
ReplyDeleteඇයි, ඒ පුරශ්ණ අහන්ට හොද නැද්ද හලෝ..?
Deletekawuda halo dan kiwwe a purashna ahanna hoda ne kiyala......
Deleteකව්රුවත් නෑ හලෝ.. :)
Deleteඇයි යකෝ සරමෙ තියෙන සනීපෙ..බොලාට තේරෙන්නැද්ද..??
ReplyDeleteඅහවල් එකයි සරමෙයි සම්භන්දයක් නෑ බං..!!
නෑනේ. මට නම් තියෙන්නේ ඒක ඇන්දොත් කොයි වෙලාවේ ගලවන් වැටෙයිද කියන බය, අනික ඒක ඇදන් අවිදින්ටත් අමාරුයි.එක පාරක් ගෙදරින් අන්දවලා ආදී දෙක තුනක් තියද්දීම ගලවන් වැටුණා. මං ටක ගාලා කරේ සරම ගලවලා ෂෝටට මාරු වෙච්ච එක.
Deleteබලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකද්ද කියලා.. :) :)
මට එකම එක සරමක් ඇත්තේය එ ඇස්ටෝම් ගෙවල් වලට හා උත්සව අවස්ථාවලට අඳින්න පමණය. සෝටට ගහන්න එකක් නැත, සරම දනිහෙන් උඩට අඳින කාළයක් ආවොත් මාත් අඳිනවාය. දෙකට නවාගෙන තව ගැටයක් දාන එක මළ වදේය.
ReplyDeleteකොයි වගේ සරමක්ද අයියා ඒ..? ෂෝට තමා එළ.. මාත් ඔය කියන විදියට එකක් අවොත් සළකලා බලනවා. හැබැයි සායක් ඇන්දා වගේ තියෙයිද දැන් නෑ.. :)
Deleteඅනේ මන්ද :) :)
ReplyDeleteඇයි අනේ මන්දා..?
Deleteබලා ගෙන යනකොට අපි ඔක්කොම එක වගේ නේ
ReplyDeleteකෙල්ලත් එක්ක කථා කරන්න දෙයක් නෑ සරම අඳින්න බෑ
වයසේ හැටිද මන්දා
මාත් හිතන්නේ එහෙම තමා වෙලාවකට.. :)
Deleteමටත් ඔය සීන් ඒකම තමා බන්.සරම මටත් හරියන්නෙම නෑ.සරමට වඩා ෂෝට කොච්චර හොදද?සරම හරි වදයක් නෙ.වයසේ හැටි වෙන්ට ඇති නේ....
ReplyDeleteෂෝට සිම්පල් ප්ලෑන් එකක්නේ බං.. :)
Deleteඅපෝ, මමනම් නිදාගන්න අඳින්නේ පිජාමා කලිසම්, ගෙදර ඉන්න වෙලාවට, ට්‍රිප් එකක් යන වෙලාවට ෂෝට තමයි.... මොකද මට සරම අඳින්නම බැහැ ගැටය ගැලවෙනව.... අනික රෑට සරම ඇන්දහම උදේ බලන කොට සරම බිම....
ReplyDeleteකොට කලිසම තමා හැමදේටම හරියන්නේ බං :)
Deleteසරමට ජය වේවා ..... ශෝටට කෙල වේවා ......... සරම පිලිඹද බියගුලු ප්‍රකාශ තරයේ හෙලා දකිමු .....තිත් දෙකයි ඩී සමග පී
ReplyDeleteඅම්මෝ මමනම් සරම් අදින්න බයයි.... මට කලින් ගෙදර අය නැගිටිනවා ( උදේ නැගිටිද්දි සරම මූනෙනේ :) )
ReplyDeleteඈ බොල..සරම අදින්නෙ වෙන අහවල් එකකට නෙවෙයි .. ඔය තුන් කූට්ටම රත් වෙන්න හොද නෑ දවස තිස්සෙ හිරකොරන් තියල ඉවර වෙලා කූට්ටම රත් වෙලා තියෙන්නෙ .. ඉතින් පොඩ්ඩක් ඒකටත් නිදහසේ ඉන්න එපැයි.. නැත්තන් අර අකුරු දෙකේ ඒවා නිශ්පාදනය වෙන්නෙ නැති වෙයි ඈ
ReplyDeleteඅප්පේ සරමක් ඇන්දාම තියෙන ගතිය.. කියන්න තේරෙන්නේ නෑ ඇදලම බලන්න ඕන
ReplyDeleteසරම යනු බහු කාර්ය උපකරණයකි.
ReplyDelete1. විළි වසා ගැනීමට
2. බත් කෑ පසු අත හා කට පිසදා ගැනීමට
3. මුහුණ සෝදා මුහුණ පිස දැමීමට
4. 'අතේ මැසූ' පසු අත , අහවල් ද්‍රව්‍යය, අහවල් එක පිස දා ගැනීමට
5. කලිසම අඳින තුරු සරම දත් වලින් හපා ගෙන විලි වසා ගැනීමට
6. දැඩි සීතලේ දී පොරවා ගැනීමට
7. ගස් නගින විට අමුඩය ගසා ගැනීමට
8. ගඟට නාන්න ගිය විට මාලු ඇල්ලීමට
9. කාන්තා පාර්ශ්වයට දිය රෙද්දක් ලෙස
10.ගසෙන් කඩා ගත් පලතුරු එකතු කිරීමට
11. සරීර කෘත්‍යය සඳහා යන විට ඉණ වටා ඔතා ගෙන පහසුවෙන් කටයුතු අහවර කර ගැනීමට හැකි වීම
මෙම ලේඛණය තව ඩ්ගුය. හැකි නම් ෂොර්ටේ වාසි ලැයිස්තු ගත කරන්න
ඇත්ත කතාව හී...හී
Deletereal true
Delete12.when swim it can use floting unit
හොදම වැඩේ තමා ඉෂාන් එයා ගෙන් ම අහන එක. මොකද සමහර කෙල්ලෝ කැමති නෑ කොල්ලෝ සරම් අදිනවාට. සමහර අයට කොකත් ගානක් නෑ. සමහර අය ඔයාගේ කෙනා වගේ. යකාගේ හැටියට එපැ විමානේ හදන්න!
ReplyDeleteසරමේත් පොඩි ගතියක් තියනවා. විශේෂයෙන් රස්නේ කාලෙට. මමත් සරමට බයේ හිටියේ ඒත් ට්‍රයි කරාට පස්සේ වැඩේ අල්ලලා ගියා. ඕනෙනම් දවස් 2ක් විතර කාමරේ දොර ලොක් කරගෙන නිදාගන්න වෙයි එච්චරයි.
ReplyDeleteසරම ඇන්දම ආතල් එක තේරේවි. එතකොට කොට කලිසම දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ. මාත් මුලින් හිතුවේ සරම හරි වදයක් කියලා. ඒත් අදින්න ගත්තට පස්සේ අතාරින්න හිතෙන්නෙම නෑ... ඇදලා බලපන් ආතල් එක කොහොමද කියලා....
ReplyDeleteමං නං කලිසමක් ඇඳගෙන යන්නෙ කොහෙහරි බස් එකක වගේ යනවානං විතරයි. ගමේදි නං කොහෙමත් සරම විතරයි අඳින්නේ. මං කෙල්ලගෙ ගෙදර ගියත් යන්නේ සරම ඇඳලා. කෙල්ල කියනවා මං සරම ඇන්දමලු වැදගත් විදියට පේන්නේ. සමහර විට ඒක ඇත්ත වෙන්න ඇති. ඒක තමයි මං හිතන්නේ කෙල්ලගෙ අම්මයි තාත්තයි වුණත් මං සරම ඇඳන් යනවට හරි කැමතියි. මගෙ චූටි මල්ලි වුණත් ඉස්කෝලෙ ගිහින් ඇවිත් සරම තමයි අඳින්නේ.
ReplyDelete