Sunday, February 17, 2013

ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න!


"ඔයා වෙන කාටහරි ආදරේ කරනවාද?" ඇය ඔහු දෙස එක එල්ලේ බලාගෙන විමසුවා.ඇගෙන් දිස්වූයේ එයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙන අයුරුයි.

"ඉස්සෙල්ලා මේක කාලා ඉන්න.ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු.." ඔහු පිළිතුරු දුන්නා.

"බෑ.. මට ඒක දැනගන්න ඕනේ.."ඇයට ඕනේ වුනේ ඒ උත්තරේ නෙවෙයි.ඒත් ඔහු,

"ඒ වුනාට කාලා ඉමු අපි.කෑවට පස්සේ මං කියන්නම්.."

"බෑමයි මට. මට කියලා ඉන්න ඒක. නැත්නම් මං මෙතන ඉන්න ඒක තේරුමක් නෑ.." ඇය මුරණ්ඩු ලෙස පැවසුවා.

"ඒකත් එහෙමද.. හරි, දැන් මොනවද මගෙන් දැනගන්න ඕනේ..?" 

"ඔයා කාටහරි ආදරේ කරනවාද..?" 

"ඕ.. මං කෙනෙක්ට ආදරේ කරනවා.."

"ඇත්තමද කියන්නේ..?"

"ඕ.. මං ගොඩක් ආදරෙයි එයාට.."

"එහෙනම් මං යන්නම්..!" කියා පැවසු ඈ, වාඩි වී සිටි පුටුව පසෙකට කර නැගී සිටියා.ඇගේ මුහුණේන් දිස්වූයේ බලාපොරොත්තු බිදුණු, ශෝකාකූල පෙනුමකි.

"ඔහොම වාඩිවෙන්න. ඔයා යන්න කියලා හිතාගෙන නැගිට්ටාට ඔයා දන්නවද මෙතන ඉඳලා ක්ලාස් එකට යන විදිය? "

"නෑ. ඒත් මං හොයාගෙන යන්නම්. මං තවත් මෙතන ඉන්න එක තේරුමක් නෑනේ..!"

"ඔහොම වාඩිවෙන්න.මං ඔයාව ක්ලාස් එකට ඇරලවන්නම්. අපි කාලා යන්.අපරාදේ නේ මේවාට වියදම් කරපු සල්ලි.."

"එහෙනම් ඔයා කන්න.මට කන්න බෑ.කාලා ඉවර වෙලා මාව ක්ලාස් එකට දාලා ඔයා යන්න.."

කියමින් පැවසු ඈ නැවතත් පුටුවේ වාඩි වූවාය.ඇය දෙස මොහොතක් බලාසිටි ඔහු,

"මේ.."

"ඇයි..?"

"ඔයා කැමති නැද්ද මං ආදරේ කරන කෙනා කවුද කියලා දැනගන්න..?"

"නෑ..!"

"ඒ මොකෝ..? මං ගාව එයාගේ ෆොටෝ එකක් තියෙනවා.ඉන්න මං පෙන්වන්නම්." කියූ ඔහු කලිසමේ සාක්කුවට අත දමා බ්‍රවුන් පේපර් බෑගයකින් වැසි තිබු කිසියම් දෙයක් ඇය ඉදිරියේ තැබුවේය.ඇය එය නැවත ඔහු වෙත තල්ලු කරේ,

"මට බලන්න ඕනේ නෑ ඒක කොහොමටවත්..! ඒක තේරුමක් නැති දෙයක්." යැයි පවසමින්ය.

"ඒ වුණාට ඔයා මේක බලන්න.." නැවතත් ඔහු එය ඇය අසලින් තැබුවා.

"බෑ මට. ඒක බැලුවා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑනේ.නේ?" ඇය නැවතත් ඔහු දෙසට එය තල්ලු කළා.

"ඔව්. ඒත් ඔයා ඕක බලනවානම් හොදයි. මං එච්චරටම ආදරේ කරන කෙනා ඔයා බලන්නම ඕනේ.මගේ ජිවිතයේ මට හම්බුණු හොදම,ගැලපෙනම කෙනා එයා.බලන්න ඔයා ඒ කවුද කියලා.!"

ඔහු එය නැවතත් ඈ වෙතට තල්ලු කළේය.අකැමැත්තෙන් එය අතට ගත් ඈ, බෑගය විවෘත කර ඇතුලේ තිබු ඡායාරූපය අතට ගත්තාය.ඇයට දිස්වූයේ ඡායාරූපයේ අනිත් පසය.උදාසීන බවකින් යුතුව ඡායාරූපය අනෙක් පස හරවා බැලූ ඇගේ මුහුණෙන් දිස් වූයේ පුදුමයකට පත්වූ පෙනුමකි.ඔහු දෙස වරක් බැලූ ඈ නැවතත් ඡායාරූපය දෙස බලාසිටියාය.අවසානයේ ඔහුට දක්නට ලැබුනේ ඇගේ දෑස් ප්‍රීතියෙන් බැබළෙන අයුරුය.

සිදු වී ඇත්තේ නොසිතු දෙයකි.ඔහු ඇයව රවටා ඇත.ඡායාරූපයේ ඉන්නේ ඇයමය.ඔහු සිනා සී ඇය දෙස බලාසිටියේය.මෙතෙක් වෙලා දුක්මුසු පෙනුමකින් සිටි ඈත් අවසානයේ සිනාසුණාය.

"මං ඔයාට ආදරෙයි..!" ඔහු ඇගේ දෑස් දෙස බලාගෙන පැවසුවේය.

"මාත් ඔයාට ගොඩක් ආදරෙයි අයියා..!"

"එහෙනම් දැන්වත් කමුද අපි..?"

"හ්ම්ම්.."

මේ එක්තරා ආදර කතාවක ඇරඹුම සිදු වූන ආකාරයයි.මේ ආදර කතාවේ ආරම්භය වෙනස් ඇයගේ පැත්තෙන් මේ කතාව පටන්ගත්ත විදිය ලියන්න ගියොත්.කෙටියෙන් කියනවානම් ඇය මේ කතාවේ සමහර දේවල් කතාව පටන්ගන්නත් කලින්ම දැනන් හිටියා.

ඔහුට ඇයව මුලින්ම දකින්න ලැබෙන්නේ ලැබෙන්නේ තම නෑදෑ නිවසක ඉද්දි.නමුත් ඇය ඔහුව ඊට කලින් ඉදලාම දැක තිබුනා.ඇය මේ කියන නෑදෑ ගෙදරට එහා ගෙදර ඉන්නේ.ඔහු ඇයව දැක්කත් මුලින් ඔහුගේ සිතේ ඇය ගැන ආදරයක් තිබුනේ නෑ.ඒ ඔහුට තවත් කෙනෙක් එක්ක විසදාගන්න ප්‍රශ්නයක් තිබුණු හින්දා.නමුත් ඔහු ඇයගේ වරලසට කැමැත්තක් තිබුනා.ඒ තරම් ලස්සන වරලසක් ඔහු දැක නොතිබුණු හින්දා.

ඔහුගේ නම අහද්දී ඇය පුදුමයට පත්වෙන්නේ "මේ ඔහුමද?" යන්න සැකය හිතට එළඹීමෙන්.

කෙසේ හෝ මොවුන් දෙදෙනාට ආශ්‍රය කරන්න ලැබෙනවා.ඒකෙටි පණිවිඩ මාර්ගයෙන්.මේ වෙද්දී ඔහු ඔහුගේ ප්‍රශ්නෙන් නිදහස්.ඉතින් මේ හමුවීම සිද්ධ වෙන්නේ කලින් දවසක දෙන්නා තීරණය කරගත්ත විදියට.එතකන් දෙන්නා කරේ දෙදෙනාගේ ගති ගුණ, හැසිරීම් තේරුම් ගන්න උත්සහ කරපු එක.ඒ මාස දෙක, තුනක් මහා රෑ ඇහැරන් කරපු කෙටි පණිවුඩ වලින්.මේ දවස වෙද්දී ඇයගේ හිතේ තමන් ගැන ආදරක් තියෙනවා කියන එක ඔහු තේරුම් අරන් හිටියා.ඒත් ඔහු ඔහුගේ හිතේ තියෙන දේ ඇයට නොහැගෙන ලෙසයි හැසිරුණේ,කටයුතු කලේ.ඉතින් ඇයට ඒ ගැන දෙගිඩියාවක් තිබුනා,ඔහුට වෙන කෙනෙක් ඉන්නවා ඇති කියන සැකෙත් හිතේ තිබුනා.ඉතින් මේ දේ හමුවෙලාම අවසානයක් දකින්න දෙන්නාටම ඕනේ වුනා.

ඉතින් එදා ඔහු ඇය හමුවීමට යනවා.ඇයට එදා ක්ලාස් තියෙන දවසක්.ක්ලාස් යන්න කලින් හමුවෙන්නයි තීරණය කරගෙන තිබුණේ.මඟදී හමුවෙලා ඔවුන් දෙදෙනා යනවා නිදහසේ කතා කරන්න පුළුවන් අවන්හලකට.ඔහු ඇයව මේසෙක වාඩි කරවා ගිහින් කෑම රැගෙන එනවා.මුලින් එක එක දේවල් කතා කරලා  අවසානයේ දෙදෙනාට ඕනේ කරන තැනට එනවා.

"ඔයා වෙන කාටහරි ආදරේ කරනවද?" ඇය විමසුවා.

කතාවේ මෙතනින් එහාට දැනටමත් කට්ටිය දන්නවනේ.

කතාව එතනින් ඉවරයි.මේ ආදර කතාවේ ඔහු කියලා හදුන්වලා තියෙන්නේ ඉෂාන් ව. ඒ කියන්නේ මේ මං. එතකොට ඇය ජානු.

මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අදට අවුරුදු 3 දවස් 3යි. ඒ කියන්නේ මේ ආදර කතාව පටන්ගත්තේ 2010.02.05 වෙනිදා ඉදලා.මේ 02.05 වෙනිදාට අවුරුදු 03ක් ඉවර කරලා 04 වෙනි අවුරුද්දට යන්න පටන්ගත්තා විතරයි. මේ කතාව තාමත් ඉවර නෑ.

මං මැදින් කිව්වා වගේ මේ කතාවේ එයා සමහර දේවල් ගැන කලින්ම දැනන් හිටියා.මගේ නම (මගේ නමේ මුල් කොටස.එයා මගේ නම දැනගන්නේ මගෙන්මයි.), අපි ආදරය කරන්න පටන්ගන්න දවස එහෙමත් ඇය දැනන් හිටියා.මේ ගැන එයා මට පස්සේ කාලෙක කිව්වේ.මං ඒ කියපු දේ විශ්වාස නොකළත්, එයා ඒ සටහන් ලියපු එයාගේ පරණ දිනපොත් මට ගෙනත් පෙන්නුවාම මට ඒ ගැන මුකුත් කියන්න,හිතාගන්න බැරි වුනා.ඒ මොන දේ වුනත් මං ඇයට ආදරේ කරනවා.

කතාවේ අන්තිම ටික ටිකක් අමුතුයි නේ? මේ තුන් වෙනි සංවත්සරය වෙනුවෙන් ලියවුනු පෝස්ට් එක.පෝස්ට් එක දාන්න හිටියේ 5 වෙනිදා වුනත්,ඒක ලියලා ඉවරකරගන්න බැරිවුනේ එහෙ මෙහෙ ගිය හින්දාත්, ක්ලාස් හින්දාත්.ඉතින් ඒ වැඩේ දවස් තුනක් පහු වුනා.

මේ තියෙන්නේ මේ පාර ඇනිවර්සරී එකට කරපු වැඩේ.Couple Mug එකක්.මේකේ ප්‍රින්ට් එක හතර පස් වතාවක් වෙනස් කරන්න වුනා මග් එකට හරියන විදියට.මට ඕන කරපු විදියටම කරගන්න බැරිවුනා.ඒත් අවුලකුත් නෑ වගේ..


මේ තියෙන්නේ මග් එකේ ඉස්සරහ පැත්ත

මේ අනිත් පැත්ත

52 comments:

  1. යකෝ තුන්වෙනි සංවත්සරේදි දරුවො 3ක් වත් ඉන්න එපැයි !

    සූබ වේවා !

    ReplyDelete
    Replies
    1. තාම ෆැමිලි ප්ලෑනින් බං. ඉස්සරහට බලනවා. ;)

      තෑන්ක්ස් සෑම්!

      Delete
  2. sinhala aul macho.

    Hema adara kathawakama sundara athithayak thiyanawa. Umba hari wasanawanthai. Anagetheth ohomama sathutin inna subapathanawa.

    ReplyDelete
    Replies
    1. ඕ. ඒක ඇත්ත. ආදරේ සුන්දරයි කියන්නේ ඒකනේ.

      තෑන්ක්ස් දේශ්!

      Delete
  3. මගෙන් උනුසුම් සුභ පැතුම්..... අපේ ආදරේට අවුරුදු 02 ඉවර වෙලා 03 ලැබුව... මමත් ඒකට පෝස්ට් එකක් දැම්ම... මේකත් බලන්නකො...

    http://jeevithayasundharai.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මං ඒක බැලුවා ඒක.

      තෑන්ක්ස් පසන්! ඒ වගේම පසන්ටත් සුබපැතුම්!

      Delete
  4. සංවත්සරය තුන... ආයිබෝ වේවා.. මග් එකෙන් බොලා දෙන්න එක පාර බොන්න බෑග් එකේ දාගෙන යනවද? අනේ බොල දෙකක් ද එකක් ද කියල පේන්නේ නෑ.. සුභපැතුම් මචෝ..

    ReplyDelete
    Replies
    1. හි හි හි.. අපි දෙන්නා දැන් යන යන තැන ඒක අරන් යන්න ඉන්නේ.බොන ජාති හැමදෙයක්ම මග් එකට දාගෙන බොන්න. ;)

      දෙකක් තියෙනවා එතන.

      තෑන්ක්ස් දේශකයා!

      Delete
  5. මෙ කථාව තාමත් ඉවර නැ? ඉවර කරන්නත් එපා.අවබෝධය මතයි සම්බන්ධකම් වල පැවැත්ම තිරණය වන්නේ.එම නිසා අවබෝධය සහිත ඵල ඇති රුකක් වේවා!
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඉවරකරන්නත් අදහසක් නෑ ගයානි. ගයානි කියලා තියෙන්නේ ඇත්ත.අවබෝධය නැති තැන තියෙන්නේ ප්‍රශ්න. ප්‍රශ්නත් එක්ක ජිවිතේ ගෙනියන්න අමාරුයි.

      ස්තූතියි ඔබට!

      Delete
  6. අලේ.....මුලින්ම සුබ පැතුම් වගේම දීර්ඝායුෂ පාර්ථනා කරනවා දෙන්නගෙම ආදරේට..

    මමත් ඔය මග් එක ගැන මේ ටිකේ බලන් හිටියේ,ඒත් පස්සෙ හිතුවා හදන්නෙ නැහැ කියලා,මොකද මගේ උන්නැහේ ඒ වගේ දේවල් වලට කැමති වෙන එකක් නැහැ :(

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ශම්මි!

      කැමති නැතිවෙයිද කියලා බලන්න ඔයාට තාම ෂුවර් එකක් නෑනේ. ඒ හින්දා දීලා බලන්න.ඒ උන්නැහේ කැමති වුණොත් එහෙම. හැබයි එයා කැමති වෙන දේවලුත් තියෙනවනම් ඒ ගැන හිතලා බැලුවත් කමක් නෑ.සංවත්සරයක් වගේනම් මේ දේවල් හොදයි නේ..


      Delete
  7. jaya vewa machan.. mmt oya mug 1k denna hithan enne :D

    ReplyDelete
    Replies
    1. එළ! ඒකෙ පොඩි ගතියක් තියෙනවා. දීලා බලන්න. :)

      තෑන්ක්ස් ඇනෝ!

      Delete
  8. තුන් වෙනි සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්.... හැමදාමත් ජීවිතේ සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව! ඒ ඇත්තටම මම නම් අදයි "Couple Mug" කියල එකක් ගැන ඇහුවෙත් :D

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද! එහෙනම් මට ස්තූති කරන්න ඒ වගේ දෙයක් තියෙනවා චාම්ස් ව දැනුවත් කරාට.. ;)

      තෑන්ක්ස් චාම්ස්!

      Delete
  9. අඩේ දෙන්නටම සුභ පැතුං ඈ....
    කිවුවත් වගේ දරු මල්ලෝ ඒම නැතෙයි?????????? :D
    මග් එක කොයිංද ප්‍රින්ට් කරේ???????? ඇම්.සී ද??????/

    ReplyDelete
    Replies
    1. තාම දරුවෝ ගැන හිතුවේ නෑ බං. තාම ෆැමිලි ප්ලෑනින්! ;)

      මග් දෙක ප්‍රින්ට් කරගත්තේ KENT එකෙන්.

      තෑන්ක්ස් තරියා!

      Delete
  10. සුබ පැතුම් මචන්
    උඹලා දෙන්නටම
    ජයවේවා !

    ReplyDelete
  11. තුන් වෙනි සංවත්සරේට සුබ පැතුම් දෙන්නටම..!
    මග එක ලස්සනයි මචං. දැන් ඉතින් බොමු ඇති වෙන්න :) ජය!!!!

    ReplyDelete
    Replies
    1. බොමු බොමු! :)

      තෑන්ක්ස් චන්දන!

      Delete
  12. කන්ග්‍රෑට්ස් මචන් :)

    ReplyDelete
  13. සුභම සුභ පැතුම් ඔය දෙන්නටම....!!

    ReplyDelete
  14. මග් එකේ ඩිසයින් එක ගොඩක් ලස්සනයි..
    දැන් ඉතින් ආදර තේ ලැබේවි නේද.. :)
    සුබම සුබ වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ආදර තේ වගේම ආදර කසායත් බොන්න පුළුවන් වෙයි මං හිතන්නේ! :)

      තෑන්ක්ස් නන්ඳු!

      Delete
  15. Replies
    1. Where Is the Party Dex? Who Is The Sponser?

      Thanks!

      Delete
  16. යකෝ....දැන්ද කියන්නේ? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නැත්නම් තවත් කල් අරන් කියන්නැයි රජෝ! ඒ හින්දා කියන්න ඕනේ දවසේ කියලා දැම්මා. :)

      සුබ වේවා!

      Delete
  17. //4 වෙනි අවුරුද්දට යන්න පටන්ගත්තා විතරයි. මේ කතාව තාමත් ඉවර නෑ.//
    අවසානයක් තියෙන්නත් එපා..

    මගේ ආදරේට 2012.02.05 ට හරියටම මාසයයි. ඒ කියන්නෙ එයා මට ආදරෙයි කිව්වෙ 2013.01.05 හරියටම.. පොඩි කාලයක් උනාට ආදරේ නම් පොඩි නෑ :D

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යසිත්!

      ඒක තමා එහෙනම් පහු ගිය දවස් වල කෙල්ල මුලින්ව මීට් වෙන්න යද්දී මොනවද ගෙනියන්නේ කියලා අහලා තිබුණේ! ;) එළනේ! තවත් බොහෝ දුර යන්න ලැබේවා මචං!

      Delete
  18. වැඩි වැඩියෙන් දරුසම්පත් දකින්න වාසනාව ලැබේවා..)))

    ලස්සන ආදර කතාවක් බං...මගේ එකත් ලියන්න හිතේ..!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වී අයියා!

      දරුසම්පත් දකින්න තව කල් තියේ වී.. :) වී ගේ ආදර කතාවත් ලිව්වනම් හරිනේ දැන්.මේ ආදරවන්තයින්ගේ මාසෙනේ. ළග ළගම වැලන්ටයින් එහෙමත් එනෝ. ලියමු ඒකත් අල්ලලාම! :)

      Delete
  19. සුබම සුබ පැතුම් ඉශාන් එක්කෙනා දෙන්නා වෙලා ඉක්මනටම දෙන්නා එක්කෙනා වෙලා,එක්කෙනා තුන් දෙනා වේවා කියල ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඒවාට තව සෑහෙන කාලයක් යයි වගේ. ;)

      තෑන්ක්ස් සහන්!

      Delete
  20. ඔබ දෙපලට සුභ ආනගතයක්.

    මේ මගේ පොස්ට් එකට දාපු කමෙන්ට් එක උඹේ කෙල්ල දකිනකන් නැති වෙයි නේද? ඔන්න දැක්කොත් උඹම ප්‍රශ්න විසඳ ගනින්.

    ReplyDelete
    Replies
    1. හිකිස්! එයා දකින එකක් නෑ අසරණයා. දැක්කත් ශේප් කරගන්න මං දන්නවා. ;)

      තෑන්ක්ස් අසරණයා!

      Delete
  21. තුන්වැනි සංවත්සරේට මගෙනුත් සුභ පැතුම් ඉෂාන්!

    ReplyDelete
  22. යකෝ එළනේ..මෙච්චර කල් උඹ ලිව්වේ පස්සෙන් ගියපු අක්කලා ගැනයි ඇන්ටිලා ගැනනෙ...ඒ කියන්නේ උඹටත් සිරා ලවක් තියනවා...එල කොල්ලෝ...හැමදාම ඔය විදියටම ආදරෙන් වේලිලා ඉන්න ලැබීයන් කියලා එක හිතින්ම සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. මං කොහෙද බං අක්කලා,ඇන්ටිලා පස්සේ ගියේ? මට මතක නෑනේ එහෙම එකක්. :0

      තෑන්ක්ස් සිම්බා!

      Delete
  23. බොහොම සන්තෝෂයි බන්...උඹ බොහොම වාසනාවන්තයෙක් ආදරය ඉදිරියෙදි...ඔහොම ලේසියෙන් ආදරියක් හොයාගන්න මට නම් බැරිවුනා...මම අදටත් එතැනදි අසාර්ථකයි...

    මේ අකලංක ප්‍රේමයේ ආයුෂ දිගුවෙන්නටත්, විවාහයෝ දොරටුව ඔබ දෙපල වෙත විවර වෙන්නටත්, විවාහයෙන් පසුව දරුවන් දුසිමක් පමණ ලැබෙන්නටත් පතමි !

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා සිරා.හැමෝටම ආදරයක් කවදාහරි හම්බවෙනවා.සිරාට පහුවෙනවා ඇත්තේ හොදම දේ දෙන්න මහා බඹා හිතන් ඇති. ඒකයි. ඉක්මනින්ම සිරා අයියාගේ තනිකඩ ජිවිතේ කෙළවරක් වෙන්න කියලා මන් පතනවා.

      දුසිමක්! ඒක මදි වගේ. මගේ ගාන ඊට වඩා ටිකක් වැඩියි. ;)

      ප්‍රාර්ථනාවට ස්තූතියි සිරා අයියා! :)

      Delete
  24. ඔය විදිහට වෙලි වෙලි ඉන්න ගමන් ඉඩක් ලැබුණොත් කසාදෙත් කරගන්නකෝ හික්ස්
    තුන්වැනි සංවත්සරේට මගෙනුත් සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. තව කාලයක් යයි මචන් ඒකට.එතකොට මේ තියෙන නිදහස නෑනේ.

      තෑන්ක්ස් ඉසුරංග!

      Delete
  25. අලේ.... මෙන්න මෙයාගේ තුන් වෙනි සංවත්සරයලු... සුභ පැතුම් හොඳේ.... ගිෆ්ට් එකත් ශෝයි..... (Y)

    ඒක නෙමේ කෝ කේක් හලෝ... :/

    ReplyDelete
    Replies
    1. කේක්! මොන කේක් ද? ඔයා ගාව තියෙනවද? එහෙනම් මටත් එවන්න. ;)

      තෑන්ක්ස් සිත්තරාවි! (y)

      Delete