Friday, December 28, 2012

අංකල් සිරිසෝම..


සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු එක.එහෙම හොයලා බලද්දී දැක්කා ටවුමේ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ නිලධාරි තනතුරු වලට ඉන්ටර්විව් එකක් කැඳවලා තියෙනවා.

ඉතින් අංකල් සිරිසෝම තීරණය කරා ඒ ඉන්ටර්විව් එකට යන්න.ඉන්ටර්වීව් එක තිබුණු දවසේ ඒ රෝහලට ගියා.ගිහින් තමන්ගේ වාරය එනකම් පුටුවකට වාඩි වෙලා හිටියා.ඉන්ටර්වීව් එකට යන්න තිබුනේ රෝහලේ ලොක්කගේ සෙකට්‍රි හරහා.සෙකට්‍රි තරුණ කෙල්ලෙක්.ඉතින් එයාට තමන්ගේ ඇප්ලිකේෂන් එක බාර දීලා, ඒකේ තියෙන විස්තර බලලා අඩුපාඩු තියෙනවනම් කියන්නේ එයා.තමන්ගේ වාරය ආවට පස්සේ අංකල් සිරිසෝමත් එතෙන්ට ගියා.

"කෝ දෙන්න ඇප්ලිකේෂන් එක.."

අංකල් සිරිසෝම ඇප්ලිකේෂන් එක බාරදුන්නා.සෙකට්‍රි ඇප්ලිකේෂන් එක බලලා,

"මිස්ටර් සිරිසෝම.. ඔයාගේ අයිඩෙන්ටි කාඩ් එක හරි ඩ්‍රයිවින් ලයිසන් එක හරි මට දෙනවද..?"

"ඇයි මිස් ඒ..?"

"මට ඔයා මේ දාලා තියෙන වයස ඇත්තද,බොරුද කියලා බලන්න.."

"හා මිස්. මං දෙන්නම්.."

අංකල් සිරිසෝම අයිඩෙන්ටි එක දෙන්න හිතාගෙන පර්ස් එක ගන්න කලිසමේ පස්සහ සාක්කුවට අත දාලා බලද්දී එයාට තේරුනා පර්ස් එක ගෙනත් නෑ කියලා.

"අනේ මිස්.. මං පර්ස් එක ගෙනත් නෑ. අමතක වෙලා ගෙදර දාලා ඇවිත්..!"

"අහ්! ඒකත් එහෙමද..!"

"මං ගෙදරට ගිහින් ඒක අරන් එන්නද? මගේ ගේ මේ ටවුන් එක කිට්ටුව තියෙන්නේ.."

"ම්ම්ම්... එක්කෝ ඒක ඕනේ නෑ.. ගලවන්න ඔයාගේ ෂර්ට් එකේ බොත්තම් ටික.."

අංකල් සිරිසෝමට පුදුමයි ඇයි ෂර්ට් එක ගලවන්න කිව්වේ කියලා.ඒකත් හිතේ තියාගෙනම ඇඳන් හිටපු ෂර්ට් එකේ බොත්තම් ටික ගැලෙව්වා.අංකල් සිරිසෝම කියන්නේ 55 පැනපු කෙනෙක්නේ.ඉතින් එයාගේ උඩුකය (පපුවේ) තිබුනේ සුදු පාට වෙච්ච මයිල් ගස්.ඉතින් සෙකට්‍රි ඒ පපුව දිහා බලන් ඉදලා,

"ඔය සුදුපාට වෙච්ච පපුව දිහා බලපුවාම මට හිතන්න පුළුවන් මිස්ටර් මේ ඇප්ලිකේෂන් එකේ දාලා තියෙන වයස හරි කියලා.. දැන් ෂර්ට් එක දාගෙන යන්න ඇතුළට.සර් ඉන්නවා ඇතුලේ.."

අංකල් සිරිසෝම සෙකට්‍රී ට ස්තූති කරලා ෂර්ට් එක දාගත්තා.ඊටපස්සේ ලොක්කා ගාවට ගිහින් ඉන්ටර්වීව් එකට මූණ දීලා ගෙදර ගියා.ගෙදර ගිහින් තමන්ගේ බිරිඳට ඉන්ට්‍ර්විව් එකේදී වෙච්ච සීන් එක කියලා අන්තීමේදී,

"ඒ කෙල්ලටනම් මාර හැකියාවක් තියෙන්නේ සුමනෝ..මගේ පපුව දිහා බලලානේ දාලා තියෙන වයස හරියි කියලා කිව්වේ.."

මේ කතාව ඉවර වෙනකම් අහගෙන හිටිය සුමනා,

"හොඳ වේලාවට ඒ කෙල්ල ඔයාට ෂර්ට් එක ගලවන්න කිව්වේ සිරි.."

"ඇයි සුමනෝ ඒ..?"

"නෑ ඉතින්.. ඔයාගේ යට කලිසම ගලවන්න කිව්වානම් ඔයාව ඉන්ටර්වීව් එකට නෙවෙයි කෙළින්ම ඔයාව දාන්න තිබුණා ශරීරාංග දුබල වාට්ටුවට..!"


ප.ලි : දවස් ගාණකට පස්සේ පෝස්ට් එකක් දැම්මේ.පොඩි පොඩි වැඩ ටිකක් තිබුණා කරගන්න.අන්තිම පෝස්ට් එක ප්‍රශ්නයක්නේ ඇහුවේ. එකේ උත්තර පබ්ලිෂ් කරා.හැබැයි කමෙන්ට් වලට රිප්ලයි කරේ ඊයේ රෑ.ගණන් ගන්ට එපා ඕං..

ඒ පෝස්ට් එකට,


බැලන්ස් කරමුද? නැත්නම් අනිත් එක බලමුද? (තෑගී නැති ප්‍රශ්න - 8)

(උඩ කොටලා යන්න)




බ්ලොග් ලියන, කියවන නත්තල් සමරපු අයට සුබ නත්තලක් වේවා කියලා පතනවා ඒ දවස පහුවුණත්!

32 comments:

  1. ඕ..ඕ..එළ කථාව.මේකේ ඉන්ගිරිස් කතාව අහල තිබුනට දේශීය කථාව දැනගත්තේ අදයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ තව කතාවක් තියෙනවා කියලා ඇනෝ කෙනෙක් කියලා තියෙනවා බං.

      Delete
  2. remember that copy cat -never catch rats.
    core of this posy copied from late Hon obsers blogpost. Don't do shameless things.

    ReplyDelete
    Replies
    1. Dear Ano, I'm Not The copy This Post From Observers Blog. This Is a Translate.

      This Is the Link. u can find out it's not a copy.

      Visual Proof

      So, Can Call It is a 'Shameless' things?

      I'm not a Copy Paster! Sorry Aaaa.. :)

      Delete
    2. if u say as that , i accept it.but before it publish in Observer's blogpost. you done no translation. It's a moderation (අනුවර්තන)

      Delete
    3. Translate එකක් උනත් එය ගත්ත මුල් තැන පෝස්ටුවෙ දක්වන එක තමයි මහත්මා ගතිය...

      Delete
    4. @ ඇනෝ - ඔබ්සර්වර් අංකල්ගේ පෝස්ට් එක නම් මං මොඩරේට් කරලා නෑ.මොඩරේට් කරේ ඉංග්‍රීසී එක.ඒක වෙනස් කරා මට හොදයි කියලා හිතෙන විදියට.

      අනික ඔබ්සර්වර් අංකල්ගේ පෝස්ට් එක මීට වඩා වෙනස්.ඒ වගේම පෝස්ට් එකක් තියෙනවා ලාස්ට් රෝ එකේ.හැබැයි ඒක ඔබ්සර්වර් අංකල් ලියන්න කලින් ලියපු එකක්.ඒ ගැන ඒ පෝස්ට් එකේ යට කමෙන්ට් එකක තියෙනවා.(නිහාල් ගුරුසිංහ).එයත් ඒක කොපි කරා කියලා දාලා තියෙන්නේ.'මං ඒක දැක්කේ ඇනෝ මේක ඔබ්සර්වර් අංකල්ගේ බ්ලොග් එකේ තියෙනවා කිව්වාම'.එතකොට ඔබ්සර්වර් අංකල් කරෙත් ඔබතුමා මං කරා කියලා හිතං ඉන්න දේමද?

      මේ පෝස්ට් තුනේ(මගේ එක,ඔබ්සර්වර් අංකල්ගේ එක,නිහාල් ගුරුසිංහගේ එක) තියෙන කතා තුන තුන් විදියක්.ඒත් කියවෙන්නේ එකම දේ.එහෙම බලපුවාම හැමෝම මොඩරේට් නේ!

      ඔබා අංකල්ගේ බ්ලොග් එකේ ඒක තියෙනවා කියලා මට මතක් වුනා නම් මේ පෝස්ට් එක වැටෙන්නේ නෑ.මොකද ඒ බ්ලොග් එකේ හැම පෝස්ට් එකක්ම මං කියවලා තියෙනවා.ෆලෝව් කරලා තියෙන්නෙත් සෑහෙන කාලයකට කලින්.ඒක ෆලෝව් ලිස්ට් එක බලපුවාම පෙනෙයි. ඔබ්සර්වර් අංකල් හා මාව සන්සන්දනය කරන්න එපා මේ පෝස්ට් එකෙන්.ඔහු අපිට වඩා ඉහළින් බ්ලොග් ලෝකේ හිටපු කෙනෙක්.එහෙම බලද්දී මං තාම පොඩි එකෙක්.

      මේ දේවල් කිව්වේ මං වැරදි නෑ කියලා පෙන්වන්න මිසක් ලොකු කමක් එහෙම පෙන්වන්න නෙවෙයි. එහෙනම් මට තිබුනා ඇනෝගේ මේ කමෙන්ට් වැටුණු වෙලේ ඒක පබ්ලිෂ් නොකර මකලා දාන්න.එහෙනම් ඉතින් ඒ ගැන කව්රුවත් දැනගන්නේ නෑනේ.ඒත් මේ කමෙන්ට් එකේ තියෙන්නේ මං ගැන ඇතිවුණු වැරදි අදහසක් නිසා හිතුවා මේක පබ්ලිෂ් කරලා උත්තර බඳින්න.

      වැරද්දක් නොකර ඒ දේ මං කරා කියන්න පිළිගන්න කැමැත්තක් මගේ නෑ.ඒවාට උත්තර දෙන්න බයවෙන්නෙත් නෑ.ඉතින් මං ඒ දේ කරා. එච්චරයි.ඔබ කැමති දෙයක් හිතාගන්න.මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න අපිට බෑනේ. :)

      මෙන්න ඒ කතා වලට ලින්ක්.නැත්නම් මේ කමෙන්ට් එක දකින අයට ප්‍රශ්නයක් වෙයිනෙ මේ සීන් එක. ඒ හින්දා ලින්ක් තුනම දැම්මා.

      මං ට්‍රාන්ස්ලේට්‌ කරපු එක (Visual Proof)

      ඔබා අංකල් ලියපු එක.

      නිහාල් ගුරුසිංහ ලාස්ට් රෝ එකට ලියපු එක.

      Delete
    5. @ සිරා - ඒක මාත් පිලිගන්නවා.ඒත් සිරා දැකලා තියෙනවද බ්ලොග්වල විහිළු කතා ගත්ත තැන් කවුරුහරි දාලා තියෙනවා? නෑනේ.ලියන්නේ පරිවර්තනයක් කියලා විතරයි.සමහර ඒවාගේ ඒකත් නෑ.මං කලින් පෝස්ට් එකක ලිව්වා මං බ්ලොග් එකට ගන්න සියලුම විහිළු කතා පරිවර්තන කියලා.ඒක කට්ටියට අමතක වෙලාද කොහේදෝ.. ඒකත් කිව්වේ මේ වගේම ප්‍රශ්නයක් ඇදිලා ආව හින්දා.ඒ පෝස්ට් එක සිරා දකින්න නැතුව ඇති.

      මේ තියෙන්නේ ඒ පෝස්ට් එක

      හැබයි එදා කතා ගන්න තැන ලින්ක් එක එදත් දුන්නා.අදත් තියෙනවා.ඉතින් මේ බ්ලොග් එකේ තියෙන සියළුම විහිළු කතා වල ඉංග්‍රීසි වර්ෂන් එක ඒ සයිට් එකෙන් හොයාගන්න පුළුවන්.

      Delete
    6. කොපි පේස්ට් තමයි නරක. තමුන් පරිවර්තනයක් කලානම් ඒක තවත් තැනක තිබුන කියල අවුලක් නෑ. මක්සිම් ගෝර්කිගෙ "අම්මා" කීදෙනෙක් නං පරිවර්තනය කරල ඇද්ද.

      Delete
  3. දොස්තර කිව්වලු රෝගියට ඇක්ස්රේ එක ගන්න කමිසෙ ගලවන්න කියලා...කමිසෙ ගලවපු ගමන් කිව්වලු ආයෙමත් ඇදගන්න කියලා... එතකොට රෝගියා ඇහුවලු ඇයි මහත්තයෝ ඇක්ස්රේ එක ගන්නෙ නැද්ද කියලා... දොස්තර මහත්තයා කිව්වලු ගන්න දෙයක් නෑ මම ඇක්ස්රේ එක දැක්කා කියලා... මොකට මිනිහට තිබිලා තියෙන්නෙ කටු බොඩියක්....

    ReplyDelete
    Replies
    1. රටේ දියුනුවට එහෙම කට්ටිය වටිනව

      Delete
    2. කොපියක් නම් ලින්ක් එක දාන්න ඕන තමා. ඒ උනාට වෙන භාශාවක එකක් අනුවර්තනයක් නම් අවුලක් නෑ. මොකද , අනුවර්තනේයි පරිවර්තනෙයි වෙනස්නේ. පරිවර්තනයක් කරනවනම් ලින්ක් එක දාන්න.

      අවුලක් නෑ අයියා එල ආහ්

      Delete
    3. @ සිරා - ඒ කතාව අහලා නෑ මං.එළ එකත්!

      @ පෙට්ටියේ අධිපති - තෑන්ක්ස් අදහසට. :)

      Delete
  4. සිරිසෝම දැක්කනම් බොට යන්න වෙයි ඒ වාට්ටුවටම

    ReplyDelete
    Replies
    1. හි හි හි.. මගේ අංග දුබල නෑ බං. ;)

      Delete
  5. උපුටා ගත්තට මොකෝ නියමට ලියලා තියෙනවා කථාව පංකාදුයි... හොඳ වෙලාවට අන්ඩර් වෙයාර් එක අයින් කරලා නැත්තේ නැත්නම් පව් අසරණ සුමනාට වෙන්නේ ඉස්පිරිතාලේ ගානේ රස්තියාදු වෙන්න

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්!

      ඕ ඕ.. ඒක එහෙම වෙන්නත් තිබුනා.

      Delete
  6. එල කතාව.. අංකල් සිරිසෝම පව් අප්පා..!

    ReplyDelete
  7. ඔබයත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා සහෝ!

      Delete
  8. උදාවූ නව වසර ඉෂාන්ට අංකල් සිරිසෝමට විතරක් නොවේ සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
    Replies
    1. එය එසේම සිද්ධ වේවා !

      ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!

      Delete