Wednesday, November 21, 2012

මිනිස්සු ඇඳට යන්නේ ඇයි?



ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.

පුරාතන යුගයේ මිනිසුන් මුලින්ම ගස් උඩ,ගස් යට, ගල් ගුහා වැනි ස්ටාන නිදාගැනීම සදහා භාවිතා කරත්, කෙමෙන් කෙමෙන් ශිෂ්ටාචාරයේ දියුණුවට පත්වෙද්දී සත්ව හම්,කොළ අතු,පිදුරු වැනි ද්‍රවය ගෙන් සකස් කරගන්නා ලද ඇතිරිල්ලක් වැනි දේ නිදාගැනීම සදහා භාවිතා කළා.මුලින්ම මිනිසාට සුවපහසු ආකාරයට ඇඳක් සකස් කර ගන්නා ලද්දේ උතුරු ස්කොට්ලන්තයේ වාසය කල මිනිසුන් බවයි සදහන් වන්නේ. ඒ ක්‍රි.පූ. 3200 - ක්‍රි.පූ. 2200ත් අතර කාලයේදීයි.පසුව ඊජිප්තු වාසින් තවත් පියවරක් ඉදිරියට තබමින් කොට්ට හා තිරරෙදි භාවිතා කළා.මෙලෙස ආරම්භ වූ ඇඳවල් වල විකාශනය අද පවතින තත්වය දක්වා විවිධ ආකාර වලින් ඉදිරියට ආවා.

ලංකාවේ ඇඳන් වල විකාශය ගැන කියනවානම්,අතීතයේ අපේ මිනිස්සු භාවිතා කරේ පැඳුරු.ඇඳක් දක්නට ලැබුනේ ප්‍රභූ පන්තියේ පවුල් විතරයි.හුඟක් වෙලාවට ඒ වියන් ඇඳන්.සාමන්‍ය මිනිසුන් පැඳුරු වගේම,ලණු ඇඳන් භාවිතා කරා.තවමත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල,වතු ආශ්‍රිතව පැදුරු භාවිතා වෙනවා.

ඇඳවල් වල ප්‍රමාණය (විශාලත්වය) එක එක එක විදියට තියෙනවා.ඒත් හුඟක් රටවල් සාමාන්‍යයෙන් ඇඳවල් වලට පොදු වුන ප්‍රමාණයන් තියෙනවා.මේ උදාහරණ කිහිපයක්.

  • ඇමෙරිකා හා කැනඩා වල ඇඳවල් වල විශාලත්වය.




Twin - 37.5 in × 74.5 in (95 cm × 189 cm)
Full or double - 54 in × 75 in (137 cm × 191 cm)
Queen- 60 in × 80 in (152 cm × 203 cm)
King - 76 in × 80 in (193 cm × 203 cm)
California king- 72 in × 84 in (183 cm × 213 cm)
  • මේ සිංගප්පූරු හා මැලේසියන් ඇඳවල් වල විශාලත්වය.

Single - 36 in × 75 in
Super single - 42 in × 75 in
Queen (double) - 60 in × 75 in
King (double) - 72 in × 75 in
  • දකුණු අප්‍රිකානු ඇඳවල් වල විශාලත්වය.

Single - 91,5 cm × 188 cm
Three-quarter - 107 cm × 188 cm
Double-137 cm × 188 cm
Queen - 152 cm × 188 cm
King - 183 cm × 188 cm (තනි මෙට්ට දෙකක ප්‍රමාණය)
  • එංගලන්ත ඇඳවල් වල විශාලත්වය.

Toddler bed - 70 cm × 140 cm
Small single - 75 cm × 180 cm
Standard single - 90 cm × 190 cm.
Prince - 120 cm × 190 cm
Standard double- 135 cm × 190 cm
King - 150 cm × 200 cm
Super king - 180 cm × 200 cm

දැන් ඇඳවල් වර්ග බලමු.

1. Adjustable Bed - මේ ඇඳ එක එක විදියට සීරු මාරු කරන්න පුළුවන් එකක්.


2. Air Bed - මේකේ වායු පුරවපු මෙට්ටයක් තමා භාවිතා කරන්නේ.මේකේ පෝටබල් වර්ෂන් එකකුත් තියෙනවා.

3. Bassinet - අළුත ඉපදුනු බබාලා වෙනුවෙන් නිර්මාණය කරපු ඇඳක්.


4. Box Bed - මෙට්ටේ උස්සලා ඒක යට බඩු රැදවීමේ හැකියාව තියෙනවා මේ ඇඳ භාවිතයේදී.


5. Brass Bed - පිත්තල වලින් නිර්මාණය කරන ලද ඇඳන්.


6. Bunk Bed - ඇඳන් උඩ ඇඳන්.හොස්ටල් වල හුඟක් වෙලාවට දකින්න පුළුවන්.


7. Loft Bed - මේකත් Bunk Bed වගේමයි.විශේෂත්වය තවත් ඉඩක් ලැබී බඩු තියාගන්න පුළුවන් වීමයි.පොඩි එවුන්ට නම් හොදයි.


8. Captain Bed - මේකේ විශේෂත්වය වන්නේ බඩු ගබඩා කරලා තිබීමේ හැකියාව.ඒකටම වෙන්වුණු ලාච්චු තියෙනවා  ඇඳේ.


9. Camp Bed - කෑම්ප් ඇදන්.සංචාර සදහා යද්දී භාවිතා කරන්න නිමවූ ඇඳන් වර්ගයක්.


10. Canopy Bed - මේ වියන් ඇඳන්.අතීතේ ලංකාවෙත් තිබුනා.දැනටත් තියෙනවා.


11. Curtained Bed - මෙහි විශේෂත්වය වන්නේ ඇඳ වටා තිරරෙදි වලින් සමන්විත වීමයි.සුපිරි වර්ගයේ ඇඳක්.


12. Day Bed - කවිච්චියක් ආකාරට නිමවන ලද ඇඳක්.උදේට කවිච්චිය,විදියටත් රෑට ඇඳක් විදියටත් භාවිතා කරන්න පුලුවන්.


13. Futon Bed - මේ සාම්ප්‍රදායික ජපන් ඇදන් වර්ගයක්.ඒක පොළව හා සමානව තියෙන්නේ.


14. Poster Bed - මේ වියන් වර්ගයට අයත් ඇඳන් ජාතියක්.මෙහි සම්පූර්ණ නිමැවුම සිදුකරන්නේ ලී වලින්මයි.


15. Hammock - එල්ලෙන ඇඳන්.නිදහසේ පැද්දී පැද්දී ඉන්න කැමති අයට හොදයි.


16. Hideaway Bed - මේ ඇඳ හරවලා බිත්තියට එකතු කරන්න පුළුවන්.ඉඩකඩ අඩු නිවාස වලට ගැලපෙනවා.


17. Hospital Bed - මේකනම් දන්නවනේ.


18. Infant Bed - මේකත් පොඩි එවුන්ටම නිර්මාණය කරපු ඇඳන් වර්ගයක්.අතේ ගෙනියන්න පුළුවන් වීම මෙහි විශේෂත්වයක්.

19. Iron Bed - මේ යකඩ වලින් නිර්මාණය කරන ලද ඇඳන්.


20. Manjaa - මේක ඉන්දියාවේ පන්ජාබ් වල ප්‍රසිද්ධ ඇඳන් වර්ගයක්.ලණු වලින් වියලා තියෙන්නේ.ඉන්දියාවේ ෆිල්ම් වල වීරයා,දුෂ්ටයා වේලාවකට ඔය වගේ එකක නිදන් ඉන්නවා දැකලා ඇතිනේ.


21. Murphy Bed - මේකත් උස්සලා බිත්තියට හේත්තු ක්කරන්න පුලුවන් ඇඳන් වර්ගයක්.


22. Pallet - මේ බර අඩු සැහැල්ලු ඇඳන් වර්ගයක්.


23. Platform Bed - මේකත් ජපන් ඇඳන් වගේමයි.හැබයි ඊට වඩා පොඩ්ඩක් පොළව මට්ටමෙන් ඉහල තියෙන්නේ.

24. Roll-Away Bed -අකුලන ඇඳන්.


25. Rope Bed - මේ වර්ගයත් ලණු වලින් වියපු ඇඳක්.


26. Sofa Bed - මේක සෝෆා එකක් වගේම ඇඳක් වගේ භාවිතා කරන්න නිර්මාණය කරන ලද ඇඳන් වර්ගයක්.


27. State Bed - මේ ඇඳන් නම් දකින්න ලැබෙන්නේ මාළිගා වල.විශේෂයෙන් මැදපෙරදිග රටවල් වල තියෙන සුපිරි ඇඳන් ජාතියක්.


28. Toddler bed - පොඩි එවුන් වෙනුවෙන් හදපු එකක්.ඒකෙ ආරක්ෂක වැටක් තියෙනවා පොඩි එවුන් වැටෙන එකෙන් ආරක්ෂා වෙන්න.


29. Trundle Bed - මේකේ ඇඳන් දෙකක් තියෙනවා.අවශ්‍ය වෙලාවට දිග ඇරගන්න තියෙන්නේ.


30. Vibrating Bed - නම දකිද්දීම හිතාගන්ට පුළුවන්නේ.Vibrate වේවි නිදාගන්න කැමති අයට කියාපු ඇඳ.


31. Water Bed - මේකෙත් නම දැක්කාම හිතාගන්ට පුළුවන්නේ.මේ ඇඳ හදන්නේ රබර් වලින්.ඊටපස්සේ ඒක ඇතුලට වතුර පුරවනවා.


ලෝක ප්‍රසිද්ධ ඇඳන් කිහිපයක්

  • තූතන්කාමන් රජු භාවිතා කරන ලද ඇඳ


  • නැපෝලියන් විසින් භාවිතා කරන ලද ඇඳ


  • ලොව දක්නට ලැබෙන විශාලම ඇඳක් (දිග 3.38m පළල 3.26m)


ලොව මිලෙන් අධිකම ඇඳන් 3 

  • Baldacchino Supreme – වටිනාකම ඩොලර් මිලියන 6.3

මේ ඇඳ හදලා තියෙන්නේ කැරට්24 රත්තරන් කිලෝ 107 යොදාගෙන.තව ලොව හොදම සිල්ක් හා කපු රෙදි යොදාගෙන.
  • Jado Steel Style Gold Bed – වටිනාකම ඩොලර් 676,550

මේ ඇඳ හදලා තියෙන්නේ කැරට්24 රත්තරන් හා Swarovski කියන පළිඟු වර්ගය යොදාගෙන.මේ ඇඳේ  Blu-ray player එකක්, Playstation 3 , Plasma television එකක් තියෙනවා.අන්තර්ජාලය හා සම්බන්ධ වීමේ හැකියාවත් තියෙනවා.
  • Magnetic Floating Bed – ඩොලර් මිලියන 1.6

මේක කාන්දම් බලයෙන් වැඩකරන් ඇඳක්.පොළව මට්ටමේ ඉදන් අඩි 1.3 ඉහළින් තියන්න පුළුවන්.දරාගැනීමේ හැකියාව රාත්තල් 2000.

අළුත් නිර්මාණාත්මක ඇඳවල් 







ඇඳන් ගැන කියන්න තියෙන්නේ එච්චර මටනම්.මේක ලියන්න හිතුනේ ඇඳන් ගැන අහුවුණ ප්‍රශ්නයක් හින්දා.ප්‍රශ්නේ විතරක් අහනවට වඩා ඇඳන් ගැන ලියලා දාන්න හිතුනා.කට්ටියට කවදාහරි වැදගත් වෙයිනෙ.
මේකයි හම්බුනු ප්‍රශ්නය.සමහර අය දැකලා උත්තර දීලාත් ඇති.නොදැක්ක අයටයි මේ..

මිනිස්සු ඇඳට යන්නේ ඇයි?

උත්තර දන්න අය කමෙන්ට් කරලා යන්න.මේක තෑගී දෙන ප්‍රශ්න වලට අදාළ නෑ ඕං.පට්ටම ලේසියිනේ.තෑගී ප්‍රශ්නේ ඊළඟ පෝස්ට් එකෙන් අහන්නම්.

මූලාශ්‍ර : විකිපීඩියා

56 comments:

  1. හම්මේ...අර සෝස පාට ඇදේ ලස්සන... :)

    ReplyDelete
    Replies
    1. කොයි එක ගැනද කියන්නේ? :?

      Delete
  2. හොද විස්තරයක්... සෑහෙන්න මහන්සි වෙලා තොරතුරු රැස්කර ගෙන ලියපු ලියවිල්ලක් බව දැනෙනවා... ගොඩාක් අලුත් දේ දැනගත්තා...

    ReplyDelete
  3. mn me hithanne mn ganne koi adada kiyala..... mnwa unth lassana adan tkak ishan aiye..... adara nethu nangiwa mn oyata kiyan na mthk krnta kiyala,mnmn mthk krannam.:-)

    ReplyDelete
    Replies
    1. මං දන්නවා දැන් ඒ මොකද්ද කියන එක. ;)

      හ්ම්ම් හ්ම්ම්..

      Delete
  4. මිනිස්සු ඇඳ ගාවට යන්නෙ ඇඳ තමන් ගාවට එන්නෙ නැති නිසා

    ReplyDelete
  5. mn dn comment krane.....
    All are around when you in success...
    But remember loving ones are always with you when you in danger..
    bye..

    ReplyDelete
  6. එල එල.අඩේ මේකට බූරු අන්දකුත් දැමනම් කිරි ටෝය්ය..පළවෙනියටම දන කොමෙන්ටුව මේ.වැඩ රාජකාරි අස්සේ බොහොම අමාරුවෙන් තම කියවන්නේ උනත්.ට්‍රය් කොරල ඉතින් අද දැම්ම කොමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. තියෙනවනේ බූරු ඇඳක්! (Camp Bed) ඒක දැක්කේ නැතෙයි?

      තෑන්ක්ස් කමෙන්ට් එකට.

      Delete
  7. ඇඳට යන්නෙ අහවල් එකටයි කියලා අර මුලින්ම ලියලා තියෙන්නෙ ?

    නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න...හි හී

    ලස්සන ඇඳවල් ටික.අර ඩොලර් මිලියන 6.3 ඇඳ නම් නියමයි..අම්මෝ...

    ReplyDelete
    Replies
    1. ළිහිණි වැරදි පාරේ ගිහින්.ඕක නෙවෙයි උත්තරේ.මේක,

      'මිනිස්සු ඇඳ ගාවට යන්නෙ ඇඳ තමන් ගාවට එන්නෙ නැති නිසා' :p

      සල්ලි එකතු කරලා ගන්ට බලන්න ඒක.ඉංජිනේරුවෙක් නොවැ ඔයා. :)

      Delete
  8. Camp Bed = බූරු ඇඳ, අපි කුඩා කාලයේ සෑම ගෙදරකම පාහේ තිබුනා. මෙහි දැක්වෙන හැඩය වුනත් ඒ ඇඳන් වල තිබුනේ සීනි, පිටි, වැනි දේවල් අසුරන හන ගෝනි ලෙහා දිග හැර, එය ඇන ගසා සවි කිරීමෙන්. මම වයස 8 පමණ සිට 12 පමණ වනතුරු නිදා ගත්තේ බූරු ඇඳක.

    Maanja Bed = මම ඉන්දියාවේදී දුටු ආකාරයට මේ ඇඳ වියා තිබෙන්නේ බට පතුරු වැනි පතුරු විසේශයකින්. එය ශක්තිමත් කිරීමට ලනු යොදා තිබෙනවා. පාරවල් අයිනේ තිබෙනවා දුර යන වාහනවල අයට විවේක ගන්න, කෑම කන්න, කඩවල්. ඒ තැන්වල එළිමහනේ මේවා දාලා තියනවා නිදාගන්න.

    Rope Bed = මෙහි මැද තිබෙන්නේ ශක්තිමත් කැන්වස් රෙද්දක්. අර වටේට තියන ලනුව නියමිත ආතතිය අනුව තද කලවිට තමයි ඇඳේ නියම ප්‍රමිතිය ගන්න පුළුවන්.

    මමනම් හිතන්නේ මිනිසුන් 'ඇඳට යන්නේ ' 'නිදාගන්නයි'

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරකටනම් හොද අත්දැකීම් තියෙනවා වගේ ඒ ඇඳවල් ගැන.

      ඔබේ ඒ පිලිබඳ දැනුම අප හා බෙදාගත්තාට ස්තූතියි.හැබැයි උත්තරෙන්ම් වැරදියි.හරි උත්තරේ..

      'මිනිස්සු ඇඳ ගාවට යන්නෙ ඇඳ තමන් ගාවට එන්නෙ නැති නිසා'

      Delete
  9. අර යටින් ලැප තියන ඇඳ පට්ට. අපි ඇඳ ගාවට යන්නේ ඇඳ අපි ගාවට නොඑන හින්දා හෙහ් හෙහ්හ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ඕ.ඒක හරියනවා කොල්ලොන්ට.ඊට උඩින් තියෙන එක කොහොමද? හරියට යකා ගහලා වගේ නිදාගන්නට පුළුවන්. :)

      උත්තරේ හරි ඈ..

      Delete
  10. මිනිස්සු ඇඳට යන්නේ දොයිය බබා වෙන්නනේ මෙයා ..
    එල මචන් ගොඩක් ලොකු මහනිසියක් ... දිගටම දාන්න ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. ඒක නෙවෙයි හරි උත්තරේ.මේක, 'මිනිස්සු ඇඳ ගාවට යන්නෙ ඇඳ තමන් ගාවට එන්නෙ නැති නිසා'

      තෑන්ක්ස්!

      Delete
  11. udema beluwa, eth e welawe comment karanna try kara. Mokakda aulak nisa beri una. Dan uththareth kiyala, buru anda genath kiyala. Mage comment eke thebuneth ewwa thamai. Post eka ela macho

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක කලින් දාන්න බැරි වුනු එක ගනන් ගන්න එපා.ප්‍රශ්නේ හරි ලේසියිනෙ.ඊලග එක බලපන්කො.ඒකට උත්තර දෙමු.

      තෑන්ක්ස්!

      Delete
  12. නියමයි මචන්. උඹ ලියපු වෙනස්ම ලිපියක්. ඒ වෙනස එල.
    අර එල්ලෙන ඇඳ නම් සිරා. නැලවී නැලවී ඉන්න පුළුවන්. :)

    මිනිස්සු ඇඳට යන්නේ නේද... ඇඳ තියන නිසා නේ. :):)

    ReplyDelete
    Replies
    1. එළ! තෑන්ක්ස්!

      ඔය වගේ එකක් ලියන්න හිතුනේ මට අර ප්‍රශ්න සෙට් එකට ප්‍රශ්න වගයක් බලද්දී අහුවුණු ප්‍රශ්නයක් හින්දා.කව්රුවත් ඇඳන් ගැන ලියලා නැති එකේ ලියන්න හිතුනා. කොහොමත් වෙනස් ලිපි ටිකකුත් ලියන්න ඉන්නේ දැන්.

      ඔය පැත්තේ ගස් හුඟක් තියෙන එකේ ඒ වගේ ඇඳක් හදාගත්තනම් ෆුල් සපාන් (මේ අපේ වචන :) ) එකේ පැද්දී පැද්දී හිටිය හැකි.උත්තරේ හරිනේ.

      Delete
  13. මගේ ජාතියේ ඇඳක් මෙතන තිබුනේ නැහැ. බුරු ඇඳ..

    ReplyDelete
    Replies
    1. ඇයි තියෙන්නේ! Camp Bed එක.ලංකාවේ දකින්න තියෙන බූරු ඇඳන් වලට වඩා පොඩි වෙනසක් තියෙන්නේ.

      Delete
  14. කතා නැත සුපිරි පෝස්ට් එකක්..!


    තව එකක් එකතු කරන්නද...ගල් ඇඳ..! මේව කැලේ ආරණ්‍යගත භික්ෂූන් වහන්සේලා භාවිතාකලා. දැනටත් පැරනි පූජනීය ස්තානවල ඉතුරුවෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වී!

      ගල් ඇඳ මට මීටර් වුනෙම නෑ ලියද්දි. ඒ ගැන මතක් කරලා ලිව්වට ස්තූතිය වීට!

      Delete
  15. අන්තර්ජාලේ එකම තේමාවන් කියවලා එපා වෙලා. මේ වගේ වෙනස් අළුත් දේවල් ලියන එක කොච්චර දෙයක්ද. සමහර අය ඖෂධීය ඇදන් භාවිතා කරනවා. රාම-නායක කියලා නළුවෙක් බෙහෙත් ලැල්ලකලු නිදා ගන්නේ කියලා මං සති අග පත්තර කෑල්ලක දැක්කා.
    හොද පෝස්ටුවක්

    ReplyDelete
    Replies
    1. ඕ.වෙනසකටත් එක්ක තමා ලිව්වේ මාත්.

      රන්ජන් රාමනායක ගැනද කිව්වේ?

      තෑන්ක්ස්!

      Delete
  16. captain bed එකක් තමා මටත් තියෙන්නේ හැබැයි මට තියෙන ඇඳේ උඩිනුයි පැත්තෙනුයි අල්මාරියත් තියෙනවා... හි හි:) අර Jado Steel Style Gold Bed එක මරුනේ.. (Y).

    අහ්... ප්‍රශ්නයකුත් අහලානේ... මිනිස්සු ඇඳට යන්නේ ඇයි....? අයියෝ.... මදෑ ප්‍රශ්නයකට උත්තට දෙන්න ආවා.. එයාම ප්‍රශ්න අහලා එයාම උත්තර දීලානේ.. එහෙම බෑ අප්පා..
    නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.ඔන්න මේක හරි වෙන්න ඕනා මොකද ඉතින් ඔයාමනේ කියලා තියෙන්නේ එහෙමයි කියලා...:P

    ReplyDelete
    Replies
    1. එළනේ එහෙනම් ඔයාගේ ඇඳ! ඇඳේ ඉදලාම හැමදෙයක්ම ගන්ට පුළුවන්නේ.ඒ ඇඳක් තමා මාත් ගන්ට හිතන් ඉන්නේ.දැනට මං ඩොලර් 0.01ක් ඉතුරු කරගෙන තියෙනවා ඒක ගන්න.ඉතිරියත් හොයාගන්න ඕනේ. :)

      හි හි හි.. උත්තරේ ඕක නෙවෙයි හලෝ.

      "මිනිස්සු ඇඳ ගාවට යන්නෙ ඇඳ තමන් ගාවට එන්නෙ නැති නිසා" ඔන්න ඕකයි උත්තරේ.මට දුකයි අෆ්ෆා!

      Delete
  17. ජීවිත කාලයෙන් 1/3 ගෙවා දැමීමට උදවු කරන ඇඳට මගේ ආචාරය

    ReplyDelete
  18. මම නම් ඇඳට යන්නේ නිදියගන්න විතරයි.
    උඹේ ඇඳවල් සෙට් එකනම් සුපර්.බොරු නම් බලපන් කොලිවුඩ්,ලෝලිවුඩ්,හොලිවුඩ්,බොලිවුඩ් ඔය ඕන එහෙක හොල්මන්,ඇක්ෂන.ලව් මොන ෆිල්ම් එහෙක වුනත් ඇඳක දර්ශනයක් එක තත්පරේකට හරි පෙන්වනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට හොද ඇඳන් කප්පිත්තෙක් වෙන්න සුබ පැතුම් ...

      Delete
    2. ඔව්මයිනේ. තාම නිශාන් කසාද බැඳලා කියලා ආරංචියක් ආවේ නෑනේ. ;)

      Delete
  19. මොකද මචන් උඹේ බ්ලොග් එකට එනකොට එක එක ගැජට් කෑලි මතු වෙන්නේ එහෙන් මෙහෙන්.:) එක පාරක් මේක පුරෝපන් කියල ෆෝම් එකක් එනවා. බෑ කිව්වම ටිකක් වෙලා ගිහින් ආයෙත් ඒකම එනවා. ඒකත් කැන්සල් කරලා දාපුවාම අලුත් වින්ඩෝවක් එනවා. රීඩ් මෝ දුන්නම ආයෙත් ඔය ටික මුල ඉඳල පටන් ගන්නවා.
    මට විතරක් වෙන එකක්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. මං පාවිච්චි කරන්නේ කොමාඩෝ බ්‍රව්සර් එක.ඒකෙත් අවුලක් නෑ.වෙනදා විදියටම ඕපන් වෙනවා. ඔපෙරා,ටෝච් බ්‍රව්සර් දෙකෙනුත් චෙක් කරලා බැලුවා.එන්නේ නෑනේ එහෙම එකක්.අවුලක් නෑ මං බලද්දී නම්.මං කෝකටත් අනිත් අයගෙනුත් අහලා බලන්නම්.කෝකටත් තැන්ක්ස් එහෙම දෙයක් ගැන කිව්වට.

      Delete
    2. ඔන්න මං ස්ක්‍රීන් ෂෝට් එකක් එක්ක මෙසේජ් එකක් එව්වා බුකියට. ලොගින් වින්ඩෝවක් වගේ එකක් එන්නේ. වෙනම වින්ඩෝ එකක් එන එක නම් කාලෙක ඉඳන් තියනවා. මගේ බ්‍රව්සර් එක නම් Firefox. සමහර විට මගේ බ්‍රව්සර් එකේ අවුලක් ද දන්නෙත් නෑ.

      Delete
    3. මං දැක්කා ඒක.තැන්ක්ස්.ඒ වගේ එකක් අහුවුනේ නෑ.නලීන් අයියාත් ඇවිත් බැලුවා.එයාටත් අහුවුනේ නෑ කිව්වා.වෙනදා වගේම ඕපන් වුනා කිව්වා.ෆයර්ෆොක්ස් වල අවුලක්ද දන්නේ නෑ.

      Delete
    4. මං හොයාගත්තා අවුල.opera වලින් ආපහු ගිහින් බලද්දී අහුවුනේ.අර Recent Comment කියන Gadget එකේ අවුල තිබුනේ.මං අයින් කරා ඒක.කෝකටත් ආය වතාවක් චෙක් කරලා බලලා කියන්න. තැන්ක්ස් ඒ ගැන කිව්වට සහෝ! :)

      Delete
    5. දැන් හරි :)

      Delete
  20. සුපිරි පෝස්ට් එකක් ඒත් දැං මං ඇඳට යන්න ඕන වෙලාව ඇවිත්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්! ඊයේ රෑ බ්ලොග් එකේ අවුල ගැන හොයන්න ඇවිත් කරපු උදව්වටත් තෑන්ක්ස්!

      Delete
  21. ඇදන් ගැන සැහෙන්න දැනගත්තා. නියම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් ඕන කරේ! තෑන්ක්ස් දිනේෂ්!

      Delete
  22. ලස්සන ඇදන් ටිකක් තියෙනවා.. එත් ඉතින් මගේ ඇදට වඩා මට වටිනා තැනක් ලොවෙත් නැහැ :D

    ReplyDelete
    Replies
    1. ඕ. ඒකත් ඇත්ත! තමන්ගේ ඇඳ තරම් නිදහසේ හිතන්න තැනක් තවත් නෑ. :)

      Delete
  23. යකෝ මම අදනේ දන්නේ මේ අපි නිදියන ඇඳටත් ෆැන්ටසි තියෙන විත්තිය. ආසවෙන් කියෙව්වා මචං

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනේ එහෙනම් ඒකත්!

      ස්තූතියි සහෝ.

      Delete
  24. නියම ඇදවල් ටික...

    ReplyDelete
    Replies
    1. ඒකනේ හොයලාම දැම්මේ. :)

      Delete