Friday, July 13, 2012

ආදර පුතා..


ඔන්න සහෝදරයෝ 4 දෙනෙක් හිටියා.මෙයාලගේ නම් තමා හීන්බණ්ඩා, මුතුබණ්ඩා,කිරිබණ්ඩා,පුංචිබණ්ඩා..
මෙයාලා ටිකක් තරුණ වයසට එද්දී ගෙදරින් ඈත් වෙලා තම තමන්ගේ දියුණුව හොයාගෙන ගියා. ඉතින් කාලයක් යද්දී මෙයාලා තමන් කරපු දෙයින් දියුණුවට පත් වෙලා ලොකු සල්ලි කාරයෝ උනා. දවසක් මේ 4 දෙනා රෑ කෑමකට සෙට් වෙලා මෙයාලා කතා උනා වෙනත් නගරයක ඉන්න තමන්ගේ වයසක අම්මාට සලකන්නේ කොහොමද, මොනවද අම්මාට දෙන්නේ යන දේවල් ගැන.ඉස්සෙලම හීන්බණ්ඩා කිව්වා.,


හීන්බණ්ඩා : " මම අම්මාට ලොකු ගෙයක් හදලා දෙනවා.."


මුතුබණ්ඩා : " මම ඒ ගේ ඇතුලේ dts තියෙන ෆිල්ම් හෝල් එකක් හදල දෙනවා අම්මාට ෆිල්ම් බල බලා ඉන්න.."


කිරිබණ්ඩා : " මං අම්මාට අලුත්ම මර්සිඩීස් කාර් එකක් අරන් දෙනවා එයාගේ පාවිච්චියට.."


පුංචිබණ්ඩා : " ඔයාලා දන්නවනේ.. අම්මා හරි ආසයි බයිබල් එක කියවන්න.ඒත් දැන් එයාගේ ඇස් දුර්වල වෙලා තියෙන හින්දා එයාට හරියට කියවගන්න බෑ. ඉතින් මට පහු ගිය දවසක පුජකවරයෙක් හම්බවුනා. එයා ගාව ඉන්නවා මුළු බයිබලයම කටපාඩම් ගිරවෙක්. ඉතින් මං එයාගෙන් ගිරවා ඉල්ලුවා. එයා දෙන්න කැමති උනේ නෑ. ඊට පස්සේ මං කිව්වා මං අවුරුද්දකට රුපියල් කෝටිය ගානේ අව්රුදු 20 ක් ගෙවන්නම් මට ගිරවා දෙන්න කියලා.ඉතින් එයාලා ඒකට කැමති වෙලා මට ගිරවා දුන්නා. ඉතින් මං අම්මාට ඒ ගිරවා දෙනවා. අම්මාට ගිරවට කියන්න තියෙන්නේ බයිබලේ Chapter එකයි Verse එකයි. ගිරවා ඉතිරි ටික කියනවා.."


මේක අහපු අනිත් සහෝදරයෝ 3 දෙනා හුගක් සතුටු උනා. ඉතින් ඊට පස්සේ එයාලා අම්මා වෙනුවෙන් ඒ දේවල් ටික කරා. ඉතින් ටික දවසකට පස්සේ අම්මගෙන් 4 දෙනාටම ලියුම් එව්වා දුන්නු දේවල් වලට ස්තුති කරලා මේ විදියට..


" හීන්බණ්ඩා පුතේ.. උඹ හදලා දුන්නු ගේ මට ලොකු වැඩියි. මං පාවිච්චි  එක කාමරයි. ඒ උනාට මුළු ගේම පිරිසිදු කරන්න එපැයි.. පින් උඹට.."


"මුතුබණ්ඩා පුතේ.. dts දාලා ෆිල්ම් හෝල් එකක් හදලා දුන්නට වැඩක් නෑ මයේ පුතේ..උඹට අමතක උනාද මගේ කන ඇහිමත් දුර්වලයි, ඇස් පෙනීමත් දුර්වලයි කියලා.. උඹටත් පින් පුතා.."


"කිරි බන්ඩේ.. මේ වයසට මට ඩ්‍රයිවින් බෑ පුතේ. මම ඉන්නේ ගෙදර. ඉතින් මං දෙන එක කෝල් එකෙන් ගෙදරට ඕන කරන බඩු ගෙනත් දෙනවා.ඉතින් මට මොකටද කාර් බන්.. උඹටත් පින්.."


"ආදර පුංචිබණ්ඩා පුතේ.. පුතාට විතරයි තේරුනේ මේ මට ගැලපෙනම තෑග්ග දෙන්න. ඒ කුකුලානම් මාර රහයි පුතා..ජිවිතේට කාලා නෑ ඒ වගේ කුකුලෙක්..! පුලුවන්නම් තවත් ඒ ජාතියෙන්ම එකක් එවන්න. ගොඩක් පින් මගේ පුතාට.."

8 comments:

  1. අයියෝ සල්ලි........................

    ReplyDelete
  2. Replies
    1. මාත් එහෙනම් හූ කිව්වා.. ඈ.. :D

      Delete
  3. හිකිස්,.,., අනේ දෙය්යනේ,.,., කෝටි 20

    ReplyDelete
  4. හ්ම්ම්...අදමයි මේ පැත්තේ ආවෙ.ලස්සනට ලියල තියනවා සහෝ...ඉදිරියට බලමුකෝ.

    ReplyDelete
  5. බලන්න බලන්න.. තැන්ක්ස් ගොඩවැදුනට මේ පැත්තට..
    :)

    ReplyDelete