Sunday, February 17, 2013

අවුලක් එක්ක වතුර ප්‍රශ්නයක් (තෑගී නැති ප්‍රශ්න - 9)


සෑහෙන දවසකට පස්සේ ආපහු බ්ලොග් එකට ගොඩවුනා පෝස්ට් එකක් දාන්න කියලා හිතාගෙන.ජනවාරි 27 වෙනිදා ගම්පහදී පැවැත්වුණු ගෙට්ටුවට සහභාගී වෙන්න බැරි වුනේ පොඩි කේස් එකක් වැටුණු හින්දා.ඒක අර මං කලින් පෝස්ට් එකක කිව්ව එක්සෑම් එක සම්බන්ධ දෙයක්.කේස් එක මේකයි.

මේ අවුරුද්දේ පළවෙනියටම දාපු පෝස්ට් එකේ කිව්වානේ මං මඟ ඇර ඇර හිටිය එක්සෑම් එකක් ගැන.මං කරපු කෝස් එක අවුරුද්දක එකක්.(ඒකෙ තවත් ඉස්සරහට කරන්න තියෙනවා.මං කරේ මුල් අවුරුද්ද කියන කොටසට අදාළ ටික) මේ කෝස් එක කොටස් දෙකයි.පළවෙනි එක Practical.දෙවෙනි එක Theory.Theory එකට අදාළ එක්සෑම් ෆී එක රු.18000.00/=ක්.මේ එක්සෑම් එක Online ලියන්න තියෙන්නේ.ඉතින් තමන්  කැමති දවසක ඒකට අදාළ ෆී එක ගෙවලා මේ එක්සෑම් එක කරන්න පුළුවන්.ඉතින් මං එක්සෑම් ෆී එකත් කෝස් පටන්ගද්දිම ගෙවලා දැම්මා කෝස් එක ඉවර වුනාම ලියලා දාන්න හිතාගෙන.

ඉතින් ඔය එක්සෑම් එකට අදාළ වවුචර් එක ගන්න මං ගිය සතියේ කොළඹ තියෙන අපේ ඉන්ස්ටියුට් එකේ හෙඩ් ඔෆිස් එකට ගියා. ගිහින් මං කරපු කෝස් එකට අදාලව තියෙන ගෙවීම් කරපු Invoice ටික ඉදිරිපත් කළා.ඉතින් මේ Invoice ටික බලලා එතන හිටිය විභාග අංශයේ සර් කියපි,

"ඔයා ගෙවලා තියෙන එක්සෑම් ෆී එක දැන් කල් පැනලා..!" කියලා.

"මොකක්! ඒ කොහොමද!කොහොමද එහෙම වෙන්නේ?"

"ඔයා මේ එක්සෑම් ෆී එක ගෙවලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි.ඒ එක්සෑම් ෆී එක වලංගු ගෙවපු දවසේ ඉදලා අවුරුද්දකට..!" 

"මොකක්! මට එහෙම දෙයක් කිව්වේ නෑනේ කෝස් එකට රෙජිස්ටර් වෙලා එක්සෑම් ෆී එක ගෙවද්දී..! එහෙම කිව්වානම් මං ඕක ගෙවන්නේ නෑනේ ඒ කාලේ. එක්සෑම් එක  කරන දවසට ගෙවනවානේ එහෙනම්..!.මට කිව්වේ වවුචර් එක අවුරුද්දක් ඇතුලත අවලංගු වෙනවා කියලා"

"ඒකනම් මං දන්නේ  නෑ. ඔයාට වවුචර් එක ගන්න ලෙටර් එක පාස් කරන්න බෑ මේ හින්දා.."

"එහෙම කොහොමද වෙන්නේ සර්! අනික මට ඒ කෝස් එක ඉවර කරන්න ලැබුනෙත් අවුරුද්දකුත් පහුවෙලා.අපේ හිටපු ලෙක්චර් ඉන්ස්ටිටියුට් එකෙන් අයින් වෙලා ගියාට පස්සේ Theory එක කවර් කරෙත් සෑහෙන කාලෙකට පස්සේ..ඒ වෙන කෙනෙක් එතෙන්ට එනකම් හිටපු හින්දා. ඒ ලෙක්චර් එද්දී ක්ලාස් එක පටන්ගද්දී හිටපු අයගෙන් ඉතුරුවුණේ මායි, තව කෙනෙකුයි විතරයි.අන්තිමේදී ඒකාත් නැවතුනා.ඉතින් මගේ ක්ලාස් එක නැවතුනා. අත්හැරුණු අනිත් පාඩම් කවර් කරගත්තේ අලුතෙන් පටන් ගත්ත ක්ලාස් වලට ගිහින්.."

"ඔව්, ඉතින් .."

"ඉතින් එක්සෑම් එක ලියන්න ඕනේ ක්ලාස් එක කවර් කරන්න වුනාට පස්සෙනේ.එහෙනම් ඒ දවසේ ඉදලා අද වෙනකම් බැලුවත් තාම අවුරුද්දක් ඉවරවෙලාත් නෑ.අනිත් ළමයි එක්සෑම් ෆී ගෙවන්නේ ඒ Theory එක ඉවර වුනාම.ඒකත් එක්සෑම් ලියන දවසට.ඒත් මං මුලින් කරේ මට ඒ දේ නොකිව් හින්දා.මට කිව්වේ වවුචර් එක අරන් අවුරුද්දක් ඇතුලත එක්සෑම් එක නොලිව්වොත් අවලංගු වෙනවා කියලා.ඉතින් මං තාම වවුචර් එක අරන් නෑ.ඉතින් එක්සෑම් ෆී එහෙම අවලංගු කරන්න බෑනේ.."

ඔහොම සෑහෙන වෙලාවක් මට තර්ක විතර්ක කරන්න වුනා ඒ සර් එක්ක.අන්තිමේදී මං කිව්වා එහෙනම් මං ගෙවපු ඒ එක්සෑම් ෆී එක ආපහු දෙන්න. මං වෙන තැනකින් එක්සෑම් එක දාන්නම් කියලා.එතකොට ඒ සර්..

"එහෙම සල්ලි දෙන්නේ නෑ ආපහු.එහෙනම් ඔයා මෙහෙම කරන්න.ලියුමක් ලියන්න ඔයා ඔය කියපු හැමදේම කියලා ......... සර්ගෙ නමට ඇඩ්රස් කරන්න.ලියන්න මේ කාරණා ගැන සලකා බලලා සහනයක් සලසලා දෙන්න කියලා.එයා තමා ඒ ගැන බලන්නේ.මං බෝඩ් එකට දාන්නම්.හැබයි මේක පාස් වෙයිද කියන එක ෂුවර් නෑ. තව දවස් කිහිපයකින් කෝල් කරලා බලන්න කියලා.මේක අදම කරගන්න වෙන්නෑ.."

ඒක අහලා ආයෙත් තදවුනා තව දවස් ගානක් ඉන්න කියපු එකටයි,වැඩේ ෂුවර් නෑ කියපු එකටයි,ගෙවපු සල්ලිත් නැති වෙන එකටයි.මං ලියුම ටිකක් වෙලා යනකම් නොලියා හිටියා.එතකොට ඇහුවා, "ඇයි ලියන්න බෑ වගේද" කියලා. මං අපේ තාත්තාටත් කෝල් එකක් අරන් මේ කේස් එක කිව්වා. එයා ඇහුවා කතාකරන්නද කියලා ඉන්ස්ටිටියුට් එකේ ප්‍රධානියාට.ඒ අපේ තාත්තාගෙ හොදම යාළුවෙක්ගේ යාළුවෙක්.අපේ තාත්තාගේ හැටි දන්න හින්දා මං කිව්වා, 

"පොඩ්ඩක් ඉන්න.මං මේ ලියුම ලියලා බලන්නම්.අදම කරගන්න බැරිම වුනොත් එයාට කතාකරන්න" කියලා.

ඊට පස්සේ මං ලියුම ලිව්වා කොළයක් ඉල්ලන්.ලියාගන්න තේරෙන්නෙත් නෑ. බාගෙට එකක් ලියලා, ඒක හරි නෑ කියලා හිතුනු හින්දා ආයෙත් කොළයක් තව එකක් ලිව්වා.ලියලා ඉවර වුනේ කොළේ දෙපැත්තම ලියවිලා.ඊට පස්සේ ඕක අතේ තියාගෙන ඇතුලට ගිය අර සර් එළියට එනකම් ඉද්දි කැරකි කැරකි ඉද්දි ඉන්ස්ටිටියුට් එකේ ප්‍රධානියා ආවා.එයාට මේ ගැන කියන්න ඕනේ කියලා හිතද්දීම එතනට ආවා උදේ ඉන්ස්ටිටියුට් එකේදී හම්බුනු සර් කෙනෙක්. එයා ඇවිත් මගේ වැඩේ හරිද කියලා ඇහුවා.

"නෑ සර්. _ _ _ සර් කිව්වා ලියුමක් ලියන්න කියලා.දැන් ලියලා ඉවරයි.ඒකටත් මට තව දවස් ගානක් ඉන්ට කිව්වා උත්තරයක් දෙනකම්. මං _ _ _ _ සර් (ඉන්ස්ටිටියුට් එකේ ප්‍රධානියා) එක්ක මේ ගැන කතා කරන්නද? නැත්නම් සර් මේ ගෙවපු සල්ලිත් මට නැතිවෙනවා.." කියලා.

සර් මං ලියපු ලියුම බලලා "ඕ.. ඔයා එහෙම කරන්න.ලොකු සර් මොනවා හරි කරලා දෙයි. ලියුම කියෙව්වාම තේරෙනවා ඔයාටයි මේකේ අවුල වෙලා තියෙන්නේ කියලා."

"එක්කෝ පොඩ්ඩක් ඉන්න. මට ලියුම දෙන්න. මං අනිත් අයත් එක්ක මේ ගැන කතා කරලා බලන්නම්.."

කියලා ඒ සර් මගේ අතේ තිබුණු ලියුම අරන් ගිහින් ලියුම ඇඩ්රස් කරපු කෙනාව මීට්‌ වුනා.එයාට ලියුම පෙන්නලා, ඒ ගැන කතා කරලා මට ඇතුලට කතා කරා,

"මට තේරෙනවා අපේ ආයතනය පැත්තෙනුත් ඔයාට වැරද්දක් වෙලා තියෙනවා කියලා.අනික ඔයාගේ ක්ලාස් එකත් හරියට කවර් වෙලා නෑනේ.මං ඔයාට එක්සෑම් වවුචර් ලෙටර්  එක පාස් කරන්නම්.ඔයා ඒක නුවරින් කලෙක්ට් කරගන්න.කොළඹ එන්න ඕනේ නෑ ආපහු මේ වැඩේට.ආය අතහැරුණු පාඩම් කවර් කරගන්න Free අනිත් ක්ලාස් වලට යන්නත් හදලා දෙන්නම් Revision එක්කම.මං නුවර ඉන්ස්ටිටියුට් එකට කතා කරලා කියන්නම් ගැන ." කියලා.

ඉතින් ඒ විදිහට සෑහෙන කට්ටක් කාලා මගේ එක්සෑම් වවුචර් එක පාස්කරගත්තා.අන්තිමේදී මං ලියපු ලියුමේ කොපියකුයි, කොළඹින් Theory ක්ලාස් වලට ෆ්‍රී යන්න දුන්නු ලියුමයි අරන් ජනවාරි 27 මට නුවර ක්ලාස් එකට එන්න කිව්වා.

ඉතින් ඔය හේතුව හින්දා තමා බ්ලොග් ගෙට්ටුවට එන්න බැරිවුනේ.මේ දවස් වල ආපහු ක්ලාස් යනවා.පාඩම් කරන්නත් පටන් ගත්තා.මේ මාසේ අන්තිම එක්සෑම් ලියන්නයි ඉන්නේ.ලියන්න හිතන් හිටිය දින එහා මෙහා වුනේ ක්ලාස් යන්න පටන්ගත්ත හින්දා.ඒ අස්සේ අයියාත් එක්ක එයා බාරගත්ත වෙඩින් වගයක Photography වලටත් යන්න තියෙනවා. මේ පොස්ට් එක පබ්ලිෂ් වෙන අදත් වෙඩින් එකක්.

ගේට්ටුවේදී වුනු දේවල් කියවලා, ෆොටෝ දැකලා සහභාගී වෙන්න බැරි වුන එක ගැන හිතට පොඩි දුකක් දැනුනත්, ඒ දුක නැති වුනේ අප්‍රේල් 21 ආපහු බ්ලොග් ලියන අය සෙට් වෙනවා කියලා කාගේ හරි බ්ලොග් එකක දැක්ක හින්දා.බ්ලොග් ලියන කට්ටිය කොයි වගේද කියන එකත් ෆොටෝ වලින්ම දැකගන්න පුළුවන් වුනා.සමහර ඈයෝ මං හිතන් හිටිය පෙනුමට වඩා සෑහෙන්න වෙනස්.හයියෝ! 


එහෙනම් ඉතින් ඊලඟ ගෙට්ටුවට මං අනිවා එනවා!

දැන් තෑගී නැති ප්‍රශ්නය :

සෑහෙන දවසකට පස්සේ අහන්න යන්නේ. වැඩ වැඩි වුනානේ.තරගේ කොහොමත් තියෙනවා.උත්සහ කරනවා අප්‍රේල් 21 තියෙනවා කියන ගෙට්ටුවෙදීම මේ වැඩෙත් ඉවරයක් කරන්න.

එහෙනම් මෙන්න අද ප්‍රශ්නය : 

ඔන්න විමල්,කමල්,නිමල් කියන තුන්දෙනා ට්‍රිප් එකක් ගියා අප්‍රිකාවවට.මේ තුන් දෙනා සහරා වලටත් ගියා.ඔහොම කාන්තාරේ  ඇවිදන් යද්දී වැලි කුණාටුවකට අහුවුනා මෙයාලව.කුණාටුව පහවෙලා යද්දී මේ තුන්දෙනා ආපු දිහාව හොයා ගන්න බැරුව අතරමං වුනා.ඉතින් ඔහේ ඉබාගාතේ ඇවිදින්න පටන්ගත්තා පාරක් හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන්.බොන්න ගෙනාපු වතුරත්ඉවරයි හැමෝගෙම.

ඔහොම ඇවිදන් යද්දී මෙයාලට ලීටර් 24 වතුර කෑන් එකක් කාන්තාරේ තිබිලා හම්බුනා.මෙයාලා කතාවෙලා තීරණයකට ආවා ඒ වතුර ලීටර් 24 සම සමව බෙදාගන්න. 

ඒත් මෙයාලා අතේ තිබුනේ එක එක සයිස් වල වතුර දාන්න පුළුවන් කෑන් 3ක්.ඒ කිව්වේ,


විමල් ළඟ ලීටර් 13 කෑන් එකක්
නිමල් ළඟ ලීටර් 05 කෑන් එකක්
මල් ළඟ ලීටර් 11 කෑන් එකක්

මේ කෑන් තුන දකිද්දී පේනවනේ එහෙම සමානව වතුර බෙදාගන්න බෑ කියලා.ඒත් මේ තුන්දෙනා සමානව වතුර ලීටර් 24 බෙදාගත්තා.

ප්‍රශ්නය : ඒ කොහොමද? කෑන් වලට වතුර බෙදාගත්ත විදිය ගැන අහන්නේ.

කමෙන්ට් පබ්ලිෂ් වෙන්නේ මං හවස ගෙදර ආවට පස්සේ.හරි උත්තර සිකුරාදා පබ්ලිෂ් කරන්නම්.

හරි උත්තරේ : 

(මානවකගෙන් ගත්තේ) 
මුලින්ම මුලින්ම වතුර විමල් ගේ එකටයි කමල් ගේ එකටයි පුරවනවා එතකොට ලීටර 24 කෑන් එක හිස් 

ඊට පස්සේ විමල් ගේ කෑන් එකෙන් නිමල් ගේ කෑන් එක පුරවනවා.දැන් එතකොට විමල්ගේ කෑන් එකේ තියෙන්නේ ලීටර් 8 යි.ඒ කියන්නේ විමල්ගේ ප්‍රමාණය බෙදිලා.දැන් විමල්ගේ කෑන් එකේ තියන ලීටර් 8 ලීටර් 24 හිස් කෑන් එකට පුරවනවා.

දැන් මේ වෙනකොට කමල් ගේ කෑන් එකේ ලීටර් 11 කුත් නිමල්ගේ කෑන් එකේ ලීටර් 5 කුත් තියනවා.ඊට පස්සේ කරන්නේ කමල් ගේ කෑන් එකේ තියන ලීටර් 11 විමල්ගේ කෑන් එකට දමනවා.ඊට පස්සේ නිමල් ගේ කෑන් එකෙන් ඉතුරු ලීටර් 2 කේ අඩුව පුරවනවා.දැන් නිමල්ගේ කෑන් එකේ ඉතුරු වෙච්ච ලීටර් 3 කමල්ගේ කෑන් එකට දානවා.

දැන් කලින් විදියමයි විමල්ගේ කෑන් එකෙන් නිමල්ගේ කෑන් එක පුරවනවා.දැන් විමල්ගේ කෑන් එකේ ලීටර් 8 යි.ඊට පස්සේ නිමල්ගේ කෑන් එකේ තියන ලීටර් 5 අරන් කමල්ගේ කෑන් එකට දානවා.3 + 5 = 8 දැන් ඔන්න කමල් ගේ කෑන් එකෙත් ලීටර් 8 ක් තියනවා.


මේ පාර උත්තර දුන්නු හැමෝම හරි උත්තර දීලා තිබුනා. එක වැරදි උත්තරයක් තිබුනේ නෑ. කට්ටිය දැන් දියුණුයිනේ. එළ එළ!

54 comments:

  1. උගුර උගුර තුන්දෙනා ගහල දායි බං

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගෙට්ටුවේදී ගැහුවා වගේ? මං ෆොටෝ දැක්කා.උගුර උගුර ගත්ත හැටි කට්ටිය.. හිකිස්! ;)

      Delete
  2. 24 can eken 13 can ekata daala , 13 eken 5 ekata daanawa. Ethakota 13 eke 8L ithurui.eka 11 ekata daanawa.
    Aye kalin wagema 24 eken 13 ta daala aye 5 ta daanawa. dan 13 eke 8 L thiyenawa , 24 eke 3 L thiyenawa. Aye 5L eken 24 can ekata daapuwama eketh 8L thiyenne.

    ReplyDelete
    Replies
    1. හරිනේ.. පළවෙනි වතාව දැක්ක බ්ලොග් එකේදී

      Delete
  3. අඩෝ උඹ හොදා මාර්කටින් වලට.. හැක්... පුරස්නෙට උත්තර වෙනද වගේම නෑ..

    ReplyDelete
    Replies
    1. ඇයි දේශක අයියා එහෙම කියන්නේ? මං මාර්කටිං ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.

      කවද්ද දේශකයා උත්තරයක් දෙනවා දකින්න පුළුවන් වෙන්නේ මට?

      Delete
  4. 13ejata gathura pirenna daanava.ita passe sken 5ekata vathura dammama 13boghale vathura 8k ithurui.e ithuru 8 daanava11ekata ita passe aaye 5eke thibba vathura tika 24 ekata daala eken aaye 13 eka puravanava.aaye 13 eken 5 ekata pirevvama 13 eke 8k ithurui.24eken 13 ekata pirevvata passe ethana ithuru una 3k e thunata 5 thibba eka dammama ethanath 8i dan 8 eva thunqk thiyenava kattiya sama samava beda gatta :)

    ReplyDelete
    Replies
    1. හරි මඩයා..

      මොකෝ බං පස්සේ කෑ ගහලා තිබුණේ? මේ කමෙන්ට් එකට පස්සේ දාපු ඒවා පබ්ලිෂ් වෙලා තියෙනවා දැකලාද? උත්තර දෙන්න තිබුණු හදිසියට පෝස්ට් එකේ අන්තිම ටික දැකලා නැද්ද කොහේදෝ! :)

      Delete
  5. 01. fill 13L can
    02. fill 5L can from 13L can,
    03. 08L remains in 13L can and transfer it to 11L can
    03. refill 13L by 5L and balance in 24L cans.
    04. repeat 02.
    05. unload 5L can to 24L can
    8L*3

    ReplyDelete
  6. 13 කෑන් එක පුරවලා පහේ එකට 5ක් දානවා. එතකොට ඉතිරි වෙන 8 11 එකට දානවා. 5හේ කෑන් එකේ තියෙන ඒවා ආපහු 24 එකට දානවා. ආපහු දහතුනක් පුරවලා පහට දානවා 5 ක් එතකොට ඉතිරි 8 යි. දැන් 24 කෑන් එකේ තුනක් ඉතිරියි. 5+3 එයාට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරි සුදීක අයියා!

      Delete
  7. මුලින්ම 5න් 11ට 10කුයි 13ට 5කුයි පුරෝ ගන්නවා.ඊට පස්සේ ආයේ 5ට අරන් 11ට 1ක් පුරවන් ඉතිරි 4 13ට දානව.13=9.දැන් 24 ඉතිර 4ක් නිසා ඒක 5ට දාලා ඉතිරි 1 13න් අරන් පුරවනවා. එතකොට 13, 8ක් වෙනව.ඊට පස්සේ ඒ 8 24ට දාගන්නවා.
    දැන් 11 තියෙන ටික 13ට දානවා.මදි 2ට 5න් අරන් පුරවනවා. එතනොට 5,3ක් ඉකිරි. ඒක 11ට දාලා ආයේ 13න් 5ක් අරන් අර 11 තියෙන 3ට දානවා එතකොට ඒකේ 8 හරි. අනික් 13 එකේ 8ක් ඉතිරි වෙනවා.
    හරි නේද?????

    ReplyDelete
  8. ඇයි ගෙට්ටුවට,සයිබර් උළෙලට එන්න බලන්න,,
    මේ වෙලා තියන වැඩේ හැටියට මට හිතෙනවා ඔය ඉන්ස්ටටියු එක
    බම්බලපිටියේ ලුමාලා සයිකල් බසාර් එක එහා පැත්තෙ තියන එකද කියලත්..(අපේ එක) ඒකේ ඔහොම වැඩ වෙනවා...දැන් සති දෙකකට කලන් මටත් වුනා,තාත්තම ඇවිල්ලා ෆීස් ගෙවලා රිසිට් එකත් මගෙ අතට දීලා ගියාට පස්සේ මෙයාලා ඇවිත් කියනවා ෆීස් ගෙවලා නෑලු,පස්සේ ක්ලාස් එකේ මම ඇරෙන්න ඉන්න අනිත් ඔක්කෝම අයියලා නිසා ඔක්කමලා තරහා ගියින් ගියා රිසෙප්ෂන් එකට,ඊට පස්සෙ තමයි ප්‍ර‍්නෙ විසදුනේ..

    ReplyDelete
    Replies
    1. සයිබර් උළෙලට තමා එන්නේ.. ඒකනේ දැන් මුලින්ම සෙට් වෙන්නේ.

      මොකද්ද ඉන්ස්ටිටියුට් එක? මං හිතන්නේ ඔයා වෙන එකක. මේකේ හෙඩ් ඔෆිස් එක බම්බලපිටියේ නෙවෙයි තියෙන්නේ.

      ක්ලාස් වල ඔය වගේ සීන් වෙනවා.හොදම දේ ගෙවන බිල් ළගම තියන් ඉන්න එක. සමහර ඉන්ස්ටිටියුට් අරමුණ සල්ලි හම්බකිරීමම තමා.ඒවායින් ඉගෙනගන්න අයට යමක් දෙන්න උත්සහ කරනවට වඩා පන්නන්නේ ළමයි කොහොමහරි වැඩි කරගෙන සල්ලි හොයනඑක.

      Delete
  9. කොහොමහරි කොරල විභාගේ ගොඩ දාගනින් මචන්.

    උත්තරේ,
    මුලින්ම විමල් ගාව තියෙන ලීටර් 13බෝතලේට වතුර පුරවනවා. ඊටපස්සේ එකෙන් නිමල්ගේ බෝතලේට වතුර පුරවනවා.එතකොට විමල්ගේ බෝතලේ ලීටර් 8ක් ඉතුරුයි(13-5=8). එක කමල්ගේ බෝතලේට දානවා.ඊටපස්සේ නිමල්ගේ බෝතලේ තියෙන වතුර හොයාගත්ත බෝතලේට පුරවලා,කලින් කරපු විදියටම අයෙත් වතුර බෙදාගන්නවා. එතකොට විමල්ගේ බෝතලේ ලීටර් 8ක් තියෙනවා.අන්තිමට හොයාගත්තු බෝතලේ නිමල්ට දෙනවා.එකේ ලීටර් 3ක් තියෙනවා දැනට.නිමල්ට කියනවා එයාගේ බෝතලේ තියෙන ලීටර් 5ත් එකටම දල පාවිච්චි කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. එළ!

      උත්තරේ හරි කල්හාන්. කී වෙනි පාරද මේ හරි ගිය?

      Delete
  10. අප්‍රියෙල් 21 හමුවෙමු.... අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා! මේ වතාවේ කොහොමහරි එනවාමයි.. :)

      තෑන්ක්ස්!

      Delete
  11. විමල්ගේ කෑන් එකට පිරෙන්නම වතුර දානවා එතකොට එකේ ලීටර් 13යි.ඒ ලීටර් 13න් නිමල්ගේ ලීටර් 5හේ කෑන් එකත් පිරෙන්න වතුර දානවා එතකොට විමල්ට ලීටර් 8ක් හම්බ වෙනවා.

    ඊට පස්සේ ඒ ලීටර් 8(විමල්ගේ) කමල්ගේ ලීටර් 11යේ කෑන් එකට දාලා
    කමල්ට දෙනවා.

    නිමල්ගේ කෑන් එකේ වතුර ආයේ 24රේ කෑන් එකට දාලා ඒ විදියටම ආයේ විමල්ගේ කෑන් එක පුරවාගෙන ඒකෙන් පහක් අඩු කරනවා නිමල්ගේ කෑන් එකට දාලා.

    දැන් විමල්ටයි කමල්ටයි වතුර ගානට බෙදිලා.ඉතුරු වතුර ටික 24රේ කෑන් එකේම නිමල් තියාගන්නවා.

    මේ හොඳ හිතින් කියන්නේ ඊළඟ ගෙට්ටුවට අනිවා වරෙන් ආ.

    ReplyDelete
    Replies
    1. මේන් නිශානුත් උත්තර දීලා. එළනේ.. උත්තරේ හරි. :)

      එනවා එනවා.ඊලඟ එකට අනිවා එනවා.

      Delete
  12. සරලයි සුගමයි...ලීටර 24 ක් කියන්නේ එක්කෙනෙකුට ලීටර 8 ක් ලැබෙනවා

    මුලින්ම මුලින්ම වතුර විමල් ගේ එකටයි කමල් ගේ එකටයි පුරවනවා එතකොට ලීටර 24 කෑන් එක හිස්

    ඊට පස්සේ විමල් ගේ කෑන් එකෙන් නිමල් ගේ කෑන් එක පුරවනවා.දැන් එතකොට විමල්ගේ කෑන් එකේ තියෙන්නේ ලීටර් 8 යි.ඒ කියන්නේ විමල්ගේ ප්‍රමාණය බෙදිලා.දැන් විමල්ගේ කෑන් එකේ තියන ලීටර් 8 ලීටර් 24 හිස් කෑන් එකට පුරවනවා.

    දැන් මේ වෙනකොට කමල් ගේ කෑන් එකේ ලීටර් 11 කුත් නිමල්ගේ කෑන් එකේ ලීටර් 5 කුත් තියනවා.ඊට පස්සේ කරන්නේ කමල් ගේ කෑන් එකේ තියන ලීටර් 11 විමල්ගේ කෑන් එකට දමනවා.ඊට පස්සේ නිමල් ගේ කෑන් එකෙන් ඉතුරු ලීටර් 2 කේ අඩුව පුරවනවා.දැන් නිමල්ගේ කෑන් එකේ ඉතුරු වෙච්ච ලීටර් 3 කමල්ගේ කෑන් එකට දානවා.

    දැන් කලින් විදියමයි විමල්ගේ කෑන් එකෙන් නිමල්ගේ කෑන් එක පුරවනවා.දැන් විමල්ගේ කෑන් එකේ ලීටර් 8 යි.ඊට පස්සේ නිමල්ගේ කෑන් එකේ තියන ලීටර් 5 අරන් කමල්ගේ කෑන් එකට දානවා.3 + 5 = 8 දැන් ඔන්න කමල් ගේ කෑන් එකෙත් ලීටර් 8 ක් තියනවා.

    වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. සරලයි සුගමයි කියලා මානවක හැමදාම ලොකුවට උත්තර පැහැදිලි කරලා දෙනවා. එළ එළ!

      උත්තරේ හරි.

      Delete
  13. උන්ට දෙන සල්ලි වලට එක්ස්පයර් ඩේට් එකකුත් තියනවා ද.. මාර සීන් එක නේ. එහෙම ගෙවපු සල්ලි අවලංගු කරනවා නම් ඊට කලින් කියන්න එපැයි. යස නීති.

    උත්තරේ මචං..
    විසි හතර තුනට බෙදුවම අටයි නේ. ඉතින් මුල් භාජනයෙන් ලීටර් 16 ක් අයින් කරනවා නිමල් ටයි කමල්ටයි. (5+11=16) එතකොට මුල් භාජනයේ ඉතුරු වෙන ලීටර් අට දෙනවා විමල් ට.
    ඊළඟට නිමල්ගේ වතුර ටිකයි කමල්ගේ වතුර ටිකයි ආයේ අර මුල් කෑන් එකට දාල දෙකට බෙදනවා. ඒක පිටින් බලල කරන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං.එහෙම කේස් එකක් දන්නවානම් ගෙවන්නේ නෑනේ මං.

      උත්තරේ හරි චන්දන.

      Delete
  14. අඩෝ මං උදේ දාපු කමෙන්ට් එක පබ්ලිෂ් කරලා නෑ එව්වා ඔට්ටු නෑ.එකට මං උත්තරෙත් දුන්නා :/

    ReplyDelete
    Replies
    1. මඩයා පෝස්ට් එකේ අන්තිම ටික දැකලා නැද්ද කොහේදෝ! :p

      Delete
  15. සිම්පල්
    1 ) 13L කෑන් එක පුරවා ගෙන ඒකෙන් 5L කෑන් එක පුරවා ගන්න.
    13L කෑන් එකේ ඉතිරි වතුර 11L කෑන් එකට දමා කමල් ට දෙන්න.

    2 )5L කෑන් එකේ වතුර 24L කෑන් එකට දමා නැවත 13L කෑන් එක පුරවා ගන්න.13L කෑන් එකෙන් නැවත 5L කෑන් එක පුරවා ගන්න. 13L කෑන් එකේ ඉතිරි වතුර විමල් ට දෙන්න.

    3 ) දැන් 5L කෑන් එකේ වතුර 24L කෑන් එකට දමා නිමල් ලග තියා ගන්න.

    මතක ඇතුව හිස් 5L කෑන් එකත් අරන් යන්න. අතරමග දාල කන්තාරෙ අපවිත්‍ර කරන්න හොද නෑ

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි.. එළ!

      අන්තිම උපදෙසනම් එළ! ;)

      Delete
  16. හැක් යකෝ උඹ නුවරද?මට ගණන් ප්‍රශ්න බෑ...

    ReplyDelete
  17. on sceen key board typ karanne ......

    issellama 24 eken 11tai 5tai pirennamadaanawa. ethakota 24re eke 8k ithurui. onna eaka nimal gannawaa. iita passe 5he thiyena eka 13ta daala 11he eken 13ne ithuru tika puronawaa. ethakota 11he eke thawa 3k ithurui.. aaye 13ne eken 5ha purola 5he okkoma 11ta daanawa ethakota 11he 8k wenawa 13ne 8k ithuru wenawaa. :)

    ReplyDelete
  18. මෙන්න උත්තරය
    1) ලීටර් 13 කෑන් එකට වතුර පුරවනවා
    2) දැන් 13 කෑන් එකෙන් ලීටර් 5 කෑන් එකට වතුර පුරවනවා. (13-5 = 8)
    3) දැන් 13 කෑන් එකේ ඉතිරිවන වතුර ලීටර් 8, ලීටර් 11 කෑන් එකට දාලා ඒ යාළුවාට දෙනවා.
    4) ලීටර් 5 කෑන් එකේ වතුර නැවත ලොකු 24 කෑන් එකට දානවා. (24-13+5 = 16)
    5) නැවත ලොකු කැන් එකේ වතුර ලීටර් 13 කෑන් එකට පුරවනවා
    6) ලීටර් 13 කෑන් එකෙන් ආයෙත් ලීටර් 5 කෑන් එකට වතුර දානවා. (13-5 =8)
    7) දැන් 13 කෑන් එකේ ඉතිරි වතුර ලීටර් 8 ඒ කෑන් එක අයිති එක්කනාට දෙනවා.
    ම්.....
    8) අවසානයේදී ලොකු කැන් එකේ වතුර ලීටර් 3 ක් ඉතිරියි. (16-13=3)
    9) පොඩි කෑන් එකේ දැන් තියෙන ලීටර් 5 ත් 24 කෑන් එකට දාලා අනිත් යාළුවාට ලීටර් දෙනවා.
    10) ලීටර් 5 එක්කෙනා ට ලීටර් 5 කෑන් එකට ම ලීටර් 8 දෙන්න ඕන කියලා නෑනෙ.

    ReplyDelete
  19. මේවා එක එකට මාරු කරලා වැඩේ කරන්න පුලුවන්.. සමහර විට මීට වඩා අඩු ගානකින් පුලුවන් ඇති. මට ආවේ මේක. තේරෙන්නෙ නෑ වගේ නං මාරු කරපු විදිහ ආයෙ අහන්න. Phone එකෙන් type කරන්න ගියහම එපා වෙනවා නැත්නම්
    24ltr 13ltr 11ltr 5ltr
    24 0 0 0
    11 13 0 0
    6 13 0 5
    6 2 11 5
    8 0 11 5
    8 5 11 b 0
    8 13 3 0
    8 8 3 5
    8 8 8 මේක හදන්න මට විනාඩි 10ක් විතර ගියා පාඩම් කරන්න තිබුනු වෙලාවෙන්. ඒ ගැනත් සලකලා තැග්ගකුත් දුන්නනං ගාන.. :)

    ReplyDelete
    Replies
    1. හරි හරි.. මං ඒ ගැන සළකලා බලන්නම්කෝ.

      Delete
  20. NIBM ද?
    මට හුචස් අධ්‍යාපනේ එපා කරා ඒකෙංනං ඈ...

    ReplyDelete
    Replies
    1. NIBM නෙවෙයි බං. වෙන එකක්. මොකද්ද තරියාට වුන කේස් එක?

      Delete
  21. අවශ්ය වන්නේ ලීටර් 8 බැගින් වෙන් කර ගැනීමනේ..

    1. පලමුව ලීටර් 5 සහ 11 කෑන් පුරවන්න. එවිට විශාල කෑන් එකේ ලීටර් 8 ඉතිරි වේ. ඒක නිමල්ට.
    2. දැන් ලීටර් 5 කෑන් එක සම්පූර්නයෙන් ලීටර් 13 කෑන් එකට හිස් කරන්න.
    3. ලීටර් 11 කෑන් එකේ ඇති වතුර වලින් ලීටර් 13 කෑන් එක පුරවන්න. එනම් ලීටර් 11 කෑන් එකේ ලීටර් 3ක් ඉතිරියි.
    4. දැන් ලීටර් 13 කෑන් එකෙන් ලීටර් 5 කෑන් එක පුරවන්න. ඒ කියන්නෙ 13-5=8. විමල්ගෙ ලීටර් 8ත් හරි.
    5. දැන් ලීටර් 5 කෑන් එකේ ඇති වතුර කමල්ගේ ලීටර් 11 කෑන් එකට දමා ඔහුගේ ලීටර් 8 සම්පූර්න කරන්න.

    වැඩේ හරිනේ....

    පිලිතුර එව්වේ - ඇනෝපාල

    ReplyDelete
    Replies
    1. තෑගි නැති උනාට කමක් නැහැ. ඊලඟ ප්‍රශ්නයත් ඉක්මනට දාන්න...

      බයි ද වේ...ඉශාන් දන්නවද අයින්ස්ටයින් ක්විස් එක? විසඳුවොත් ඔන්න රුසියා..ඔහු කියනවලු ලෝකෙන්ම 2% කටයි ඕක විසඳන්න පුලුවන් කියලා. මමත් ගොඩක් කල් ඔය 2% තමයි හිටියෙ.කඩ්ඩෙ පටලැවිල්ලක් නිසා...! හුදී ජනයාගේ දැනගැනීම පිනිස මෙන්න ප්‍රශ්නය...

      - ඇනෝපාල

      The Einstein Quiz

      Einstein allegedly said that 98% of people in the world cannot solve the following puzzle. And Einstein was usually right (that's why he's Einstein.) There is some controversy whether Einstein himself actually created this puzzle, but in any event it has now become known as the "Einstein Quiz" all over the internet. Here it is:

      Facts:
      There are 5 houses in 5 different colors.
      In each house lives a person with a different nationality.
      These 5 owners drink a certain beverage, smoke a certain brand of cigar and keep a certain pet.
      No owners have the same pet, smoke the same brand of cigar or drink the same drink.
      Hints:
      The Brit lives in a red house.
      The Swede keeps dogs as pets.
      The Dane drinks tea.
      The green house is on the left of the white house.
      The green house owner drinks coffee.
      The person who smokes Pall Mall rears birds.
      The owner of the yellow house smokes Dunhill.
      The man living in the house right in the centre drinks milk.
      The Norwegian lives in the first house.
      The man who smokes Blend lives next to the one who keeps cats.
      The man who keeps horses lives next to the man who smokes Dunhill.
      The owner who smokes Blue Master drinks beer.
      The German smokes Prince.
      The Norwegian lives next to the blue house.
      The man who smokes Blend has a neighbor who drinks water.

      Question:
      Can you determine who keeps fish?

      Delete
    2. suggestion: put this as a question and we'll see who can answer. and shouldn't use google to get the answer [Btw, most answers in google for this are wrong :) ]

      Jude Fernando

      Delete
  22. malliyo ekama cment eka hama blog ekema nodaa prachaaranayath tikak creative widiyata karahanko ban :P

    ReplyDelete
  23. උඹටත් වෙන්නේ මාර ප්‍රශ්නනේ...

    විමල්ගෙ 13 කෑන් එකට වතුර පිරෙව්වා. නිමල්ගේ 5 එකට ඒකෙන් අඩු කළා. ඉතුරු උණු 8 කමල්ගේ 11 ට දැම්මා. කමල්ව පැත්තකට දැම්මා. ආයෙත් නිමල්ගේ 5යි ලොකු කෑන් එකේ වතුරයි අරගෙන විමල්ගෙ 11 පිරෙව්වා. නිමල්ගේ එකට 5ක් අඩු කළා. දැන් විමලුත් ගොඩ. නිමල්ගේ 5 දැම්මා ලොකු කෑන් එකට. ඒක නිමල් තියාගත්තා. ඌත් ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං. මටමයි වෙන්නේ. :(

      උත්තරේ හරි.

      Delete
  24. ඔය වගේ අවුල් විසඳගන්න කට තමයි තියෙන්න ඕනෑ ..ප්‍රශ්නේ හිතන්න කම්මැලියි (කොහොමත් බෑ නේ ):D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කට නැත්නම් වැඩක් නෑ.

      රෙහානි කොහොමත් කම්මැලියිනේ! ;)

      Delete
  25. ඔන්න මේ පාර නම් උත්ත‍රැ හරි :)

    පැහැදිලි නෑ කියන්න එපා

    උඩින්ම තියෙන්නෙ කෑන් වල සයිස් එක.
    ඊලඟට පියවර පියවර මාරු අරපු හැටි


    24 05 11 13
    11 13
    11 05 08
    11 05 08
    11 08 05
    03 08 13
    05 08 08
    08 08 08

    ReplyDelete