Wednesday, June 5, 2013

ඇෆ්ගන් මොනාලිසා.. (දැක ඇති ඡායාරූපයක අපි නොදත් කතාවක්)

මා මේ කියන්නට යන ඡායාරූපය ගැන වරෙක ඔබ අසා ඇති. වරෙක ඔබ දැක ඇති.සමහර විට මීට කලින් නොඅසා ,නොදැක ඇති.මෙයින් කුමක් වුවත් එයට පාදක වූ කතාව දැනගන්නට ,ඡායාරූපය දැකගන්නට කැමතිද? මේ ඡායාරූපය ලොව ප්‍රසිද්ධ වූයේ 'ඇෆ්ගන් මොනාලිසා' යන නමින්.

"මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්..
අනුන්ගේ පිලිසරණින් ජීවත් වන්නියක්..
තවම දැරියක වුනත් 
ඇගේ හිතේ ස්පන්දනය වෙන 
ආත්ම අභිමානය
කසපහරක් වගේ තියුණුයි..
දෂ්ඨ කරන්නට සුදානම් වෙලා
අතීරණයෙන් ඉන්න
සර්පයෙකුගේ ස්වාභාවයක්
ඇගේ බැල්මේ තියෙනවා.."


ඒ විදිහටයි ඒ ඡායාරූපය දුටු කෙනෙක් පැවසුවේ.මේ කියමනට ලක් වූ,


  • එම ඡායාරූපය?
  • ඒ ඡායාරූපයට අදාළ කතාව?
  • මේ ඡායාරූපය ගත් පුද්ගලයා?
  • මේ ඡායාරූපයට පෙනීසිටි ඇය?
  • එතකොට ඇයගේ වර්තමාන පෙනුම?

මේවාට පිළිතුරු අවශ්‍යද? එහෙනම් යන්න පහත දක්වා ඇති සබැඳිය ට.ඔබට දැන ගැනීමට අවැසි සියළු විස්තර එතනින් දැනගන්නට ලැබේවි..



බ්ලොග් අඩවිය - රිද්ම සංකලන..

බ්ලොග් අඩවියේ අයිතිකරු - අතුල සිරිවර්ධන

මේ ඒ ඡායාරූපය නොවේ.ඇයගේ තවත් එක් ඡායාරූපයක්

ප.ලි : සෑහෙන කාලෙකට පස්සේ බ්ලොග් එකට ගොඩ වුනේ.ඊයේ ෆේස්බුකියේ සැරිසරද්දී එක්තරා ග්රූප් එකක බ්ලොග් පෝස්ට් එකකට ලින්ක් එකක් දාලා තිබුණා 'ඇෆ්ගන් මොනාලිසාගේ කතාව' කියලා.ඇෆ්ගන් මොනාලිසා ඡායාරූපය මීට කලින් දැකලා තිබුනත්, එයට පාදක වූ කතාව දන්නේ නැති හින්දා ඒක උඩ කොටලා ගිහින් බැලුවා මොකද්ද මේ කතාව කියලා.


ඒ පෝස්ට් එක කියවලා ඉවර වෙද්දී හිතුණා මේ ඡායාරූපය, එයට පාදක වූ කතාව හුඟක් අය දන්නේ නැතුව ඇති කියලා.ඉතින් ඒ බ්ලොග් එක ලියන 'අතුල සිරිවර්ධන'ගෙන් අහලා බැලුවා මේ පෝස්ට් එකට,බ්ලොග් එකට ලින්ක් එකක් මගේ බ්ලොග් එක හරහා දෙන්නද කියලා. ඔහුගෙන් ඒ අවසරය ලැබුණු හින්දා මං ඒ පෝස්ට් එකෙන් පොඩි කොටසක් අරන් ඉතිරිය කියවන්න ඒ බ්ලොග් එකට යන්න දෙනන හිතුවා. එහෙනම් ඉතින් ගිහින් කියවන්න.

තවත් දෙයක්.. ඡායාරූපකරණය ගැන තොරතුරු දැනගන්න,ලොව ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෝ,ලොව ප්‍රසිද්ධ ඡායාරූප ගැන,නොදන්නා දේවල් ගැන ඉගෙනගන්න වගේ බොහෝ දේවල් ඒ බ්ලොග් අඩවියෙන් අපිට ගන්න පුළුවන්. ඒ හින්දා ෆලෝව් පාරක් හරි, බුක්මාක් එකක් දාගෙන තියාගත්තට පාඩුවක් වෙන එකක් නෑ.

Ayilas A අයියා ලියන සැමරුම් බ්ලොග් එකත් ඡායාරූපකරණයට වැඩි ඉඩකඩක් වෙන් වුනු තැනක්නේ.

14 comments:

  1. තැන්කුයි නොදන්න දෙයක් දැනගත්තා...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දෙයක් වත් ඉදලා හිටලා කරන්න එපැයි.. :)

      Delete
  2. කාලෙකට පස්සේ මනමාලියෙක් අරගෙන ඇවිත් තියෙන්නේ.කොයි ලෝකෙද බන් මෙච්චර කල් හැංගිලා හිටියේ????

    ReplyDelete
    Replies
    1. ඕ. නැත්නම් මං විතරක් ආවනම් මෙලෝ රහක් නෑනේ. ඒ හින්දා මනමාලියක් එක්කගෙනම ආවා කල්හාන්..;)

      කොහෙවත් හැඟුනේ නෑ බන්.මගේ මළයා නිවාඩු ඈවිත් මාස දෙකකට කිට්ටුව හිටියා.ඉතින් පොර එක්ක පොරගේ වැඩ වලට, මගේ වැඩ වලට එහෙ මෙහෙ යන්න වුනා.අනික මළයා ගෙදර ඉන්න හැම වෙලාවෙම ලැප් එකේ.ඉතින් මට පොස්ට් එකක් නිදහසේ ලියාගන්න තරම් වෙලාවක් තිබුනේ නෑ. :(. ඒකයි සීන් එක. දැන් හරි. මළයා ආපහු ගියානේ. :)

      Delete
  3. ගිහිං බලන්නම්.

    ReplyDelete
  4. කොහෙද අෆ්ෆේ හිටියේ ? තව දෙන්නෙක් අතුරුදහන් :P

    ReplyDelete
    Replies
    1. ඇහ්! අය කව්රුද අතුරුදහන් වෙලා ඉන්නේ?

      කොහෙද හිටියේ කියන එකටනම් උත්තරේ කල්හානේ කමෙන්ට් එකට උත්තරයක් විදියට දුන්නා. ඒක බලහන් මචන්.

      Delete
  5. අතුල සිරිවර්ධන කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවේ ....පස්සේ වෙලාවක මම කියන්නම්කො විස්තරේ...

    ReplyDelete
  6. මමත් ඔය පින්තූරේ දැකලා තියනවා,, හැබැයි ඔච්චර කතාවක් නම් දන්නෙ නෑ,, මුනා වුනත් හොදට මතක හිටින ඇස් දෙක්ක තියනවා ඒ නංගියාට..

    ReplyDelete
  7. මේ පින්තූරේ ගැන විස්තරයක් මමත් කියෙවුවා.. මේක ටයිම්ස් සඟරාවේ මුල් පිටුවක ගිය එකක්..

    ReplyDelete
  8. ඉෂාන් කාලෙකින්.. අර සයිට් එකට ගිහින් බලන්නම් කො..

    ReplyDelete