Friday, March 29, 2013
කළමනාකරණ පාඨමාලාවක්.. (විනාඩි 05කින්)
විනාඩි 05කින් හා කතා 5කින් කළමනාකරණය පිළිබද පාඨමාලාවක්..
කතා අංක 01:
පූජකවරයෙක් තමන්ගේ කාර් එකේ ගමනක් යද්දී දැක්කා කුලී රථයක් බලාපොරොත්තු වෙන් පාරේ අයිනේ ඉන්න පූජකවරියක්.කාර් ඒක එතනින් නවත්වලා ගිහින් ඔහු පූජකවරියගෙන් ඇහුවා ලිෆ්ට් එකක් දෙන්නද කියලා.පූජකවරියත් ඒකට කැමති වෙලා කාර් එකට නැග්ගා.දැන් වාහනේ යන ගමන් පූජකවරයා දැක්කා පූජකවරියගේ ඇඳුම දණහිසෙන් ඉහලට එසවිලා තියෙනවා.ඔහු ඒ දිහා බලාගෙන යද්දී වාහනේ පාරෙන් පිට පැන්නා.ඔහු ඉක්මනටම වාහනේ හරි මඟට අරන් නැවතත් ගමන යන්න පටන් ගත්තා.ඒත් පූජකවරයාගේ හිත තිබුනේම අර පූජකවරියගේ ඇඳුම එසවිලා පෙනුන කකුලේ.
අවසානයේ පූජකවරයා ගියර් එක මාරු කරන විදියට හෙමිහිට තමන්ගේ අත අර පූජකවරියගේ කකුලේ අත ඉහළට ගෙනිච්චා.පූජකවරිය,
"ෆාදර්.. ෆාදර්ට මතකද දේව ස්ත්රෝත්ර 129?"
පූජකවරයා ඉක්මනට අත කකුලෙන් අයින් කරගත්තා.ආයෙත් ටික වෙලාවකින් පූජකවරයා කලින් වතාවේ කරපු විදියටම අත පූජකවරියගේ කකුල අතගාන්න පටන්ගත්තා.පූජකවරිය නැවතත්,
"ෆාදර්ට මතකද දේව ස්ත්රෝත්ර 129?"
පූජකවරයා ඇගෙන් සමාව ඉල්ලුව කරපු වැඩේට.ඊටපස්සේ ඔහු කිව්වා,
"ඒත් ඔබේ කකුලේ මාංශ නම් හුඟක් මෙලෙක්..!" කියලා.
අවසානයේ පූජකවරියට බහින්න ඕනේ තැනට ආවට පස්සේ, ගැඹුරු හුස්මක් පිටකරලා ඇය කාරයෙන් බැසගියා.ඉතින් පූජකයාත් තමන්ගේ පල්ලියට ආවට පස්සේ දේවස්ත්රෝත්ර 129 තියෙන්නේ මොකද්ද කියලා හොයලා බැලුවා.ඒකෙ තිබුනේ,
"යන්න ඉදිරියටම.. ගිහින් එය ලබාගන්න උත්සහ කරන්න.ඔබට හමුවේවි කීර්තිය.."
Moral Of Story: (උපදේශ අංක 1)
ඔබ කරන්න යන දේ ගැන හොදටම දැනුවත් නැත්නම්, ඔබට ගොඩක් වටිනා අවස්ථාවන් මඟහැරෙන්න පුළුවන්..
කතා අංක 02:
ආයතනයක ප්‍රධානියෙක්.ඔහුගේ ලේකම්වරිය හා ඔහුගේ සහායක එක්ක ලන්ච් එක ගන්න එළියට ගියවෙලාවක පරණ ලාම්පුවක් පාරේ අයිනේ විකුණන්න තියෙනවා දැකලා ඒක මිලට ගත්තා.ඔහුගේ සහායක ඒ ලාම්පුව පිරිමදිද්දී භූතයෙක් මතුවුනා.භූතයා මේ තුන්දෙනාට එක පැතුම ගානේ දෙන්න පොරොන්දු වුණා.ඒක ඇහුනා විතරයි මුලින්ම ලේකම් වරිය ඉස්සරහට ඇවිත්,
"මං එක.. මං එක.." කියලා කියන්න පටන්ගත්තා.
"හරි.. ඉල්ලන්න ඔබේ පැතුම.." භූතයා එයාට චාන්ස් එක දුන්නා.
"මට ඕනේ බහමාස් දූපතට සංචාරයක් යන්න.වේගෙන් යන බෝට්ටුවක රයිඩ් එකක් යන්නත් ඕනේ.."
"පුහ්!" භූතයා ඇයගේ පැතුම ඉටු කරලා දුන්නා.
"ඊළඟට මගේ පැතුම.." කියාගෙන සහායක ඉස්සරහට ආවා.භූතයා ඔහුගේ පැතුම මොකද්ද කියලා ඇහුවා.
"මට හවායි වලට යන්න ඕනේ.එක සතියක් ෆුල් ජොලියේ ඉන්න ඕනේ.තව ලස්සන කාන්තාවන් ආශ්‍රය කරන්න ඕනේ.."
"පුහ්!" භූතයා ඔහුගේ පැතුමත් ඉටු කරලා දුන්නා.
"දැන් ඔබේ වාරේ.." කියලා භූතයා ප්‍රධානියා පැත්තට හැරුනා.
"මං ලන්ච් එක අරන් ඉවර වුනු ගමන් ඒ දෙන්නා මගේ ඔෆිස් එකේ ඉන්න ඕනේ.."
Moral Of The Story : (උපදේශ අංක 2)
හැමවෙලාවෙම තමන්ගේ ප්‍රධානියාට මුලින් කතාකරන්න ඉඩදෙන්න.
කතා අංක 03:
ගොවිපලක ඉන්න කළුකුමෙක්, ඒකේම ඉන්න මී හරකෙක් එක්ක චැට් එකක් දාන් හිටියා. කළුකුමා ගොවිපලේ තියෙන ගහක් දිහා බලාගෙන මී හරකාට කිව්වා,
"මං හරි කැමතියි අර පේන ගහේ මුදුනටම යන්න.ඒත් මට ඒකට අවශ්‍ය ශක්තිය නෑ."
"හොදයි.. මගේ ගොම ටිකක් කාලා උත්සහ කරන්නේ නැත්තේ ඇයි! ඒවා පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිලා තියෙන්නේ.. උත්සහ කරොත් බැරිවෙන එකක් නෑ.."
කළුකුමා ඒ ගොම කාලා ඒකට උත්සහ කරන්න ඕනේ කියලා හිතුවා.ඉතින් කළුකුමා ගොම කාලා,ගහ ගාවට ගිහින් උත්සහ කළා.ඌට පුළුවන් වුණා ගහේ පාතම අත්තට පැනගන්න.මී හරකා කිව්වේ ඇත්ත කියලා කළුකුමාට හිතුනා.ඉතින් ඌ ඊළඟ දවසෙත් ගොම කාලා ගහ ලඟට ගිහින් ආයෙත් උත්සහ කළා. මේ වතාවේ ඌට ගහේ පාතම ඉදලා තියෙන දෙවෙනි අත්තට පැනගන්න පුළුවන් වුණා.මේ විදියට ගොම කාලා දවස් කීපයකට පස්සේ ඒක රෑකකළු කුමාට පුළුවන් වුණා ගහේ ඉහළම අත්තට පැනගන්න. ඒ පැනගත්ත සතුටට, මේකා කෑගහන්න පටන් ගත්තා.මේ කරදරකාරී සද්දේ ඇහිලා එළියට ආව ගොවිපලේ අයිතිකාරයා කළුකුමාට වෙඩි තියලා මරලා දැම්මා.
Moral Of The Story: (උපදේශ අංක 3)
ඕනෑම පුද්ගලයෙක් ඔබට ඉහළට යන්න උදව් කරාවි. ඒත් හිතන්න එපා ඔවුන් ඔබව හැමදාම ඉහළින් තියාවි කියලා.
කතා අංක 04:
එක පුංචි කුරුල්ලෙක් සීත කාලේ ඒ ප්‍රදේශයේ ඉන්න බැරි හින්දා හිතුවා රටේ උණුසුම් ප්‍රදේශයක් හොයාගෙන යන්න.ඉතින් ඌ යන අතර මගදී සීතල දරාගන්න බැරුව ඇදන් වැටුනා ගොවිබිමකට.ඌ එතන සීතලේ ගැහි ගැහි ඉද්දි එතනින් ගිය හරකෙක් මේ කුරුල්ලා උඩට ගොම දැම්මා.ඒ වෙලාවේ වැටුණු ගොම උණුසුම් හින්දා කුරුල්ලා සීතලෙන් බේරුනා.ගොම අස්සේ ඌට අවශ්‍ය වුනු ආහාරත් තිබුනා.ඒ පණුවෝ. ඉතින් ඌට මාර සතුටුයි.ඒ එතන කෑම තියෙන හින්දාත්,උණුසුම තියෙන හින්දාත්.ඉතින් ඒ සතුට වැඩි කමට ඌ සින්දුවක් කියන්න පටන් ගත්තා.
මේ සද්දේ ඇහුන පූසෙක් ගියා මොකාද මේ සද්ද කරන්නේ කියලා බලන්න.හොයාගෙන යද්දී පූසා දැක්කා ගොම අස්සේ ඉන්න කුරුල්ලා තමා සද්ද කරන්නේ කියලා.බඩගින්නේ හිටපු පූසා කරේ ගොම ගොඩ එහා මෙහා කරලා කුරුල්ලාව අල්ලලා කාපු එක.
Moral Of The Story: (උපදේශ අංක 4)
1.ඔබව අපහසුතාවයට පත්කරන හැමකෙනාම ඔබේ හතුරන් නෙවෙයි.
2.ඔබව අපහසුතාවයෙන් මුදවාගන්න හැමකෙනාම ඔබේ යාළුවොත් නෙවෙයි.
3.ඔබ පත්වෙලා ඉන්නේ ලොකු අපහසුතාවයකටනම්, හොදම දේ ඔබ කටපියාගෙන ඉන්න.
කතා අංක 05:
බිරිඳ නාලා ආවට පස්සේ සැමියා ගියා නාගන්න බාත්රූම් එකට.ඒ එක්කම වගේ ගෙදර දොරේ බෙල් එක කවුරුහරි ගහනවා වගේ ඇහුනා.බිරිඳ ඉක්මනටම ටවල් එක ඇදගෙන ගියා දර අරින්න.දොර ඇරලා බලද්දී හිටියේ අල්ලපු ගෙදර ඉන්න පීටර්.පීටර් ඇයට වචනයක්වත් කියන්නවත් ඉඩ නොතබාම,
"මං ඔයාට ඩොලර් 1000ක් දෙනවා ඔයා ඔය ඇඳන් ඉන්න ටවල් එක බිම දානවනම්..!"
ඩොලර් 1000ක්! මේ දවස් වල ඒකත් සෑහෙන්න වටිනා නිසා,ටික වෙලාවක් කල්පනා කල බිරිඳ, ඇඳන් ඉන්න ටවල් එක ගලවලා බිම දැම්මා.ඇය දිහා තත්පර ගාණක් බලං හිටිය පීටර් ඇය අතට ඩොලර් 1000 දීලා යන්න ගියා.
බිරිඳ ටවල් එක ඇඳන් බාත්රූම් එකට ගියා. සැමියා,
"කවුද දොරට තට්ටු කරේ?"
"අල්ලපු ගෙදර ඉන්න පීටර්.."
"ඒ යකා මොනවහරි කිව්වද මගෙන් ණයට ගත්ත ඩොලර් 1000 ගැන? පොර අද ඒ ගාන දෙන කතාවක් කිව්වා.."
Moral Of The Story: (උපදේශ අංක 5)
ඔබ, ඔබේ හවුල්කරුවන්ට ඔබ විසින් කරන ණය, ගනුදෙනු ගැන දන්වලා තියෙන එක වැදගත්. ඒ හේතුවෙන් ඔබට විදින්න වෙන හුඟක් අපහසුතා මඟ ඇරව ගන්න පුළුවන්.
එහෙනම් විනාඩි 05 කළමනාකරණ පාඨමාලාව අවසන්..මෙයට සහභාගී වූ ඔබට ස්තූතියි!
ප.ලි :
මේක ඉෂාන් විසින් කරපු පරිවර්තනයක්.
මේ සමහර කතා,සමහර අය කලින් අහලා තියෙන්න පුළුවන්.ඒත් ඒ කතාවෙන් කියවෙන දේ/ගන්න පුළුවන් දේ ගැන හිතලා තියෙනවාද?
Subscribe to:
Post Comments (Atom)
හුටා.............. මොරාල් ඔෆ් ද ස්ටෝරි ටික නම් නියමයි....
ReplyDeleteඋසස් කළමනාකරණ පාඨමාලාවත් පටන් ගමු එහෙනම්...
ඒ ටික තමා මටත් කියවන්න දෙන්න ඕනේ වුනේ. :)
Deleteඒක ළඟදීම..
ඇත්තටම වැදගත්.....
ReplyDeleteඑහෙනම් එච්චරයි යාළුවා! :)
Deleteපීටර් දක්ෂයා :)
ReplyDeleteඒක හැබෑව :)
Deleteඒල මචං ඔෙහාම යං
ReplyDeleteඑළ!
Deletemarai..ela..
ReplyDeletewatinawa...tan....Q
Jayawewa.
කතා ටිකෙන් දෙයක් එකතුකරගන්න පුළුවන් උනානම් එච්චරයි සහෝ. :)
Deleteඉතාම වැදගත්...
ReplyDeleteතෑන්ක්ස්!
Deleteහක් මරු කතා ටික,, අන්තිම එක නම් අහලා තියනෝ වගේ,, හැබැයි ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් කල්පනාවෙලා තිබ්බේ නෑ,, අද තමයි ඒක දන්නෙ..
ReplyDeleteඑහෙනම් මේ උපදෙස් ටික හොදට මතක තියාගෙන අවශ්‍ය තැනදී ප්‍රයෝජනයට ගන්න පුළුවන්නේ?
Deleteනිකම්ම නිකං ජෝක් කතා කියලා හිතුවට ඒ වාගෙත් ගන්න දෙයක් තියෙනවා කියලා තේරුනේ අද...
ReplyDeleteඒක ඇත්ත බණ්ඩේ. හුඟක් කතා වලින් ගන්න දේවල් තියෙනවා. ඒත් සමහර ඒවායේ කිසි දෙයක් නෑ.
Deleteඋඹේ උපදේශන කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව සම්පුර්ණ කළා..මම කැමතියි ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න
ReplyDeleteටිකක් ඉවසා හිටු පැතුමෝ.ඊලඟ බැච් එක තාම පටන්ගත්තේ නෑ. පටන්ගත් වහාම මං රම්බා මාර්ගෙන් උඹට දන්වන්නම්. ;)
Deleteමාර කතා ටික. කතාව කොහොම උනත් ආදරශයනම් ගොඩක් වැදගත්....
ReplyDeleteඕ. ඒ හින්දාමනේ මේ කතා ටික දැම්මේ.
Deleteදැන් ඉතින් ඊලඟ පාර CV එකක් හද්ද්දි කළමනාකරණ පාඨමාලාවක් සම්පූර්ණ කලා කියලත් දාන්න පුලුවන් :D
ReplyDeleteඅනිවා! කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඉන්ටර්විව් වලදී. :)
Deleteඅහ්! මතක් කරලා කෝස් එක කරේ කොහෙන්ද කියලා ඇහුවොත් මගේ මේ පෝස්ට් එකේ ලින්ක් එක දෙන්න. ;)
වෙන කළමනාකරණ පාඨමාලා නැද්ද? මං අහන්නේ මේවගේ කියවන්න? :)
ReplyDeleteදැනට අහුවුනේ මේක විතරයි. ඉස්සරහදි දෙන්න බලන්නම්කෝ.. :)
Deleteඋපරිමයි උපරිමයි (Y)
ReplyDeleteඑළ එළ!
Deleteෆාදර් කාරයට දේව ස්තෝත්ර 129 මතක තිබිල නැතිවද,නැත්නම් කොල්ලන්ගෙම කකුල් දැකල තිබුන නිසා පළමු වරට දැක්ක කාන්තා කකුල හින්ද අමතක උනාද දන්නේ නැහැ නේද ඉෂාන්.
ReplyDeleteමං හිතන්නේ කෙන්ජි කියපු දෙවෙනි කාරණාව තමා එතන වුනේ. නැත්නම් දේව ස්ත්රෝත්ර ගැන කියද්දී සමාවෙන්න කියයියැ. :)
Deleteපස් වෙනි කතාවෙන් මම ගත්ත දේ -
ReplyDeleteසෑම අවස්තාවකදීම යම් වාසියක් ගැනීමට හැකි සෑම ක්‍රමයක්ම උත්සාහ කර බලන්න...
මරු ඉශාන් :D
ReplyDeleteපීටර් තමයි පීටර්..
ReplyDeleteකතා ටික නියමයි..
ඔය සමහර කතාවල උපදේශන වාක්‍ය සිංහලේට පෙරලද්දි රස ටිකක් මැරිල කියල හිතුන.
ReplyDeleteමම ලිව්වනම් මෙහෙම ලියයි.
උපදේශන අංක 3 - ගූ කාල ඉහලට යන්න පුළුවන් උනාට රැඳෙන්න බෑ!
උපදේශන අංක 4 - වැඩ ගූ වෙලා තිබෙන මොහොතේ කට පියාන සිටීම ඇඟට ගුණය.
කලින් නම් මේ එක කතාවක්වත් අහල තිබුනේ නැහැ. ගත යුතු දේවල් බොහොමයක් තියෙනවා මචං.
ReplyDeleteඑල කතා ටික...
ReplyDeleteසිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
ReplyDeleteපැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!
කෝ ඩිප්ලෝමාව ?????
ReplyDelete