Tuesday, October 30, 2012
අප්පුහාමි.. (තෑගී නැති ප්රශ්න - 1)
එංගලන්තයේ මහා රැජින ලොකු පාටි එකක් ලැහැස්ති කරා.ඒකට ආරාධනා කරේ රටේ ඉන්න වැදගත් පවුල් වල අයට.ඉතින් මේ උත්සවේට ආරාධනා නොකරපු අයත් එන්ට පුළුවන් නිසා රැජින කරේ ආරාධනා කරපු පුද්ගලයන්ට රහස් වචනයක් හදලා දුන්නා.ඒ වචනේ නොකියා ප්රධාන දොරටුවෙන් ඇතුලට එන්න බෑ.
ඉතින් මේ උත්සවේට ආරාධනාවක් නොලබපු අප්පුහාමි ගොයියාත් උත්සවේට සහභාගී වෙන්න හිතුවා.පොර දැනන් හිටියා දොරෙන් ඇතුලට යන්න පුළුවන් හරියට රහස් වචනේ කිව්වොත් විතරයි කියලා.ඉතින් අප්පුහාමි හිතුවා උත්සවේ දවසේ හොරෙන්ම දොර ළගට වෙලා උත්සවේට එන අය කියන රහස් වචනේ දැනගෙන ඇතුළට යන්න.ඕං ඉතින් උත්සවේ දවසේ අප්පුහාමි දොර ළගට වෙලා ඉන්නවා ආරාධිතයින් එනකම් ඇතුල් වෙන්න.මුලින්ම ආවේ ආදිපාදවරයෙක්.දොරේ හිටපු දොරටුපාල ආදිපාදවරයා එතනට කිට්ටු වුනාට පස්සේ..
"Twelve.. (12)" කිව්වා.
(සුද්දන්ගේ රටේ වැඩ කරන්නේ ඉංග්රීසියෙන්නේ. ඒ හින්දා ඉංග්රීසි වලින් තමා එතන වැඩේ වෙන්නේ)
ආදිපාදවරයා..
"Six.. (6)" කියලා උත්තර දුන්නා.
දොරටුපාල දොර ඇරලා ආදිපාදවරයාට ඇතුලට යන්න දුන්නා. ඊළගට ආවේ ඇමති කෙනෙක්.කලින් වතාවේ වගේම ඇමති දොර ළගට ආවම දොරටුපාල..
"Six.. (6)" කියලා කිව්වා.
ඇමති..
"Three.. (3)" කියලා උත්තර දුන්නා.ඇමැතිටත් උත්සවේට යන්න දොරටුපාලදොර ඇරලා දුන්නා.
මේ වෙච්ච සිද්ධි දිහා හොදින් බලාගෙන හිටිය අප්පුහාමිට මෙතන වෙන්නේ මොකද්ද කියන එක තේරුණා.ඉතින් අප්පුහාමි ඊළගට දොර ගාවට ගියා.අප්පුහාමි දොර ළගට කිට්ටු වුනාම දොරටුපාල..
"Eight.. (8)" කිව්වා.
අප්පුහාමිත් හොද හුස්මක් එහෙම අරන් දොරටුපාලට උත්තර දුන්නා..
"Four.. (4)" කියලා.
උත්තරේ අහපු දොරටුපාල අප්පුහාමිගේ බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මා.
දැන් මේකයි මගේ ප්රශ්නේ..
ඇයි දොරටුපාල අප්පුහාමිට ඇතුළට යන්න නොදී එළියට දැම්මේ..? එතකොට හරි උත්තරේ මොකද්ද..?
මේකයි වුනේ කියලා හිතෙන අය උත්තර දීලා යන්න.මේවාට තෑගී නෑ ඕං..
(හරියට උත්තර දුන්නු අයගේ කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ අන්තිමට..)
ප.ලි: හරි උත්තර පබ්ලිෂ් කරා ඕං. මුලින්ම හරියට උත්තරේ කිව්වේ කොළ.වෙරි ඩි.
Subscribe to:
Post Comments (Atom)
ඔන්න කරකෝල අතැරියා තවත් එකක්..
ReplyDeleteඅනේ නෑ! ට්රයි එකක් දීලා බලන්ට.
DeleteF I V E (5)
Deleteane man dnna appa......... hithala kiyannamko..
ReplyDeleteහිතලා එන්ට එහෙනම්.. :)
Deleteprashnenam godak hodai....aththatama mn dnnawa uththare.. a unata kyn na.
ReplyDeleteපච කියන්ට එපා. දන්නවනම් කමෙන්ට් කරලා යන්ට කියලා කියලා තියෙනවා.
Deleteiratte ewa 2n wdi kranwa ati.oththe 2n bedanwa ati
ReplyDeleteනෑ.. :P
Deleteඔත්තෙ + ඉරට්ටෙ -
ReplyDeleteමං දන්නෑ මට හිතුන හැටි ඕන්......
නෑනේ.. තව පාරක් උත්සහ කරන්ට.. :
Delete(හරියට උත්තර දුන්නු අයගේ කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ අන්තිමට..)
ReplyDeleteඑහෙනම් හොඳයි මම දුන්නෙ වැරදි ගොං උත්තරයක්...අර සහභාගි වීමට.. සහභාගි වීමට..
හි හි හි.. සහභාගී වීමත් වටිනවා.
Deleteඋත්තරේ = Five...
ReplyDeleteTwelve කියන්ඩ අකුරු හයයි...
Six කියන්ඩ අකුරු තුනයි...
Eight කියන්ඩ අකුරු පහයි.., හතරයි නෙවෙයි...
අපෝ මේවා මොන්ටිසෝරි ගැටළුනේ අයියෝ...
:P :P :P
ඇත්තට! පච කියන්ට එපා බං. මේවා මොන්ටිසෝරි වල කියලා දෙන්නේ නෑ. අකුරු,ඉලක්කම්,සිංදු වගේ චූටි චූටි ඒවා කියලා දෙනවා මිසක්. :p
Deleteකලින්ම උත්තරේ දුන්නේ උඹ තමා ඉතින්.මාව ආශ්රය කරන්න ලැබීමෙන් කොලවෙරිගේ බුද්ධිය දියුණු වෙලා තියෙනවා දකින්නට ලැබීම ගැන සන්තෝසයි.. හි හි හි..
හුර්ර්ර්ර්ර්ර්ර්ර්රේරේරේරේරේරේරේරේරේරේරේරේරේරේරේ.......... මම එක........ :O
Deleteඉතිං බං මේ ප්රෂ්ණෙන් අහන්නෙත් අකුරුයි ඉලක්කමුයි ගැනනේ!!!
ලොකු කාලෙදි ගණිත ක්රම ඉගෙනගන්න නිසා තමයි අපිට එක පාරට උත්තරේ හිතාගන්න බැරි... එහෙම නැතුව ඉලක්කමුයි අකුරුයි විතරක් දන්න මොන්ටිසෝරි ළමයෙක්ගෙන් මේක අහුවානම් එකෙන්ම උත්තරේ කියනවා!!!!
:D
:P
"කලින්ම උත්තරේ දුන්නේ උඹ තමා ඉතින්.මාව ආශ්රය කරන්න ලැබීමෙන් කොලවෙරිගේ බුද්ධිය දියුණු වෙලා තියෙනවා දකින්නට ලැබීම ගැන සන්තෝසයි.. හි හි හි.."
හිහී.., පණ්ඩිතානංච සේවනා කියලා බුදු දහමේත් තියෙනවා නෙව...
හච්චෝ බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
ReplyDeleteමොකෝ මේ? බය වෙලාද ප්රශ්නේ දැකලා? :p
Deleteඅපෝ බන් ඕකත් දෙයක්ද 18 නේද වචනය
ReplyDeleteනෑනේ.. ඒක නෙවෙයි වචනේ..
Delete9න් ගුණාකාර තමයි මෙතනදි අහන්නෙ..
ReplyDelete12+6 = 18
3+6 = 9
අප්පුහාමි කිව්වා නම් වන් කියලා ඇතුළට යන්න තිබ්බා..
හොද උත්සහයක්.. ඒත් ඒක නෙවෙයි හලෝ ක්රමය හා උත්තරේ.
Delete:ඔ :ඔ සිලාවටම..... හයියූ.... අපරාදේ..
Deleteමේක නම් හිතාගන්න බෑ බං
ReplyDeleteඅමාරු නෑ මේක හිතන තරම්.. හොදට බැලුවොත් හොයාගන්න පුළුවන් වෙයි.
Deleteදැන් ඉතිං ඇති නේ අගේ කොරා අයියෝ.., උත්තරේ පබිලිස් කරොත් මොටෝ???
ReplyDelete:D :D :D
ඉවසා වදාරන්ට ලොකු පුතේ. තාම කල් වැඩියි උත්තරේ පබ්ලිෂ් කරන්න තරම්.
Deleteඒ කියන්නේ සීයේ තාම හරි උත්තරේ හම්බෙලා නැතැයි???
Delete:D ;D :P
නෑනේ ලොකු පුතේ..මාත් මේ බලං ඉන්නේ හරි උත්තරයක් වැටෙනකම්. ;D
Deleteඅඩේ බලහන්කෝ උබේ visitor's count එක... දැනට 117යි...
Deleteඅද වෙන්නැති එක දවසක වැඩිම visits ගානක් තිබ්බේ!!!
:D :D :D
මේකට නෙවෙයි වැඩිම visitor's count එකක් තිබ්බේ. 'සුදු රෙද්දේ තියෙන්න ඕනේ ඒවා' පෝස්ට් එකට.300කට කිට්ටුව ආවා.ඒ පෝස්ට් ඒක දැන් හිට්.අන්තිම මාස දෙකේ දාපු ඒවාට ඊයේ ආවට වඩා ඇවිත් තිබුණා.පෝස්ට් ඒක දවල්නේ දැම්මේ.ඒකයි :)
Deleteනෑ බොලං.., මම කිව්වේ මුළු visitor's count එක නෙවෙයි.., එක දවසකට visitor's count එක බං...
Delete:D :D :D
ඒක තමා මාත් කිව්වේ. :)
Deleteඅහ්හ්... නාගෙන නේ!!! :O
Deleteඇයි බං ඉතිං මේක පබිලිස් කොරේ... හීන් සීරුවේ මට කිව්වානම් අහවරනේ අයියෝ... :@
Five (5)
ReplyDeleteදෙවෙනියට උත්තරේ දුන්නේ ඔයා යාළුවා. :)
Deleteහරි උත්තරය ආවොත් දැන්ම දාන්න එපා තවම try කරන අය ඇති
ReplyDeleteඕ.. මාත් එහෙම තමා හිතන් ඉන්නේ.හිතන තරම් අමාරු නෑ ප්රශ්නේ.උත්සහ කරපුදෙන් අනිත් අයත්. :)
DeleteTwelve = අකුරු 6යි
ReplyDelete"Six. = අකුරු 3යි
ඒනිසා Eight කිව්හම අප්පුහාමි කියන්න ඔනේ Five( 5 )යි කියලා........... හරිදෝ !!!
හරියෝ.. :)
Delete12/2=6
ReplyDelete6/2=3
8-2=6
6/2=3
3 ගුණාකාරය එන තියරියක් නෙමේද..? six(6) වෙන්න බැරිද..
අප්පොච්චියේ.... මම හිතන් උන්නේ A/L වලින් පස්සේ Exam ඉවරටම ඉවරායි කියලා..
මේකේ ගුණාකාර නෑ. උත්තරෙත් වැරදි.මටනම් මේ ක්රමේ තේරෙන්නේ නෑ.
Deleteතාම ඉවර නෑ හලෝ. මේ පටන්ගැන්මක් විතරයි.
උත්තරේ වැරදි නිසා එලියට දැම්මේ.. උත්තෙරේ ,,, 3 හරි 0 හරි
ReplyDeleteනෑ සුදු.. :)
Delete5e(five) kiwwa nam hari neh?
ReplyDeleteMan nam hithanne akuru ganana thamai uththare wenna ona.
හරියෝ..
Deleteඒක තමා ක්රමය.
උත්තරය 9 වෙන්න ඹ්නා
ReplyDelete1+2+3+4+5+6+7+8 = 36
3+6 = 9
නැත.
DeleteAnswer is five(5).You have to tell the no of words in the term.
ReplyDeletetwelve= six letters
six = three letters
eight = five letters
Yep. This is the correct method
Delete9 යම කමා උත්තරේ
ReplyDeleteනෑ නෑ.. :)
Deleteඅයියෝ සැලරි!!!!!!!!
DeleteAnswer : Five (5)
ReplyDeleteT W E L V E = 6 (letters)
S I X = 3 letters
E I G H T = 5 letters
Yep..
Deleteමෙතන බලන්නේ අකුරු ගාන මිසක් කියන ඉලක්කමේ අගය නෙමෙයි
ReplyDelete"Twelve.. කියන්න අකුරු 6 ඒ නිසා පලවෙනි කෙනාට යන්න ලැබුනා.
"Six.. කියන්න අකුරු 3 ඒ නිසා දෙවනියටත් යන්න ප්ල්වන්..
"Eight.. කිව්වම අකුරු 5 හරි උත්තරේ 5 ඒත් අප්පුහාමි කිව්වේ 4 කියලා ඒ නිසා යන්න දුන්නෙ නෑ..
හරි උත්තරය 5
හරිනේ.. ඔය තේරිලා තියෙන්නේ යසට.. :)
DeleteExhausted after end of semester exams....no idea about the answer.. :(
ReplyDeleteIts Ok Frnd! try next time with relax mind. :)
Deleteකමෙන්ට් පබ්ලිෂ් කරන්න මෙච්චර ඉක්මන් වුනේ ඇයි අප්පා. පරක්කු වෙලා එන අය ගැනත් හිතන්න ඕනේ නේද ඈ..
ReplyDeleteපරක්කු වෙන ඈයෝ ගැනත් හිතලා තමා ඊයේ උදේ දාපු පෝස්ට් එකේ හරි උත්තර අද 2ත් පහුවෙලා පබ්ලිෂ් කරේ සහෝ.ඊළග වතාවේ උත්සහ කරමු කලින් ඇවිත්.කෝකටත් ඊලග එකේ මං උත්තර තවත් පරක්කු කරලාම පබ්ලිෂ් කරන්නම්කෝ පරක්කු වෙන අය ගැන හිතලා. මේකට සමාවෙන සේක්වා!
Deleteමමනම් කලින් ඇවිල්ල හිතල..හිතල..ගියා..!
ReplyDeleteටියුබ් ලයිට් වෙලා හිටියෙ බං හිතාගන්න බෑ..!
අවුලක් නෑ. ඊළග එකේදී ට්රයි එකක් දෙමු. :)
Deleteමම හරි උත්තරේ හිතාගෙන ආවා කොහෙද ඒ ටිකට හරි උත්තරේ ලැබිලානේ
ReplyDeleteහයියෝ! කමක් නෑ නිශානයෝ.. ඊළග එකේදී ට්රයි එකක් දේ. ඒක ළග ළගම එනවා. :)
Delete