මා නොදත් Zaas Rox නමැති පුද්ගලයා වෙතටයි,
ඔබ කවුරුද, කුමන තරාතිරමක කෙනෙක්ද කියන එක මා නොදන්නා අතර මා දන්නා එකම කාරණය වන්නේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එහෙම පිටින්ම කොපි කර මරුසිරා හි පලකරන බවයි.
මේ ආරංචිය ලද විගස මා මරුසිරා අඩවිය වෙත ගොස් කියපු දේ ඇත්තක් දැයි සොයා බැලු අතර දකින්නට ලැබුනේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ ලියන ලද පෝස්ට් 4ක් දවස් දෙකක් තුලදී මරුසිරා හී පළකරඇති බවයි.මා විසින් ලියන ලද පෝස්ට් තවත් තැනක දක්නට ලැබෙන එක සම්බන්ධයෙන් මුලින්ම ඔබට ස්තුති වන්ත වන අතර මට ඇති ප්රශ්නය වන්නේ උපුටාගත් තැන් පිළිබදව කිසිදු සටහනක් පලනොකිරීමට තරම් ඔබ උනන්දුවක් නොදක්වා ඇත්තේ ඇයිද යන්නයි. (සමහර විට ඒක අමතක වුනාද දන්නේ නෑ.මොකද ලංකාවේ මේ දවස් වල නැගලාම යන ලෙඩේනේ අමතක වීම..)
මේ පෝස්ට් මා විසින්ම ලියපු ඒවා යැයි කියන්නේ, ඔබ විසින් කොපි පේස්ට් කර මරුසිරා හී පළ කරන ලද පෝස්ට් හී කිසිදු වෙනසක් මං ලියපු ඒවා හා සැසදීමේදී දක්නට නොලැබෙන නිසාය.අඩුම තරමේ හෙඩින් එකවත් වෙනස් වී නොමැත.
උදා :
නරලොව හොල්මන් කෘතියෙන් උපුටාගෙන මගේ බ්ලොග් එකේ පලකරන ලද කතා වල සමහර අවස්ථා මා විසින් මුල් කතාවෙන් වෙනස් කර ලියන ලදී. මේ එවැනි අවස්ථා කිහිපයක්.
1. මංගල සභාවෙන් අවසරයි..
(2012.09.01 දින ලියන ලද )
"මේ විවාහය කියන දෙය ජිවිතයේ බොහොම භයානක අනතුරක් කියලා කියන්න පුළුවන්. හරියට හයිවේ එකේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ.."
මේ හයිලයිට් කරලා තියෙන තැන වෙනුවට මුල් කෘතියේ තියෙන්නේ,
"හරියට මොටෝ සයිකල් ඇක්සිඩන්ට් එකක් වගේ.."
2. වැසිකිළි කුරුටු ලිපි..
(2012.09.21 දින ලියන ලද)
2. වැසිකිළි කුරුටු ලිපි..
(2012.09.21 දින ලියන ලද)
"මම මෙදා මෙම යුරෝපීය ගවේශකයින් තිදෙනා කටුනායකදී පිළිගෙන ගවේෂණයට මුලපිරිමි."
හයිලයිට් කරලා තියෙන තැන වෙනුවට මුල් කෘතියේ තියෙන්නේ,
"කොළඹ ජැටියේදී.."
3. මහා කසිප්පු සමුළුව..
(2012.09.04 දින ලියන ලද)
3. මහා කසිප්පු සමුළුව..
(2012.09.04 දින ලියන ලද)
"1 වැනි වාර්ෂික මහා සමුළුව 2012 සැප්තැම්බර් 31 වන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.31ට කොළඹ කනත්තේ සුසාන භූමියේදී.."
හයිලයිට් කරලා තියෙන තැන වෙනුවට මුල් කෘතියේ තියෙන්නේ,
"1965 අගෝස්තු 15"
ඉතින් මා මෙසේ වෙනස් කර ලියන ලද කොටස් සහිත නරලොව හොල්මන් කතා Zaas Rox විසින්,
2012.10.01 දින
2012.10.01 දින
2012.09.30 දින,
යන දිනයන් හී පළකරන ලද පෝස්ට් හී ද දක්නට ලැබේ.(වැරදුනු අකුරු,තිත්,කොමා පවා).
මා පරිවර්තනය කර පලකරන ලද පෝස්ට් එකක් Zaas Rox විසින් මරුසිරා හී පලකරන ලද තවත් අවස්ථාවක්..
( Zaas Rox 2012.09.30 දින)
මේ පෝස්ට් හතරම හොදට බැලුවොත් කියන්න පුළුවන් මං කියන්නේ බොරු නෙවෙයි කියලා. මුල් කතා මං අරන් ලියලා තියෙන්නේ චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් කියන පොතෙන්.ඒ කතා උපුටාගත් තැන් මම පෝස්ට් එකේ යටින් දාලා තියෙනවා. ඉතින් දැන් මේක දකින ඔබට කියන්න පුළුවන්,
"හරි, මාත් මේ පොත කියවලා තමයි මරුසිරා වලට දැම්මේ! මං කොපි කරේ නෑ..! උඹට විතරක් නෙවෙයිනේ ඒවා දාන්න පුළුවන්..!" කියලා.
එතකොට මට අහන්න තියෙන්නේ එකම ප්රශ්නයයි.
"ඔව්.පුළුවන්. ඒත්.. මං මේ වෙනස් කරලා තියෙන තැන් ඒ පොත් වල නෑනේ. අනික ඒ කතා තියෙන්නේ වෙන නම් වලින්.. එතකොට මේ පෝස්ට් දෙකම මරුසිරා වල තියෙන්නේ මං දාපු නම් වලින්. එතකොට ? බොරුනම් ඒ පොත් හොයන් බලන්න."
"ඔව්.පුළුවන්. ඒත්.. මං මේ වෙනස් කරලා තියෙන තැන් ඒ පොත් වල නෑනේ. අනික ඒ කතා තියෙන්නේ වෙන නම් වලින්.. එතකොට මේ පෝස්ට් දෙකම මරුසිරා වල තියෙන්නේ මං දාපු නම් වලින්. එතකොට ? බොරුනම් ඒ පොත් හොයන් බලන්න."
ඉතින් තවත් මොකටද සාක්ෂි..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ,
"හලෝ Zaas Rox, කෙනෙක් තමන්ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්නේ හුඟක් මහන්සි වෙලා, තමන්ගේ තවත් මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් කාලය නාස්ති කරන්.ඉතින් මාත් ඒ වගේ තමා. මේ කතා ලියන්නේ මහන්සි වෙලා.සමහර කතා ට්‍රාන්ස්ලේට්.කොහෙන් හරි දැකලා කොපි පේස්ට් නෙවෙයි.ඉතින් පෝස්ට් එකක් ලියන්න යන මහන්සිය දන්නේ ඒ ලියන කෙනා විතරයි.කොපි පේස්ට් කරන් දාගන්න අය නෙවෙයි.
මං තාමත් කව්රුවත් ලියපු එකක් උස්සලා මගේ බ්ලොග් එකේ දාලා නෑ. එක වතාවක් මට එහෙම කතාවක් අහන්න වුනා. ඒත් මං ඒක ඔප්පු කරලා පෙන්නුවා ඒක උස්සපු එකක් නෙවෙයි කියලා. ඒත් ඔබට පුළුවන්ද ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න..?
මං තාමත් කව්රුවත් ලියපු එකක් උස්සලා මගේ බ්ලොග් එකේ දාලා නෑ. එක වතාවක් මට එහෙම කතාවක් අහන්න වුනා. ඒත් මං ඒක ඔප්පු කරලා පෙන්නුවා ඒක උස්සපු එකක් නෙවෙයි කියලා. ඒත් ඔබට පුළුවන්ද ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න..?
ඉතින් උත්සහ කරන්න අලුත් දෙයක් ලියන්න.ජාලයේ ඕන තරම් විහිලු කතා තියෙනවා සිංහලයට පරිවර්තනය නොවුණු.හොයලා බලන්න. තවත් කෙනෙක් මහන්සියෙන්,වෙලාව නාස්ති කරන් ලියන දෙයක් කොපි පේස්ට් කරලා තමන් ලිව්වා වගේ ලියන්න කියන්න එපා.එහෙමනම් ඒ කතාව ගත්ත තැනක ලින්ක් එක හරි දාන්න.ඒත් නරලොව හොල්මන් වගේ පොත් වලින් ගත්ත කතා පළකරද්දී අඩුම තරමේ එකේ මුල් කතෘ ගැන සදහන් කරන්න.
මහන්සි වෙලා තමන්ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන අයගෙන්, ලියපු දෙයක් නොකියා අරන් තව තැනක පලකරන එක සදාචාරාත්මක නෑ නේ..?"
මහන්සි වෙලා තමන්ගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන අයගෙන්, ලියපු දෙයක් නොකියා අරන් තව තැනක පලකරන එක සදාචාරාත්මක නෑ නේ..?"
ඔබට ජය!!
මීට,
ඉෂාන්ගේ සටහන් ලියන
ඉෂාන්..
ප.ලි. -
"කොපි කරද්දී පොඩි වෙනස් කමක් හරි කරලා දාන්න.අඩුම තරමේ හෙඩින් එකවත්.."
"තරහා ගන්ට කාරී නෑ ඕං.."
ඉෂාන්..
ප.ලි. -
"කොපි කරද්දී පොඩි වෙනස් කමක් හරි කරලා දාන්න.අඩුම තරමේ හෙඩින් එකවත්.."
"තරහා ගන්ට කාරී නෑ ඕං.."
මේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් මරුසිරා වල දැකලා මට දන්වපු මගේ මිත්‍ර කොළ.වෙරී ඩී ට ස්තුතිය..
එළ එළ එහෙම තමයි දෙන්න ඕනෑ
ReplyDeleteඑළ..! දෙන්න පුළුවන් හොදම විදියට දුන්නා. :)
Deleteපොස්ට් එකක් ලියනවා කියන්නේ රෑ නිදිමරා ගෙන පැය ගානක් කට්ට කාලා කරන වැඩක් නේ. ලින්ක් එකවත් දානවා නම් මුල් ලිපියට සාධාරණයක් වෙනවා.
ReplyDeleteඑකනේ සහෝ.කොපි කරන ඈයෝ ඒක දන්නේ නෑ.
Deleteසහතික ඇත්ත ...
ReplyDelete:) :)
Deleteසතුටු වෙන්න. ඔයාගේ ලිපිය සාර්ථක නිසානේ එහෙම කොපි කලේ :)))
ReplyDeleteසතුටුයි තමා හලෝ.ඒකනේ මං මුල් හරියෙම ඒකට ස්තුති කරලා තියෙන්නේ.. :)
Deleteඕනෑම කෙනෙක් පොඩි පෝස්ට් එකක් ලියුවත් සෑහෙන මහන්සි වෙනවා ඒකට.ඒවා කොහේ හරි පලකරනවා නම් සබැදිය දිය යුතුයි ඒ නිසා..ඔබ පහදා දී ඇති අයුරු හරි අපූරුයි..සැරට කියනවට වඩා සුහදත්වයෙන් දෙයක් කියන මිනිස්සු අඩුයි අද.
ReplyDeleteජය!
ඕ.. මාත් සැරට කිව්වේ නෑ.පුළුවන් තරම් සැර අඩු කරලා කිව්වේ.ඒ වගේ දේකට වෙන මහන්සිය දන්නේ ඒ දේ කරන කෙනා විතරයි
Deleteඕවා ඔහොම තමා බං... බලහන් මගේ පෝස්ට් කීයක් එළකිරි එකෙ උන් උස්සලද?
ReplyDeleteඋන්ව හදන්න බෑ බං :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හදන්න බෑ තමයි මචං.ඒත් එක පාරක් හරි කියලා තියන්න එපැයි ඒ වැඩේ වැරදියි කියලා..:)
Deleteකොච්චර මහන්සිවෙලාද ලිපියක් ලියන්නෙ...ඔහොම උනාම අප්සෙට් තමා..!
ReplyDeleteසදාචාරය පිලිබඳ ප්‍රශ්ණයක් තමා.
හ්ම්.. සදාචාරය ඇත්තටම නෑනේ දැන් රටේ. නැත්නම් මෙහෙම වෙයියැ..:)
Deleteමචං බ්ලොග් එකට copyscape ගැජට් එක එකතු කරන්න.. ඒ මගින් කවුරු හරි ලිපි කොපි කලොත් "ඒ කවුද" කියන එක බලා ගන්න වගේම ඒ ලිපි වියාජ ලිපි ලෙස ලකුණු කර සර්ච් එංජින් වලට දැනුම් දෙනවා මෙන්න සයිට් එක www.copyscape.com
ReplyDeleteඑළ! තැන්ක්ස් මචං.. :)
Deleteඅනේ මන්දා...මම මේ ළගදි දැක්කා කෙනෙක් පෝස්ට් එකක් ලියලා වෙන බ්ලොග් එකක නමක් දාලා එයාට මඩ ගහන්න වගේ පෝස්ට් කරලා තියනවා.. ඔයාගෙ පෝස්ට් හොද නිසානෙ අය්යණ්ඩි එයා දාලා ඇත්තෙ..එක අතකින් සතුටු වෙන්න ඕන..දන්න අය දන්නවනෙ ඔයා ගැන..
ReplyDeleteජය වේවා!!
සතුටුයි තමා හලෝ.ඒකනේ මං මුල් හරියෙම ඒකට ස්තුති කරේ. එළ! ජය වේවා..!
Deleteඉෂාන් ඔයා මේ ලින්ක් එකෙන් කිහින් මේක add කරගන්න එතකොට කාටවත් කොපි කරන්න බෑ
ReplyDeletehttp://www.justnaira.com/2012/03/how-to-disable-right-click-on-blogger.html
Machan meka kalata wadak ne.mokada higlight karala CTRL+C gahuwama copy wenawa
Deleteබ්‍රව්සර් එකේ ජාවා ඩිසේබල් කලොත් මොකෝ වෙන්නේ බලන්න...
Deleteඒක ඇත්ත සහෝ.ඒ වුනාට තැන්ක්ස් ඒ ගැන කියලා ගියාට. :)
Deleteඅඩේ උඹ සතුටු වෙයන් බන් උඹ ජනප්‍රිය නිසා තමා උඹේ ලිපිත් උස්සන්නේ.කාලයක් එකෙක් මගේ ලිපිත් ඉස්සුවා.ඒ ගැන මමත් මේ වගේ පෝස්ට් එකක් දැම්මා එතකොඅට තමා කට්ටිය මට පැහැදිලිව තේරුම් කරලා දුන්නේ එහෙම කරන්නේ මම ජනප්‍රිය කෙනෙක් නිසා කියලා. :)
ReplyDeleteකාටද ආඩම්බර?
අහ්..!! ඒකත් එහෙමද බං.එතකොට දැන් මම ජනප්‍රියයි.. :) එළනේ. :)
Deleteහොරු කියන්නේ හොරු මචන්, උන් කවදාවත් හොරකම් කරපු ගෙවල්/පොස්ට් ගැන කාටවත් කියන්නේ නෑ. එකනේ මචං එවුන්ට හොරු කියන්නේ . අපිට හොරු හදන්න බෑ බං. ඒක හන්දා උඹේ ගමන උඹ පලයන් , කොපි කළා කියල උඹේ හැකියාව නැතිවෙන්නේ නෑනේ
ReplyDeleteඕ.. මං සැලෙන්නේ නෑ මචං. මං කරේ ඒ ගැන මට හිතුනු දේ කියලා දැම්ම එකයි. :)
Deleteelatama gahala ohoma thama denna one
ReplyDeleteMage 2kuth elakiri eke watila tibuna habei linkuwa ekka
මේකේ ලින්කුවවත් නෑනේ. :(. දෙන්න පුළුවන් හොදම විදියට දුන්නා මචං.. :)
Deleteඕක වැඩිය ගණන් ගත යුතු දෙයක් නෙමෙයි!ඔය වගේ මානසික විකෘති කාරයෝ ඉන්නවා!
ReplyDeleteලිපිය සාර්ථක නිසානේ උස්සන්න ඇත්තේ!;)
ඒක එච්චරම ලොකුවට ගණන් ගත්තේ නෑ සහෝ. ඒත් ඒ ගැන කියලා දාන්න ඕනේ කියලා හිතුනු දේ කියලා දැම්මා. :)
Deleteලංකාවේ සමහර මිනිස්සුන්ගේ හැටියක් ඕක ලේසියෙන්. ජනප්‍රිය වෙන්න හදනවා. ඒත් ඒ ජනප්රයත්වේ ටික කාලයයි.
ReplyDeleteමහන්සි වෙලා ලියන පෝස්ට් එකට කමන්ට් වැටෙද්දි හිතට දැනෙන සතුටු වගේම, තමන්ගේ මහන්සිය කෙනෙක් උදුරගනිද්දි හිතට දැනෙන වේදනාවත් හරිම ප්‍රබලයි.
මේ වගේ දේවල් උණාට සැලෙන්න එපා. තවත් ශක්තිමත් වෙන්න. මගේ සුබ පැතුම් !!!!! :) :) :) :) :)
ඇත්ත.. :) එළ.. :)
Deleteගත්තට කමක් නෑ ඒත් තමන්ගේ වගේ දාන එක තමා අවුල :/
ReplyDeleteඕ ඕ.. :)
Deleteහ්ම්ම්.., මටත් මේක දැක්කම පුදුම කේන්තියක් බං ආවේ...,
ReplyDeleteමේවා ඉස්සුවාට කමක් නෑ.., ඒත් ගත්ත තැනත් දාන්න ඕන(මගේ මතය).., ගුණමකු වෙන්න හොඳ නෑ...
මේක ලියන කෙනා කොච්චර කට්ටක් කන්න ඇද්ද කියන එක හිතන්න ඕන...
anyways wish best of luck macho...
දිගටම ලියපං...
:)
ජය වේවා...
උඹ කියපු එක හදයි, නැත්නම් මාත් දන්නේ නෑනේ.
Deleteතැන්ක්ස්.. :)
ජය වේවා මටම.. :D
ඕවා කොච්චර කිවුවත් වැඩක් නෑ ඉශාන් සහෝදරයෝ...ඔවානම් පට්ටම බලු වැඩ..ඒත් ඉශාන් ඔයා මේවයින් තවත් ශක්තිමත් වෙන්න ඕන...ඒ මිනිහා ඔයාගේ ඒවා දන්නේ ඔයාගේ ඒවගේ ඒ තරං රසක් තියෙන හින්දා නේද?නැගිටපන් තව ලියපන්...පුදපන් අනුන්ට...එහෙම විතරක් මදි ඌට කමෙන්ට් එකකුත් දාපන් නියමයි කියලා
ReplyDelete