ස්කූබී.. |
අද උදේ ඇදෙන් නැගිටිද්දීම අහන්න ලැබුනේ දුක් බර ආරංචියක්. ඒ අපේ ගෙදර දැන් අවුරුද්දකටත් වැඩිය අපිත් එක්ක හිටපු ස්කූබී අපෙන් ඈත් වෙලා ගිහින්. ඒ අපිට හම්බුනු හුරතල්ම බලු පැටියා ස්කූබී වුන නිසා.ඒ හින්දාම මං ස්කූබී පැටියා කාලේ ෆොටෝස් වගයකුත් ෆේස්බුක් එකට දැම්මා.මං බල්ලන්ට එච්චරම කැමැත්තක් නැතත් ලගදි ගෙදරට ගෙනාව බල්ලන්ගෙන් ටිකක් කැමැත්තක් තිබුනේ ස්කූබිට විතරයි.ඒ උගේ හුරතලය හින්දා.
අන්තිමට මං ස්කූබිව දැක්කේ ඊයේ උදේ.මාව දැකලා බුර බුරා හොදට හිටපු ස්කූබී අද උදේ නැති වුනා කියන එක හිතාගන්නවත් බෑ. හිතෙන්නේ සර්පයෙක් වත් ඇවිත් දෂ්ට කරලා ගියාද කියලා.එච්චර හොදට හිටපු ස්කූබී එහෙම නැති වුනා කියද්දී වෙන දෙයක් හිතෙන්නේ නැති හින්දා.
ඉතින් අද උදේ ස්කූබී නැති වෙලා කියලා නංගි ඇස් දෙකේ කදුළු පුරෝගෙන කියද්දී දැනුනේ මාර දුකක්.ඇදෙන් නැගිටලා ගිහින් අන්තිම වතාවටත් ස්කූබිව බලලා අවසන් කටයුතු සිද්ධ කළා. මොනවා කරන්නද.. ස්කූබී ගෙනාව ආයුෂ එච්චර වෙන්න ඇති. ස්කූබී මතු උපදින ආත්මෙකදිවත් එච්චර අඩු වයසකින් මැරෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..!!
ස්කූබිගේ අවසන් කටයුතු කල තැන.. |
ලස්සන පැටියෙක්.මෙයාගේ වර්ගය මොකක්ද?.
ReplyDeleteපොමනේරියන් + ඇල් සංකලනයක්
DeleteR.I.P ස්කුබි ....
ReplyDeleteස්කුබී ඊළඟ ආත්මවලදී මේ තරම් අඩු වයසින් මියෙන්නට එපා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteoya wagema math duk una ape nangith ekka ape rose kiyanna balla maruna welawe habai eya godak duk vinadala marune ange thuwalayak awith godak beheth kala eth bari una bera ganna api ekka inna sathun ape jeevithawelata kochchara lan welada kiya hithenawa un apita nathi unama kiya hithenawa
ReplyDeleteහ්ම්ම්ම්ම්....
ReplyDeleteමම නම් සත්තු හදන්නේ නැත්තේ ඔන්න ඔය දුක ටිකක් දරා ගන්න අමාරු නිසා
ReplyDeleteඒත් සෝක් බලු පැටියා නම්
ane lassana balu patiyek.......
ReplyDeletemona karannada itin apitath oya tikama tama wenne.
මටත් මාරම දුකයි අපි ඇති කරන සත්තු මැරුණම :(
ReplyDelete:( :(
ReplyDeleteඔබේ ප්‍රාර්තනාවට එකතුවෙමි..!!!
ReplyDeleteමං සත්තු ඇති නොකරන්නේ ඔය නිසා තමයි .....
ReplyDelete-_ ඩී -_
අනේ මම නම් බව්වන්ට කැමතිම නෑ..එයාලා දැක්කම මට හිතෙනවා මම උසේන් බෝල්ට්ගෙ කවුරු හරි කියලා.. :( පව් ඒ වුනාටස ස්කූබි..මැරෙනවට නම් කැමතිම සතෙක්වත්.. :'(
ReplyDeleteඇත්තටම Scooby එළ පොරක්.., මමත් බලුස් ලට එච්චර කැමති නැති උනාට Scoobyටනම් හරි කැමතියි...
ReplyDeleteදුකයි මචන්... :/ :/ :/
R.I.P Scooby...
මමත් සත්තු ඇති කරන්න කැමති නෑ. එත් කොහෙන්දෝ ආපු පුසෙක් අවුරුදු දෙකක් විතර හිටිය අපේ ගෙදර.මම උදේට නැගිටිනකම් ඉන්නවා ඇඳ ලඟට වෙලා ටී එක ෂුවර් බව දන්නා නිසා. හවසටත් කොහේ හිටියත් තේ බොන වේලාට මාව හොයාගෙන එනවා. මාස දෙකකට විතර උඩදී ඌ ලෙඩ උනා. වෙනදට කොහෙවත් යන්නේ නැති එකා එදා ගෙදරින් ගිහිල්ලා. හෙව්වට හොයා ගන්න බැරි උනා. දවස් දෙකකට පස්සේ ලගම ගෙදරක වතුර ටැංකියක් ළඟ ඉඳල හොයාගන්න කොට නැගිටින්නවත් පන නෑ. ගෙදර ගෙනල්ල වතුර ටිකක් පොවන්න හැදුවට එකවත් බොන්න බෑ. පහුවදා උදේ ඌ උගේ ලෝකෙට ගියා. මට තවමත් මතක් වෙනවා.
ReplyDeleteහෙණ අප්සට් බං එහෙම උනාම. ආයේ නම් සත්තු ඇති කරන්නේ නෑ කියල හිතාගත්ත මන්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි!!
දවසක් අපේ ගෙදරත් ඇති කරපු සතෙක් මැරිලා මම අඩල මැරුනේ නැති එක විතරයි..බලු පැටියා ලස්සනයි හ්ම්ම්..
ReplyDeleteමමත් ඉස්සර හරියට අඩනවා.දැන්නම් හිත හදාගන්න පුරුදු වෙලා ඉන්නෙ.
ReplyDelete//ස්කූබී මතු උපදින ආත්මෙකදිවත් එච්චර අඩු වයසකින් මැරෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.....//
මාත් පතනවා.
ඉපදුන හැම කෙනෙක්ම මැරෙනවා නියතයි.ලෝක ස්වභාවය.අපේ කණගාටුව.
ReplyDeleteලස්සන බලුපැටියා බං :/
ReplyDeleteහොද තැනක ඉපදෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු...!