Tuesday, September 25, 2012

ස්කූබී..

ස්කූබී..

අද උදේ ඇදෙන් නැගිටිද්දීම අහන්න ලැබුනේ දුක් බර ආරංචියක්. ඒ අපේ ගෙදර දැන් අවුරුද්දකටත් වැඩිය අපිත් එක්ක හිටපු ස්කූබී අපෙන් ඈත් වෙලා ගිහින්. ඒ අපිට හම්බුනු හුරතල්ම බලු පැටියා ස්කූබී වුන නිසා.ඒ හින්දාම මං ස්කූබී පැටියා කාලේ ෆොටෝස් වගයකුත් ෆේස්බුක් එකට දැම්මා.මං බල්ලන්ට එච්චරම කැමැත්තක් නැතත් ලගදි ගෙදරට ගෙනාව බල්ලන්ගෙන් ටිකක් කැමැත්තක් තිබුනේ ස්කූබිට විතරයි.ඒ  උගේ හුරතලය හින්දා.  

අන්තිමට මං ස්කූබිව දැක්කේ ඊයේ උදේ.මාව දැකලා බුර බුරා හොදට හිටපු ස්කූබී අද උදේ නැති වුනා කියන  එක හිතාගන්නවත් බෑ. හිතෙන්නේ සර්පයෙක් වත් ඇවිත් දෂ්ට කරලා ගියාද කියලා.එච්චර හොදට හිටපු ස්කූබී එහෙම නැති වුනා කියද්දී වෙන දෙයක් හිතෙන්නේ නැති හින්දා.

ඉතින් අද උදේ ස්කූබී නැති වෙලා කියලා නංගි ඇස් දෙකේ කදුළු පුරෝගෙන කියද්දී දැනුනේ මාර දුකක්.ඇදෙන් නැගිටලා ගිහින් අන්තිම වතාවටත් ස්කූබිව බලලා අවසන් කටයුතු සිද්ධ කළා. මොනවා කරන්නද.. ස්කූබී ගෙනාව ආයුෂ එච්චර වෙන්න ඇති. ස්කූබී මතු උපදින ආත්මෙකදිවත් එච්චර අඩු වයසකින් මැරෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..!!


ස්කූබිගේ අවසන් කටයුතු කල තැන..



19 comments:

  1. ලස්සන පැටියෙක්.මෙයාගේ වර්ගය මොකක්ද?.

    ReplyDelete
    Replies
    1. පොමනේරියන් + ඇල් සංකලනයක්

      Delete
  2. ස්කුබී ඊළඟ ආත්මවලදී මේ තරම් අඩු වයසින් මියෙන්නට එපා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  3. oya wagema math duk una ape nangith ekka ape rose kiyanna balla maruna welawe habai eya godak duk vinadala marune ange thuwalayak awith godak beheth kala eth bari una bera ganna api ekka inna sathun ape jeevithawelata kochchara lan welada kiya hithenawa un apita nathi unama kiya hithenawa

    ReplyDelete
  4. මම නම් සත්තු හදන්නේ නැත්තේ ඔන්න ඔය දුක ටිකක් දරා ගන්න අමාරු නිසා
    ඒත් සෝක් බලු පැටියා නම්

    ReplyDelete
  5. ane lassana balu patiyek.......
    mona karannada itin apitath oya tikama tama wenne.

    ReplyDelete
  6. මටත් මාරම දුකයි අපි ඇති කරන සත්තු මැරුණම :(

    ReplyDelete
  7. ඔබේ ප්‍රාර්තනාවට එකතුවෙමි..!!!

    ReplyDelete
  8. මං සත්තු ඇති නොකරන්නේ ඔය නිසා තමයි .....

    -_ ‍ඩී -_

    ReplyDelete
  9. අනේ මම නම් බව්වන්ට කැමතිම නෑ..එයාලා දැක්කම මට හිතෙනවා මම උසේන් බෝල්ට්ගෙ කවුරු හරි කියලා.. :( පව් ඒ වුනාටස ස්කූබි..මැරෙනවට නම් කැමතිම සතෙක්වත්.. :'(

    ReplyDelete
  10. ඇත්තටම Scooby එළ පොරක්.., මමත් බලුස් ලට එච්චර කැමති නැති උනාට Scoobyටනම් හරි කැමතියි...

    දුකයි මචන්... :/ :/ :/

    R.I.P Scooby...

    ReplyDelete
  11. මමත් සත්තු ඇති කරන්න කැමති නෑ. එත් කොහෙන්දෝ ආපු පුසෙක් අවුරුදු දෙකක් විතර හිටිය අපේ ගෙදර.මම උදේට නැගිටිනකම් ඉන්නවා ඇඳ ලඟට වෙලා ටී එක ෂුවර් බව දන්නා නිසා. හවසටත් කොහේ හිටියත් තේ බොන වේලාට මාව හොයාගෙන එනවා. මාස දෙකකට විතර උඩදී ඌ ලෙඩ උනා. වෙනදට කොහෙවත් යන්නේ නැති එකා එදා ගෙදරින් ගිහිල්ලා. හෙව්වට හොයා ගන්න බැරි උනා. දවස් දෙකකට පස්සේ ලගම ගෙදරක වතුර ටැංකියක් ළඟ ඉඳල හොයාගන්න කොට නැගිටින්නවත් පන නෑ. ගෙදර ගෙනල්ල වතුර ටිකක් පොවන්න හැදුවට එකවත් බොන්න බෑ. පහුවදා උදේ ඌ උගේ ලෝකෙට ගියා. මට තවමත් මතක් වෙනවා.
    හෙණ අප්සට් බං එහෙම උනාම. ආයේ නම් සත්තු ඇති කරන්නේ නෑ කියල හිතාගත්ත මන්. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි!!

    ReplyDelete
  12. දවසක් අපේ ගෙදරත් ඇති කරපු සතෙක් මැරිලා මම අඩල මැරුනේ නැති එක විතරයි..බලු පැටියා ලස්සනයි හ්ම්ම්..

    ReplyDelete
  13. මමත් ඉස්සර හරියට අඩනවා.දැන්නම් හිත හදාගන්න පුරුදු වෙලා ඉන්නෙ.

    //ස්කූබී මතු උපදින ආත්මෙකදිවත් එච්චර අඩු වයසකින් මැරෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.....//

    මාත් පතනවා.

    ReplyDelete
  14. ඉපදුන හැම කෙනෙක්ම මැරෙනවා නියතයි.ලෝක ස්වභාවය.අපේ කණගාටුව.

    ReplyDelete
  15. ලස්සන බලුපැටියා බං :/
    හොද තැනක ඉපදෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු...!

    ReplyDelete