Monday, February 18, 2013

පැනයාම හා මිනීමැරුම - (තෑගී නැති ප්‍රශ්න - 10)

වැඩිය මොකුත් ලියවෙන්නේ නෑ මේ පාර. අද ආවේ තෑගී නැති ප්‍රශ්න වල ඊළඟට අහන්න තියෙන ප්‍රශ්න දෙක අරන්.දෙකම ටිකක් හිතන්න වෙන ප්‍රශ්න දෙකක්.කැමතිනම් දෙකටම උත්සහ කරලා බලන්න පුළුවන්. නැත්නම් එකකට වුනත් කමක් නෑ.හෙට කතාවක් දාන්න හිතන් ඉන්නවා. බලමු...

එහෙනම් මෙන්න අද ප්‍රශ්න දෙක.


ප්‍රශ්න අංක 1 : 



ඔන්න රටවල් දෙකක් අතර යාවෙන දිග පාලමක් තියෙනවා.රටවල් දෙක අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි කියලා.දැන් ඉන්දියාවයි ලංකාවයි යා කරලා තමා මේ පාලම හදලා තියෙන්නේ.මේකේ ලංකාවේ පැත්තේ ඉන්නවා ආරක්ෂකයෙක්.ඔහුට දීලා තියෙන රාජකාරිය තමා ලංකාවේ ඉදලා ඉන්දියාවට යන්න උත්සහ කරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තියෙන එක.ඒ කියන්නේ මේ පාලම හරහා ලංකාවේ ඉදලා කිසිම කෙනෙකුට යන්න බෑ ඉන්දියාවට.ඒත් ඉන්දියාවේ ඉඳලා ලංකාවට එන්න කිසිම බාධාවක් මේ ආරක්ෂකයාගෙන් නෑ. නිදහසේ ලංකාවට එන්න පුළුවන්.

මේ ආරක්ෂකයා හැම පැයකටම සැරයක් මේ පාලම මත තියෙන නිරීක්ෂන කුළුණට නැගලා බලනවා කවුද ලංකාවේ ඉඳලා කවුද ඉන්දියාවට පනින්න හදන්නේ කියලා.කවුරුහරි යන්න හැදුවොත් වෙඩි තියනවා.මේ පාලමේ එක පැත්තක ඉදන් අනිත් පැත්තට යන්න පැය 1යි විනාඩි 45ක් යනවා.යන්න තියෙන්නේ ඇවිදන්.

ඔන්න ලංකාවේ ඉන්න තිලිණි ට ඉන්දියාවට යන්න ඕනේ වුනා මේ පාලම හරහා.මේ යන ගමනේදී ආරක්ෂකයාට මාට්ටු  වුණොත් වෙඩිකන්න වෙනවා කියන එකත් තිලිණි දන්නවා.තිලිණි කියන්නේ බුද්ධිමත් කෙල්ලෙක්.ඉතින් තිලිණි කල්පනා කරා මේ වැඩේ අවුලක් නැතිව ගොඩදාගන්න ක්‍රමයක්.කල්පනා කරලා බලද්දී මේ වැඩේ අවුල ගොඩදාගන්න පුළුවන් අදහසක් මෙයාගේ ඔළුවට ආවා.ඉතින් එයා ඒ අදහස ක්‍රියාත්මක කරලා ඉන්දියාවට ගියා.

ප්‍රශ්නය : 


කොහොමද තිලිණි කිසිම අවුලක් නැතුව මේ පාලම හරහා ඉන්දියාටව ගියේ?

* මුහුදේ පීනලා, බෝට්ටු, නැව් වලින් නෙවෙයි ගියේ.පාලමෙන්.



ප්‍රශ්න අංක 2 :



මෙතන කියලා තියෙන සියළුම ප්‍රකාශ සත්‍යනම්,

# 1. කෝසල කියන පුද්ගලයා 2001 දී හිටියේ ස්විට්සර්ලන්තයේ හෝ ජර්මනියේ.

# 2. කෝසල Mr. ඒකනායක කියන පුද්ගලයාව මැරුවේ නැත්නම් Mr. ඒකනායක ව මරන්න හැකියාව තිබුණේ ඉෂාන් ට විතරයි.

# 3. Mr. ඒකනායක මරණයට පත්වුණේ හුස්ම හිරවීමෙන්නම්, එයා මැරුවේ කෝසල වෙන්න පුළුවන්.නැත්නම් Mr. ඒකනායක සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්.

# 4. කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ නම් හිටියේ, එහෙනම් කෝසල Mr. ඒකනායක ව මරන්න හැකියාවක් නෑ.

# 5. ඉෂාන් 2001දී හිටියේ ජර්මනියේ.

# 6. Mr. ඒකනායක මරණයට පත්වුණේ හුස්මහිරවීමෙන්. ඒත් එයා සියදිවි හානි කරගත්තේ නෑ.

එහෙනම් දැන් මෙන්න මේවායි තියෙන ප්‍රශ්නේ;

1. කොහොමද Mr. ඒකනායක මැරුණේ?

2. කෝසල 2001දී හිටියේ මොන රටේද?


එහෙනම් ප්‍රශ්න දෙකටම හරි එකකට හරි උත්තර දෙන්න බලන්න. හරි උත්තර ඊලඟ ඉරිදා පබ්ලිෂ් කරන්නම්.

කලින් වතාවේ ප්‍රශ්නේ හරි උත්තරේ දානවා කියපු දවසෙම පබ්ලිෂ් කරා.බැලුවේ නැති අය මෙතනින් බලන්න.

ඒ පෝස්ට් එකේ ඇනෝපාල කියලා කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබුනා කමෙන්ට් එකකින්.උත්තරේ මං දන්නවා.[ සිරාවටම :) ] ඒත් එතන කමෙන්ට් කරේ නෑ.අනිත් අයටත් ඒක පුළුවන්ද බලන්න මේ  ලින්ක් එක උඩ කොටලා බලන්න.



58 comments:

  1. උඩේ පාන්ඩලම මාව මෙව්ව වෙලා මෙව්ව වෙලා මෙව්වා වෙලා මෙව්ව වෙලා ගියා........................

    අනෙ අම්මෝ අර පොතෝ එකතනම් සෑහෙන්ඩ යහිතෙනව ඈ......:/

    ReplyDelete
    Replies
    1. හලි සෝයී හනේ! කෙනෙක්ව උදේ පාන්දර බයකරලා ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න ලැබුනා.මටත් ඒක නිකන් මෙව්වා මෙව්වා එකක් වගේ.

      හි හි හි..

      Delete
  2. 1)මේ ආරක්ෂකයා හැම පැයකටම සැරයක් මේ පාලම මත තියෙන නිරීක්ෂන කුළුණට නැගලා බලනවා කවුද ලංකාවේ ඉඳලා කවුද ඉන්දියාවට පනින්න හදන්නේ කියලා.

    තිලිනිට කරන්න තියෙන්නෙ ආරක්ශකය බැස්ස ගමන් පාලම දිගේ ඉන්දියාව පැත්තට යන්න.විනඩි 55 ක් ගිහිල්ල අයෙත් ලන්කාව පැත්තට හැරිල ඇවිදගෙන එන්න.ආරක්ශකයා කුලුනෙන් බැස්ස ගමන් අපහු ඉන්දියාව පැත්තට යන්න.

    2)2001 දි ඉශාන් හිටියේ ජර්මනියෙ නම් Mr.ඒකනයක ඉන්න ඇත්තෙත් ජර්මනියේ.
    Mr.ඒකනයක දිවි නසා ගත්තෙ නැත්නම් එයා මරල තියෙන්නෙ කෝසල.
    එහෙනම් 2001 දි කෝසල ඉන්න ඇත්තෙ ජර්මනියෙ.

    (ඇත්තටම ඇය් ඉන්දියාවට පනින්නෙ.කොහොමත් පනින එකේ ඕස්ට්‍රෙලියාවට පැන්න නම් නරකද. !)

    ReplyDelete
    Replies
    1. උත්තර දෙකම හරි ගනේෂ්. :)

      ඔස්ට්‍රේලියාවට පැනලා මාට්ටු වෙනවට වඩා මේක හොදයි කියලා හිතෙන්න ඇති. ;)

      Delete
  3. 01. මට හිතෙන විදියට මුලින්ම ආරක්ශකය නගල බහිනකොටම කෙල්ල ගමන පටන් ගන්නව... ඊට පස්සෙ පැයකින් ගමන නතර කරල ආපහු ඉන්දියාවෙ ඉද්ල එනව වගේ එනව.... ආපහු අරු බැස්සට පස්සෙ ඉතුරු ටික හැරිල දුවනව පන එපෝ කියල...

    ReplyDelete
  4. මම ඉතිං මැට්ටා බව උඹ දන්නවනේ.. හෙහ්...

    ReplyDelete
    Replies
    1. මං ඒ ගැන නොදන්නවයැ දේශකයාණෙනි.. හි හි හි.. ;)

      Delete
  5. 1)තිලිණි පස්සෙන් පස්සට ඇවිදගෙන යන්නන ඇති.

    2).1- Mr.ඒකනායක මැරුණේ කෝසල විසින් හුස්ම හිර කරලා.
    .2- කෝසල 2001දී හිටියේ ජර්මනියේ.

    ReplyDelete
    Replies
    1. පළවෙනි උත්තරේ මං බලාපොරොත්තු නොවුන උත්තරේ වුනත් ඒකත් හරි.

      දෙවෙනි එකත් හරි. :)

      Delete
  6. ආරක්ෂකයා කුළුනට නැගලා බලන්නෙ පැයකට සැරයයිනේ, පාලමෙන් එහාට යන්න පැය එකාමාරක් යනවා, තිළිණ දිව්වද දන්නෑනේ.. @සිතමින්

    ReplyDelete
    Replies
    1. දිව්වේ නෑ. ඇවිදන් යන්නේ. තව ටිකක් හිතලා බලන්න. :)

      Delete
  7. තිලිනි ආරක්ෂයාට මායමක් දාල උව සෙට් කරන් ඌ එක්කම රට පැන්නා... :) හැක හැක..හරිනේ?

    ReplyDelete
    Replies
    1. නෑ... එහෙම නෙවෙයි වුනේ.දැන් කාලේ එවුන් ඕවාට අහුවෙන්නේ නෑ බං. ;)

      Delete
  8. පොඩ්ඩක් ඉදහන්.. වොඩ්කා කාලක් ගහලා එන්නං!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ වෙනකම් තාම රජාගේ වොඩ්කා කාල ඉවර නැල්ලු. ඒක රාජ බීමක්‌ ලු. ඒකයි ;)

      Delete
  9. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍ර‍ශ්නයක්... උත්තරයක් හොයාගත්තොත් කොටන්නම්...

    ReplyDelete
    Replies
    1. සිරා අයියා තාමත් බොනවැයි! :0

      Delete
  10. හප්පා බං මොලේ කුරුවල් වෙන ප්‍රශ්නනේ බොලත් අහන්නේ..ඇඟ හිටි වැටෙනවා බං

    ReplyDelete
    Replies
    1. හි හි හි.. ඉදහිටවත් මොලේ කුරුවල් වෙන එකට මක්ක වෙනවද බං. ;)

      Delete
  11. සංවේගයෙන්
    දන්වා සිටීම්
    කොර වීම මා මෙයින්...

    ReplyDelete
    Replies
    1. අහෝ! කිමද ඒ අයියණ්ඩි?

      Delete
  12. Q1)
    Thilini walks backword to India. First she checks the time when the guard is on the post. after the guard gets down she walks backwards(she can walk forward as well) and keeps track of time. after an hour when the guard is again on his post Thilin start walking towards Sri Lanka, till the guard gets down.

    - Jude Fernando

    ReplyDelete
  13. පනින්නේ මෙහෙමයි. අර ගාඩ් බැහැපු ගමන්ම ඒ පැත්තට යන්න පටන් ගන්නවා. හරියට පැයකින් ආපහු ඇවිදිනවා. ආයෙත් බැහැපු ගමන් අනිත් පැත්තට යනවා.

    Mr.එකනායව මැරුවේ ඉශාන්. කෝසල 2001 දී හිටියේ ස්විට්සර්ලන්තයේ.

    ReplyDelete
    Replies
    1. පලවෙනි උත්තරේ හරි. ඒත් දෙවෙනි එක වැරදියි සුදික අයියා.

      # 3. Mr. ඒකනායක මරණයට පත්වුණේ හුස්ම හිරවීමෙන්නම්, එයා මැරුවේ කෝසල වෙන්න පුළුවන්.නැත්නම් Mr. ඒකනායක සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්.

      # 4. කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ නම් හිටියේ, එහෙනම් කෝසල Mr. ඒකනායක ව මරන්න හැකියාවක් නෑ

      මේ ටික හරියට දැක්කනම් උත්තරේ කියන්න ලේසියි. :)

      Delete
  14. 1. Thilini payakata sarayak ara hadaya enako, indiawe idan lankaw paththata enawa, man giyapuwama apahu indiawa paththata yanawa

    2, kosala maruwe, Grmny

    ReplyDelete
    Replies
    1. උත්තර දෙකම හරි ශාක්gaga! :)

      Delete
  15. 1) Tilina indiyawa patata yanawa.
    vinadi 55 di (55 mints) harila Lankawa patata enaw. (vinadi 10 k).
    Guard kulunata nagala balnakota indiyawta yana kenek misak lanka wata ena kenak naha.
    vinadi 10 kata pasy aphu harila indiyawa ta yanwa.
    Jayawewa

    ReplyDelete
  16. ආරක්ෂකයා බලන වෙලාවට අනිත් පැත්ත හැරිලා ලංකාව පැත්තට ඇවිදගෙන ආවනම් හරි නේද??

    ReplyDelete
  17. Q#1: දීලා තියෙන විස්තරේ අනුව පේන්නෙ මුරකාරයා කුලුනට නැගැල බලන විට පාලමේ හිටියොත් විතරයි අහු වෙන්නෙ කියලා. ඉතින් තිලිනි හැංගිලා ඉන්නවා පාලම ලඟ... මුරකරුවා කුලුනට නැගලා නිරීක්ශනය අවසන් කරපු වහාම තිලිනි පටන්ගන්නවා එහා පැත්තට යන්න. හරියටම එයාගෙ ඔරලෝසුවෙන් විනාඩි 58ක් ඇවිදලා ඉන් පස්සෙ අනික් පැත්තට හැරිලා ඇවිදිනවා..දැන් පැයකට පස්සෙ මුරකරුවා කුලුනට නැගලා බලනකොට තිලිනිව දකින්නෙ ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එන කෙනෙක් ලෙසයි. මෙහෙම විනාඩි 3 ඇවිදින තිලිනි දන්නවා මුරකරුගෙ නිරීක්ශනය අවසන් බව. ඉන් පස්සෙ එයා ආපහු ඉන්දියාව දෙසට ඇවිදලා එගොඩ වෙනවා. මුරකාරයා ආපහු බලනකොට තිලිනි එගොඩ වෙලා ඉවරයි.

    -ඇනෝපාල

    ReplyDelete
    Replies
    1. හරිනේ ඇනෝපාල! :) අනිත් එක හිතුවේ නෑ?

      ඇනෝපාල කලින් අහපු Q එකට උත්තරේ කොහොමද දෙන්නේ?

      Delete
    2. දෙවනි එකේ මොකක්ද අවුලක් තියෙනවා වගේ.. ඉතිං මම මොලේ කොලොප්පම් කරගන්න ගියේ නැහැ!

      අයින්ස්ටයින් ප්‍රශ්නයට උත්තරේ ඉතින් ඔයා දන්නවා කිව්වනේ...ඔයාගේනේ බ්ලොග් එක.... ඔයාම දාන්නකෝඕඕ...ඒක නෙමෙයි, ඒ ප්‍රශ්නයට සහෘදයන්ගෙන් එතරම් ප්‍රතිචාර ලැබුනෙ නැහැ වගේ නේද? 2% ප්‍රශ්නය!?!

      - ඇනෝපාල

      Delete
  18. තිලිනි පිටිපස්සට ගමන් කරනවා එතකොට නිර්ක්ශකයට පේන්නේ එයා ඉන්දියාවේ ඉඳන් මෙහෙට එනවා වගේ.

    එහෙම නැත්තම් ආපු ඉන්දියන් කාරයෙක්ව කසාද බැඳලා එයා එක්ක ආපහු යනවා පාලමෙන් අවසර ඇතිව.

    දෙවෙනි එකට
    mr එකනායකව මරන්නේ ඉශාන්
    කෝසල හිටියේ ස්විස්ටර්ලන්තයේ

    ReplyDelete
    Replies
    1. පළවෙනි එකට කෝකද බං ගන්න ඕනේ? 1 ද 2 ද? ;) 1.හරි.

      දෙවෙනි එක වැරදියි.

      # 3. Mr. ඒකනායක මරණයට පත්වුණේ හුස්ම හිරවීමෙන්නම්, එයා මැරුවේ කෝසල වෙන්න පුළුවන්.නැත්නම් Mr. ඒකනායක සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්.

      # 4. කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ නම් හිටියේ, එහෙනම් කෝසල Mr. ඒකනායක ව මරන්න හැකියාවක් නෑ

      3 වෙනි එකෙන් කියවෙනවා කොහොමද මැරුණේ කියන එක.එක්කෝ එයාම. නැත්නම් කෝසල කියලා.4 වෙනි එකේදී , කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ හිටියේ නැත්නම් අනිවා හිටියේ ජර්මනියේ. 1 වෙනි කාරණාවෙන් එහෙම කියවෙනවා. මිනීමරුවා කෝසල කියන එක 4 වෙනි එකෙන් ඔප්පු වෙන හින්දා අපිට හොයාගන්න ඕනේ කෝසල 2001 දී හිටියේ කොහෙද කියන එක විතරයි.

      Delete
  19. අන්කල් කාරය බහිනකම් ඉඳල... පැයක් ඇවිදන් යනව. ඊලඟට ආපහු එනව... පොර ආයෙ බැස්සට පස්සෙ ආයෙ යනව .. කොහොමත් පොර 15 මින් වලට වඩා කනුව උඩ ඉන් නැහැනෙ

    ReplyDelete
  20. කෝ බොල ඒකනායක මැරුනෙ මොන අවුරුද්දෙද දාල නැහැනේ

    ReplyDelete
    Replies
    1. ඒකනායක මැරුණේ 2001 තමා.

      Delete
  21. 1 හුස්ම හිර කරල
    2 ජර්මනියෙ

    ReplyDelete
    Replies
    1. 1 කෝසලනේ?

      2. හරි. :)

      Delete
    2. කෝ තෑගී...

      අපොයි දෙන් නැහැලු නේද :/

      Delete
  22. පලවෙනි ප්‍රශ්නෙට උත්තරය

    ආරක්ශකයා කුලුනට නගින්නෙ පැයකට සැරයක්නෙ. අපි හිතමු එයා කුලුනට 2ට නැගල බැලුව කියල. ආරක්ශකය බැස්සට පස්සෙ තිලිනි 2.05ට ලංකාව පැත්තෙ ඉඳල ඉන්දියාවට යනව. තිලිනි දන්නව ආයෙත් ආරක්ශ්කය කුලුනට නගින්නෙ පැයකින් ඒ කියන්නෙ 3ට කියල. 3 වෙනකොට තිලිනි ගමනෙන් සැලකිය යුතු දුරක් ගිහින්. හරියට 3ට ආරක්ශකය කුලුනට නගිනවත් එක්කම වගෙ තිලිනි ආපහු හැරිල ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන කෙනෙක් වගෙ ටික දුරක් එනව. ආරක්ශකය බලද්දි එතකොට එයාට පේන්නෙ ඉන්දියාවෙ ඉඳන් ලංකාවට එන කෙනෙක් මිසක් ඉන්දියාවට යන කෙනෙක් නෙමෙයි. ආරක්ශකය කුලුනෙන් බැස්සට පස්සෙ ඊලඟ පැය ඇතුලත තිලිනි ආපහු ඉන්දියාව පැත්තට ගිහින් ගමන සම්පූර්න කරනව

    දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය

    Mr.ඒකනායක මියගියේ ඉශාන් විසින් හුස්ම හිරකිරීමෙන්.
    හේතුව: මෙතන කියනව කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ නම් හිටියේ, එහෙනම් කෝසල Mr. ඒකනායක ව මරන්න හැකියාවක් නෑ.කියල. ඒකෙන් අපිට උපකල්පනය කරන්න පුලුවන් ඒකනායක ඉන්නෙ ජර්මනියෙ කියල. එත්කොට ඉෂාන් 2001දී හිටියේ ජර්මනියේ. ඒ නිසා ඒකනායක මැරුවෙ ඉශාන් කියල හිතන්න පුලුවන්.

    2001දි කෝසල හිටියෙ ස්විට්සර්ලන්තයෙ

    ReplyDelete
    Replies
    1. පලවෙනි උත්තරේ හරි.

      ඒත් දෙවෙනි එක වැරදියිනේ..

      # 3. Mr. ඒකනායක මරණයට පත්වුණේ හුස්ම හිරවීමෙන්නම්, එයා මැරුවේ කෝසල වෙන්න පුළුවන්.නැත්නම් Mr. ඒකනායක සියදිවි හානි කරගත්තා වෙන්න පුළුවන්.

      # 4. කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ නම් හිටියේ, එහෙනම් කෝසල Mr. ඒකනායක ව මරන්න හැකියාවක් නෑ

      3 වෙනි එකෙන් කියවෙනවා කොහොමද මැරුණේ කියන එක.එක්කෝ එයාම. නැත්නම් කෝසල කියලා.4 වෙනි එකේදී , කෝසල 2001දී ස්විස්ටර්ලන්තයේ හිටියේ නැත්නම් අනිවා හිටියේ ජර්මනියේ. 1 වෙනි කාරණාවෙන් එහෙම කියවෙනවා. මිනීමරුවා කෝසල කියන එක 4 වෙනි එකෙන් ඔප්පු වෙන හින්දා අපිට හොයාගන්න ඕනේ කෝසල 2001 දී හිටියේ කොහෙද කියන එක විතරයි.

      Delete
  23. ගමන අරඹනවා
    පැයක් ගිය පසු මුර කරු පැමිනෙනවා
    එවිට ක්ෂණිකව ආපසු හැරී ලංකාව දෙසට එනවා
    මුර කරු බැස්ස විට නැවත ඉන්දියාව දෙසට යනවා
    තව විනාඩි 45 ක දුරක් ඇති බැවින් ඊලඟ පැයේ මුරකරු එන්න කළින් මාරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හරිනේ! එහෙම තමා යන්න පුළුවන්. :)

      Delete
  24. තිලිනි පස්සෙං පස්සට යන්නැති..
    අරූ නැග්ගම ලංකාව පැත්තට ඇවිදං එනවා වගේ ඉන්නැති..
    අර මෙන්ටොස් ඇඩ් එකේ වගේ....

    ReplyDelete
    Replies
    1. හරි නේ ඒක!

      තරියා කියන මෙන්ටෝස් ඇඩ් එක මට මීටර් වුනේ නෑනේ. කෝකද බං ඒ?

      Delete
  25. 1 උඩ කුලුනට නගින වෙලාව අතර තුර නියමිත වෙලාව එන්න කලින් දුවනවා.

    2 . තවම කල්පනා කරනවා.

    ReplyDelete
    Replies
    1. 1. ඒක හොද උත්තරයක්. ඒත් තිලිණි හොද රනර් කෙනෙක් නෙවෙයිනම් ?

      2. උත්තරේ, #3, #4 කියලා තියෙන ටික හරියට බැලුවනම් කියන්න පුළුවන්. :)

      Delete
  26. balamu kalpana unoth...
    honda prashnayak...

    ReplyDelete
  27. ඔච්චර මහන්සි වෙන්නෙ මොකටද? ආරක්ශකයා ලංකාවෙ පොලොස් කාරයෙක් වෙන්න ඇතිනේ.. පොරට තේ බොන්න රු;100/- දීලා ආතල් එකේ පාලමෙන් එගොඩ වෙනවා

    ReplyDelete