කට්ටිය බලන්න ඇති නේ මේ
සතියේ තෑගී නැති ප්‍රශ්නේ කෝ කියලා..! මේ අද දාන්න යන්නේ ඒ පෝස්ට් එක තමා..
මේ දවස් වල වහින වැස්ස හින්දා අපේ ගෙදරට කරන්ට් එක එන ලයින් එකේ
අවුලක්.ඉතින් දවස් දෙකක් කරන්ට් තිබ්බෙත් නෑ.ඊයේ හවස (අඟහරුවාදා) තමා CEB එකෙන් ඇවිත් හදලා ගියේ.තව මගේ වැඩ
වගයකුත් තිබුණා කරගන්න.ඉතින් ඔයින් මෙයින් වුනේ හැමදාම වගේ සතියේ මුල බ්ලොග් එකේ
වැටෙන තෑගී නැති ප්‍රශ්න පෝස්ට් එක දාන්න කල්ගිය එක.මේ පෝස්ට් ඒක ලියලා තිබුනෙත්
බාගේට.අනික් කාරණාව තමා මේ දවස් වල රෑ අපේ පැත්තට තියෙන සීතලත් එක්ක ඇහැරලා වැඩක් කරන්නවත් හිතෙන්නේ නැති එක.හොදට පොරවගෙන නිදාගන්න්නමයි හිතෙන්නේ.ඉතින් තාමත් කලින් පෝස්ට් එකට ආව කමෙන්ට්
එකකටවත් රිප්ලයි එකක්වත් දාන්න බැරි වුනා.මීට කලින් අහපු ප්‍රශ්නෙට ලැබුණු
කමෙන්ට් වලටත් රිප්ලයි කරලා තියෙන්නෙත් බාගේට. ඒවාට පස්සේ උත්තරේ දෙන්නම්.පට්ට
කම්මැලියි මේ දවස් වල .ඒකයි..
ඉතින් අද ප්‍රශ්න දෙකක් තියෙනවා.හිතන්න පටන්ගමු එහෙනම්..
ප්‍රශ්න අංක 1 :
මේ දීලා තියෙන වචන වලින් නොගැලපෙන වචනය
මොකද්ද?
1.FLOW
2.SNIP
3.TRAP
4.DRAW
5.BACK
ප්‍රශ්න අංක 2 :
කෝසල කියන්නේ ව්‍යාපාරිකයෙක්.
ඉතින් කෝසලට ඕනේ වුනා අළුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කරන්න.ඉතින් එයා ටවුන් එකේ
අලුතින් විවෘත කරපු KIE කියන බැංකුවට
ගොඩවැදිලා ගිණුමක් පටන් ගත්තා. කෝසල මුලින්ම තැන්පත් කරේ රුපියල් 100,000.00ක්.
ඉතින් ඊටපස්සේ කෝසලට ආය බැංකුවට සල්ලි දාන්න ලැබුනේ නෑ.එයාගේ
ව්‍යාපාර බංකොලොත් වුනා.ඉතින් අර KIE බැංකුවේ තැන්පත්
කරපු සල්ලිත් 6 වතාවකදී ආපහු ගත්තා.කෝසල සල්ලි
ගත්ත ඒවා හා ඒ ගත්තාට පස්සේ බැංකුවේ ඉතිරි වෙලා තිබුණු ගාණ ගැන පොතක සටහන් කරගෙන
තිබුනා මේ විදියට.
අන්තිමේදී මේ Withdrawals හා Bank Balance Left එකතු කරලා බලද්දී (ඔය යටින් Total කියලා දාලා තියෙන්නේ ඒ එකතු කරපුවාම ආව ගණන්) දෙපැත්ත බැලන්ස් නෑ කියලා කෝසලට පෙනුනා.ඒ කියන්නේ කොහේ හරි මිස් එකක් වෙලා වගේ පෙන්නේ.
ප්‍රශ්නය : ඇයි මේ දෙපැත්ත එකතු කරපු එක බැලන්ස් වෙන්නේ නැත්තේ?
එහෙනම් ට්‍රයි කරලා බලමු නේ..
මේ දෙවෙනි ප්‍රශ්නේනම් හරිම ලේසියි.ඒත් පළවෙනි එක ටිකක් හිතන්න වෙයි.ඒක තමා වැදගත්ම ප්‍රශ්නේ මේ දෙකෙන්. හරි උත්තර ඉරිදා පබ්ලිෂ් කරනවා. උත්තර හේතුත් එක්කම කමෙන්ට් කරන්න.
ප.ලි : කලින් අහපු ප්‍රශ්නෙට හරි උත්තර දැක්කේ නැත්නම් මෙතනින් යන්න..
පිළිතුරු:
පිළිතුරු:
1වෙනි එකට උත්තරේ BACK
මුල් වචන 4 අග ඉඳන් මුලට ලිව්වොත් තවත් වචනයක් හදන්න පුළුවන්.
FLOW - WOLF
SNIP - PINS
TRAP - PART
DRAW - WARD
ඒ උනාට BACK කියන වචනෙ අග ඉඳන් මුලට ලිව්වහම තේරුමක් ඇති වචනයක් හැදෙන්නේ නෑ.
BACK - KCAB
මුල් වචන 4 අග ඉඳන් මුලට ලිව්වොත් තවත් වචනයක් හදන්න පුළුවන්.
FLOW - WOLF
SNIP - PINS
TRAP - PART
DRAW - WARD
ඒ උනාට BACK කියන වචනෙ අග ඉඳන් මුලට ලිව්වහම තේරුමක් ඇති වචනයක් හැදෙන්නේ නෑ.
BACK - KCAB
2වෙනි එකට උත්තරේ, ඔය ක්‍රමය වැරදියි.ඉතිරිවෙන බැලන්ස් එක එකතු කරලා මුල් ගානට සමාන කරන්න බෑ.
උදා: රුපියල් 200කින් ගිණුමක් අරඹලා ඒ සල්ලි ටිකෙන් ටික ගත්තා කියලා හිතන්න.
පේනවනේ ඒක වෙන්නෑ කියලා. එහෙනම් එච්චරයි.
මේ වතාවෙත් හුඟක් අය උත්තර දීලා තිබුණා.ප්‍රශ්න දෙකෙන් එකකට හරි හරි උත්තරයක් දීලා තියෙනවනම් ගොඩ.තරගෙට ඇතුල් වෙනවා.උත්තර දෙකම හරි ගියානම් අවස්ථා දෙකක් හම්බවෙනවා.එහෙමයි මේකේ සීන් එක.හරිනේ?
පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ වෙච්ච Back කියන වචනේ මං බලාපොරොත්තු වුන උත්තරේට වඩා වෙනස් විදි වලින් පහදලා තිබුණා. ඒ හින්දා Back කියන එක හරියට කියපු හැමෝම තරඟෙට එකතු කරගන්න තීරණය කරා.ඒකත් හරිනේ එහෙනම්! :)
පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ වෙච්ච Back කියන වචනේ මං බලාපොරොත්තු වුන උත්තරේට වඩා වෙනස් විදි වලින් පහදලා තිබුණා. ඒ හින්දා Back කියන එක හරියට කියපු හැමෝම තරඟෙට එකතු කරගන්න තීරණය කරා.ඒකත් හරිනේ එහෙනම්! :)
ප්‍රශ්නෙට උත්තර දුන්නු ඇනෝලා තරඟේ යන විදිය දන්නවා ඇති කියලා හිතනවා.
එහෙනම් ඊලඟ සතියේ තවත් ප්‍රශ්නයකින් හම්බවෙමු. ජය!
හොලි ශිට් .............අයි'ල් තින්ක් ඇන්ඩ් රිප්ලයි ලේටර් ....
ReplyDeleteඅඩේ! ඔහොම බැනලා යන්න එපා බං.මං පවුනේ. ;)
DeleteTagi denwanam try ekak dala balana tibuna..(vihilwata).
ReplyDeleteReply eka Comment wagema vatinawa.
Mama Niwadu yanawa..Alut Arudy hamuwemu
2013...Jayawewa
තෑගී දෙනවා උඩින් නෑ කියලා තිබ්බාට. මං හිතන්නේ ඒ ගැන කියපු පෝස්ට් එක ඔයාට මිස් වෙලා. මේ තියෙන්නේ ඒ පෝස්ට් එක.
Deleteතෑගී නැති ප්‍රශ්න..
Mata Niwadu yana dena nada? Niwadu kalaya tula Lap,Mobil, Internet nati nisa 2013 Prasnakata utara denawa.
DeleteAniwa..Aniwa...Depa...
Jayawewa
කොච්චර දවස් නිවාඩුද බං? 2013 එනවා කියන්නේ මේ කමෙන්ට් එක වැටුණු දවසේ ඉඳලා දවස් 12! එච්චර නිවාඩු දෙනවැයි?
Deleteඑළ එළ! එහෙනම් ඊලඟ අවුරුද්දේ හම්බෙමු.! ජය !
2000 ත් දෙපාරකට ගත්තනම්..1000බැගින් ....එතකොට හරි.
ReplyDeleteඒත් හරියන්නේ නෑ වී.
Delete1- problem
ReplyDeleteSNIP
If you consider other four words they are starting with an even number letter
(B=2,D=4,F=6,T=20). For the letter S, it is an odd number(19).
2-Problem
You can't add the balance left column like this way. Imagine if he withdraw Rs 100 two times. Then if you add balance left numbers corresponding to those two transactions it will give 99900+99800=199700. This does not make any sense at all.
1st answer is incorrect. bt 2nd answer is correct. so, u have one chance to enter the competition. :)
Deleteඅදනම් ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැතෝ..... වැඩ ගොඩගැහිලා පස්සේ බලමු....
ReplyDeleteවැඩ ටික එහෙනම් ඉවරකරන් එන්න. තව දවස් තියෙනවනේ උත්තර දෙන්න.
Deleteමට හිතෙන විදියට විදියට 1ට උත්තරේ TRAP(අනිත් ඔක්කොම ක්‍රියා පද )...රටාවක් විදියට අවොත් උත්තරේ BACK වෙන්න ඕන.ඒ හැම වචනයකම තුන්වෙනි(3) අකුර වවල් එකක්,මේකේ වවල් එකක් එන්නේ දෙවෙනි (2)අකුරට.
ReplyDelete2ට. කෝසල වැරදි,බැංකු පොතේ පෙන්නන්නේ පොතේ ඉතුරු ගාණ, කෝසල හරියට සල්ලි අරගෙන තියෙනවා,බැංකු පොතත් හරියට අප්ඩේට් වෙලා තියෙනවා.
1.නෑ. ඒ විදිය නෙවෙයි.
Delete2.උත්තරේ මේක නෙවෙයි.මොකක් හරි දෙයක් අඩුයි කියලා හිතෙනවා.
මේකේ 1වෙනි උත්තරේ අන්තිමට BacK එන විදිය කියලා තියෙන හින්දා ඒ උත්තරේ ගන්නවා. එළනේ? :)
Deleteඅඩේ පොටෝව පට්ට ඇ.නිකන් ice-age වගේ.
ReplyDeleteහි හි හි.. ගූගල් දෙයියාගෙන් හොයාගත්තේ. :)
Delete1. Back - It couldnt read backwords.
ReplyDeleteYep! answer is correct
Deleteමේ සීතලේ මේවා කල්පනා කරන්නද පුළුවන් ද බොල.....
ReplyDeleteඅපෝ පුළුවන්! කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නෑ සීතලේ මොළේ ටිකක් වෙහෙසුවාට. ;)
Deleteඅනේ අම්මප මොලේ මඤ්ඤං වෙන කරටි හැලෙන පුරස්න නෙව මේවා..
ReplyDeleteහයියෝ! දැන් දේශකයාගේ මොළේ මඤ්ඤංම වෙලාද මං දාන ප්‍රශ්න දැකලා?
Delete1. BACK - Anith ewa okkoma aga indan mulata wena wachana hadanawa
ReplyDelete2. depattha samana wenna ona kiyala ekak naa ne. eka ganithamaya widihata beluwoth hena boru ne :) mulinma 20,000k gattha kiyamu
withdraw balance
20,000 80,000
10,000 70,000
denatama balance eke ekathuwa 150,000k wela ne :)
උත්තර දෙකම හරි ඇනෝ! එළ! :)
Deleteනොගැලපෙන වචනය තමයි BACK
ReplyDeleteහේතුව තමයි අනිත් හැම වචනයකම අකුරු දකුනු පැත්තේ ඉදන් පිලිවෙලට හැදුවම තවත් වචනයක් හැදෙනවා.එත් BACK විතරක් දකුනු පැත්තේ ඉදන් පිලිවෙලට හැදුවම එහෙම වචනයක් හැදෙන්නේ නෑ.
චූටිගේ උත්තරේ හරියෝ! එළ! :)
Deleteඅයි හේට් ගණිතය සෝ අයි මරැ. ටටා.......
ReplyDeleteබට් අයි ලව් ඉට්.. සෝ ඔහොම මේවාගෙන් ඩෝන්ට් රන්අවේ අෆ්ෆා! මේවා ඊසීනේ.
Deleteපලවෙනි ප්‍රශ්නෙටBACK. හේතුව අනිත් පද හතරම අග ඉඳන් මුලට කියනකොට ලැබෙන්නෙත් තේරුමක් තියන වචන. නමුත් BACK වලදී එහෙම නෑ. හරිද?
ReplyDeleteදෙවැනි එක කෝසල බැලන්ස් එක ලියල තියන විදිහ වැරදියි. 100,000/= පටන්ගෙන 50,000/=,25,000/= ආදී වශයෙන් ලිව්වනම් හරි.
පලවෙනි උත්තරේ හරි.
Deleteදෙවෙනි එකනම් වැරදියි. ඒක නෙවෙයි උත්තරේ.උත්තරේ පොස්ට් එකේ යට තියෙනවා.
මම දන්නවා ඒත් මට ෂුවර් නැහැ උඹ දන්නවද කියලා ඒක හින්දා උඹ හරිද කියලා බලන්නම් මම අන්තිමට.
ReplyDeleteඇත්තට! දැන් එහෙනම් කියමුකෝ බලන්න හිතපු උත්තර දෙක හරිද කියලා? :p
Deleteමෙව්වට මේ පුංචි මොලේ වෙහෙසන්න බැ අයියෝ......
ReplyDeleteඅපොයි... හරි චූටි මොලේ
Delete1 back
Delete2 බැංකුවෙ තැම්පත් කරපු ගාන ගත්ත ගානට සමාන උනාට, ගද්දි ඉතුරු උන ගානෙ එකතුවට සමාන වෙන් නැහැනේ
@ සමනලී - කෝ බලන්න පුංචි මොළේ? පුංචි මොළත් මේවා විසදනවා හලෝ. :p
Delete@ පෙට්ටියේ අධිපති - කොහෙද බං මේ උත්තර කොටලා දාලා ගිහින් තියෙන්නේ? මොකෝ වුනේ? :p
හැබැයි උත්තර දෙකනම් හරි. එළ!
අපොයි සමනළී ගෙ කතාව කියෙව්වට පස්සෙ මට ටැපලිලා අයියෙ. අවුලක් නෑ හරිනෙ නේද. :)
Deleteපලවෙනි ප්‍රශ්නෙට උත්තරේ BACK.. දෙවෙනි එකට නම් උත්තරේ දන්නේ නෑ. හැබැයි හොඳ වෙලාවට කෝසල ඔහොම සල්ලි ආපහු ගත්තේ. ඔයිට වඩා අඩු වාර ගණනකදී සල්ලි අරන් ඉවර කළා නම් තවත් ලොකු වෙනසක් එනවා.. ඔය ලියල තියන විදිහට. එයා දාපු මුදල ඔක්කොම ඔය අරන් තියන්නේ..
ReplyDeleteචන්දනත් එහෙනම් හරි උත්තරයක දුන්නා නේ කොහොමහරි! එළ එළ! :)
Deleteපළවෙනි එකට උත්තරේ back. මොකද ඒක විතරයි ඒ වචන් වලින් අනික් පැත්තට කියවන්න බැරි.
ReplyDeleteදෙවනි එකනං බෑ ඕං. මං කොහොමත් ඉලක්කම් හරඹ වලට කැමති නෑ :)
පළවෙනි එකට උත්තරේ හරි මචන්! දෙවෙනි එකත් ලේසියි.අමාරු නෑ ඒකනම්
Delete1. උත්තරේ BACK. 3 වෙනි අකුර vowel එකක් නොවෙන නිසා.
ReplyDelete2. කොහොමද ගත්ත ගානයි ඉතිරියෙ එකතුවයි සමාන වෙන්නේ.
Isuru
උත්තර දෙක හරි ඉසුරු. :)
Delete1 ප්‍රශ්නෙට BACK
ReplyDelete2 ප්‍රශ්නෙට මංදා....
අනිද්ද ලෝක විනාසෙ. උඹ මේ ප්‍රශ්ණ අහනවා
1 හරි.
Delete2. වැරදියි. :P
ලෝක විනාසේ වුනේ නෑනේ. අපරාදේ නේ?
1).BACK- anek hema padayakma aga sita mulata kiyawanakotath therumak thibena pada lebenawa WOLF,PINS,PART,WARD washayen. namuth BACK ehema neweyi.
ReplyDelete2)balance eka liyala thiyena widiya weradyi.
100,000
-50,000 =50,000
-25,000 =25,000
-10,000 =15,000
- 8,000 = 7,000
- 5,000 = 2,000
- 2,000 = 0.0
harida malli?
පළවෙනි උත්තරේ හරි. දෙවෙනි එක නම් ඒක නෙවෙයි උත්තරේ.ලියලා තියෙන විදිය නෙවෙයි අවුල.බැලන්ස් එකතු කරන්නේ නෑ කොහොමත්. උදාහරණයක් මං පොස්ට් එකේ අන්තිමට දැම්මා.ඒක බලන්නකෝ. එක උත්තරයක් හරි ගිය හින්දා තරගෙට ඇතුල් වෙනවා. :)
Deleteදෙවෙනි ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නම්.
ReplyDeleteඉතිරිය එකතු කරාට කොහොමත් තැන්පත් කරපු මුදල එන්නෙ නෑනෙ.
උත්තරේ හරි සහෝ! :)
Deleteපලවෙනි එකට නම් Back තමා උත්තරේ...
ReplyDeleteවචන අනිත් පැත්ත ගැහුවම අනිත් ඔක්කොටම අදහසක් තියෙන වචන එනවා( WOLF , PINS , PART, WARD ), මේකට නෑ :)
දෙවැනි ප්‍රශ්නෙ නම් කියන්නේ තියෙන්නේ මහා ගොන් වැඩක් නේ කරලා තියෙන්නේ , එහෙම එකතු කරන්න ඕනෙද , පිස්සුවක්නේ ..
-පූර්ණ-
පූර්ණගේ උත්තර දෙකත් හරි. ගූගල් එකවුන්ට් එකක් නැද්ද ?
Deleteෂා..ප්‍රශ්නයක් තියනවා දැකලා ආවේ :) ඒ උනාට ඔය දෙවැනි ප්‍රශ්නේ හරියට ඇම්පියර් 2 ද වෝල්ට් 3 ද ලොකු? කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක් නේ. හික්. පලවෙනි එකටනං BACK ද? අනිත් එව්වා ක්‍රියා පද. මේක ක්‍රියා පදයක් වෙන්න නම් "up" වගේ එහෙකුත් අමුණන්න වෙනවනේ.
ReplyDeleteසයුරි හරි :)
Delete1 වෙනි එකට උත්තරේ back..
Deleteඔය මුල් වචන 4ම අග ඉඳන් මුලට ලිව්වහමත් තවත් වචනයක් හැදෙනව
flow ----> wolf
snip ----> pins
trap ----> part
draw ----> ward
ඒ උනාට back කියන වචනෙ අග ඉඳන් මුලට ලිව්වහම එහෙම වචනයක් හැදෙන්නෙ නෑ..
back ----> kcab
* හැම වචනෙම තුන් වෙනි අකුර ස්වරයක් කියන එකත් හරි උත්තරයක්නෙ ඉෂාන්.. අන්තිම එකේ විතරක් ස්වරය තියෙන්නෙ 2වෙනි ස්තානෙ.. ඔබ බලාපොරොත්තු වෙන උත්තරේ ඒක නොව්නට ඒකත් හරි උත්තරයක් තමයි..
සමීගේ පුංචි ලෝකය
ඕ. මං බලාපොරොත්තු වුන උත්තරේ ඒක නෙවෙයි.ඒත් අන්තිමේදී ඒ උත්තරෙත් ගත්තා.තව දෙන්නෙක් විතර හිටියද කොහේදෝ ඔය විදියට කියපු.ඒ විදියත් හරිනේ. ඒකයි. :)
Deleteසයුරිත් හරි එහෙනම්. :)
Deleteමේ ප්‍රශ්නේ දැකලා ආවනම් ඉස්සරහට අහන්න ඉන්න ඒවාටත් ඇවිල්ලා උත්තර දෙයිනේ එහෙනම්? :)
2වෙනිඑක නම් හරිම ලේසියි.. ඕක මේ පොඩි මෙව්ව එකක්නේ.. මෙහෙමයි .. ඉතිරිය කියන දේ එකතුවක් විදිය්ට ගන්න බෑ.. ම්ම් ඉන්නකො බලන්න මට මීට වඩා පැහැදිලි කරන්න පුලුවන්ද කියල
ReplyDeleteඅපි බැන්කුවෙන් සල්ලි ගන්න වාර ගණන වැඩිවෙන්න වැඩි වෙන්න බැංකුවෙ ඉතිරි වෙන වාර ගණන වැඩි වෙනව.. ඉතින් ඒ වාර ගණන් වැඩි වෙනව කියන්නෙ ඉතුරු වෙන මුලු ප්‍රමාණයත් වැඩි වෙනවා.
උදාහරණෙකුත් දෙන්නද..
ඔය ඉස්සෙල්ලම ගත්ත 50000 කියන ප්‍රමානය 25000 කොටස් දෙකකට ගත්තයි කියමු..
දැන් එතකොට ;
withdrwls වල එන්නෙ මේ විදියට 25000+25000+25000+10000+8000+5000+2000 = 100,000
withdrwals වලට සල්ලි ගන්න වාර ගණන බලපෑමක් වෙන්නෙ නැති බව පේනවනෙ,.
දැන් බලමු ඉතිරිය
75000+50000+25000+15000+7000+2000+0= 174,000
ඔන්න සල්ලි ගන්න වාර ගණන අනුව 'ඉතිරි උනු ප්‍රමානෙ එකතුව' වෙනස් වෙන හැටි පේනවනේ..
මෙතන කරල තියෙන්නෙ 99,000 ට ඒ එකතුව හදපු එක.. එතකොට ගාන දිහා බලන කෙනාව ඇන්දෙනව පටස් ගාල .. හී හී..
1වෙනි ප්‍රශ්නෙට උත්තරේ තව හිතන්න ඕනි. ඒකනං බෑ වගේ. :(
සමීගේ පුංචි ලෝකය
නියම පැහැදිලි කිරීමක් සමි. මට ඕක කියාගන්න විදියක් හිතාගන්න බැරි උනානේ..
Deleteසමී ප්‍රශ්නේ,උත්තරේ නියමෙට පැහැදිලි කරලා තියෙනවා.එළ ඈ..! :)
Deleteමොකෝ බන් හැමදාම ප්‍රශ්නම අහන්නෙ...වෙනස් දෙයක් ලියපන්කො...
ReplyDeleteලේසි වැඩේනේ. සතියට එකයි. මේ වතාවේ වෙලාවක් තිබුනේ නෑ බං වෙන විදියේ එකක් ලියන්න. ළඟදීම වෙනස් ඒවා එනවා. :)
Deleteකෝ මේ ඉෂාන් අයියා... සද්දයක් නැහෙනේ ?
ReplyDeleteකොල්ලව උස්සලවත්ද ?
පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
අපෝ නෑ.මං යහතින් ඉනෝ. මේ දවස් වල වැඩ ටිකක් තිබුනා.ඒකනේ ඔහොම වුනේ! :)
Deleteමොකාද බොලේ මේ පාර දින්නේ?
ReplyDeleteනම් ටික ලිව්වේ නෑ බං.උත්තර හරියට දීලා තියෙන අය ගොඩ කියලා හිතාගන්න.:)
Deleteහරි අය ගැන ඒ කමෙන්ට් වල ලියලා තියෙනවා. :)
Deleteමට කොමස් එච්චර බෑ..
ReplyDeleteඑච්චර බෑ කියන්නේ කොහොමත් බෑ..
ඒකනිසා මං උත්තරෙං පලා යනවා...
තාමත් පලා යන ගමන්ද තරියෝ! ;)
Deleteඇයි අෆ්ෆා මේ?
ReplyDeleteහුරේ දෙකම හරියට ඉස්සල්ලම මම තමා කියල තියෙන්නෙ. ජය වේවා (මං තුමාට)
ReplyDelete