පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා.පස් දෙනාගේ නම් තමා ඉෂාන්, කසුන්, සමීර, රවී, අනූ.. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් අනිත් හතර දෙනාගෙන් එක් කෙනෙක්ව වෙඩි තියලා මරලා දානවා ඒ දෙන්නා අතර වුනු රණ්ඩුවක් අවසානයේ..
කතාව එච්චරයි.ඉතින් දැන් අපි හොයන්න යන්නේ කවුද මිනීමරුවා හා මැරුණු කෙනා කියලා.පහතින් කාරණා වගයක් දීලා තියෙනවා.ඒ අපිට දීලා තියෙන සාධක මිනිමරුවා ව හොයාගන්න.ඉතින් ඒවා පාවිච්චි කරලා තමා අපිට අවසන් නිගමන වලට එන්න තියෙන්නේ.
- ඉෂාන් මිනීමැරුමට කලින් දවසේ කොළඹදී පැවැත්වුණු මැරතන් තරගයකට සහභාගී වෙලා ජයගන්නවා.
- කසුන් බලාපොරොත්තු වෙලා හිටියේ නගරෙන් ඈත් වෙලා ගමට ගිහින් ගොවිපළක් පටන් ගන්න.
- සමීර කියන්නේ පරිගණක ඉංජිනේරුවරයෙක්. ඔහු අදහස් කරන් ඉන්නේ ඊළග සතියේදී අනූ ව හම්බවෙලා ඔහු අලුත් පරිඝනකයක් නිපදවීම සම්බන්ධයෙන් ඔහු හා කතා කරගන්න.
- මිනීමැරුම වෙන්න සති දෙකකට කලින් මිනීමරුවාගේ එක් කකුලක ලොකු ආබාධයක් ඇති වෙනවා.
- අනූ ට රවී ව මුලින්ම හම්බවෙන්නේ මීට මාස 6කට කලින්.
- අපරාධයකට සම්බන්ධ වෙලා හිරේ ගිහින් ආවට පස්සේ රවී ජීවත් වෙන්නේ තනියම.
- ඉෂාන් හුඟක් බීමට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්.
- අනූ සහ සමීර එකට එකතු වෙලා තමා අන්තිමට වෙළඳපළට ආව පරිඝනකය නිර්මාණය කරේ.
- රවී කියන්නේ මිනීමරුවාගේ සහෝදරයා. ඔවුන් දෙදෙනා පොඩි කාලේ හැදී වැඩුනේ වනාතමුල්ලේ.
ඔය ටික තමා අපිට තියෙන සාධක.දැන් කට්ටිය තමන් හොද රහස් පරීක්ෂකයෙක් කියලා හිතාගෙන (ෂර්ලොක් හෝම්ස් වගේ.පොත් හුඟක් අය කියවලා ඇතිනේ) මේවාට උත්තර දෙන්න බලන්න..
1. කවුද මැරුණේ..?
2. එතකොට මිනීමරුවා කවුද..?
3. කොහොමද ඒක හරිටම කියන්නේ..? පැහැදිලි කරලා දෙන්න ඕනේ මිනීමරුවා හොයාගත්ත විදිය.
මේක හිතන තරම් අමාරු නෑ.ටිකක් හිතන්න තියෙන්නේ.උත්තර කමෙන්ට් කරලා යන්න.හැබැයි මිනීමරුවාගේ නම විතරක් කියලා යන්ට එපා ඕං.පැහැදිලි කිරීමකුත් එක්ක ලියලා යන්න.නැත්නම් පස් දෙනාගෙන් වැරදි හතර දෙනෙක්ගේ නම් වැටිලා පබ්ලිෂ් කරොත් අනිත් අයට තේරෙනවා එතන කියවිලා නැති නම තමා හරි උත්තරේ කියන එක.ඒ හින්දා මං හිතන් ඉන්නේ හරි පැහැදිලි කිරීමක් එක්ක එන උත්තර ඇර අනිත් සේරම පබ්ලිෂ් කරන්න..
ප.ලි :
කලින් පෝස්ට් එක බලන්න පරක්කු වෙලා ආව අය කියලා තිබුනා ඒ අයටත් උත්තර දෙන්න ඕනේ හින්දා හරි උත්තර පබ්ලිෂ් කරන්න හදිසි වෙන්න එපා කියලා.ඒ හින්දා හරියටම පැහැදිලි කිරීම් එක්ක තියෙන කමෙන්ට් පබ්ලිෂ් කරන්නේ සිකුරාදා හවස.ඒ හින්දා හරි උත්තර දුන්නු අයත් කලබල වෙන්න එපා උත්තර තාම පබ්ලිෂ් වුනේ නෑ කියලා.හිතාගන්ට හරි විදියට උත්තරේ දුන්නු හින්දා තමා ඒවා පබ්ලිෂ් වුනේ නැත්තේ කියලා.ඉතින් දවස් තුනක්ම තියෙනවා ඕං කට්ටියට හිතන්න..
ප.ප.ලි : පිළිතුරු :
1. මැරුණේ කසුන්.
2. මැරුවේ සමීර.
පැහැදිළි කිරීම:
- ඉෂාන් කොහොමටවත් වෙන්න බෑ.හේතුව එයා ඊයේ මැරතන් එකක් දුවලා දිනනවා.කකුලේ ආබාධයක් තියෙනවනම් කොහොමටවත් මැරතන් එකක් දිනන්න බෑ.අනික මිනීමරුවාට කකුලේ ආබාධයක් තියෙනවලු.ඒ නිසා ඉශාන් ව මේකෙන් අයින් කරන්න පුළුවන්.
- රවී වෙන්න බෑනේ කොහොමටවත්.දීලා තියෙන සාධක වල කියවිලා තියෙනවා රවී කියන්නේ මිනීමරුවාගේ සහෝදරයා කියලා.
- අනූ වෙන්නත් බෑ.හේතුව සාධකයක කියවෙනවා අනූට රවී මුණගැහෙන්නේ මීට මාස 6කට කලින් කියලා.නමුත් අන්තිම සාධකේ හැටියට රවී මිනීමරුවාගේ සහෝදරයා.ඉතින් ඒක වෙන්නම බෑනේ. නේ?
- දීලා 3 වැනි සාධකයට අනුව, ( "සමීර කියන්නේ පරිගණක ඉංජිනේරුවරයෙක්. ඔහු අදහස් කරන් ඉන්නේ ඊළග සතියේදී අනූ ව හම්බවෙලා ඔහු අලුත් පරිඝනකයක් නිපදවීම සම්බන්ධයෙන් ඔහු හා කතා කරගන්න.") මේ සාධකය දිහා හොදට බලන්න.ඒකෙ තැනක කියවෙනවා මේ වගේ දෙයක් , "ඔහු අදහස් කරන් ඉන්නේ" .ඒ කියන්නේ මේක ලියවිලා තියෙන්නේ වර්තමාන කාලයෙන්.එහෙම බලපුවාම අපිට කියන්න පුළුවන් සමීර ජීවතුන් අතර ඉන්නවා කියලා.ඒ සාධකයේම තව තැනක කියවෙනවා, "ඊළග සතියේදී අනූ ව හම්බවෙලා" ඒ කියන්නේ අනූත් ජීවතුන් අතර ඉන්නවා කියන එකනේ.
- දැන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මිනීමරුවා සමීර කියන එක.
- 2 වැනි සාධකය දිහා බලපුවාම කියන්න පුළුවන් ඒ සාධකය ("කසුන් බලාපොරොත්තු වෙලා හිටියේ නගරෙන් ඈත් වෙලා ගමට ගිහින් ගොවිපළක් පටන් ගන්න.") ලියවිලා තියෙන්නේ අතීත කාලෙන් කියන එක.ඒක තේරුම් ගන්න පුළුවන් උනානම් අපිට කියන්න පුළුවන් කසුන් දැන් ජීවතුන් අතර නෑ කියලා.
මේ තමා විසදුම.මීට වඩා හොදට පැහැදිලි කරලා දීලා තියෙනවා සමහර කමෙන්ට් වලින්.මුලින්ම නිවැරදි උත්තරය දුන්නේ විලක්කුව බ්ලොග් එක ලියන දිනේල්ක.සජිත් ලැබ්,ගයියා ආසන්නයටම ආවත් උත්තර වැරදුනා.ගයියා නම් අන්තිමේදී හරි උත්තරේ දුන්නා.ඊට පස්සේ රෙෂාන්,කොලවෙරි.ඩී,නදීෂ,ගනේෂ් හරි උත්තර දුන්නා.මානවක ළගට ඇවිත් ගියා.උත්තර දෙන්න උත්සහ කරපු,දුන්නු හැමෝගෙම උත්සාහය අගය කරනවා.ඊළග වතාවේ මේ වතාවේ බැරි වුනු අයට උත්තර දෙන්න පුළුවන් වෙන්න කියලා පතනවා.
මට හිතෙන්නේ මිනීමරුවා සමීර, මැරෙන්නේ අනූ.
ReplyDelete*ඉෂාන් කලින් දවසේ මැරතන් දුවන්න කිසි අබාධයක් නැති වෙන්න ඕනා. කසුන් ගොවිපලක් පටන් ගන්න නිරෝගි වෙන්න ඕනා.
*එතකොට ඒ දෙන්නා නිදහස්. ඉතිරි වෙන්නේ රවී,අනු,සමීර.
*අනුට රවී හම්බෙන්නේ මාස 6 කට කලින් කියන්නේ ඒ දෙන්නා සහෝදරයෝ නෙමෙයි.
*මිනීමරුවා රවීගේ සහෝදරයා නිසා අනිවා අනුව මරන්නේ සමීර වෙන්න ඕනා. ඒ දෙන්නා එකට වැඩ කරන නිසා රණ්ඩුවක් ඇති වීමට ඇති සම්භාවිතාව වැඩියි.
ළගටම ඇවිත් වැරදුනා.උත්සාහය අගය කරනවා සහෝ.
Deleteඋදේ පාන්දරම මංඥං වුණා. මචෝ මේ වගේ ඒවා සෙනසුරාදා හෝ ඉරිදට දාපං.
ReplyDeleteහි හි හි.. සොරි වෙන්න ඕනා. ඊළග වතාවේ බලන්නම්කෝ.
Deleteහනේ..............
ReplyDeleteඇවිල්ල යන්නම් ඕව නම් බෑ බං...!
මෙ දවස්වල වැස්සට ඔලුවෙ නට් බුරුල්වෙලා තියෙන්නෙ..!
හිකිස්! කුඩයක් අරන් යන්න එපැයි වී. එහෙම කරානම් ඔහොම වෙන්නේ නෑනේ. :)
Delete@ Sajith Lab
ReplyDeleteඋත්තරය හොයාගන්න උත්සහ කරපු ක්‍රමය සාර්ථකයි. ඒත් උත්තරේ වැරදියි.තව වතාවක් කියවලා බැලුවනම් හරියටම කියන්ට පුළුවන් වෙයි.
දාපු කමෙන්ට් එකේ උත්තරක් වැරදි වුනත් ඒක පබ්ලිෂ් නොකරේ හොයාගන්න ක්‍රමය සාර්ථක නිසා.අනිත් අයට ඒක ලේසියෙන් කියන්ට තිබුනා ඒක දැක්ක ගමන්ම. :)
මිනිමරුවා, මැරුණකෙනා, උත්තර 2ම වැරදිද???????
Deleteමැරුණ කෙනා වැරදි.
Deleteඑහෙනම් මැරිලා තියෙන්නේ ඉෂාන්.
Deleteඑයා මිනීමරුවා නොවුනට මැරුණ කෙනා වෙන්න බැරි කමක් නෑනේ.......
මේක වැරදිනම් ආයේ TRY කරන්නේ නැතෝ!!!!!
වැරදියිනේ ඒ පාරත්. තව ටික වෙලාවකින් ආයෙත් හිතලා බලන්නකෝ එහෙනම් :). උත්සාහය අත්හරින්ට එපා :)
Deleteඕ මට දැන්නේ කම්පනාවට ආවේ...... මේක සහෝදර ගැටුමක් වෙන්න බැරිද?????? තමුන්ගේ සහොදරයා අතින් මැරුම්නෑවා වෙන්න ඇති. එතනොට හරි නේද?????
Deleteනෑ. ඒත් වැරදියිනේ. :(
Deleteමැරතන් දිනපු නිසා ඉෂාන් නෙමෙයි , මොකද, මිනීමරුවාගේ එක් කකුලක ලොකු ආබාධයක් ඇති නිසා, රවී නෙමෙයි, ඔහු මිනීමරුවාගේ සහෝදරයා නිසා. අනු වෙන්නත් බැහැ, ඔහු රවීගේ සහෝදරයා වෙන්න බැරි නිසා. අනූ ට රවී ව මුලින්ම හම්බවෙන්නේ මීට මාස 6කට කලින්.. ඉතුරු කසුන් සහ සමීර..මිනීමැරුම වෙන්නේ දෙදෙනෙක් අතර වුනු රණ්ඩුවක් අවසානයේ නිසා, වෙන්න පුළුවන් දෙය වන්නේ අනූ සහ සමීර අතර වුනු රණ්ඩුවක් අවසානයේ, සමීර විසින් අනු මරා දැමීමයි..
ReplyDeleteමම හරිද ???
අන්තිමේදී හරි උත්තරේ දුන්නානේ! එළ!
Deleteදන්නේ නෑ බං :)
ReplyDeleteටිකක් හිතලා බලන්ට. දවස් තුනක්ම තියෙනවා. :)
Deleteමිනීමරුවා අනූ මියගියේ සමීර..
ReplyDeleteදෙදෙනා එකට එක්වී නිපදවූ පරිඝනකයට තනියෙන් අයිතිය ගන්නට අනූට හිතුනා වෙන්නට ඇති
අනූ හැදුනේ වැරදිකරුවන්ගේ ඇසුරේ නිසා කුරිරු සිතුවිල්ලක් පහල විය හැකිය
නෑ. වැරදි.. තව පාරක් උත්සහ කරලා බලන්න. මේ වෙනකම් තාම හරි උත්තරේ ආවේ නෑ.
DeleteIt's Kasun. He is the person who is not related to any fact describing the story.
ReplyDeleteNo.
Delete@ ගයියා
ReplyDeleteනිගමනය බොහෝ දුරට හරි.75%ක් විතර. ඒත් අන්තිම ටික වරද්දගෙන.දුන්නු කමෙන්ට් එක පබ්ලිෂ් නොකරේ නිගමනය ගොඩක් දුරට හරි නිසා. තව පාරක් හිතලා බලන්න.
වැරදි මොන ටිකද කියල කියන්න පුලුවන්ද?? උත්තර 2ම වැරදිද ???
Deleteරණ්ඩුව ඇති වුනා කියන දෙන්නාගේ නම් වැරදියි.ආය මැරුණු කෙනාගේ නමත් වැරදියි.. ළගටම ඇවිත් නේ වරද්ද ගෙන තියෙන්නෙ. එතනින් එහාට හිතන්න.කියවන්න දීලා තියෙන සාධක ටික ආපහු.. :)
Deleteඑහෙනම් අයිය මලෝ වලියක්ද ?? සමීර සහ රවී අතර...( දැන් කම්මැලියි..පස්සේ තව හිතලා බලන්නම්...)
Deleteනෑ සහෝ.
Deleteඑහෙනම් වෙන්න පුළුවන් එකම දේ, සමීර කසුන්ව මරදමීමයි.. දැන් වත් හරිද මන්දා ???
Deleteහරි සහෝ.. උත්සාහය අත්හැරියේම නෑනේ?
DeleteMarune ISHAN
ReplyDeleteMaruwe KASUN
Ravi minimaruwa viya nohaki. bcoz aya minimaruwage sahodaraya. Anuda vennat ba. ayawa Ravita mulinma hambenne masa 6 kata kalin (minimaruwa Ravige sahodaraya nisa)Ishanda viya nohaka. Sati dekakata kalin loku tuwalayak kakule una kenekuta race akakin win kirimata apahasui. Sameera hitapu widiyatama computer aka hadanawa. ahenam aya minimaruwawat maruna kenawat viya nohaka. After all these I beleive *KASUN* is the killer.
Dan Maruna kena. Sameera nemei(already explained) Anuth nemei. Sameera Anuth akka akatu wela computer aka hadanne. marune kenekuta ahema keranne bane.Ishan or Ravi? Ravi minimaruwage malli nisat, aya taniyama jiwat wene nisat, minimarumen pasu ishan gane wistarayak nati nisat marune *ISHAN*
If you can you guess am I girl or boy????
මේකේ නම් උත්තර දෙකම වැරදියි හලෝ. හොදට පැහැදිලි කරන ගිහින් තියෙනවා.ඒත් හරියටම සාධක ටික කියවිලා නෑ වගේ.තව පාරක් බලන්න. :)
Deleteමටත් ප්‍රශ්නයක් දීලා ගිහින්නේ මේ ඇනෝ. :0
මං මේ නිරීක්ෂණ මගින් අවසන් නිගමනයකට එන්න යන්නේ.. තව ටිකකින් කියන්නම්කො :)
Girl කෙනෙක්. ඕං මන් හොයාගත්තා. :)
මම තව හිතල කියන්නම් හ්ම්ම්..:) හච්චෝ මෙයාටත් එන්නේ ෂර්ලොක් ප්‍රශ්න :)
ReplyDeleteහා හා.. හොදට හිතලා ඒ.. :)
Deleteමිනීමරුවා විය නොහැකි අය - රවී , ඉශන්
ReplyDeleteරණ්ඩුවක් ඇතිවිය නොහැක්කේ - අනූ හා සමීර අතර ( හේතුව - ඊළග සතියේදී අනූ ව හම්බවෙලා ඔහු අලුත් පරිඝනකයක් නිපදවීම සම්බන්ධයෙන් ඔහු හා කතා කරගන්න.සමීර අදහස් කරන නිසා )
රවී හා අනූ අතරත් අනූ හා සමීර අතරත් සම්භන්දයක්වේ .... කසුන් ගමට යාමට සිටි නිසා ඔහු නගරයේ හැදුනු රවීගේ සහෝදරයා විය නොහැක . හිරෙන් නිදහස් වන රවීට අනූ මුන ගැසෙන්නේ ඔහුගේ සහෝදරයාගේ මාර්ගයෙන් විය යුතුය . එනම් සමීර රවීගේ සොයුරා විය යුතුය .එසේම තවත් සතියකින් අනූහමුවන්නට යන්නේ දැන්ම යා නොහැකි කරුනක් නිසා විය යුතුය , ඒ පාදයේ ආබාදයක් නිසා යැයි උපකල්පනය කළ හැකිවේ . එනම්
මිනීමරුවා - සමීර විය යුතුය .
කසුන් නගරය අතහැර ගමට යාමට සැරසේ ..... ඒ මන්ද !!!!
ඉශන්ට එවන් අවශ්‍යතාවයක් නොමැති බව වැටහෙන්නේ ඔහු මිනීමැරීමට පෙරදා තරගයකට සහභාගීවී ජය ගතහැකි තරම් යහපත් මානසික තත්වයකින් පසුවෙන බැවිනි. එසේම කසුන් නගරය අතහැර ගමට බලාපොරොත්තුවෙන් සිටි බවක් පමණක් පැවසේ ගිය බව සදහන් නොවේ
මැරුනේ - කසුන් විය යුතුය .
උත්තරේ වැරදි නම් පබ්ලිශ් කරලා අහුවෙන්නෑ !!!! :D
පබ්ලිෂ් කරේ නෑ ඕං උත්තරේ අන්තිම වෙනකම්. :)
Deleteඋත්තරේ හරි ඈ..මුලින්ම..
ජය!
සමීර මරන්නෙ කසුන්ව
ReplyDeleteඋත්තරේ නම් හරි. ඒත් කෝ පැහැදිලි කිරීම? අවුලක් නෑ. උත්තරේ හරිනේ. :)
Deleteමිනීමරුවා ඉශාන් ඔහුගේ සහෝදරයා තමා රවී.
ReplyDeleteමැරුනේ කසුන්.
ඉශාන් බේබද්දෙක් නිසා තමයි මරන්න ඇත්තේ.
අනික කසුන් බලාපොරොත්තුවෙන් හිටියේ ගමට යන්නලුනේ.ඒත් යන්න වුනේ නැහැ.
නැත. තව ටිකක් හිතලා බලන්න. සාධක ටික හරියටම කියවලා තේරුම ගත්තනම් උත්තර ටික අහු වෙයි.:)
Delete1.මැරුණේ කසුන්...
ReplyDelete2.මැරුවේ සමීර...
3.පැහැදිළි කිරීම..,
*.ඉෂාන් වෙන්න බෑ.,මොකද එයා ඊයේ මැරතන් එකක් දුවලා තියෙනවා., නමුත් 4වෙනි සාධකය අනුව මිනීමරුවාගේ එක කකුලක ආබාධයක් අති වෙනවා., කකුලේ ආබාධයක් තියෙන කෙනෙක්ට මැරතන් දුවන්න බෑ...
*.අනූ වෙන්නත් බෑ.,මොකද 5වෙනි සාධකයේ කියවෙන ආකාරයට අනූට රවී මුණගැහෙන්නේ මීට මාස 6කට කලින්.,නමුත් අන්තිම සාධකේ හැටියට රවී මිනීමරුවාගේ සහෝදරයා...
*.රවී වෙන්න බෑ.,මොකද රවී කියන්නේ මිනීමරුවාගේ සහෝදරයා...(මේ ගැටලුව දැන් කාලේ එකක් නම් වෙන්නම බෑ ඕන්!!! මීට වඩා ප්‍රභල සාධකයක් තියෙන නිසයි මම මෙහෙම කිව්වේ!!!)
මෙතෙන්ට එනකම් ගැටළුව සරලයි.,සුගමයි.,සාධක වලින්ම ඔප්පු කරතැකි...
*.හරි දැන් ඉතුරු කසුන් සහ සමීර.,පැහැදිළිව නොපෙනුනත් මෙතනත් තියෙනවා වැදගත් සාධකයක්.,එකක් කිව්වට ඇත්තටම තුනක්...
3වැනි සාධකයේ කියැවෙනවා මෙහෙම දෙයක්.,
"සමීර කියන්නේ පරිගණක ඉංජිනේරුවරයෙක්. ඔහු අදහස් කරන් ඉන්නේ ඊළග සතියේදී අනූ ව හම්බවෙලා ඔහු අලුත් පරිඝනකයක් නිපදවීම සම්බන්ධයෙන් ඔහු හා කතා කරගන්න."
"ඔහු අදහස් කරන් ඉන්නේ" මේ කියැවෙන්නේ වර්ථමාන කාලය ගැන., ඒ කියන්නේ සමීර ජීවතුන් අතර ඉන්නවා...
"ඊළග සතියේදී අනූ ව හම්බවෙලා" ඒ කියන්නේ අනූත් ජීවතුන් අතර ඉන්නවා...
ඒ වගේම 2නි සාධකයේ කියැවෙනවා මෙහෙම දේකුත්.,
"කසුන් බලාපොරොත්තු වෙලා හිටියේ නගරෙන් ඈත් වෙලා ගමට ගිහින් ගොවිපළක් පටන් ගන්න."
"බලාපොරොත්තු වෙලා හිටියේ" මේ කියන්නේ අතීත කාලය ගෑන... ඒ කියන්නේ කසුන් දැන් ජීවතුන් අතර නෑ...
*.ඉතින් මේ අනුව මගේ ටිකිරි මොළේට වැටහුනා සමීර විසින් කසුන්ව කුරිරු ලෙස වෙඩි තබා ග්හාතනය කරන ලද බවට...(ඇයි කියලානම් අහන්නෙපා ඕන්..,මම ඕවා දන්නෑ..,මට වැඩකුත් නෑ... :D)
මේක වැරදීනම් මම ආයේ ජීවිතේට පෝස්ට් එකක් දාන්නේ නෑ... සත්තයි!!! :D
එළ ආ.. දැන් අන්තිම කාරණේ නම් ඉෂ්ට කරන්න ඕනේ වෙන එකක් නෑ නේ? :)
Deleteපැහැදිලි කිරිමනම් එළ.
ජය!
අහ්හ්.., තව එකක් අමතක වෙලානේ... :O
ReplyDelete"අපරාධයකට සම්බන්ධ වෙලා හිරේ ගිහින් ආවට පස්සේ රවී ජීවත් වෙන්නේ තනියම."
"රවී ජීවත් වෙන්නේ" වර්ථමාන කාල., ඒ කියන්නේ රවීත් ජීවතුන් අතර ඉන්නවා...
ඕ ඕ..
DeleteKiller - Sameera
ReplyDeleteReasoning:
1) Not Ravi - It directly says he is the brother of the killer
2) Not Ishan - With a leg injury he can't win a marathon
3) Not Kasun - He is from a rural area. Killer was raised in wanathamulla
4) Not Anu - Ravi has met him only before 6 months. but the killer is his brother.
Then the killer should be Sameera and he is Ravi's brother too.
Thats Right! :)
Deleteකසුන් බලාපොරොත්තු වෙලා "හිටියේ"
ReplyDeleteThis is the only place where we see past tense. I think Kasun was the victim.
Yep!
Deleteමිනීමරුවා සමීර , මැරුණේ ඉශාන්
ReplyDeleteමෙහෙමයි අනුට රවිව මුලින්ම මුණ ගැහුනේ මාස 6 කට කලින් කියන්නේ අපිට උපකල්පනය කරන්න පුළුවන් ඒ ඔහු හිරේ ඉඳං එලියට එන දවසේ හෝ ඊට පසුව.මෙම කණ්ඩායමෙන් අනුට රවිව සම්බන්ද කල හැකි එකම පුද්ගලයා සමීර නිසා මිනීමරුවා විය යුත්තේ සමීර.මැරුණේ ඉශාන් මොකද කියනවනම් රන්ඩුවකට පැටලෙන්න වැඩිම හැකියාවක් ඇත්තේ ඔහුට.අනිත් දේ තමයි ඉශාන්ගේ රැකියාව ගැන කිසිම තොරතුරක් දීල නැති නිසා අපිට උප කල්පනය කරන්න පුළුවන් ඔහුත් පරිගණක ඉංජිනේරුවරයෙක් කියලා.කසුන් නගරයෙන් පිට වෙන්න හිතා ගෙන ඉන්නවා කියන්නේ ඔහු කිසිසේත්ම පරිගණක ඉංජිනේරුවරයෙක් විය නොහැකියි.ඒ කියන්නේ කසුන්ගේ මේකට කිසිම සම්බන්ධයක් නෑ.
තව පොඩ්ඩක් බැලුවනම්!
Deleteඑහෙම නම් මැරෙන්නේ කසුන් වෙන්න ඕන අර උඩින් නිශාන් කිව්වා වගේ "අනික කසුන් බලාපොරොත්තුවෙන් හිටියේ ගමට යන්නලුනේ.ඒත් යන්න වුනේ නැහැ."..එකත වෙන්න පුළුවන්
Deleteඔහ්හ්....මැරුණේ රවී...මොනවා උනත් සමීර තමයි මිනී මරුවා..
Deleteඅන්තිම එකට උඩින් තියෙන කමෙන්ට් එකනම් හරි. ඒත් අන්තිමට ආය වරද්දගෙන.උත්සාහය අගය කරනවා සහෝ :)
Deleteබලමු මාත් ට්‍රයි කරලා
ReplyDeleteඉශාන් .. බොනවා නමුත් දුවන්න පුලුවන් ..එකියන්නේ හොද නිරෝගි කෙනෙක් .. නමුත් සති දෙකකට කලින් අනතුරක් වෙච්ච කෙනෙකුට මැරතන් එකක් දිනන්න බෑ .. ඒකියන්නෙ ඔහු මිනීමරුවෙක් නෙවෙයි ..
රවී කිරිමනල් කෙනෙක් .. අනූ ව දන්නවා .. ඒකියන්නේ අනු .. රවීනෙ සහෝදරයද නෑ .. මාස 6කට කලින් තමා පලෙවෙනි පාරට දෙන්නම හම්බ වෙලා තියෙන්නේ ..බොහෝවිට අනූ බිස්නස් කාරයෙක් .. මොකක් හරි කේස් එකකට හිරේ ගිහින් හරි උසවි ගිහින් හරි තමා සෙට් වෙලා තියෙන්නේ
අනුයි සමීරයි දෙන්නම අලුත් කොම්පුටරේ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
අපිට ඉතුරු වෙනවා කසුන් හා රවී .. කසුන්ට නගරෙන් ගිහින් ගොවිපොලක් පටන් ගන්න ඕනිලු .. නගර බද තමා ඉදලා තියෙන්නේ .. වනාතමුල්ලෙ ඉදන් ගමට යන්න ඕනි කෙනෙක් :D අනික කකුලෙ තුවාලයක් හින්දා ගොවිපොල පටන් ගන්න එක පරක්කු වෙලා ,, බලාපොරොත්තුවක් බවට පත් වෙලා. එතකොට රවීයි කසුනුයි සහෝදරයෝ
දැන් බලමු කසුන්ට මිනීමරන්න තියෙන වුවමනාව ගොවිපොලට ඕනි සල්ලි හොයගන්න .. අපි හිතමු ඉශාන්ව මරන්න යනවා කියලා .. බොනවා නමුත් මැරතන් සූරයෙක් .. රන්ඩුවකදි පහරදීලා ,.. දුවලා බේරෙන්න ඉශාන්ට අමාරු නෑ ..
රවී තනියම ඉන්නේ .. අනිවාර්යෙන්ම සල්ලි ඇති මොකද අනූ එක්ක මොකක් හරි ඩීල් එක්ක තියෙනවා අපි හිතමු හොරෙන් කම්පුටර් පාර්ට් ගෙන්නනවා කියලා.. නමුත් අපිට හිතන්න බෑ සමීර රවී සහොදරයො කියලා .. මොකද අනු රවි මාස 6කට කලින් හම්බවෙලා , නමුත් අනු සමිර මීට් වෙලා කලිනුත් කොම්පියුටරයක් හදලා වෙලද පොලට දාලා ..
කසුන් රවී දෙන්න මීට වඩා ගැලපෙනවා .. රවී සමීරට වඩා ..මොකද සමීරට තුවාලයක් තිබ්බා කියන්න තරම් සාධක නෑ . අනු සමිර කොම්පියුටරයක් හදලා තියෙනවා ඒ කියන්නේ අනතුරක් නෑ .. අනික ඊලග සතියේ අයෙ දන්න මීට් වෙනවලු,අනික කොම්පියුටරයක් හදපු දෙන්න අනිවාර්යෙන්ම අනූ සමීරට රවී ගැන කියන්න ඕනි .. එතනත් සහොදරයොනම් නොගැලපීමක් එනවා . ඒ සම්බන්දය එහෙම තිබ්බනම් .. සමීරට මරන්න අය 4 දෙනෙක් ඉන්නවා ඒ අය ගැන හිතන එක අපි පස්සට තියමු
රවී ඉශාන් කොහොමත් වෙන්න බෑ නෙ .. කකුලෙ තුවාලෙයි සහොදරයයි .. මේ දෙන්නටම ගැලපෙන් නෑ
දැන් බලමු අනිත් අවස්තාව රවී සමීර .. සමීරට අනූව මරන්න ඕනි කමක් නෑ .. දෙන්නා අන්තිමට කරපු වැඩේ සතුටුදායකයි .. අලුත් වැඩක් පටන් ගන්න ඉන්නේ .. මොකටද දෙන්න රන්ඩු වෙන්නේ
සමීර ඉශාන් ..කන බොන මැරතන් සූරයෙක්ව මරන්න තරම් මොකද්ද සමීරට තිබ්බ ප්‍රශ්නේ .. හදිසි ආවේගය .. ඒත් කෝ ගිනි අවියක් පරිගණක ඉංජිනේරුවරයෙක් ගිනිඅවියක් අරන් පාරෙ යයිද ? සමීර කසුන් එකටත් තියෙන්නේ ඔය ටිකම තමා
අන්තිමට ඉතුරු වෙනවා අපිට මෙන්න මේක
කකුලේ තුවාලයක් වෙච්ච කසුන් යනවා ගොවිපොලට ඕනි මුදල් ඉල්ලගන්න තනියම ඉන්න සහෝදරයව රවී හමුවෙන්න එතනදි රවී කියනවා තමන්ට හම්බ උනු අපූරු යාලුවා අනූ .. ඔහුගෙන් ලැබුනු අපූරු ඩීල් එක . සල්ලි අහේනියෙන් ඉන්න කසුන් කියනවා ඔහුවත් සම්බන්ද කරගන්න කියලා .. නමුත් රවී කැමති වෙන් නෑ .. රන්ඩුවක් ඇතිවෙනවා . කසුන් තමන්ගෙ සහෝදරය රවී ට වෙඩි තියනවා . එතකොට වනාතමුල්ලෙ ඉන්න කෙනෙක් ගෙ අතේ ගිනිඅවියක් තිබීම පරිගණක ඉංජිනේරුවරයෙක් අතේ ගිනිඅවියක් තිබීමට වඩා තාත්විකයි නේද ?
මැරුනේ රවී
වෙඩි තිබ්බෙ තමන්ගෙම සහෝදරයා කසුන් ..
පලි :-
ඕක තමා දීලා තියෙන විස්තරේට අනුව ගොඩ නගන්න පුලුවන් හොදම කතාව මෙතන කසුන් ඉශාන්ව මරන එකත් සිදුවෙන්න පුලුවන් .0001 % විතර සම්බාවිතාවක් නමුත් විස්තර මදි .. රහස් පරික්ශකයෙක් නම් ඉතින් තව අපරාධ ස්ථාන පරීක්ශා කරලත් සාක්ශි එකතු කර ගන්නවනේ :D අපිට එහෙම බෑ නෙ
ගොඩක් දුර හිතලා. ඒත් උත්තරේ ටිකනම් වැරදි. :( තව වතාවක් සාධක ටික බලන්න.එච්චර දුර හිතන්න ඕනේ වෙන එකක් නෑ.
Deleteමේකනම් මාර මර්ඩර් කේස් එකක්...FBI එකටවත් දෙන්න වෙයි වගේ...හැබෑටම දැන් හරි හෝඩුවාව දීලද කවුරුවත්...කෝ මේ රජවැඩකාරයො කවුරුත් try කරල නෑනෙ...මමනම් ඉල්ලා අස්වුනා පරීක්ෂණ කංඩායමෙන් ...බලන් ඉන්නෙ හොයාගන්නකම්
ReplyDeleteFBI එකට දෙන්න ඕන වෙන එකක් නෑ මයේ හිතේ. :) අපේ අයට පුළුවන් ඒක විසදන්න.
Deleteඅපරාදේ අස්වුනේ.එහෙම එකපාරම වැඩේ අතහැරලා දාන එක අපරාධෙනේ.සමහර අයනම් කිහිපවතාවක් උත්සහ කරා.
හෙට හවස බලමු රජ වැඩකාරයෝ ලංකාවෙත් ඉන්නවාද කියලා.. :)
අම්මෝ හිතාගන්ඩ බැ
ReplyDeleteඑහෙනම් හෙට හවස බලන්න. :)
Deleteමියගියේ කසුන්.
ReplyDeleteඔහුගෙ සිහින ගැන ලියලා තියෙන්නෙ අතීත කාලෙන්.
( කසුන් බලාපොරොත්තු වෙලා හිටියේ නගරෙන් ඈත් වෙලා ගමට ගිහින් ගොවිපළක් පටන් ගන්න.)
මිනීමරුවා ඉශාන් නෙමේ.
ඉෂාන් මිනීමැරුමට කලින් දවසේ කොළඹදී පැවැත්වුණු මැරතන් තරගයකට සහභාගී වෙලා ජයගන්නවා.
කකුල තුවාල නම් එයාට මැරතන් දුවන්න බැහැ
රවි ත් නෙමේ
රවී කියන්නේ මිනීමරුවාගේ සහෝදරයා.
අනු ත් නෙමේ
අනූ ට රවී ව මුලින්ම හම්බවෙන්නේ මීට මාස 6කට කලින්
ඉතින් ඉතුරු වුනේ සමීර එයා තමයි මිනීමරුවා
එළ ආ.. ජය!
Deleteammiyo therenne nathoooooo
ReplyDeleteඑහෙනම් අද හවස උත්තරේ බලමු නේ? :)
Deleteහත්තිලවුවේ කොහේ හොයන්නද ඕවා...මම දහ අතේ කල්පනා කළා..ඒක අතකවත් තිබ්බේ නෑ උත්තරේනම්
ReplyDeleteඅවුලක් නෑ. ඊළග එකට ට්‍රයි එකක් දෙමු. දැන් උත්තරේ දන්නවනේ. :)
Deleteයේ යේ මම හරි උත්තරේ දුන්නා... :D කමෝන්..පැහැදිලි කිරීම ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නෑ මට..ක්ලාස් එකේ වැඩ කර කර ඉන්නකොට තමා මේක දැක්කෙ..ටිකක් කල්පනා කරල උත්තර දෙක දාල මම ගියා :/
ReplyDeleteඑළ එළ!
Deleteඒ වැඩත් කරගන්න එපැයි නේ.මේවා වගේද ඒවා මිස වුනොත්!
:D ඒව වගේද මේව මිස් උනොත්
DeleteHey Bro...i'm not නදීෂා. I'm නදීෂ.
ReplyDeletehttps://www.facebook.com/nadeesha.desilva
සමාවෙන්න සහෝ..මගෙන් වැරැද්ද වෙලා තියෙන්නේ. ඒක නිවැරදි කරා මං. :)
Delete