ගමක එක ළග තිබුණු ගෙවල් දෙකක් අතරේ රණ්ඩුවක් ඇති වුනා.රණ්ඩුව ඇති වුනේ ගෙවල් දෙක අතර තියෙන වැටක් එහා මෙහා තිබුණු හින්දා.රණ්ඩුව පටන් ගත්තේ ගෙවල් දෙකේ හිටපු ගෑණු දෙන්නාගෙන්.ගෑණු දෙන්නා පටන් ගත්ත රණ්ඩුවට ඒ ගෙවල් දෙකේ පිරිමි දෙන්නාත් ආවා.ඒ කියන්නේ සූටිං හා මාටිං.මෙහෙම පොඩියට පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවක් යද්දී ලොකු රණ්ඩුවක් වෙලා අන්තිමේදී මාටිං සූටින්ව අල්ල ගෙන ගහගෙන ගහගෙන ගියා. අන්තිමේදී රණ්ඩුව නැවතුනේ ගමේ මිනිස්සු එතෙනට ඇවිත් දෙන්නාව දෙපැත්තට කරාට පස්සේ.
රණ්ඩුව ඉවර වුනාට පස්සේ සූටිං තීරණය කරා පොලිසියට ගිහින් මේ කේස් එකට පැමිණිල්ලක් දාන්න.පොර ඉතින් පොලිසියට ගිහින් පැමිණිල්ල කරාට පස්සේ පොලිසියෙන් කෙනෙක්ව ගමට එව්වා පැමිණිල්ල විභාග කරන්න.පොලිස් කාරයා මුලින්ම ගියේ සූටිං ඉන්න ගෙදරට.ගිහින් ඉඩම වටේ ඇවිදලා, වැට බලලා ගුටි කාපු මනුස්සයා ඇහුවා,
"කෝ තමුසෙට ගහපු එකා..? පේන්න ඉන්නවද..?" කියලා.
සූටිං වැටෙන් එහා තිබුණු ගෙවල් පැත්ත බැලුවා.එයා දැක්කා තමන්ට ගහපු මාටිං වත්ත සුද්ධ කර කර ඉන්නවා. පොලිස් කාරයා ළගට ගිය සූටිං මාටිං ව පෙන්නලා කිව්වා,
"සර්..!! අර ඉන්නේ.. අර ඉන්නේ මට ගහපු එකා..! මෑන් තමයි මිනිහා..!!"
ප.ලි.
මේ කතාවත් මළගෙදරින් ඇහිදගත්ත එකක්.ඒකත් සූටින්ගේ කතාවක්..
සූටින්ගේ කලින් කතාව : ලෝක විනාසේ ආවොත්..
සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි.. තව කියවන්න..
තවත් විහිළු කතාවක් වැඩිපුර නොබලපු : 25 වෙනි විවාහ සංවත්සරය..
ඔන්න ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි බැදලා 25වෙනි විවාහ සංවත්සර දවසත් ආවලු.ඉතින් මෙයාලගේ ළමයි මේ දෙන්නාව රෑ කෑමකට එක්කන් එක්කන් ගියා..රෑ ඇඳට ගියාට පස්සේ වයිෆ්ට තේරුනාලු එයාගේ හබි ඉන්නේ සතුටෙන් නෙවෙයි කියලා.ඉතින් වයිෆ් ඇහුවා..
"ස්ටැන්ලි, අද ඔයාගේ මූණත් එක්ක හරි නෑ.මොකක් හරි ප්රශ්නයක්ද..?" තව කියවන්න..
මෑන් තමයි මිනිහා..:)
ReplyDeleteඅද රෑ නයිට් ඩියුටි! ඕයි තව ටිකක් පස්සට රිවස් කරල දාලා යන් නිදා ගන්න !!:)
හි හි හි.. තවත් තියේද ඒ වගේ ඒවා?
Deleteමෑන් ද මෑන් කිව්වලු !
ReplyDeleteඩබල් මෑන්! :)
Deleteනියමයි තමා ඈ...
ReplyDeleteස්තූතියි. :)
Deleteපස්සට රිවස් කරපු මෑන් තමයි මිනිහා
ReplyDeleteහි හි හි.. නියම මිනිහා.
Deleteහික්ස්...... නියමයි..
ReplyDeleteස්තූතියි. :)
Deleteහී හී :)
ReplyDeleteහි හි හි..
Deleteඅන්න මෑන්
ReplyDeleteද මෑන්..!
Deleteනියම මෑන්..
ReplyDeleteහ්ම්..
Deleteමෑන් තමයි මිනිහා :)
ReplyDelete:)
Deleteමිනිහා තමා මෑන් ඈ..
ReplyDeleteඕ
Delete