Sunday, July 1, 2012

අම්මට හුඩු..! උඹ ඔච්චර ලොකු වෙනකන් වතුර බිව්වද..!



ඔන්න කැළේ හිටපු වදුරෙකුට දවසක් රා කළයක් හම්බවුනා. ඌ රා කළයෙන් පොඩි ෂොට් එකක් අරන් ගහක් උඩට නැගලා ගල් බමුණෙක් වගේ ඉන්නවලු දැන්. මේක දැක්ක කටුස්සෙක් වදුරා ළගට ඇවිත් මෙහෙම ඇහුවලු,


"මොකද මචන් අද නිකන් අමුතු ආතල් එකකින් වගේ?"


වදුරා : " ඔව් මචන්. මට අද මාර සිරප් එකක් හම්බුනා. ඕනෙනම් උඹටත් පොඩ්ඩක් දෙන්නම්."


එහෙම කියලා වදුරා රා කළය කටුස්සා අතට දුන්නා.ඉතින් කටුස්සත් මොකද්ද මේ ආතල් එක බලන්ට රා කළේ අතට අරන් ෂොට් 02 ක් දා ගත්තා. එකපාරටම වැදුණු ආතල් එක නිසා දැන් කටුස්සට වතුර තිබහක් ආවා. ඌ වදුරට කිව්වා,


" මචන්, මං වතුර ටිකක් බිලා එන්නම් ".


එහෙම කියලා දැන් කටුස්සා විල පැත්තට යනවා.යද්දී  විල ඉවුරේ ඉන්නවලු කිඹුලෙක්. වෙනදට කිඹුලා ඉද්දි  ඒ අහලකින්වත් නොයන කටුස්සා අද චන්ඩියා වගේ ඌ ළගටම එද්දී පුදුමයිලු. ඉතින් කිඹුලාට හිතුනා මොකද්ද මෙහෙම වෙන්න හේතුව.. එහෙම හිතිලා කටුස්සාගෙන් ඇහුවා,


"මොකද මචන් අද අමුතු ආතල් එකක්? වෙනදට අපිව ආස්සරය කරන්නෙත් නෑ. දැක්කමත් යන්නේ ඈතින්. මොකද බන් මේ..?"


කටුස්සා : " අනේ සොරි ම..චා..න්.. මං දැන් අලුත් මිනිහෙක්. මේ.. ඒක නෙවෙයි ම..ච..න්.. මාර ආතල් එකක් තියෙනවා වදුරා ගාව. උඹත් ඕනෙනම් ගිහින් ගහපං..!"


මේක අහපු කිඹුලටත් හිතුනලු ගිහින් වදුරාව හම්බවෙලා මොකද්ද මේ ආතල් දෙන එක බලන්ට. ඈත ඉදන් එන කිඹුලාව දැකපු වදුරා ඇස් දෙක නැට්ටෙන් පිහ පිහ ඇහුවලු ,


"අම්මට හුඩු..! උඹ ඔච්චර ලොකු වෙනකන් වතුර බිව්වද..!" කියලා.




නොතේරන අයට : දැන් වදුරට රා බිලා වැදිලානේ තියෙන්නේ.ඉතින් වදුරා හිතන්නේ මේ එන්නේ වතුර බොන්ට විලට ගිය කටුස්සා කියලා. 

7 comments:

  1. :D පට්ට විහිලු මචං :D
    හිකි හිකි හිකි

    ReplyDelete
  2. මේ කතාව මම අහල තිබ්බේ රා වෙනුවට වෙන එකක් දාලා රා බිවුවම වතුර තිබහ වෙන්නේ කාටද බන්

    ReplyDelete
    Replies
    1. මට හම්බුනු ස්ටෝරි එකේ තිබුනේ රා..

      Delete