Wednesday, September 11, 2013

තනි වූ මොහොතේ..



දවසක
නිහඬ මොහොතක 
හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක 
ඔයා මගේ ළඟ
සිහිනයක් වගෙයි රත්තරන් මට
අපේ හිත්වල හැංගුන ලෙන්ගතුකම
විකසිත වෙලා පුදුමයි මට
හැමදාම දොඩමළු වූ අපේ සිත්
අද ගොළු වෙලා වගේ
ඒත් හැගීම් වලින් පිරුණු 
අපේ නුවන් රහසින්ම ලංවෙලා
ආදරයෙන් උමතුවුණු හදවත
කියාගන්න බැරිතරමට සතුටු වෙනවා
දුකක් සුසුමක් අද ළඟපාතකවත් නෑ
මේ සෙනෙහසේ ඇරඹුමට සුභපතන්න වගේ
මල් සුවඳකුත් හිතට දැනෙනවා
ඇත්තටම ඔයා මගේම නම්
මාත් ඔයාගේම වෙන්නම් සදහටම
මේ අද වගේ ඔයාගේ තුරුළට ලංවෙලා
ඉන්නම් හැමදාම..

-ජානු-


- මාස 03 දින 06කට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියවෙන්නේ. එහෙම වෙන්න හේතු කාරණා කිහිපයක් තිබුණනේ මට. තව කම්මැලි කමත් සෑහෙන්න තිබුණා පෝස්ට් එකක් ලියන්න බැරි තරම්. අතරින් පතර අනිත් අයගේ බ්ලොග් වලට ගොඩ වෙලා ලියපු ඒවා කියෙව්වත් කමෙන්ට් කරේම නැද්ද කොහේදෝ. ඒ හින්දා මාව අමතක වෙලාම ගිහින් ද දන්නේ නෑ.. 

ඒවා එහෙම වුනාට මං හිතුවා ආපහු ලියන්න පටන් ගන්න. ගිය අවුරුද්දේ බ්ලොග් එක පටන්ගෙන මාස 6 ට පෝස්ට් 85 ක්. ඒත් මේ අවුරුද්දේ මාස 9ටම පෝස්ට් 8යි. හරිම දුකයි මටම ඒ ගැන.

තව ඒ අස්සේ මගේ බ්ලොග් එකට අවුරුද්දකුත් පිරිලා. ඒ 2013 ජූනි 28 වෙනිදාට. ඉතින් මේ තාක් කාලයක් මගේ බ්ලොග් එකට ගොඩ වැදිලා පෝස්ට් කියවපු, කමෙන්ට් කරපු, නොකරපු, බ්ලොග් එක ෆලෝව් කරපු හැමෝටම ස්තූතියි කියලා කියන්න කැමතියි. නම් කියන්න බෑ. කව්රුහරි මිස් වුනොත්! ඒ හින්දා හැමෝටම ස්තූතියි! ස්තූතියි!

තව මං දැක්කා අළුතින් බ්ලොග් වගයකුත්. හෙමිහිට ඒ ටිකත් ෆලෝව් කරලා සෙට් වෙන්නම් එයාලත් එක්කත්. එහෙනම් ඉතින් ඉස්සරහටම යමු.. ජය!!

11 comments:

  1. අන්න එහෙම එන්නකෝ...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් අතුරුදහන් වෙලා එන්නද? ;)

      Delete
  2. අපිත් බැලුව මොකද මේ ඵැත්තෙ ආවෙ නැත්තෙ කියල... එහෙනම් සුභ පතනව තව ලියන්න කියල....

    ReplyDelete
    Replies
    1. මං අදමද මන්දා මගේ බ්ලොග් එකේදි දැක්කේ? එහෙනම් පිළිගන්නවා සාදරයෙන්!

      Delete
  3. අලුත් ආරම්භයට වගේ ම බ්ලොග් උපන් දිනේටත් මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ස්තූතියි! :)

      Delete
  4. ගොඩාක් කාලයකට පස්සෙ.
    අයෙත් ඉස්සර වගෙ ලියපන් මචන්.
    නිසදෑස නියමයි.

    ReplyDelete
    Replies
    1. ලියන්නම් මචං!

      ස්තූතියි නිසදැස ගැන කිව්වට! :)

      Delete
  5. ආව් ඇති යන්තං කොල්ලා ආයෙත් වැඩ අල්ලලා.. එල එල මචෝ දිගටම ලියපං..
    අවුරුද්දේ උපන් දිනේ දවසේත් අපේ වැඩකට හිරවෙලානේ උබ හිටියේ!!
    දැන් ඉතිං ආයෙත් පුරුදු විදිහටම ලියන්න ගනිං..

    ජය ශ්‍රී!!

    ReplyDelete
  6. බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක !!!

    ReplyDelete
  7. මං හිතුවෙ කසාද බැන්ඳවත් දෝ කියල

    ReplyDelete