Showing posts with label වටිනා කියන පෝස්ට්... Show all posts
Showing posts with label වටිනා කියන පෝස්ට්... Show all posts

Friday, March 29, 2013

කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්)


විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..

කතා අංක 01:

පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ඉක්මනටම වාහනේ හරි මඟට අරන් නැවතත් ගමන යන්න පටන් ගත්තා.ඒත් පූජකවරයාගේ හිත තිබුනේම අර පූජකවරියගේ ඇඳුම එසවිලා පෙනුන කකුලේ.

අවසානයේ පූජකවරයා ගියර් එක මාරු කරන විදියට හෙමිහිට තමන්ගේ අත අර පූජකවරියගේ කකුලේ අත ඉහළට ගෙනිච්චා.පූජකවරිය,

"ෆාදර්.. ෆාදර්ට මතකද දේව ස්ත්‍රෝත‍්‍ර 129?"

පූජකවරයා ඉක්මනට අත කකුලෙන් අයින් කරගත්තා.ආයෙත් ටික වෙලාවකින් පූජකවරයා කලින් වතාවේ කරපු විදියටම අත පූජකවරියගේ කකුල අතගාන්න පටන්ගත්තා.පූජකවරිය නැවතත්,

"ෆාදර්ට මතකද දේව ස්ත්‍රෝත‍්‍ර 129?"

Saturday, December 15, 2012

වැඩියෙන්ම සතුටුවන්නේ කවුද? ++


මැතිව් කියන්නේ කිසිම දෙයකින් සෙකන්ඩ් වෙන්න කැමති නැති, කතාවට දක්ෂ, ලෝයර් කෙනෙක් වෙන්න ඉන්න කොල්ලෙක්.මෙයා දවසක් නයිට්  ක්ලබ් එකකට ගියා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක.යාළුවෝ ටික තමන්ගේ ග්ර්ල්ස්ලා එක්ක ඩාන්සින් ෆ්ලෝ එකට වෙලා නටන අතරවාරයේ මැතිව් කරේ බියර් එකක් අරන්, තමන්ට ගිහින් වාඩී වෙන්න ඉඩ තියෙන මේසයක් හොයපු එක.මෙහෙම මේසයක් හොයාගන්න වටපිටාවට ඇහැ දාලා බලද්දී මැතිව් දැක්කා ලස්සන කෙල්ලෙක් පැත්තකට වෙලා තිබුණු මේසෙකට වෙලා රෙඩ් වයින් එකක් බිබී ඉන්නවා. කෙල්ල ඉන්නේ තනියම නිසාත්, මේසේ ඉඩ තියෙන හින්දාත් මැතිව් තීරණය කරා එතෙන්ට යන්න.

"එක්ස්කියුස් මී මිස්.. මං මෙතනින් වාඩි වුනාට කමක් නැද්ද..?"

"අහ්.. ප්‍රශ්නයක් නෑ. වාඩි වෙන්න.."

Wednesday, November 21, 2012

මිනිස්සු ඇඳට යන්නේ ඇයි?



ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.

Thursday, July 19, 2012

මේ මොහොතේ ඔබ..


මේ මොහොතේ ඔබ කොහේ සිටීදැයි 
කුමක් කරයිදැයි මා නොදනී..
සුළඟක් වී හෝ ඔබ වෙත එන්නට
හැකිවෙවිනම් මා එන්නම්..

ඔබ ගැන දහසක් සිතිවිලි මැවුණා
ඔබ මාගේමයි හැම මොහොතේ සිතුනා..
අද ඔබ මා හට හිමි නොවනා බව..
කෙදිනකදී හෝ මා සිතුවේදෝ..

ඔබ අත කිසියම් හෝ වරදක් නැත
වරදක් ඇත්තේ මාගේම අතමය..
ඔබ යළි මා හට හිමි කරගැන්මට..
යන්න හිතෙනවා ඈත අතීතෙට..

පොඩි වෙනසකටත් එක්ක අද ඉතින් මං සින්දුවක පද පේලි ටිකක් ලිව්වා.මේක මං කැමතිම සින්දුවක්.පහුගිය දවස් ටිකේම බ්ලොග් එකේ ලිව්වේ විහිලු කතා නොවැ.ඉතින් අද සින්දුවක් ලියන්න හිතුනා.ඉතින් ලිව්වා. අර හිරුහිමාවී සින්දු කියනවා වගේ මට සින්දු කියන්න බෑනේ අෆ්ෆා.. : ( නැත්නම් මටත් දාන්න තිබුනා මේ සින්දුව කියලා.බැරි වැඩ කරලා  චා වෙනවට වඩා අන්තිමේදී මෙහෙම හොදයි කියල හිතුනා.මට පුළුවන් ඉතින් කාගේ හරි සින්දුවක් අහන් ඉදලා ඒකෙ පද ලියන්න විතරයි. හිකිස්‌ !

දැන් සින්දුව ගැන විස්තර ටිකක්. මේක කියන්නේ ධනංජය නවරත්න කියලා කෙනෙක්. මේක මං ඉස්සෙල්ලම ඇහුවේ A/L කරන කාලේ.ඒ කියන්නේ 2007 වගේ. එච්චරයි සින්දුව ගැන කියන්න දන්නේ මං : )

ඊළගට මම ඇයි මේකට එච්චරටම කැමති :  මේකයිනේ කාරණේ හලෝ.. ඔය සින්දුවට මට අදාළ නිදාන කතා දෙකක් ගැලපුනා. 
1. මං මුලින්ම යාළු වෙලා හිටපු ගෑණු ළමයා එක්ක වුන දේවල් එක්ක බලද්දී මුළු සින්දුම මට ගැලපුනා. අනික ඒකෙ වීඩියෝ එකට අනුව කොල්ලාට කෙල්ලව හම්බවෙන්නේ මුලින් බස් හෝල්ට් එකේදී.මට හම්බුනේ රේල්වේ ස්ටේෂන් එකේදී කෝච්චියට නගින්න යද්දී.වීඩියෝ එකේ මැද හරියට එනකන් ඒ ටිකත් ගැලපුනා.එතනින් එහාට වීඩියෝ එකේ උනා වගේ නෙවෙයි මට අන්තිමේදී උනේ.. වෙන සීන් එකක්. ඒ පලවෙනි එක..

2.මේ සින්දුව ආපු දවස් වල මං යාලු වෙලා හිටියා තව කෙනක් එක්ක.(මේ දෙවෙනි කෙනා) එයාට ඉතින් මේ සින්දුවේ තියෙන මුල පද ටික කියනවා එයා මට මීට් වෙන්නැති දවස් වල. මුලින් එච්චර තමා කිය කියා හිටියේ..ඒත් අන්තිමේදී...මට ආයෙත් මුළු සින්දුවම කියන්න වුනා එයා හින්දත්.වීඩියෝ එකේ අන්තිම ටිකත ගැලපුනා මගේ දෙවෙනි කතාවට. කොහොමහරි වීඩියෝ එක කතා දෙකකින් සම්පූර්ණ උනා.

අන්තිමේදී මං කිව්වේ මේ දෙන්නටම කිව්වේ "ඔබලා අත කිසියම් හෝ වරදක් නැත.. වරදක් ඇත්තේ මාගේම අතමය.." කියලා..


පල්ලෙහායින් විඩියෝ ඒකත් තියෙනවා. බලන්න බලලා නැති අය..