ඔන්න මං ලියන්න යන පලවෙනි කතාව..
මේ සිද්දිය වුනේ මං 8 වසරේ ඉන්න කාලේ. මුලින්ම මගේ ඉස්කෝලේ ගැන කියලා ඉන්න එපායැ ඔක්කොටම කලින්. මං ඉස්කෝල 3 කට ගිහින් තියෙනවා.මුලින්ම ගියේ කන්ද උඩරට රාජධානියක් වෙලා තිබුණු නගරේ ඉස්කෝලෙකට.(ඔයාලට හිතෙන අවසන් රාජධානිය නෙවෙයි.ඊට කලින් තිබුණු එකක්.) ඒ ඉස්කෝලේ හිටියේ මාස 3 යි. අපේ තාත්තා ගේ මාරු වීමත් එක්ක ඒකෙන් අයින් වෙලා එහෙ ඉස්කෝලෙකට ගියා. ඒක බාලක පාසලක්. එකෙත් හිටියේ 5 වසර ඉවර වෙනකන් විතරයි. එට පස්සේ ආයෙත් අර කලින් කියපු රාජධානි නගරේ රජ කෙනෙක්ගේ නමක් තියෙන ඉස්කෝලෙකට ගියා. ඒක ලොකු ඉස්කෝලයක්. හැබැයි මිශ්‍ර පාසලක්. 6 ඉදන් තමයි පන්ති තිබුනේ. ඉතින් මං 6 වසරේ ඉදලා A/L ඉවර වෙනකන්ම හිටියේ ඒ ඉස්කෝලේ. දැනට ඇති ඉස්කෝලේ ගැන.දැන් ආයෙත් කතාවට..
අපේ ඉස්කෝලේ 8 වසරේ පන්ති 03ක් තිබුනා A,B,C කියලා. මං හිටියේ B එකේ.ඔන්න ඉතින් ඒක දවසක් C එකට අලුතෙන් කෙල්ලෙක් ආවා. කෙල්ලගේ නම ප්‍රියංකා. කෙල්ලගේ ගතියක් තිබුනා. ප්‍රියංකාගේ කොන්ඩේ කපලා තිබුනේ ඒ කාලේ තිබුණු කට් එකකට. (කෙල්ලට වහ වැටුණු මගේ යාලුවෙකුත් ඒ විදියටම කොන්ඩේ කපලා ඉස්කෝලෙන් කොන්ඩේ කපන් එන්න කියලා බනුමුත් ඇහුවා. ඒ කාලේ කට් තහනම් ඉස්කෝලේ කොල්ලන්ට.) ඉතින් දැන් ඉස්කෝලේ කොල්ලෝ පැණි හලනවා ප්‍රියංකාව සෙට් කරගන්න. මගේ යාළුවොත් එහෙමයි.(මාත් හැලුවා පැණි. ඒත් හිතෙන්.හැබැයි කව්රුවත් දන්නේ නෑ ඒක.) 8 වසරේ හිටියට අපිටත් ඉතින් ඒ කාලේ කෙල්ලෙක්ව සෙට් කර ගන්න පිස්සුව තමා තිබුනේ. දැන් ඔහොම ටික දවසක් ගෙවිලා ගියා.
දවසක් උන්ගේ පන්තියේ එවුන් පන්තියේ හිටියේ නෑ. මොකද්දෝ වැඩකට එලියට ගිහින්. දැන් මගේ පැණි හලපු යාලුවොන්ට ඕනේ උනා පන්තියට ගිහින් කෙල්ලගේ බෑග් ඒක ඇදලා බලන්ට. එකේ මොනවද තියෙන්නේ, මොනවද ගන්ට පුළුවන් දේවල් ඒ කෙල්ලව මතක වෙන්ට. ඒ කාලේ අපි පැණි හලන කෙල්ලෙක් ඉරලා විසික් කරන කොළ කෑල්ලක්,කාලා විසික් කරන ටොෆී කොලයක් පවා ලොකු දෙයක් කෙල්ලව මතක වෙන්ට තියාගන්න.( මං ගාවත් ඒ වගේ ඒවා හුගක් තිබුනා.ප්‍රියංකගේ ඒවත් තිබුනා. ඒ මං අනිත් එවුන්ට නොදැනෙන්න ගත්ත ඒවා.)
ඉතින් දැන් අපේ එවුන් ගිහින් එක එක දේවල් අරන් ආවා ඒ කෙල්ලට ගාව තිබුණු දේවල්. අපේ පන්තියේ හිටියා ලක්මාල් කියල හෙන පිස්සු වැඩ කරන පොරක්. මේ යකා ගිහින් කෙල්ලගේ ලේන්සුව අරන් ඇවිත් . දැන් ඉතින් කෙල්ලගේ බෑග් ඇදලා මතක සටහන් අරන්, ඒක තිබුණු විදියට තියලා කට්ටිය කොරිඩෝවට වෙලා හිටියා. ඔන්න දැන් ඔහොම ඉද්දි ඒ පන්තියේ එවුන් පෝලිමට එනවා පන්තියට.ප්‍රියංකා අපේ සෙට් එක ළගින් යද්දී එක පාරම ලක්මාල් කිව්වේ නැතැයි ,
"ප්‍රියංකා, ඔයාගේ ලේන්සුවේ හොටු බෝල බෝල ගොඩක් තියෙනවා.ඒවා කැරකෙනවත් එක්ක. ආ... මේක අරන් යන්න" කියලා කියන ගමන් ලේන්සුව දික් කරා.
අපිත් ෆුල් අන්දුන් කුන්දුන්.මොකද මේකා අපිට කිව්වේ නෑනේ එහෙම එකක්. කෙල්ලට හෙන අවුල ඒ වැඩෙන්. ඇයි, කොල්ලෝ ගොඩක් මැද එහෙම නොන්ඩි වෙද්දී මොකාද අවුල් නොවී තියෙන්නේ.
ඉතින් ප්‍රියංකා ලේන්සුව ගන්න ගමන් ලකමාල්ට කිව්වා,
"තමුසේ මොකද මගේ ඒවා අදින්න ගියේ? තමුසේ තමුසෙගේ වැඩක් බලා ගන්නවා " කියලා. ඒ වෙච්ච වැඩේට ඇති උනා දවසම හිනා වේවි ඉන්න අපේ එවුන්ට. ප්‍රියංකා එදා ඉදන් අපේ පන්තියේ එවුන්ට රව රවා තමා හිටියේ කාලයක් යනකන්.
( මේ කියන නම් නෙවෙයි එයාලව දැනන් හිටියේ.)
කෙල්ලන්ගේ බෑග් එහෙම අඳිනවද ? වෙන මොනවා හරි අයිටම් එකක් තිබ්බ නම් තමා වැඩේ :P
ReplyDeleteහප්පේ! මේකට කමෙන්ට් එකක් වැටෙන්න ගිය කාලයක්! :)
ReplyDeleteඒ කුතුහලයට ඇද්දේ. වෙන මොනවත් නොතිබ්බ එකනම් ලොකු දෙයක්.තිබුනනම් ඉදලා ඉවරයිනේ කෙල්ල. :)
මුලින් හොටු, ඊලඟට කඳුළු!
ReplyDeleteමේ කියන්න ඇත්තේ මේ පෝස්ට් ඒකයි, ඔබත් මේ දේ කරලා/කරන්න ඇති.. (ආදරණීය සිහිවටන) මේ පෝස්ට් එකයි ගැන වෙන්න ඇති. :)
Deleteමගේ බ්ලොග් එකේ ඔබ දැකීමත් සතුටක්! :)