Thursday, August 23, 2012
තාත්තේ.. මට හීනෙන් පෙනුනා
විමල් කියන්නේ කසාද බැදලා අවුරුදු 4ක විතර පොඩි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. එක දවසක් රෑ විමල්ට ඇහුනා පුතා කෑගහනවා බය වෙලා වගේ.විමල් ගියා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.යද්දී පොඩි එකා ඇදේ ඉන්නවා දැක්කා නිකන් ලොකු දෙයකට බය වෙලා වගේ.ඉතින් පොඩි එකාගේ ළගට ගිය විමල්.,
"පුතේ.. මොකද මේ බය වෙලා වගේ ඉන්නේ? මොනවට හරි බය වුනාද..?"
"තාත්තේ.. මට හීනෙන් පෙනුනා අපේ කුසුම් නැන්දා හෙට මැරෙනවා.. ඒ මැරිලා ඉන්න විදිය දැක්කාම මට බය හිතුනා.."
"එහෙම වෙන්නේ කොහොමද පුතේ.. දැන් හවස එය මට හම්බවුනා. කිසිම ලෙඩක් එහෙම තියෙන පාටක් මං දැක්කේ නෑ.. පුතා බය වෙන්නැතුව නිදා ගන්න."
එහෙම පුතාගේ තියෙන බය ඇරලා,සනසවලා පොඩි එකාව නිදි කරවලා විමලුත් නිදාගන්න ගියා. පහු වෙනිදා දැනගන්න ලැබුනා කුසුම් මැරිලා කියලා. ඉතින් ඒ සිද්ධිය වෙලා සති දෙකකට විතර පස්සේ ආයෙත් විමල්ට ඇහුනා පුතා මහා රෑ කෑගහනවා.විමල් පුතාගේ කාමරේට ගියා. ඒ යද්දී විමල් දැක්කා පුතා කලින් දවසක දැක්ක විදියටම බයවෙලා ඉන්නවා.විමල් ඉතින් ඇයි කියලා අහපුවම..
"තාත්තේ.. මං හීනෙන් දැක්කා අපේ සීයා මැරිලා ඉන්නවා.මට බයයි තාත්තේ.."
එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා පුතාගේ තියෙන බය නැති කරලා,පුතාට නින්ද යනකම් හිටපු විමල් පොඩි එකා නිදා ගත්තට පස්සේ එයාගේ කාමරේට ගිහින් නිදාගත්තා. පහුවෙනිදා උදේ විමල්ට දැනගන්න ලැබුනා එයාගේ බිරිදගේ තාත්තා මැරිලා කියන එක. ඉතින් විමල්ලා අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙන්න ගමට ගියා.
දැන් ඒ සිද්ධියත් වෙලා සති දෙකකට පස්සේ ආයෙත් විමල්ට ඇහුනා පුතා මහා රෑ හීනෙන් බය වෙලා කෑගහනවා. විමල් කාමරේට යද්දී දැක්කා පුතා ඉන්නවා සෑහෙන්න බය වෙලා..
"මොකද පුතා.. ආයෙත් සැරයක් කව්රුහරි මැරෙනවා දැක්කද..?"
"ඔව් තාත්තා.. මං දැක්කා මගේ තාත්තා මැරිලා ඉන්නවා.."
"පිස්සුද පුතේ.. මේ මං කොහේ මැරෙන්නද.. පුතා බය වෙන්නැතුව නිදාගන්න. මට මොනවත් වෙන්නේ නෑ.."
එහෙම පුතාගේ හිතේ තියෙන බය නැති කරලා,එයාව නිදි කරවලා තමන්ගේ කාමරේට ගියා. මොනවා දැන් විමල්ට සෑහෙන්න බයයි. මොකද කලින් වතාවල පුතා දැක්ක දේවල් ඒ විදියටම වුනු හින්දා. ඉතින් විමල් ඒ රෑ නිදාගන්නේ නැතුවම හිටියා.ඒ මොනවා හෝ දෙයක් වෙලා විමල් මැරෙයි කියන බයට.
පහු වෙනිදා වෙනදා වගේම විමල් වැඩට ගියා.හිතේ බය තිබුණු හින්දා විමල් කාර් එක ගෙදර තියලා පයින්ම වැඩට ගියා. ඒ දවසේ කෑමක්වත් කෑවේ නෑ කෑම වල වහ තියෙන්න පුළුවන් කියලා හිතුනු හින්දා. කොහොම හරි ඒ දවසම විමල් හෙන කල්පනාවෙන් වැඩ කරේ.පොඩි සද්දයක් ඇහුනත් මේසේ අස්සට රිංගුවා. හම්බවෙන මිනිස්සු පවා මග ඇරලා ගියා. ඔහොම ඉතින් වැඩ ඇරිලා විමල් ගෙදර ගියා පයින්ම උදේ වගේ.යද්දී විමල්ගේ බිරිද ඉන්නවා දොරකඩ..
"අද තරම් මට එපා කරපු දවසක් ජිවිතේට තිබුනේ නෑ විමලා.." විමල් අවුල් මූණකින් බිරිදට කිව්වා.
"ඔයා මේ මොනවද කියන්නේ.. මට තරම් අද දවස එපාවෙච්ච තරම් ඔයාට එපා වෙන්ට නැතුව ඇති.." ඇය කිව්වා.
"ඒ ඇයි.." විමල් ඇහුවා.
"අද උදේ කිරි ගේන මනුස්සයා අපේ ගේ දොරකඩම මැරිලා වැටුණා.."
වර්ගීකරණය
ව්හිළු කතා
Subscribe to:
Post Comments (Atom)
Hachcho...tika welawak giya therum ganna hikz!
ReplyDeleteඒකත් හොදයි.හැමදේම එකපාරම තේරෙන්නේ නැතිව දෙපාරක්, තුන්පාරක් කියෙව්වම තේරෙන එක.. :)
Delete:P :
ReplyDeleteDDDDDDD
:D :D
Deleteඑළ කතාව මරැ
ReplyDeleteතැන්ක්ස්.. :) :)
Deleteඑල කතාව මචන්!!!
ReplyDeleteතැන්ක්ස්.. :) :)
Deleteහුටා
ReplyDeleteමොකෝ? :0
Deleteමලා... හික්ස්..
ReplyDeleteකවුද මළේ? කෙනෙක් මැරුණම හිනවෙනවද හලෝ..? :(
Deleteනැ හලො..දැන් ඉතින් ජිවත් වෙන එකාත් මැරුනා වගේ තමා..
Deleteඅන්තිම ටික කියවල ටියුබ් ලයිට් වෙලා තේරුම් ගිය ගමන් අපිව මැරිලා වැටෙනවා හිනා හිරවෙලා.
ReplyDeleteහිකිස්.. තුවාල වෙන්නැති තැනක ඉදන් කියවන්ට.නැත්නම් වැටිලා මොනවා වෙයිද දන්නෑ.. :)
Deleteayyo....... :D shoi kathawa ayya...... :)
ReplyDeleteඇයි නංගෝ..? තැන්ක්ස්.. :) :)
Deleteදෙයියෝ සාක්කි.
ReplyDeleteමාත් සාක්කි.. :)
Deleteබලන්න පතිවුර්තියද ....මොකකද..නේ...!!!
ReplyDeleteඒකනේ සහෝ.. :)
Deleteවැඩට ගිහින් ආපු තාත්තට ඒ වෙලාවෙ නම් හිතෙන්න ඇති මැරුන නම් හොඳයි කියලා.
ReplyDeleteනියමයි කතාව :))))
ඕ.. ඕ.. තැන්කු වේවා..! :)
Delete